IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


‘ගලේවෙල අයි.එස් සටන්කරුගෙ මරණය හෙළා දකියි‘

ස්ලාම් රාජ්‍ය හෙවත් අයිඑස්අයිඑස් අන්තවාදීන් ස්ලාම් ධර්මයට තර්ජනයක් බවත්, එම කණ්ඩායමේ ක්‍රියා කළාපය ශරියා නීතියට හා මානව හිමිකම් නීති උල්ලංඝණය කරන බවත් ශ්‍රී ලංකා මුස්ලිම් කවුන්සිලය මෛත්‍රීපාල සිරිසේන ජනපතිට ලිපියක් යවමින් කියයි.

සිරියා සටන් බිමේ දී මිය ගිය ප්‍රථම ශ්‍රී ලාංකික (ගලේවෙල) අයි එස් සටන්කරුගේ මරණය මාධ්‍ය මගින් දැනගැනීමෙන් පසුව තම කවුන්සිලය බලවත් සේ මවිත වූ බවත් එහි සභාපති එම් එන් අමීන් මහතා පවසයි.

කරුණාව හා සාධාරණත්වය මුල්කරගෙන බිහි වූ ස්ලාම් ධර්මය අහිංසක ජීවිත නැති කිරීම මුළුමනින්ම තහනම් කරයි.

ත්‍රස්තවාදය හෝ හිංසනය මගින් අපරාධ කිරීමට තම ආගමේ කිසිම ඉඩත් නැති බවත් අයිඑස්අයිඑස් කණ්ඩායම හා එහි නායක අබු බැග්ඩාඩිගේ ක්‍රියා කලාපය හෙළා දැකීමට ශ්‍රී ලංකා මුස්ලිම්වරුන් ලෝව පුරා සිටින ස්ලාම් උගතුන් හා නායකයන් සමඟ එක් වන බව ද අමීන් මහතා පවසයි.

මේ සම්බන්ධයෙන් රජයෙන් ගන්නා පරීක්ෂණයකට හෝ ක්‍රියාමාර්ගයකට තම සංවිධානයේ සහාය ලැබෙන බව ද ඔහු කියයි.



අදහස් (0)

‘ගලේවෙල අයි.එස් සටන්කරුගෙ මරණය හෙළා දකියි‘

නිලාන් කටාර් Tuesday, 21 July 2015 02:55 PM

එහෙම කීවට විස්වාස කරන්නම් එපා.. ගෝලයෝ තව ගොඩක් ඇති ලංකාවේ. (ර)

:       0       0

සජී Tuesday, 21 July 2015 03:16 PM

හකුරු වෙළෙන්දෙක්කුත් රජතුමෙකුට කිවුවාලු මම ඔබ තුමාට හකුරු හදන්නේ පයට පාවඩ උඩට උඩුවියන් බැඳලා කියලා.. ඒත් ගිහින් බැලුවහම තමා ඇත්ත තත්වේ දැකලා තියන්නේ.. ඉහත කවුන්සිලය ගැන කියන්න තියන්නෙත් එපමණයි.. (ර)

:       0       0

සසංකා Tuesday, 21 July 2015 11:24 AM

ශ්‍රී ලංකාවේ අහිංසක මුස්ලිම්වරුන් මීට වඩා අවදියෙන් සිටිය යුතුයි සිංහල බෞද්ධයන් සමදා සාමකාමී බව සහ ජීවනය අගයන ජනතාවකි .(ම)

:       0       0

ජයන්ත Tuesday, 21 July 2015 03:24 PM

මේ කට්ටිය කියන දේවල් කරනවා නම් හරි හොඳය. මොනා කරත් දේශපාලකයන් කිසිම තීරණය ගන්නේ නැහැ. (ර)

:       0       0

ගුරා Wednesday, 22 July 2015 05:09 AM

අපේ රටේ සිංහළ දමිළ මුස්ලිම් සියලු ජන කොටස්වල ජාතිවාදී අන්තවාදීන් ඉන්නවා ඒක තමයි සත්‍ය ඒ නිසා ඉහත ප්‍රකාශය කළ මුස්ලිම් ජනතාවට මගේ ප්‍රණාමය (ම)

