IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


ගාලු රෝහල උපස්ථායකයන්ට තහනම්

ගාල්ල කරාපිටිය රෝහලේ පුද්ගලික උපස්ථායකයින් රෝහලෙන් ඉවත්කිරීම හේතුවෙන් රෝගීන් බලවත් අසීරුතාවට පත්ව ඇතැයි ඔවුන්ගේ ඥාතීහු කියති. නේවාසික ප්‍රතිකාර ලබාගන්නා රෝගීන් අසළ නැවතී සිටීමට පුද්ගලික උපස්ථායකයන්ගේ සේවය මුදලට ලබා ගැනීමට බොහෝ දෙනා පුරුදුව සිටිති. රෝහල් අධ්‍යක්ෂවරයාගේ අණින් අද රෝහලේ සිටි පුද්ගලික උපස්ථායකයන් ඉවත් කැරිණි. රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා මහතාගෙන් විමසූ විට ඒ මහතා කියා සිටියේ රජයේ රෝහලක පුද්ගලික උපස්ථායක සේවා පවත්වාගෙන යාමට අවසරයක් නොමැති නිසා ඔවුන් ඉවත්කිරීමට නියෝග කළ බවයි.



අදහස් (0)

ගාලු රෝහල උපස්ථායකයන්ට තහනම්

වෙනුර Monday, 24 November 2014 04:35 AM

සෞඛ්‍ය බලධාරීන්ට බැරිද මේකට නිසි පියවරක් ගන්න? (නි)

:       0       0

ධම්මික Monday, 24 November 2014 12:29 AM

ඒ වැඩත් රෝහල විසින්ම කරදෙන්න පුළුවන් නම් මේ ප්‍රශ්න නැහැනේ! (නි)

:       0       0

සුනිල් ගීකියන්ගේ Monday, 24 November 2014 12:45 AM

රෝහල්වල ඉන්න රජයෙන් පඩි ලබන සමහර උපස්ථායකයෝ කිසිම උපස්ථානයක් නොකර ඉන්නවා. රෝගීන්ට තමන්ගේ රෝගියාට අවශ්‍ය උපස්ථාන කටයුතු ඉතින් පෞද්ගලිකව හරි කරගන්න වෙනවා. රෝහල් අධ්‍යක්ෂකතුමාගේ ඊළඟ පියවර වශයෙන් වැඩ නොකරන උපස්ථායකයන්ට විනය පරීක්ෂණ කරලා සුදුසු පියවරක් ගන්න. නමුත් සෞඛ්‍යය සේවයේ එහෙම කරන්න බැහැනේ. අනෙක් අය වර්ජන කරනවානේ! (නි)

:       0       0

ඉසුරන්දි දෝහා Monday, 24 November 2014 04:52 AM

ඇත්තටම සාත්තු සේවයට රෝහල් කාර්ය මණ්ඩලයෙන් නිසි පරිදි රාජකාරි කටයුතු සිදුවෙනවා නම් මේ කිසිම ප්‍රශ්නයක් නැහැනේ.අධ්‍යක්ෂක තුමාගේ තීරණය හොදයි ඔහුගේ පැත්තෙනුත් රාජකාරි කටයුතු නිසි පරිදි සිදුවෙනවා නම්!(දිල්)

:       13       0

මයුර Monday, 24 November 2014 12:55 AM

රෝහල් කම්කරුවන් ලෙඩුන්ට උපස්ථාන කරනවා නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඒ සමහරු දොස්තරලාට වැඩිය ඉහළයි (නි)

:       0       0

ගමගේ Monday, 24 November 2014 01:07 AM

අපි දන්නා හැටියට නම් පිළිකා රෝහලද ඇතුළුව රජයේ හැම රෝහලකම ලෙඩා ළඟ කාවහරි නවත්වන්න කියලා කියනවා. එයා නෑයෙක්ද කුලියට ගන්න එක් කෙනෙක්ද කියන එක රෝහලට ප්‍රශ්නයක් නෙමෙයි. ඇයි මේ ගාල්ලට විතරක් වෙනත් ප්‍රතිපත්තියක්?මේකෙන් වෙන්නේ ජනතාව කළකිරෙන එක. (නි)

