IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


ගාලු පාර අවහිරේ ඉවරයි

රත්මලාන තෙලවල පාර වසර පහකින්වත්  අලුත් වැඩියා නොකළ බව කියමින් ප්‍රදේශවාසීන් සිය ගණනක්  ගාලුපාර අවහිර කරමින්  ඇරැඹූ විරෝධතාව මීට ටික වේලාවක පෙර අවසන් විය.

පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ නියෝජිත වරියක වන තනුජා පුෂ්පකුමාරි මහත්මිය පැමිණ පැවසුවේ මාර්ගය අලුත් වැඩියා කිරීමේ කටයුතු අදම අරඹන බවයි.

ඇගේ කීම පිළිගත් ගම් වැසියෝ  පොලිසියේ ඉල්ලීම පරිදි විසිර ගියහ.



අදහස් (0)

ගාලු පාර අවහිරේ ඉවරයි

බන්දුල පෙරේරා Wednesday, 07 May 2014 02:54 PM

මේක සාධාරණිකරණය කරන මහත්තුරු මහ පාරේ ගමන් බිමන් යන්නැති මහත්තුරු වෙන්න ඇති.පාරක බැහැල උදේ හවස යන එකෙක් නම් කවදාවත් මේක අනුමත කරන්නේ නැහැ.පාර කැඩිල නම් ඒක ගැන වගකීම තියෙන තැනට තැනකට ගිහින් උද්ඝෝෂණය කරන්න ඕන..මේ දීල තියෙන ආදර්ශෙට පාරවල් කැඩිලා තියෙන හැම එකාම හෙට අනිද්දා ගාලු පාර හිතුනු හිතුනු තැන් වලින් වහවී..එතකොටනේ ප්‍රශ්න වලට විසදුම් ලැබෙන්නේ..ගාලු පාර උදේ හවා භාවිතා කරන ලක්ෂ ගානකට දෙවියන්ගේම පිහිටයි.පටන් ගන්න තැනදීම මේවා නතර නොකරන එකේ පල විපාක බොහොම කෙටි කාලෙකින් අපි හැමෝටම විදගන්න ලැබේවි. (ස)

:       0       0

අශාන් Wednesday, 07 May 2014 02:57 PM

බන්දුල පෙරේරා මහත්තයෝ, උද්ඝෝෂණයක් හෝ විරෝධතාවයක් කරන්ඩ ඕනේ බලධරයන්ට තේරෙන විදිහට. දැක්ක නේද ප්‍රතිපල. ඔයා කියන විදිහට ගෙවල් ඇතුලේ ඉඳගෙන පාර හදා දෙන්න කිවුවනම් ඕක කවදාවත් හැදෙන්නේ නැහැ. උද්ඝෝෂණය කියන එකේ තේරුම ඕක තමයි. (ස)

:       0       0

කේ ඒ රුවන් සම්පත් Wednesday, 07 May 2014 10:45 AM

මෙයාලට පිස්සු. (ස)

:       0       0

බන්දුල පෙරේරා Wednesday, 07 May 2014 10:57 AM

පිස්සු....ගාලු පාර අවහිර කළා නම් ගහල පන්නල දාන්නේ නැතුව තවත් අයට ඒ දේ කරන්න අදහස මාර්ගය පාදල දෙනවා. තමන්ගේ ඉල්ලීමක් ඉටු කරගන්න ගාලු පාරේ ගමන් කරන දහස් සංඛ්‍යත පිරිසක් ප්‍රාණ ඇපේට ගන්නවනම් එතන තියෙන්න සානුකම්පිතව බැලිය යුතු ඉල්ලීමක් නෙමෙයි. බලහත්කාරී ත්‍රස්තවාදයක්. (ස)

:       0       0

මොහාන් Wednesday, 07 May 2014 11:06 AM

රුවන්, ඔය පාරේ ගියා නම් ඔහොම කියන්නේ නැහැ. (ස)

:       0       0

විමල් Wednesday, 07 May 2014 11:21 AM

මේ වගේ දේවල් වලට ඉඩ දෙන්න හොඳ නෑ. (ස)

:       0       0

නිලන්ති Wednesday, 07 May 2014 11:22 AM

අනේ මේ මිනිස්සුන්ට ඉක්මන්ට විසදුම් ලබාදුන්න එකනම් හොඳයි. (ස)

:       0       0

බන්දුල පෙරේරා Wednesday, 07 May 2014 07:06 PM

හරි හරි අශාන් මල්ලි,ඔයත් ඔය විදියට බලධාරීන්ට තේරෙන්න උද්ඝෝෂණ කරන්න.අමතක කරන්න එපා ඕනෑ කෙනෙකුට උද්ඝෝෂණ කිරීමේ අයිතිය තිබුනත් තවත් කෙනෙකුට ඒ උද්ඝෝෂණයෙන් පිඩා කරන්න අවසර නැහැ කියලා. එහෙම වෙනවා නම් බලය පාවිච්චි කරන්න බලධාරීන්ට පුළුවන්. ඒ හින්දා තැලුම් තෙල් බෝතලයක් එක්ක රක්ෂණ අාවරණයකුත් අරගෙන දෙකම ගෙදර වගකිවයුත්තෙකුට දීලා උද්ඝෝෂණයට යන්න.හැමදාම නත්තල් නැහැ. (නි)

