IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


ගාලු සංවර්ධන කමිටුව ගාලගෝට්ටියක්

ගාල්ල දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීම පැවැත්වෙන අතරතුර දී එහි මුලසුන දැරූ සම සභාපති සුළු අපනයන භෝග පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මහතා නැගිට යාමෙන් සංවර්ධන කමිටු රැස්වීම අතරමග නවතා දැමීමට සිදුවිය. ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ දී අද පැවැත්වීමට නියමිතව තිබූ රැස්වීම ආරම්භයේ දී ම නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ ජනාධිපතිවරණය හේතුවෙන් තමන්ට හා නිලධාරීන්ට රාජකාරී බහුල බැවින් රැස්වීමේ න්‍යාය පත්‍රයට අනුව කටයුතු කළ නොහැකි බවයි.

ඒ අවස්ථාවේ දී ජනතා විමුක්ති පෙරමුණේ පළාත් සභා මන්ත්‍රී නලින් හේවගේ මහතා හා පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රී අජිත් කුමාර මහතා එයට විරෝධය දක්වමින් කියා සිටියේ මාස කිහිපයකට වතාවක් ජනතා ගැටළු සාකච්ඡා කිරීමට ඇති අවස්ථාව අහිමිකිරීම බලවත් අසාධාරණයක් බවයි. විපක්ෂ මන්ත්‍රීවරුන් සමග වාදයක පැටළුණු මුතුහෙට්ටිගම නියෝජ්‍ය අමාත්‍යවරයා රැස්වීමේ සංවර්ධන යෝජනාක්‍රම පිළිබඳ ප්‍රගතිය සාකච්ඡාවට ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබාදුන්නේය.

එය අවසන් වීමත් සමග රැස්වීම හැකි අයුරකින් පවත්වාගෙන යන ලෙස පවසමින් විපක්ෂ මන්ත්‍රීවරැන්ගේ දැඩි විරෝධතාව මධ්‍යයේ නැගිට ගියේය. මහජන නියෝජිතයන් කෑ කෝ ගසද්දී ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රමේෂ් පතිරණ මහතා ට මුලසුන දරණ ලෙස ඉල්ලීමක් ඉදිරිපත් වුව ද ඒ මහතා එය ප්‍රතික්ෂේප කළේය. සම සභාපති ප්‍රධාන අමාත්‍ය ශාන් විජයලාල් ද සිල්වා මහතා ද රැස්වීමට පැමිණ සිටියේ නැත.

2014 දෙසැම්බර් මස 03 දිනැති ලිපියකින් ගාල්ල දිස්ත්‍රික් ලේකම් රවීන්ද්‍ර හේවාවිතාරණ මහතා විසින් මෙම රැස්වීම කැඳවා තිබිණි. රැස්වීම අවසානයේ සියළුම මහජන නියෝජිතයන්ට සියලුම දෙපාර්තමේන්තු, සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල, පළාත් සභා ප්‍රධානීන් හා සියළුම ප්‍රාද්ශීය ලේකම් වරු මෙම රැස්වීමට කැඳවා තිබිණි.  මේ සියළු දෙනා වෙනුවෙන් දිවා භෝජන සංග්‍රහයක් ද පැවැත්වෙන බව එම ලිපියෙන් දැනුම් දී තිබිණි.

ගාල්ල දිසාපති රවීන්ද්‍ර හේවාවිතාරණ මහතා පවසන්නේ මැතිවරණ කාලයේ නිලධාරීන්ට රාජකාරී බහුල බැවින් රැස්වීම කල්වේලා ඇතිව අවසන් කිරීමටත් දිවා භෝජන සංග්‍රහය මෙවර රැස්වීම් වාරයේ නොපවත්වා ජනවාරි මාසයේ පැවැත්වීමටත් කලින් තීරණය ගෙන තිබූ බවයි.

 



අදහස් (0)

ගාලු සංවර්ධන කමිටුව ගාලගෝට්ටියක්

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ගෑස් සිලින්ඩරයද? අලියා ද? තීරණය අද?
2024 ඔක්තෝබර් මස 02 735 3

ඉදිරි මහ මැතිවරණයට ගෑස් සිලින්ඩරය හෝ අලියා ලකුණු දෙකෙන් එකක් තෝරා ගෙන තරඟ කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී එකඟතාවයකට පැමිණි බව එ


කොස්තාපල් බිරියට පහර දුන් කොස්තාපල් අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 02 267 0

බීමතින් පැමිණ පොලිස් කොස්තාපල් බිරියට පහරදී මාමණ්ඩියගේ නිවෙසට ගොස් දේපොළවලට හානි කළ බව කියන උඩමළුව පොලිසියට අනුයුක්ත කොස්තාපල්වරයකු අත්අඩංගුවට ගත්


රොෂාන් - චන්න - මිලාන් දිලිත් හේත්තු වෙති
2024 ඔක්තෝබර් මස 02 1440 3

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වන ප්‍රබල අමාත්‍ය ධූර දැරූ මහාචාර්ය චන්න ජයසුමන, රොෂාන් රණසිංහ සහ මිලාන් ජයතිලක යන මහත්වරු


නරුම රැලක් සිසුවා බිලි ගනිති
2024 ඔක්තෝබර් මස 02 2660 0

තම මිතුරාගේ පෙම්වතිය හමුවීමට මිතුරා සමඟ ඇයගේ ගමට ගිය පාසල් සිසුවෙකුට කිසියම් පිරිසක් පහරදීමෙන් එම සිසුවා මරණයට පත්ව ඇතැයි මාතලේ මහවෙල පොලිසිය පවසය


මහකන්නයට වතුර 15 වැනිදා සිට
2024 ඔක්තෝබර් මස 02 215 0

මෙවර මහකන්නය සඳහා ජලය නිකුත් කිරීම ලබන15වැනිදා සිට සිදු කරන බව කෘෂිකාර්ම අමාත්‍යංශය පවසයි


’’IMF වැඩසටහනට කැපවෙන්න’’
2024 ඔක්තෝබර් මස 02 1536 9

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කිරීමට ඉවහල් වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට කැපවන ලෙස නව පාලනයෙන් ඉල්ලා සිටින බව හිටපු මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහා


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38622 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25405 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 277 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 941 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 328 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site