:       0       24

කපිල Monday, 24 November 2014 05:17 AM

මීට වඩා හොඳ ක්‍රමවේදයක් හදන්න බැරිද කරාපිටිය අධ්‍යක්ෂක තුමාට. අසරණ ලෙඩා ගැන සහ ඊට වැඩිය අසරණ උන පවුලේ අය ගැන හිතලා. රජයේ උපස්ථායකයෝ ලෙඩා ගාව නෑනේ. ලෙඩාට ඕන වෙලාවට. (නදී)

:       0       23

සමන්ති Wednesday, 26 November 2014 05:36 PM

සෑම රෝහලක් අසලම උපස්ථායක කොම්පැනි තියෙනවා . මේක එක රෝහලක හෝ නැවත්තු එක හොඳ තීරණයක් . මේ අය ලෙඩුන් කීපදෙනෙකුට එකම උපස්ථායකය තියලා කීප දෙනෙකුගේන්ම සල්ලි ගන්නවා .කොම්පනියටත් හොඳයි. (හේ)

:       80       0

කමල් Monday, 24 November 2014 01:53 AM

දිනකට මේ කෙනෙකුගේ ගණන රුපියල් 1200 ක් විතර වෙනවා.මින් 800 ක් පුද්ගලයාටත් 400 ක් අදාළ ආයතනයටත් ලැබෙනවා. දවසකට රෝහලේ මෙවන්අය 130 ක් විතර වැඩ කරනවා. මේවා තමයි හොඳම රස්සා! ලංකාවේ හැම රෝහලකම මේක වෙනවා (නි)

:       0       0

මලිත් Monday, 24 November 2014 06:02 AM

අතීසාරයට අමුඩ ගැහව්වනම් මීට වඩා හොඳයි. (ස)

:       1       30

ඉසුරන්දි දෝහා Monday, 24 November 2014 06:34 AM

එතකොට රෝහල් සේවක මණ්ඩලයක් ඉන්නේ මොනවා කරන්නද? (නි)

:       0       0

අන්තෝනි Monday, 24 November 2014 06:38 AM

මේ වගේ දෙයක් කරන්න මානුෂිය හේතුවක් නැහැ මට පෙනෙන විදියට (නි)

:       0       23

ජයත් Monday, 24 November 2014 06:56 AM

මෙම සේවාව තියන සහ තිබුන එකම රජයේ රෝහල කරාපිටිය නම් මේ උගත් වෛද්‍යවරයාගේ තර්කය සාදාරනයි. නමුත් ඇත්ත එ්ක නෙමෙයි. මෙම පුද්ගලික උපස්ථායක සේවය ඇත්තටම ලොකු සේවයක් කරනවා. මේවායේ ඉන්න හුඟක් "උපස්ථායකයෝ " ඒ තරම් දැනුමක් නැති උනත් කරන සේවය වටිනවා. ඒ නිසා මේ තීරණය ගැන අපට හිතෙන්නේ වෙනත් දේවල් ගොඩක් තියෙනවා (නදී)

