IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


ගල් ගසා මරන කතාව පත්තර කාරයන්ගේ බොරුවක්

පොලිස් මුල්‍ය අපරාධ විමර්ෂණ ඒකකයේ නිලධාරින් ඇතුළු සෙසු අයට මහින්ද රජයක් යටතේ ගල් ගසා මරා දමන බවට තමා ප්‍රකාශ නොකළේ යැයි ඩි වී උපුල් දකුණු පළාත් ඇමතිවරයා එසැණ සමග කෙටි සාකච්ඡවකට එක්වෙමින් පැවසිය.

ප්‍රශ්නය        -        පොලිස් මුල්‍ය අපරාධ විමර්ෂණ ඒකකයේ නිලධාරින් ඇතුළු සෙසු අය ගල්ගසා මරා දමන බවට ඔබ ප්‍රකාශ කළේ කුමන හේතුව නිසාද?

පිළිතුර         -        මම කොහෙද එහෙම කියලා තියෙන්නේ? ආණ්ඩුවේ පත්තර කඩමලුයි රූපවාහිනියයි එක්ක එකතු වෙච්ච බොරු පත්තර කාරයෝ ටිකක් මට විරුද්ධව ගොතන බොරුවක් ඕක. මම කිව්වේ අලුතෙන් හදපු පොලිසිය කරන වැරදිවලට මිනිස්සු එකතුවෙලා ගල් ගැහුවත් මම ඒ දිහා බලන් ඉන්නවා ඇරෙන්න බේරන්න යන්නේ නැහැ කියලා.

ප්‍රශ්නය        -        මොකක්ද ඔබ කියන ඔය අලුතෙන් හදපු පොලිසිය?

පිළිතුර         -        පාර්ලිමේන්තුව හරහා පොලිස් කොමිසමක් දාලා ඔය අලුතෙන් හදලා තියෙන්නේ මොකක්ද පොලිස් ඒකකයක්.

ප්‍රශ්නය        -        ඇත්තෙන්ම ඔබ පොලිස් මුල්‍ය අපරාධ විමර්ෂණ ඒකකය ගැන දන්නෙම නැත්ද?

පිළිතුර         -        බොරු ලියන පත්තර කාරයෝ ඉන්න බොරු පත්තරවල ලියලා තිබුණු දේකින් මම ඔය ගැන දැක්කා.

ප්‍රශ්නය        -        ඇයි ඔබ බොරු පත්තර කාරයෝ ලියන ලිපි තියෙන බොරු පත්තර බලන්නේ?

පිළිතුර         -        නිකන් ඉන්න වෙලාවට කම්මැලි කමට බොරු පත්තරයක් හරි බලනවා.

ප්‍රශ්නය        -        දැන් ඔබට රට යන්නත් බැහැ නේද?

පිළිතුර         -        මම අවුරුදු දෙක තුනකටවත් රට යන කෙනෙක් නෙමෙයි. ඔය පාස්පෝට් එකෙන් මට වැඩක් නැහැ. හැබැයි රහස් පොලිසියට විරුද්ධව මම සඳුදාට නඩු දානවා. මගෙන් කටඋත්තරයක්වත් ගන්නේ නැතිව මගේ පාස්පෝට් එක අවලංගු කළාට. ඊට අමතරව බොරු පත්තර කාරයන්ට විරුද්ධවත් මම නඩු දානවා.

ප්‍රශ්නය        -        ඔබට පොලිසියෙන් කැඳවීමක් ලැබුණේ නැත්ද?

පිළිතුර         -        කවුරුවත් මට කතා කළේ නැහැ.

ප්‍රශ්නය        -        මහින්ද රාජපක්ෂ මහතා අගමැති වෙයිද?

පිළිතුර         -        29 වතාවක් පරාද වෙච්ච එක්සත් ජාතික පක්ෂ මේ ආණ්ඩුව ගෙදර යවලා සන්ධාන ආණ්ඩුවක් හදලා එකේ අගමැති කරන්නේ අපේ මහින්ද මහත්තයා.

ඩී.වී.උපුල් තිස්සමහාරාමයේදී කළ කථාවේ වීඩියෝව

 



අදහස් (0)

ගල් ගසා මරන කතාව පත්තර කාරයන්ගේ බොරුවක්

අශේන් Friday, 05 June 2015 02:07 PM

මේ වගේ දිව දෙකේ අයටයි, ඡන්දෙ දෙන අයටයි තමයි ගල් ගහලා මරන්න ඕනෑ (නි)

:       0       0

චානක ලොස් ඇන්ජලිස් Friday, 05 June 2015 08:02 PM

කව්ද කියලා තිබුන මෙයාගේ බස් තංගල්ලේ මාර්ග නීති සත පහකට මායින් කරන්නේ නැතිව දුවනවා කියා. පොඩ්ඩක් බලාගෙන ඉන්න ඔය චන්ඩිකම් නවතින හැටි ඉදිරියේදී. (නදී)

:       0       0

චානක ලොස් ඇන්ජලිස් Friday, 05 June 2015 08:13 PM

කතාවෙන් තේරෙනවා මෙයාගේ වැඩ (නදී)