:       0       0

බන්දුල ජි Wednesday, 07 May 2014 12:03 PM

මෙන්න නියම බන්දුල. (ස)

:       0       0

සමන් Wednesday, 07 May 2014 12:10 PM

මේ පාර හැදුවේ නැති වුනොත් ලබන පාර පාරවල් ඔක්කොම වහනවා. (දී)

:       0       0

මොහාන් Wednesday, 07 May 2014 12:19 PM

සමන්, ඔයාගේ නම ඉස්සරහට "මොරටු" කියල කොටසක් තියෙනවද? මොකද ඔයා දීල තියෙන ටෝක් එකට බය හිතෙනවා. (ස)

:       0       0

බන්දුල පෙරේරා Wednesday, 07 May 2014 12:38 PM

සමා වෙන්න. මට ටිකක් කේන්ති ගියා. (ස)

:       0       0

වසන්ති Wednesday, 07 May 2014 12:51 PM

මම බන්දුල මහත්තයගෙ ප්‍රකාශයට එකඟයි. (ස)

:       0       0

සමන් Wednesday, 07 May 2014 01:01 PM

මොහාන්, මෙයාල හදන්නේ නම ඉස්සරහට තෙලවල කියල දම්මන්නද කොහෙද (ස)

:       0       0

රණතුංග Wednesday, 07 May 2014 01:16 PM

ඔය පාරේ මමත් ගිහිල්ලා තියෙනවා. මම දන්නා කාලෙක ඉදන්, ඔය පාරේ තාර නැහැ. පාර හදන්න ගල් ගෙනල්ලා, අතුරලා තියෙනවා එච්චරයි. සමහර තියෙන වලවල් වල වාහනයක් වැටුනොත්, වාහන බොඩිය ගිහිල්ලා වදිනවා පොලවේ.ඔය පාර වාහනයකින් යනවා තියා පයින් යන්න වත් බැරි පාරක්. වැස්ස දාට ඕනෙම නැහැ. (ස)

:       0       0

රේමා Wednesday, 07 May 2014 02:18 PM

මේකට කරන්න තියෙන්නේ ගාලු පර වහන එක නෙවේ පිකටින් කරන්න ඕනේ ප්‍රාදේශීය ලොක්කගේ ගේ ඉදිරිපිට.(නදී)

:       0       0

මංජුල බණ්ඩාර Wednesday, 07 May 2014 02:28 PM

බන්දුල මහත්තයෝ, බලහත්කාරී ත්‍රස්තවාදයක් කරන්න වෙන්නේ ඇයි කියල පොඩ්ඩක් හිතන්න. අවුරුදු 15ක් වෙලත් ගාලු පාර වහනකල් දැක්කේ නැද්ද? අන්ධ ඡන්ද දායකයෝ ඉන්නකල් ලංකාව එතනමයි. ඡන්දේ දෙන මෝඩයන්ට ඔහොම වෙලා මදි (ස)

:       0       0

ඉසුරන්දි Wednesday, 07 May 2014 02:28 PM

කොච්චර කෑ කෝ ගැහැව්වත් වැඩක් වෙන්නේ නැහැ. ඔය සභා පිහිටුවා ගෙන තියෙන්නේ ඕව හොයල බලල කරන්න තමයි. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ෆොන්සේකා රට ගොඩනගන්න සිහිනයක් දකී
2024 සැප්තැම්බර් මස 24 788 0

රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ


අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 1426 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 406 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


කුඩා දැරියක පැහැර ගත් 17 හැවිරිදි අයෙක් සැකපිට
2024 සැප්තැම්බර් මස 24 909 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද


නීතිඥ සංගමයෙන් ජනපතිට ලිපියක්
2024 සැප්තැම්බර් මස 24 2230 0

මාතෘ භූමිය පුරා දේශපාලනමය, සමාජීය සහ ආර්ථිකමය ලෙස පැතිර තිබු දුෂිත සංස්කෘතිය මෙන්ම අකාර්යක්‍ෂම රාජ්‍ය පරිපාලනය තුරන් වනු ඇතැයි අපේක්‍ෂා කරන බව 09 වන වි


කොටි නිල ඇඳුම් පෙරියකුලම් කැලෑවක
2024 සැප්තැම්බර් මස 24 339 0

පෙරියකුලම් ප්‍රදේශයේ කැලෑවක පොහොර බෑග් කිහිපයක දමා වල දමා තිබූ කොටි සංවිධානයේ නිල ඇදුම් කට්ටල තුනක් අද (24) සොයා ගැනීමට හැකි වූ බව නිලාවේලි පොලිසිය කියය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 35643 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24095 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 166 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 505 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 220 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site