IMG-LOGO

2024 ඔක්තෝබර් මස 08 වන අඟහරුවාදා


ගාලු රෝහලත් වකුගඩු සැත්කම් අරඹයි

ගාල්ල කරාපිටිය රෝහලේ දී ප්‍රථම වරට වකුගඩු බද්ධ කිරීමේ සැත්කමක් මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍ය‍යේ සිදු විය. වකුගඩු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය සංජය හෙයියන්තුඩුව,  කරාපිටිය රෝහලේ ප්‍රධාන ශල්‍ය වෛද්‍ය විශේෂඥ වෛද්‍ය රංජික උබේසිරි,   ශල්‍ය වෛද්‍ය කෝලිත කරුණාදාස, වෛද්‍ය නාලක ගුණවංශ, යන මහත්වරුන්ගේ මූලිකවතයෙන් හෙද කර්ය මණ්ඩල සහායෙන්  සැත්කම සිදු වූ බව රෝහල් අධ්‍යක්ෂ ෂෙල්ටන් පෙරේරා කියයි. අම්බලන්තොට එච්.ජී. කරුණාසේන මහතාට වකුගඩුව බද්ධ කැරිණි. වකුගඩුව පරිත්‍යාග කෙළේ අම්බලන්තොට ඩබ්ලිව් සම්පත් මහතාය. පේරාදෙණිය, මහනුවර, කොළඹ සහ අනුරාධපුරය, රෝහල්හි වකුගඩු බද්ධ කැරෙයි.



අදහස් (0)

ගාලු රෝහලත් වකුගඩු සැත්කම් අරඹයි

රසිකා Monday, 19 November 2012 11:52 PM

මට නම් ‍මේ වෛද්‍යවරු විශ්වාස කරන්න බැහැ. මොකද මගේ යාලුවෙකුට එයාලා අතින් ලොකු අසාධාරණයක් වුණා. (නි)

:       0       0

දයා-සවුදි Monday, 19 November 2012 04:36 PM

ලබපු ජීවිතයෙන් තවත් ජිවිතයකට උපකාර කිරීම ගැන ඉතා සතුටුයි. (නි)

:       0       0

මංජු Monday, 19 November 2012 05:05 PM

ඉතා ඉහළින්ම අගය කරමි. (නි)

:       0       0

මහින්ද Tuesday, 20 November 2012 01:35 AM

ඔබට බුදු බව ලැබෙයි මහත්තයෝ. (නි)

:       0       0

කෝක් Monday, 19 November 2012 05:15 PM

අන්‍යආගමික වැඩසටහනක් තියලා මේ ශල්‍යකර්මය ආරම්භ කළොත් මෙලහකට අපේ ආගමේ කට්ටිය මේ රෝහල වටකරලා. (නි)

:       0       0

ගාමිණී-කුවෙයිට් Tuesday, 20 November 2012 02:09 AM

මෙම වටිනා පුවත ගැන කෝක්ට වෙන මොකවත් ලියන්න තිබුණේම නැද්ද? (නි)

:       0       0

ප්‍රභාත් Monday, 19 November 2012 05:16 PM

අහන්නත් ආසයි. කියන්න වචන නැහැ. (නි)

:       0       0

සමන්ත Monday, 19 November 2012 05:16 PM

සියලු දේ සාර්ථක වේවා! සියලු ආගම් වල ආශිර්වාදය ලැබේවා! (නි)

:       0       0

සිල්වා Monday, 19 November 2012 05:21 PM

සැබෑ ලෙසම මිහිපිට දෙවිවරු.... (නි)

:       0       0

ප්‍රීති Tuesday, 20 November 2012 03:55 AM

මිනිසාමයි ලොව දෙවියන් වන්නේ.... (නි)

:       0       0

තිල්මි Tuesday, 20 November 2012 05:43 AM

විශිෂ්ටයි. (නි)

:       0       0

චන්දන Tuesday, 20 November 2012 05:59 AM

ඔබයි මිහිපිට දෙවියන්... (නි)

:       0       0

සුනන්ද Tuesday, 20 November 2012 06:24 PM

පනාගොඩ, ඔයාටත් සැත්කමක් කරගත්තොත් හොදා. (නි)

:       0       0

අශෝක Monday, 19 November 2012 07:00 PM

ලෙඩදුක් වලින් ජීවිත බේරාගන්න! මිය යන්නට නොදී, යළි ජීවත්කරන රැකියාවක් වූණත් වෙදකම පඩි ලබන දොස්තරවරුණි නුඹලා දෙවියන් වැන්න! (නි)

:       0       0

ආනන්ද පිටබැද්දර Tuesday, 20 November 2012 08:09 AM

අසරණ ලෙඩුන් මේ ලෙස සුවපත් කරන විස්කම් ප පා තව තව ඉදිරියට එන අපේ වෙද තුමන්ලා මිහිපිට දෙවියන් වැන්න මේ භවයේම හැම සසරින් ගොඩ වන්න (ස)

:       0       0

අමිල කටුනායක Tuesday, 20 November 2012 08:20 AM

සම්පත් ඔබ ඇත්තටම සම්පතක් (ස)

:       0       0

සුසන්ත Tuesday, 20 November 2012 08:27 AM

ඇත්තෙන්ම හොඳ වැඩක්, සුබ පැතුම් (ස)

