IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


ගාලු කොටුවෙන් ඉපැරණි ගල් අඟුරු වළක් හමුවෙයි

 

 

 

(සිරංගිකා ලොකුකරවිට)

ගාල්ල කොටුවේ තිබී පැරණි ගල් අඟුරු වළක් හමුවූ බව මධ්‍යම සංස්කෘතික අරමුදලේ දකුණු පළාත් ව්‍යාපෘති අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරන ඕස්ට්‍රේලියාවේ සිඩ්නි විශ්වවිද්‍යාලයේ ප්‍රාග් ඉතිහාසය පිළිබඳ ආචාර්ය නිමල් පෙරේරා මහතා පවසයි.

මෙම ගල් අඟුරුවල හමුවී ඇත්තේ ගාල්ල කොටුවේ පෘතුගීසීන් විසින් ඉදිකරන ලද කළු කොටුව නැමැති කො‍ටසිනි.

ලෝක බැංකු සහන ණය ආධාර යටතේ උපාය මාර්ගික නගර සංවර්ධන ව්‍යාපෘතිය මගින් මේ දිනවල ගාල්ල කොටුවේ සිදුකරන සංරක්ෂණ කටයුතු අතරතුර මෙම ගල් අඟුරුවල හමුවී තිබේ. වාස්තු විද්‍යාඥ ආචාර්ය නිලාන් කුරේ මහතාගේ උපදේශකත්වයෙන්  මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වෙයි.  ගාල්ල පැරණි පෘතුගීසි කොටුව හෙවත් කළු කොටුවේ පැති බැම්මේ පිහිටි ඕලන්ද ගොඩනැගිල්ලක පොළොව සංරක්ෂණය සිදුකරන අතරතුර එහි ගල් අඟුරු ඇති බව සොයාගෙන ඇත. ඒ අනුව ආචාර්ය කුරේ මහතා ආචාර්ය නිමල් පෙරේරා මහතා දැනුම්වත් කිරීමෙන් පසු එහි කැණීමක් සිදුකර තිබේ.

ආචාර්ය පෙරේරා මහතා පවසන්නේ මෙම ගල් අඟුරු වළ හමුවූ ස්ථානයේ ඇති පැරණි ඕලන්ද ගොඩනැගිල්ල සිර මැදිරියක් ලෙස ද භාවිතා කර ඇති බවයි. එය සිර කුටි කිහිපයකින් සමන්විත අතර ගොඩනැගිල්ලේ එක් කොටසක් කඩා වැටී ඇත. ආලින්දයක් ද සහිත මේ ගොඩනැගිල්ලේ ඇති එක් සිර මැදිරියකින් මෙලෙස ගල්අඟුරු හමුවී තිබේ.

ආචාර්ය නිමල් පෙරේරා මහතාගේ අදහස වන්නේ මෙම ස්ථානයේ ආයුධ නිෂ්පාදනය කරන ස්ථානයක් තිබෙන්නට ඇති බවයි. එය පෘතුගීසි පාලන කාලයේ දී හෝ ඕලන්ද ජාතිකයන් විසින් මෙම ගොඩනැගිල්ල ඉදිකිරීමට පෙර තිබූවක් වියහැකි බවත් පසුව ගොඩනැගිල්ල ඉදිකිරී‍මේ දී ශේෂ වී තිබූ ගල් අඟුරු කොටස් ගොඩනැගිල්ලට යටවන්නට ඇති බවත් ඔහුගේ අදහසයි.