:       0       0

ටෙරන්ස් Friday, 05 June 2015 09:06 PM

දැන් එතකොට අපිද බොරු කියලා තියෙන්නේ? (නි)

:       0       0

කුමාරි Friday, 05 June 2015 09:07 PM

සමහරුන්ට ඇඟ තිබුනට මොළය නැහැනේ (නි)

:       0       0

සෑම් Friday, 05 June 2015 08:16 AM

මට දුක මේවගේ අයට ඡන්දෙ දෙන මිනිසුන් ගැනයි. (ර)

:       0       0

මහී Friday, 05 June 2015 08:30 AM

මහින්දගේ ඉතුරු ඡන්ද ටිකත් කැඩුණද මන්ද (බ)

:       0       0

අශාන් Friday, 05 June 2015 08:36 AM

මෙයාගේ හිතේ අපිත් මෙයා වගේ හරක් කියලා. (ම)

:       0       0

දිමුත් Friday, 05 June 2015 08:43 AM

ෂික්! මේ වගේ මිනිස්සුනේ ජනතා නියෝජිතයෝ වෙලා ඉන්නේ...(ම)

:       0       0

ජයා Friday, 05 June 2015 08:45 AM

ඇත්තටම ඔහු එහෙම දෙයක් කියලද? වීඩියෝ කළ සාක්කි තියනවද? නැතිනම් කපුටු හත්දෙනාගේ කතාව වගේ එකක්ද? (ම)

:       0       0

ප්‍රිය Friday, 05 June 2015 08:52 AM

ඒ වෙලාවේ බීල ඉන්න ඇති කියපු ඒවා අමතක වෙන්න. හොර පෙරකදෝරු මහත්තයෙකුත් ළඟ තියාගෙන තමයි කියවල තියෙන්නෙ.පොලිසියෙන් නඩු දැම්මොත් බේරගන්න වෙන්න ඇති.(ම)

:       0       0

ලුම්බිණි Friday, 05 June 2015 08:58 AM

මේ වගේ අයට ප්‍රචාරයක් දෙන්න එපා. (ර)

:       0       0

තිලක් -ඩුබායි Friday, 05 June 2015 08:59 AM

මේ වීඩියෝ දර්ශනයම ඇති මේ කතාව ඔප්පු කරන්න. (ර)

:       0       0

රූපස් පෙරේරා Friday, 05 June 2015 09:00 AM

ජයා, උඩතියන වීඩියෝ එක බැලුවේ නැද්ද.? (ර)

:       0       0

ගායනා Friday, 05 June 2015 09:04 AM

මහින්දගේ පාලනේ තිබුණ රුදු බව නේද මේ, තවත් අගමැතිත් කරන්න හදනවා, මුන්ට රට ගියොත් රටම අනාතයි..(ම)

:       0       0

නිල් Friday, 05 June 2015 09:13 AM

මෙහෙමත් හොරු මුන් හිතනවා අපි මේවා විස්වාස කරන්නයි කියලා. (ම)

:       0       0

ඩුන්ගු Friday, 05 June 2015 09:15 AM

මහින්ද මහතා දැන් දෙසැරයක් හිතන්න වෙනවා මේ වගේ හරක් එක්කද වැඩ ක‍රන්නේ කියල. මේ කතාවේ හොඳටම ඇහෙනවා ඔහු කියන දේ, (ම)

:       0       0

දසුන් Friday, 05 June 2015 09:49 AM

විශ්‍රාමික ජනාධිපති සහ උපුල් මන්ත්‍රීවරයා රිච්මන්ද්වරුන් වීම ගැන ,ලැජ්ජයි (ම)

:       0       0

නිමල්ලලිත Friday, 05 June 2015 09:59 AM

එහෙම නම් මේ ඇහෙන්නේ කව්රු කියපුව වෙන්න ඇතිද. ? (ර)

:       0       0

තිලක් Friday, 05 June 2015 10:32 AM

පසුගිය පාලනයේ පහත් බවත්, ඔවුන් නීතිය තමන්ගේ කුණු ඇදීම වෙනුවෙන් සරමේ ඔතාගෙන සිටි බවත් මේ කතා වලින් හොඳින්ම පැහැදිලි වෙනවා. (නි)

:       0       0

සුමිත් Friday, 05 June 2015 10:41 AM

ඕක කියන්න කියලා තියෙන්නේ කවුද දන්නෙ නැහැ (නි)

:       0       0

ගාමිණී Friday, 05 June 2015 10:57 AM

ඔලුව ,බඩ ,කඳ, ලොකු උනාට චාන ශක්තිය නැහැ. මේ කියන දේවල් බොරු කරන්නේ කොහොමද ? මහින්ද රාජපක්ෂද ? (නදී)

:       0       0

චතුරි Friday, 05 June 2015 11:04 AM

මේ ප්‍රශ්න අහනකොට බය නැතුව කියන්න මගේ අතේ තියෙනවා, රෙකෝඩ් එක අහන්න ආසද කියලා. (නි)