:       0       0

සරත් Tuesday, 21 July 2015 11:41 AM

අන්න ඔහොම ඉන්න. ඉන්දියාවේ අමීර් කාන් සල්මාන් කාන් ලා වගේ රට ගැන හිතලා වැඩ කරන්න, ඉපදුනු හැදෙන වැඩෙන රටට ආදරය කරන්න . අන්තවාදී රැලකට කඩේ යන්නේ නැතිව. (ර)

:       0       0

රණේපුර Wednesday, 22 July 2015 02:33 AM

ඩේවිඩ්, කටට එන පළියට දොඩවන්නේ නැතුව කරුණු දැනගෙන කතා කරන්න. ඒවාටත් විරුද්ධවෙලා තියෙනවා මේ වගේම. අනික වනාන්තර විනාශ කිරීමට ඔයාලට පෙනෙන්නේ විල්පත්තුව විතරද? සිංහරාජයේ ජයටම කෙරෙන වනාන්තර විනාශය පෙනෙන්නේ නැත්තේ ඇයි? වන විනාශය කවුරු කළත් වැරදියි. ඒකට ආගමක් ගාවගන්න එපා.ඉමල්කා, අඩුමගානේ මුහුදු මහා විහාරෙට ගිහිල්ලාවත් තියෙනවද? නිකන් යතුරුපුවරු වීරයෝ වෙන්නේ නැතුව ගමේ තියෙන බාර් එක වහලා ගමේ මිනිසුන්ව මුලින්ම ධාර්මික කරන්න බලන්න. ඊටපස්සේ පුළුවන් නායකයන්ගේ කොන්ද ගැන කතා කරන්න. (නි)

:       0       0

ප්‍රියංක Tuesday, 21 July 2015 12:05 PM

ඒ කතාවට අපි ගරු කරනවා. ඔහොම එකතු වෙනවා නම් අපි ඔක්කොම එකතුවෙලා රට ගොඩ නඟන්න පුළුවන්. (නි)

:       0       0

රණේපුර Wednesday, 22 July 2015 05:49 AM

මෙන්න බලාගන්න මාධ්‍යයට කරන ලද නිවේදනයන් : http://www.acju.lk/si/ (බ)

:       0       0

ඩේවිඩ් Wednesday, 22 July 2015 02:54 AM

ණේ, කවුද දැන් විල්පත්තුව ගැන කතාකළේ? අනික එහෙම ඒවාට විරුද්ධ වෙලා තියෙනවා නම් එහෙම ප්‍රකාශයක් ප්‍රසිද්ධියේ කළ තැනක් පෙන්වන්න පුලුවන්ද? කවුරු කළත් වන විනාශය වැරදියි තමයි. (නි)

:       0       0

කුමාර් Wednesday, 22 July 2015 06:05 AM

සසංකා, අනේ මොකටද මගේ කට: චේතනාහන් භික්ඛවේ කම්මං වදාමි කියල, අන්‍ය ආගමිකයන්ට කොච්චර හිරිහැර කළාද පහුගිය අවුරුදු වල. (බ)

:       0       0

ලුම්බිණි Tuesday, 21 July 2015 12:40 PM

ශ්‍රී ලංකා මුස්ලිම් කවුන්සිලය වටිනා දෙයක් කරලා තියෙන්නේ. එය අගය කළ යුතුයි. (බ)

:       0       0

සේනක Wednesday, 22 July 2015 03:18 AM

ලංකාවේ අයිඑස්අයිඑස් එක මනුස්සයෙක් විතරද ඉදල තියෙන්නේ????? (ම)

:       0       0

සජීත් Tuesday, 21 July 2015 12:50 PM

ඕවා දැන් කිව්වට මෙහෙ අයි.එස් .ලා අල්ලන්න මෙහෙයුමක් කලොත් බලාගන්න පුළුවන් වැඩේ හැටි. (අ)

