IMG-LOGO

2024 ඔක්තෝබර් මස 09 වන බදාදා


ගාල්ලේ දී කුරුමානම වරදී

(ඩී.ජි. සුගතපාල)

ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ දඩල්ලේ  ප්‍රධාන පෙලේ සංචාරක හෝටලයක් අසලදී පිය පුතු දෙපළකට මෝටර් රථයකින් පැමිණි තිදෙනකු අද සවස වෙඩි තබා පලාගොස් ඇතැයි ගාල්ල පොලිසිය පවසයි.

විදෙස් ගතව සිටින ගාල්ලේ සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකුගේ මිතුරකු සහ ඔහුගේ පුතා ඉලක්කකර වෙඩි තැබිම සිදුකර ඇතත් ඔවුනට කිසිදු හානියක් සිදුව නොමැත.

පසුව ඔවුන් පොලිසියට පැමිණ ඇති අතර වෙඩික්කරුවන් පැමිණි මෝටර් රථයද ආපසු හරවාගෙන ගාල්ල දෙසටම ධාවනය කර ඇති බවට අනාවරණයවි ඇතැයිද පොලිසිය පවසයි.

මෙම පිය පුතු දෙදෙනා උණවටුන මැටරඹ පදිංචි අතර දඩල්ලේ සංචාරක හෝටලයේ සිටින විදේශිකයන් දෙදෙ‍නකු සංචාරයකට රැගෙන යාම සඳහා දඩල්ලේ හෝටලයට ගොස් කතාකර ගන්නා ලෙස පවසා දුරකතන පණිවුඩයක් ලැබි ඇත.

ඒ අනුව ඔහු තම 14 හැවිරිදි පුතා සමග හෝටලයට ගොස් ආපසු එමින් සිටියදි වෙඩි තැබිම සිදුකර ඇත.

දුර කතන පණිවුඩය ලැබි ඇති දුරකතන අංකයට ඇමතුම් ලබා ගත නොහැකි බවත් පණිවුඩය ලැබි ඇත්තේ මැසෙන්ජර් මගින් බවත් අනාවරණයවි තිබේ.

 



අදහස් (1)

ගාල්ලේ දී කුරුමානම වරදී

චින්තක Sunday, 19 November 2023 06:06 AM

ඉස්සර කියමනක් තිබුණාලු අලුත බැඳපු යුවලක් වෙනත් කිසිවකු නැතුවත්, පියා සහ පුතා වෙනත් කිසිවකු නොමැතිව එකමග නොයා යුතුයි කියලා මෙතැනදී එම අදහසේ වරදක් තිබේදැයි බලන්න...

:       1       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මෛත්‍රිට අතුරු තහනමක්
2024 ඔක්තෝබර් මස 09 182 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ,ලේකම් හා ජාතික සංවිධායක තනතුරු සඳහා නව නිලධාරීන් පත් කිරීමට පක්ෂ විධායක කමිටුව ගත් තීරණ ක්‍රියාත්මක කිරී


වෙළෙන්දන් ඉවත් කරන්න ගිහින් නොසන්සුන් වෙයි
2024 ඔක්තෝබර් මස 09 1669 1

අනුරාධපුර ජයන්ති මාවතේ පිහිටි බන්ධනාගාරය ඉදිරිපිට මාර්ගය අසල වෙළඳාමේ නිරත වෙළඳුන් ඉවත් කිරීම සඳහා අනුරාධපුර නගර සභාවේ නිලධාරීන් පැමිණීමත් සමඟ අද (9)


කෝටියක භාණ්ඩ ගුවන් තොටෙන් පන්නන්න බැරිවෙයි
2024 ඔක්තෝබර් මස 09 1087 0

රුපියල් කෝටියක් පමණ වටිනා භාණ්ඩ තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙනැවිත් , කටුනායක ගුවන් තොටුපොළ රේගුවට ප්‍රකාශ නොකර , කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති ’’ හ


සංගක්කාර යළි පිටියට
2024 ඔක්තෝබර් මස 09 1336 2

ඉන්දියාවේදී ලබන නොවැම්බර් 17 වැනිදා ආරම්භ වන ජාත්‍යන්තර ප්‍රවීණයන්ගේ ලීග් ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා ප්‍රවීණයන්ගේ ක්‍රිකට් කණ්ඩායමේ නා


රුසියාව - ඉරානය එක්වී බ්‍රිතාන්‍ය අස්ථාවර කරන්න හදනවා
2024 ඔක්තෝබර් මස 09 1462 3

රුසියාවත්, ඉරානයත් එක් වී, බ්‍රිතාන්‍යය අස්ථාවර කිරීමට කුමන්ත්‍රණය කරනවා යැයි බ්‍රිතාන්‍යයේ එම්.අයි.5 බුද්ධි අංශ ප්‍රධානී කෙන් මැකලම් අනතුරු අඟවයි.


මහ ඡන්දෙට කණ්ඩායම් 33ක්
2024 ඔක්තෝබර් මස 09 426 0

මහ මැතිවරණය සඳහා ස්වාධීන කණ්ඩායම් සහ දේශපාලන පක්ෂ 33ක් අද වන විට නාමයෝජනා බාරදී ඇත.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39571 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25762 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 362 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1202 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 402 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site