:       0       0

ඉන්ද්‍රජිත් Tuesday, 20 November 2012 08:29 AM

ඉතා සතුටුදායක පුවතක්. ලංකාවේ වකුගඩු අකර්මනයතාව වැඩිවෙමින් පවතින කාලයක මේ අවශ්‍යතාවය ඉටු වීම ගැන බොහොමත්ම සතුටුයි. රෝගියාට ඉක්මන් සුවය පතනවා. ඒත් එක්කම කියන්න තව දෙයක් තියෙනවා. බුදු හාමුදුරුවෝ තමන්ගේ අසනීපයකට පිරිතේ බලය වෙනුවට ජීවක වෛද්‍යවරයාගේ සේවය පැතු බව බෞද්ධ අප දන්නවා. බුදුන් පවා වෛද්‍යවරයාගේ කාර්යය, වෛද්‍යවරයාට පැවරීමට කල්පනාකාරී වුණා. මෙවැනි සියයට සියයක්ම වෛද්‍යමය කාර්යයකදී පිරිත් කියන එක මේ දවස්වල විලාසිතාවක්ව පවතින ප්‍රදර්ශනාත්මක බුද්ධාගමේ කොටසක් මිස බුදු වදන් පිලිපැදීමක් නොවේ.(මම මේ කිවුවේ පොදුවේ මිසක් මේ කාර්යය ගැන නෙමෙයි) (නි)

:       0       0

දුමින්ද Monday, 19 November 2012 07:32 PM

සන්තෝෂයි. දානපතියන්ගේ ආධාර උපකාර ඇතුව මේ රෝහල තව තවත් දියුණු කරමු. (නි)

:       0       0

දුමින්ද Monday, 19 November 2012 07:32 PM

සන්තෝෂයි, ධනපතියෙකුගේ උපකාර ඇතිව මේ රෝහල තව දියුණු කරමු (ස)

:       0       0

සුපුන් Tuesday, 20 November 2012 02:12 PM

ලංකාව සුර පුරයක්

:       0       0

ෆයිසාර් Tuesday, 20 November 2012 09:52 AM

නියමයි, වැඩේ හොඳයි (ස)

:       0       0

මංජුල Tuesday, 20 November 2012 03:02 PM

ඉතා ගුණවත් වැඩක්, අගය කල යුතුයි (ස)

:       0       0

මුතුකුඩ Monday, 19 November 2012 08:51 PM

ආගමක් ඇදැහුවත් නැතත් මේවා මනුෂ්‍යයා වෙනුවෙන් මනුෂ්‍යයා විසින් ඉටුකළ යුතු ඉතා උසස් යුතුකම් වන්නේය. ඉතා උසස් දෙයක්. (නි)

:       0       0

ලංකා Wednesday, 21 November 2012 09:08 AM

වැඩේ නම් හොදයි

:       0       0

සුදේශ් Tuesday, 20 November 2012 03:28 PM

ජය වෙවා ! (ස)

:       0       0

අමිල කටුනායක Monday, 19 November 2012 09:34 PM

අසරණ වකුගඩු රෝගීන් කබලෙන් ලිපට දාන මිනිස්සු ඉන්න රටේ පාරිත්‍යාගශීලී මේ මහතා දෙවියෙක් (ස)

:       0       0

පාරා Monday, 19 November 2012 09:56 PM

අවයට පරිත්‍යාගකර ඒ මහාතා කල මේ පුන්‍යකර්මය හේතූකොට ගෙන ඔබේ ආත්මය උසස් තැනකට ගෙනයාවි (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හොර ඔප්පු හැදූ නීතිඥයා වසර 8කට හිරේ
2024 ඔක්තෝබර් මස 08 57 0

ඉඩමකට වංචනික අන්දමින් ඔප්පු සකස් කිරීමේ චෝදනාවන්ට වරදකරු වු නීතීඥවරයකුට බරපතල වැඩ සහිත වසර 08ක සිරඳඩුවමක් කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහ


වැඩබලන පොලිස්පති පත්කිරීමට ව්‍යවස්ථා සභා අනුමැතිය
2024 ඔක්තෝබර් මස 08 189 0

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත්කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද (8) අනුමත කළේය.


ලක්ෂ 15ක අල්ලස් ගත්යැයි රාජ්‍ය ඇමතිගේ ලේකම්ට ඇප
2024 ඔක්තෝබර් මස 08 243 0

වැලි කැනීමේ බලපත්‍රයක් ලබාදීම සඳහා රුපියල් ලක්ෂ 15 අල්ලසක් ලබා ගත්තේ යැයි කියන වෙළඳ හා පරිසර රාජ්‍ය අමාත්‍ය වරයාගේ පුද්ගලික ලේකම් හා තවත් පුද්ගලයෙකු ඇ


පාස්කු වාර්තාවල අඩු පාඩු හොයන්න කමිටුවක්
2024 ඔක්තෝබර් මස 08 181 0

පාස්කු කොමිෂන් වාර්තා වල අඩු පාඩු තිබේදැයි විමර්ශනය කරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.


ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙල මේ වසර අවසානයට පෙර
2024 ඔක්තෝබර් මස 08 136 0

රට තුළ විශිෂ්ඨ මාධ්‍ය සංස්කෘතියක් ඇති කිරීම සඳහා මාධ්‍යවේදීන් කරන මෙහෙවර සහ ඔවුන්ගේ ගුණාත්මක දායකත්වය ඇගැයිමසඳහා ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙල මෙම ව


පුංචි සිඟිත්තියක් ඇළට බිලි
2024 ඔක්තෝබර් මස 08 332 1

දංකොටුව පොලිස් වසමට අයත් යෝගියාන වෑකඩ ප්‍රදේශයේ පෙර පාසල් වයසේ පසුවන කුඩා දැරියක් අද (08)වැනි දා දහවල් නිවස පිටුපසින් ගලා බසිනා අනාරක්ෂිත ඇලකට වැටී දියේ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39441 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25705 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 348 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1163 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 398 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site