'' මේ ගල් අඟුරු අතර පිළිස්සී ගිය දැව කොටස් තිබෙනවා. ඒ නිසා පැහැදිලිවම මේවා දහනය කළ බව තහවුරු වෙනවා. ගල් අඟුරු ඉවත් කළ විට එම ස්ථානයෙන් කවාකාර වළක් මතුවී තිබෙනවා. එය ආයුධ සෑදීම සඳහා උඳුනක් ලෙස භාවිතා කළාද කියා නිශ්චිතව කිව නොහැකියි. නමුත් එම ස්ථානයේ පොළොවේ පැල්මක් ද දක්නට ලැබෙනවා. එම පැල්ම දිගටම තිබෙනවා ද කියා අප ඉදිරියේ දී සොයා බැලිය යුතුයි. ගල් අඟුරු සමඟ දහනය වූ දැව කොටස් තිබෙන නිසා එමගින් අපට මේ දහනය කිරීම් සිදුකර තිබෙන්නේ කවර වර්ෂයක දී ද කියා සොයාගත හැකියි. ඒවා කාලනීර්ණය සඳහා යොමු කරනවා. කළු කොටුව පෘතුගීසීන්ගේ නිර්මාණයක් වුණාට මේ ගොඩනැගිල්ල පැහැදිලිව ම ඕලන්ද ජාතිකයන් විසින් සෑදූ එකක්. ඇතැම් විට මේ ගල් අඟුරු පෘතුගීසි ජාතිකයන් විසින් භාවිතා කරන්නට ඇති. නැතිනම් ඕලන්ද ජාතිකයන් ගොඩනැගිල්ල සෑදීමට පෙර මේ ස්ථානයේ ගල් අඟුරු දහනය කළා වෙන්නත් පුළුවන්."

පුරාවිද්‍යාඥයන් පවසන්නේ මෙම ගල් අඟුරු ඉන්දියාවේ හෝ අප්‍රිකාවේ සිට මෙරටට ගෙන එන්නට ඇති බවයි. ගල් අඟුරු පෘතුගාලය හෝ ඕලන්දය වැනි දුර බැහරක සිට ගෙන එනවාට වඩා ඉන්දියාව වැනි ස්ථානයකින් ගෙන ඒම පහසුවක් වූ බව ද ඔවුන්ගේ අදහසයි.

මෙහි වැඩිදුර පර්යේෂණ කටයුතු පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක මහතාගේ සහ මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් ගාමිණී අධිකාරී යන මහත්වරුන්ගේ උපදෙස් හා මඟපෙන්වීම යටතේ සිදුවෙයි.

 



අදහස් (6)

ගාලු කොටුවෙන් ඉපැරණි ගල් අඟුරු වළක් හමුවෙයි

ලලිත් ජයවීර - අම්බලන්ගොඩ Wednesday, 30 September 2020 08:37 AM

අම්බලන්ගොඩ තානායම් භූමියේත් ඔන්න ඔය වගේ දේවල් තිබිලා තියෙනවා. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් සංරක්ෂණය කරගෙන ආ බිත්ති දෙකක් තානායමේ තිබුණා කියල තමයි කියන්නේ... හැබැයි දැන් තානායම කඩලා බඩුත් අරං ඉවරයි. මුලු තානායමම කඩා ඉවත් කරගෙන ගිහිං තියෙන්නේ රුපියල් 75000 කට. නමුත් තානායමේ එක බාල්කයක් රුපියල් ලක්ෂ ගණන් වටිනවා කියලා දන්න අය තවමත් ඉන්නවා... අම්බලන්ගොඩ දහස් ගණනක්. මෙම තොරතුරු පනත යටතේ මේ තානායම කඩා ඉවත් කරගෙන යාම පිළිබ‍ඳ කරුණු 350ක් අම්බලන්ගොඩ නගර සභාවෙන් අහලා තියෙනවා. දැන් අවුරුද්දකට කිට්ටුයි. හැබැයි තවම කිසි පිළිතුරක් නැහැ. තානායම කඩලා අලුත් තානායමක් හදනවා කියලා අවස්ථා කිහිපයකදීම අපේ දකුනෙ හිටපු මහ ඇමැතිතුමා මුල් ගල් නම් තිබ්බා. ඒවාට ගිය වියදම වරක් රුපියල් ලක්ෂ 54ක් කියලා දකුණු පළාත් සභාවේ හැන්සාඩ් එකේ තියෙනවා. ඊට කලිනුත් ඒ වගේ වියදමක් දරලා තියෙනවා. එහෙම තියපු තවත් පැලවෙන මුල් ගල් කිහිපයක්ම අම්බලන්ගොඩ තියෙනවා. දැන් තානායම අපට අයිති නැහැ. කාටද වික්කලු අවුරුදු 99කට. ඇයි මේ අයට හෙණ ගහන්නේ නැත්තේ?