:       0       0

ගමගේ Monday, 24 November 2014 06:58 AM

ප්‍රධාන රජයේ රෝහල්වල රජයෙන් වැටුප් ලබන උපස්ථායකයින් සහ කම්කරුවන් වැඩි දෙනා බදුල්ල සහ පොළොන්නරු දිස්ත්‍රික්ක වල පදිංචි අය. ඡන්ද කාලෙට, කුඹුරු අස්වද්දන ගොයම් කපන කාලෙට, අර්තාපල් ගලවන කාලෙට මේ අය රෝහල්වල දකින්නවත් නැහැ කියලා වෛද්‍යවරුන් සහ හෙදියන් හොඳටම දන්නවා. එතකොට අසරණ රෝගීන්ට පිහිටට ඉන්නේ පුද්ගලික උපස්ථායකයින්. ඒ වුණත් සමහර පුද්ගලික උපස්ථායකයින් රෝගීන් නින්දට ගියාට පස්සේ කරන දේවල් උපස්ථාකයින්ගේ සේවය නැතුව ප්‍රථිකාර ගන්න රෝගීන්ගෙන් අහලා බලන්න. (නි)

:       0       0

ඉලේපෙරුම Monday, 24 November 2014 03:05 AM

නැගිට ගන්න බැරිව ඇඳේ ඉන්න අමාරු ලෙඩෙකුට වතුර ටිකක් බොන්න තරම් උදව්වක්වත් රෝහල් කාර්ය මණ්ඩලයෙන් ලැබෙන්නේ නැහැ. (නදී)

:       0       15

ශාන්ත ලාල් Sunday, 23 November 2014 06:51 PM

මේක හරිම අසාධාරණයි (නදී)

:       0       25

සෝමදාස Monday, 24 November 2014 12:21 PM

අධ්‍යක්ෂතුමණි අසරණ ලෙඩ්ඩුන්ව අමාරුවේ නොදා මේ වැඩේට නිසි පිළියමක් මුලින් යොදලා පසුව මෙම ක්‍රියා මාර්ගය ගත්තා නම් නේද හොද අත පුච්චා ගන්නේ නැතුව.(හේ)

:       0       18

නාලක Monday, 24 November 2014 03:12 AM

එතුමා නිහතමානී වැදගත් වෛද්‍යවරයෙක්.එතුමා මේ ගත් තීරණයේ අපිට නොපෙනෙන පැත්තක් ඇති. ලෙඩා ළඟ උපස්ථායකයෙක් නවත්වන්න ඕනෑ කියන අසරණ අවශ්‍යතාවය දඩමීමා කරගෙන අනිවාර්යෙන් පුද්ගලික ආයතනයක් හෝ මාෆියා කාක්කෝ කල්ලියක් බිහිවෙලා ඇති. ඒ නිසා වෙන්න ඕනෑ මේක තහනම් කරන්න ඇත්තේ. නිදහස් සෞඛ්‍ය සේවාවක් නොමිලේ දෙන ගමන් මේ වගේ සේවා වලින් මුදල් ගරන කූට ව්‍යාපාර වලට ඉඩදෙන්න බැහැනේ. නැත්නම් ඔක්කොම පුද්ගලික කරලා දාන්න ඕනැ. (නි)

:       0       0

සුමති Monday, 24 November 2014 03:24 AM

අධ්‍යක්ෂතුමාටම කියමු ලෙඩ්ඩු බලාගන්න කියලා....(අ)

:       0       0

සෙලන්සියුස් Monday, 24 November 2014 03:37 AM

ප්‍රශ්ණයක් නැහැ. ඒ රාජකාරිය බාරව ඉන්න රජයේ සේවකයින් තමන්ගේ රාජකාරිය හරියට කරනවා නම් පිටින් කව්රුත් අවශ්‍ය නැහැ (නදී)

:       0       0

සෙනෙවි Monday, 24 November 2014 08:14 AM

ඒ වගේම් දොස්තර වරුන්ගේ තමන්ගේ වාට්ටුවල ලෙඩුන්ට කරන පෞද්ගලික ප්‍රතිකාරත් නැවැත්වුවොත් නරකද ?(හේ)