:       0       0

කින් බෙනට් Friday, 05 June 2015 11:21 AM

එයා ඒ කතාව කියල සද්ද නොකර හිටියනම් ඉවරයි...මේ වගේ ගොඩක් අය ගිය ආණ්ඩුවේ හිටිය .. (කේ)

:       0       0

නන්දලාල් ප්‍රංශය Friday, 05 June 2015 11:25 AM

දාමරික කතාවක් ප්‍රසිද්ධියේ කිවුවා මදිවට දැන් මෙයා, බොරුකාරයෙකුත් වෙලා ඉවරයි. මෙහෙව් තක්කඩින්ද ආපහු බලයට එන්න වලිකන්නේ?? (කේ)

:       0       0

ඉෂාන් Friday, 05 June 2015 11:27 AM

මේක පුදුම කතාවක්නේ හැබෑට? (නි)

:       0       0

පද්මිණී Friday, 05 June 2015 11:37 AM

ඇස්,කන, තියෙන ඕනෑම කෙනෙකුට පෙනෙන දේත් නැහැ කීයල ඔප්පු කරන්න හදන මෙම කල්ලිය කෝටි ගණන් වංචා දුෂණ කලා කියල කිසිදාක පිලි ගනීවිද? (නදී)

:       0       0

අතුල Friday, 05 June 2015 11:50 AM

ගල් ගහලා මරනවා කියලා කියන්නේ නැහැනේ. " ගල් ගහලා මරනකම් අපි බලාගෙන ඉන්නවා." කියලයි කියන්නේ නේද? හොඳට අහන්න. (නි)

:       0       0

පිටබැද්දර ජයා Friday, 05 June 2015 12:11 PM

මෙහෙමත් බොරු කියන්න ......? මගේ අම්මෝ මේ කෙනාට බඹරු කොටන්න එපායැ. අරයගේම ගෝලයෙක්නේ. පුදුම වෙන්නත් දෙයක් නැහැ ඉතින් (නි)

:       0       0

චන්න බුවනක Friday, 05 June 2015 12:14 PM

ඒත් මේ වීඩියෝ එක ෆේස්බුක් එකෙන් මුළු ලෝකයටම ප්‍රචාරය වෙලා තියෙන්නේ. (නි)

:       0       0

නලීන් Friday, 05 June 2015 12:27 PM

දැන් රටේම ඇත්ත කියන අයට ඉන්නේ මෙයා විතරයි. (නි)

:       0       0

සුදෙල්මි Friday, 05 June 2015 12:36 PM

ජයා වගේ මිනිසුන් තමා ලංකාවේ බාගයක් ඉන්නේ. කොපමණ කරුණු පැහැදිලිව තිබුනත් පිළිගන්නේ වැරදි දේම තමා. මේ අපේ දීනබවේ සංකේතයක්. ලෝකේ කොහෙවත් රටවල මේ වගේ දීන මිනිසුන් මම දැකලා නැහැ මැදපෙරදිග හැරෙන්න (නි)

:       0       0

සාලිය Friday, 05 June 2015 01:20 PM

වීඩියෝත් තියෙද්දී,ගල්ගහන්න තියෙන්නේ මෙයාටයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්


’’රැව්ලත් කැඳත් බේරා ගත යුතුයි’’
2024 සැප්තැම්බර් මස 25 607 1

රටේ ආර්ථිකය බේරන්න ගියොත් මිනිසුන් තරහ කරගන්න සිදුවන බව හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එජාප නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර


අකුරැස්සේ අනතුරින් තරුණ යුවළක් මරුට
2024 සැප්තැම්බර් මස 25 324 0

අකුරැස්ස සියඹලාගොඩ - පිටබැද්දර මාර්ගයේ බෝපගොඩ මංසන්ධිය ආසන්නයේදී අද සැන්දෑවේ සිදුවූ මාරක රිය අනතුරින් පාසල් ගුරුවරියක හා ඔහුගේ සැමියා මියගොස් ඇතැයි


‘‘විවිධත්වය දරා ගන්නා ලස්සන පොහොසත් රටක් හදමු‘‘
2024 සැප්තැම්බර් මස 25 1653 0

ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩ සටහන ඉදිරියට ගෙන යාම සඳහා, අදාල පාර්ශව සමග සාකච්ඡා කර ණය සහන ලබා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය


නාන්න ගිය පස් දෙනාගෙන් දෙන්නෙක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 25 427 0

පොල්ගොල්ල වේල්ලට පහළින් ජලාශයට බැස දියකෙළියේ යෙදෙමින් සිටි මිතුරන් පස් දෙනකු අතරින් දෙදෙනෙකු ජල පහරේ ගසාගන්න ගොස් අතුරුදන් වී ඇති බව වත්තේගම පොලිසිය


ජාතික-අයි ටී එන් රූපවාහීනි සහ ලක්හඬට නව සභාපතිවරුන්
2024 සැප්තැම්බර් මස 25 2541 0

ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37143 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24463 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 187 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 622 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 237 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site