:       1       22

ලලිත් ජයවිර Wednesday, 30 September 2020 08:44 AM

අම්බලන්ගොඩ තානායම් බිමෙන් රත්තරං හමබවෙලා තියෙනවා කියලා මම අහලා තියෙනවා. හැබැයි මම විශ්වාස කරන්නේ නැහැ. ඒ වුණාට අපේ තානායම රත්තරං ටොන් දහසකටත් වඩා වටිනවා. ඒක ඓතිහාසික තානායමක්... අම්බලන්ගොඩ කියන නාමය ජාත්‍යන්තරයට අරං ගිය එක දෙයක් තමයි අපේ තානායම.... එහෙම තානායමක් ලෝකෙ කොහේවත් නැහැ කියලා තමයි කියන්නේ... ස්වභාවික මුහුදු තටාකයක්ද තියෙන එකම තානායම. සුනාමියෙන් මුලු දකුණම විනාශ වෙද්දී අපේ තානායමට එක වතුර පොදකින් හානියක් වුනේ නැහැ. ඒ වුණාට පස්සෙ අපේ තානායම සුනාමියෙන් විනාශ වුණා කියලා කියන්න පත්තරවලත් ලිපි පළකළා. අම්බලන්ගොඩ අපේ තානායම විනාශ කලේ වෙන කවුරුවත් නොවෙයි. කිසිඳු භේදයකින් තොරව සෑම දේශපාලන පක්ෂයකම සාමාජිකයින් එකතුවෙලා තමයි මේ තානායම රුපියල් 75000 කට කඩා ඉවත් කරගෙන යන්න දුන්නේ. ඒකෙ තිබුණු හිරිගල් ටික විතරක් කෝටි ගාණක් වටිනවා කියලා තමයි කියන්නේ. ලී දඬු ටික විතරක් ලක්ෂ 100කට වික්කා කියලා කියනවා. දැන් ඔය ගාල්ලේ කොටුවේ වගේ අපේ තානායම් බිමේත් තියෙනවා තවමත් පුරාවිද්‍යා එකෙන් මුරකරන හිර ගෙයක්... අනේ බැරිවෙයිද මේ අය අල්ලලා ඒකෙවත් දාලා හිර කරන්න.

:       1       25

ගබිලින් Wednesday, 30 September 2020 07:40 PM

අර කඩා වැටෙනකම් බලන් හිටිය තැපැල් කන්තෝරුව හදහල්ලා. ඇමතියන්ට තැපැල් දීමනා දෙනවා ලක්ෂ තුනක්ද කොහෙද... අවුරුද්දකට දැන් ඉන්ටර්නෙට් පාවිච්චිකරත්... ඒ මුදල 225න් වැඩිකරලා එන මුදලෙන් ඒ සුන්දර ගොඩනැගිල්ල හදාගන්න තිබුණා. තැපැල් දෙපාර්තමේන්තුවේ ඉහළ පුටුවල ඉන්නේ ඇත්තටම මොන මානසිකත්වයක් තියෙන උන්දැලාද? මේවා පෙනෙන්නේ නැද්ද? මේවායේ වටිනාකමක් නැද්ද? සිංගප්පූරුවේ තිබ්බා නම් මෙලහකට බිල්ඩිම සංරක්ෂණය කරලා තැපෑල පිළිබඳ කෞතුකාගාරයක් කරලා මෙලහකට... අර අවුරුදු 100ක් විතර පරණ මාර ගහකුත් කපලා අයින් කළා උසාවිය ළඟ. සුද්දෝ කරලා දුන්න, අපේ අසමත් ඈයෝ දෙනවා වැඩේ හිටු කියලා. අපේ කරුමේ තමයි ඉතින්....