:       0       0

චාමික Monday, 24 November 2014 03:55 AM

රජයේ රෝහල් වල ජනතා මුදලින් පඩි ලබන උපස්ථායකයන්ගේ සේවය රෝගීන්ට නිසියාකාරව ලබාදීමට ඇති නොහැකියාව නිසා තමයි පුද්ගලිකව මුදල් ගෙවා රෝගීන් ළඟ පුද්ගලික උපස්ථායකයින් තියන්නේ. ජනතා මුදලින් පඩි ලබන උපස්ථායකයන්ගේ සේවය හරියට රෝගීන්ට ලබාදෙන්න. එතකොට නීති පනවන්න ඕනෑ නැහැ. පෞද්ගලික උපස්ථායකයෝ නිකන්ම නැතිවෙලා යාවි. (නි)

:       0       0

පුන්සිරි Sunday, 23 November 2014 09:32 PM

ඇත්තෙන්ම මුදලට කළද උපස්ථායක සේවය යනු ඉතා වටිනා සේවයකි (නි)

:       0       0

සෙනරත් Monday, 24 November 2014 04:11 AM

සමහර අයට ලෙඩා ළඟ නවතින්න බැහැ. එක්කෝ එයාලා දෙන්නම රස්සාවට යනවා, නැත්නම් වෙනත් හේතුවක් නිසා. මෙහෙම අයට කරන්න වෙන්නේ කවුරුහරි සල්ලි ගෙවලා නවත්වන එක. ඒක රෝහලට ප්‍රශ්නයක් වෙන්නේ ඔවුන් සොරකම් කරනවා වගේ දේවල් කරනවා නම් තමයි.නැවත මේ ගැන සිතා බැලුවොත් හොඳයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මැති සබේ හිටපු අය කෑමටත් පොලු තියලා
2024 ඔක්තෝබර් මස 01 223 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන


විස තෙල් කිලෝ කෝටි 8000ක් වෙළෙඳපොළට
2024 ඔක්තෝබර් මස 01 214 0

මෙරට කූට ආනයනකරුවන් කිහිප දෙනකු කෘතිමව පිරිපහදු කළ ශරීරයට අතිශයින්ම අහිතකර තෙල් කිලෝ කෝටි 8000ක් පොල්තෙල් නමින් වෙළෙඳපොළට මේ වසරේදී නිකුත් කර ඇතැයි සමස


කැසිනෝ බලපත්‍රයෙන් බිලියන 85ක පාඩුවක්
2024 ඔක්තෝබර් මස 01 300 0

රුපියල් බිලියන 85ක මුදල් රජයට අහිමිවන ආකාර යෙන් කැසිනෝ ව්‍යාපාරයකට ගාස්තු නොමැතිව බලපත්‍ර ලබාදීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වන ලදැයි සඳහන් කරම


කෝටි ගණනක බදු පොලු තැබූ වාහන ගැන අධිකරණයෙන් දුන් නියෝගය
2024 ඔක්තෝබර් මස 01 272 0

රුපියල් කෝටි පන්සීයක බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළ සුඛෝපභෝගී මෝටර් රථ අත්පත් කරගැනීමෙන් නොනැවතී එම අනීතික ක්‍රියාවට දායක වූ සැකකරුව


සාමාන්‍ය පාස්පෝට් ගැන අධිකරණය දුන් නියෝගය
2024 ඔක්තෝබර් මස 01 265 0

සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍ර හත් ලක්ෂ පනස්දාහක් පෞද්ගලික සමාගම් වලින් මිලදී ගැනීම වළක්වාලමින් පනවා තිබූ අතුරු තහනම් නියෝගය පෙත්සම්කාර පාර්ශවයේ එකඟත


හංවැල්ලේ ඝාතනය කප්පම් සිද්ධියක්
2024 ඔක්තෝබර් මස 01 180 0

හංවැල්ල, නෙළුවත්තුඩුව ප්‍රදේශයේ නිවෙසකදී බස් ව්‍යාපාරිකයාට වෙඩි තබා ඝාතනය කර තිබුණේ කප්පම් නොදීම හේතුවෙන් බවට අනාවරණය වී ඇති බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38513 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25353 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 271 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 912 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site