:       0       0

නිහාල් Tuesday, 21 July 2015 12:53 PM

කිඹුල් කඳුළු නොවේවා.(අ)

:       0       0

කේ.පි Tuesday, 21 July 2015 12:57 PM

තව ටික කලක් යනකොට රටෙත් ඉන්න බැරිවෙනවා. කොන්දක් තියෙන මහින්ද වගේ නායකයකු වූ රටට ඔනේ.(අ)

:       0       0

නාමල් Tuesday, 21 July 2015 01:37 PM

දකුනු ආසියානු මුස්ලිම්වරු සාමාන්‍යෙන් අන්තවාදී නෑ, ඉන්දියාව, ලංකාව, බංග්ලාදේශය, මැලේෂියාව, ඉන්දුනීෂියාව වගේ රටවලටත් වහබි අන්තවාදය ගේන්නේ සෞදිය ඇතුලු මැදපෙරදිග රටවල්....(බ)

:       0       0

නාමල් Wednesday, 22 July 2015 07:41 AM

පැහැදිලිවම අන්තවාදයක් තියෙනව.. නැත්තෙ නෑ... හැබැයි ඒකට උත්තරේ සිංහල අන්තවාදය ප්‍රොමෝට් කරන එකය කියල හිතාගෙන ඉන්න මෝඩ හරක් එක්ක මොකුත් කරන්න බෑ...බටහිර රටවල (විශේසයෙන්ම එංගලන්තය, ප්‍රංශය ) මීට වඩා අන්තවාදියො ඉන්නව, නමුත් ඒ රටවල් කරන්නේ අන්තවාදීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ගමන් ජාතීන් අතර සහෝදරත්වය වර්ධනය කරන්න වැඩ කරන එක...(බ)

:       0       0

ෆියාස් Tuesday, 21 July 2015 01:43 PM

ලෝකයා ඉස්ලාම් දර්මය බිලිබඳ වැරදි ආකල්පයක් ගොඩ නගලා තියෙන්නේ. අයි.එස්.අයි.එස් සංවිදානයත් මේකට හොද උදාහරණයක්. ඉන්දියාවේ නිපදවන චිත්‍රපට වල පවා මුස්ලිම් වරු ත්‍රස්තයන් ලෙස පෙන්නනවා. ත්‍රස්තවාදියෝ කුමන ආගමක් වුවත් ත්‍රස්තවාදියෝමය. ඒත් ආගම සම්බන්ද කිරීම බරපතල වැරැද්දක්. කිසිම ආගමක ත්‍රස්ත ක්‍රියාවක් ගැන කියල නැහැ. මේවා මිනිසුන් හා සමාජයෙන් ඇතිවෙන සිද්දීන්. මිනිසුන් අතර තිබෙන ඉරිසියාව, තන්හාව නිසා ඇතිවනවා. බලන්න අපේ දේශපාලනය කරන කට්ටිය දිහා බලය ගන්න මොන මොන දේවල් කරනවද. (නදී)

:       0       0

ඩේවිඩ් Tuesday, 21 July 2015 10:52 PM

ඉමල්ක සහ තුසිතගේ අදහසට මාත් එකයි. කියන දේම කරනවානම් ප්‍රශ්නයක් නෑ. එත් ඉතින් අපේ පැරණි වෙහෙර විහාර වනසද්දී. වනාන්තර කපද්දී. බුදු දහමට නිගරු වෙන කතා කියද්දී, මේ අය විරෝධය පාන්නේ නැත්තේ ඇයි කියල ප්‍රශ්නයක් එනවා. අයිඑස් ගැන කතා කරලා විරෝධය පාන්නේ කලින් මේ අපේ රටේ ඉන්න අන්තවාදී කොටස් වලට විරුද්ද වෙනවනම් තමයි හොද (බ)

:       0       0

රන්ජන් ද සිල්වා Tuesday, 21 July 2015 02:07 PM

පොතේ හැටියට වැඩ.(නදී)