:       0       0

jutin Thursday, 01 October 2020 06:33 AM

පුරාවිද්‍යාවට සම්බන්ධ හැමෝටම සෙනරත් කොටස තියෙනවා වගේ...

:       0       1

de silva Thursday, 01 October 2020 12:49 PM

ලලිත් ජයවීර මහත්මයා.., ඔබගේ අදහස සම්පූර්ණයෙන්ම සත්‍යයක්. නමුත් මේ හොරු හිරේ යැවීම කෙසේ වෙතත් ජනතාව මෙදාපාර හොර මුලේ නායකට මනාපෙ ගහලා පාර්ලිමේන්තු යැව්වා. ලංකාවේ පාර්ලිමේන්තුව කියන්නේ හොරුන්, මිනීමරුවන් රජකරන ස්ථානයක්...

:       0       4

සුසන්ත - අම්බලන්ගොඩ Thursday, 01 October 2020 02:22 PM

සිල්වා මහත්තයා, ඔය හොර මුලේ නායකයා කියන්නේ අපේ ෂාන් මහත්තයට නේද? එයත් හොර මුලේ තමයි. නමුත් එයා නායකයා නොවෙයි. දෙවෙනියා වගේ තමයි ඉන්නේ. නායකයා ඉන්නේ අම්බලන්ගොඩ නගර සභාවේ...

:       0       3

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පැරදුණු මන්ත්‍රීලා 30ක් මාදිවෙලට ‘ටටා’ කියති
2024 නොවැම්බර් මස 18 1553 0

පරාජයට පත් වූ මන්ත්‍රීවරුන් 30 දෙනෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් පිටව ගිය බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.


රවීගේ නම පිළිගත් ගැසට්ටුව නිකුත් වෙයි
2024 නොවැම්බර් මස 18 1274 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස රවී කරුණානායක මහතාගේ නම සඳහන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.


ජාතික ලැයිස්තු හුටපටේ ගැන තීරණයට ’’සිලින්ඩරේ’’ හෙට රැස්වෙයි
2024 නොවැම්බර් මස 18 1219 0

එක්සත් ජාතික පක්ෂයේ කිසිදු අනු දැනුමකින් තොරව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුණානායක මහතාගේ නම මැතිවර


සිසුවියන්ට හදි කළ ගණිත ගුරා අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 18 802 0

බාල වයස්කාර පාසල් සිසුවියන් දෙදෙනෙකුට ලිංගික අතවර කිරිම සම්බන්ධයෙන් ඇල්පිටිය කොට්ඨාසයේ පාසලක ගුරුවරයෙක් අද සවස අත්අඩංගුවට ගත් බව ගාලු දිසා බාර නියෝ


අයි.එම්.එෆ් ජනපති හමු වෙයි
2024 නොවැම්බර් මස 18 643 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ක්‍රියාත්මක කෙරෙන වැඩසටහනේ ඉදිරි පියවර පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එහි ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා


ජාතික ලැයිස්තුවෙන් කත්‍රිආරච්චි ඉල්ලා හිටපු මන්ත්‍රීවරුන් 56ගෙන් ලියුමක්
2024 නොවැම්බර් මස 18 5680 0

හිටපු නියෝජ්‍ය ඇමතිවරයකු වන චන්දන කත්‍රිආරච්චි මහතා නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ පක්ෂයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයකට පත් කරන්නැයි ඉල්ලමින්


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 25520 36


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18852 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 370 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 642 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1842 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site