:       0       0

ඉමල්කා Tuesday, 21 July 2015 11:00 AM

මොනාව කියනවද අපේ වනාන්තර විනාශ කරනවා. මුහුදු මහා විහාරේ වනසනවා. අපේ නායකයන්ගේ කොන්ද පන නැහැ. (නදී)

:       0       0

තුවාන් ඔශෙන් Tuesday, 21 July 2015 11:07 AM

ශ්‍රී ලංකා රජයෙන් මා කාරුණිකව ඉල්ලා සිටින්නේ මොහු සමග සම්බන්දකම් පෙවත්වූ සියලු දෙනාගෙන් රහස් පොලිසිය ප්‍රශ්න කලයුතුයි. එතකොට අයි එස් එකට උදව් කරන අන් අයවත් සොයා ලෝකයට එළිකළ හැකියි.

:       0       0

ලාල් Tuesday, 21 July 2015 02:45 PM

අයි.එස්.අයි.එස්. හෝ වෙනයම් ත්‍රස්තවාදි අන්තවාදීන් සමග සම්බන්ධකම් පවත්වන අයට විරුද්ධව තද නීතීරීතී සකස්කරන්න. (අ)

:       0       0

තුසිත Tuesday, 21 July 2015 11:22 AM

කියද්දී නම් ඔහොම තමා එත් කෙරෙන්නේ වෙන දෙයක්. (ර)

:       0       0

වසන්ත Wednesday, 22 July 2015 12:29 AM

රට වෙනුවෙන් ගන්නා ඕනෑම යහපත් තීරණයක් වෙනුවෙන් අපි සැම ඔබ සමඟ ඉන්නවා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව ජනපතිට තොණ්ඩමාන්ගෙන් සුභ පැතුම්
2024 සැප්තැම්බර් මස 23 3 0

ලංකාවේ නව වෙන විධායක ජරාධිපතිවරයා ලෙස තේරී පත් වූ අභිනව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට සුබ පතන බව ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපති නැගෙනහිර ආණ


ශිෂ්‍යත්ව පේපරේ පිට කළ අධ්‍යාපන ලොක්කා රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 23 90 0

පහ වසර ශිෂ්‍යත්ව විභාගය ප්‍රශ්න තුනක් කලින් පිට කිරිම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් ජාතික අධ්‍යාපන ආයතනයේ සැලසුම් හා මෙහෙයුම් අධ්‍යක්ෂවරයා ලබන 7 වැනි ද


අනුරට කතානායකගෙන් සුභ පැතුමක්
2024 සැප්තැම්බර් මස 23 358 1

ශ්‍රී ලංකාවේ නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස අභිනවයෙන් තේරි පත්වූ අනුර කුමාර දිසානායක මහතාට සිය සුබපැතුම් පළ කරන බව පාර්ලිමේන්තුවේ කතානායක මහින්ද ය


ලංකාව චීනය අතර සබඳතා ශක්තිමත් වෙයි
2024 සැප්තැම්බර් මස 23 431 0

ශ්‍රී ලංකාවේ නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා තේරී පත්වීමත් සමග ශ්‍රී ලංකාව සහ චීනය අතර සබඳතා තවත් ශක්තිමත් වනු ඇති බවට චීන විශ


නව ජනපති මහනාහිමිවරුන් බැහැ දකියි
2024 සැප්තැම්බර් මස 23 3361 2

නව ජනපති අනුර කුමාර දිසානායක මහතා දිවුරුම් දිමෙන් අනතුරුව මහනුවරට ගොස් දළදා සමිදුන් වැද පුදා ගත්තේය.


ජනාධිපතිවරණය ඉතාමත් සාමකාමීයි
2024 සැප්තැම්බර් මස 23 1241 1

ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය ඉතාමත් සාමකාමී බවත්, ඡන්දය ප්‍රකාශ කිරීම, ගණන් කිරීම, ප්‍රතිඵල නිකුත් කිරීම සහ සිදුවුණු බලහුවමාරුව ඉතාමත් සාමකාමී අයුරින්


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 23048 17

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 22887 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 122 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 365 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 182 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site