IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


ගාලු හිටපු පුරපති ‍සීනිගම දී පොල් ගසයි

තම තනතරු යළි ලබා දෙන්නැයි ඉල්ලමින් ගාල්ල හිටපු නගරාධිපති මෙත්සිරි  ද සිල්වා සීනිගම දේවාලයේ දී දෙවොල් දෙවියනට අද කන්නලව් කෙළේය. තමාට විරැද්ධව කටයුතු කළ සැමදෙනා ට සෙත් පැතීමේ අරමුණක් බව ද කීවේය. පරිපාලන හා මූල්‍ය අක්‍රමිකතාමත දකුණු පළාත් මහා ඇමැති විසින් ඔහු නෙරපා හරිනු ලැබීය.



අදහස් (0)

ගාලු හිටපු පුරපති ‍සීනිගම දී පොල් ගසයි

ගාමිණී Friday, 25 January 2013 11:07 PM

සීනිගම දෙවියන් මෙසේ පවසයි. එම්බා පුරපති දරුව පොල්වල බලය දැන් පිරිහී ඇත. එම නිසා ගල් ගසා බලව . එහි බලය වැඩි බව ඔබට වැටහෙයි. ජයශ්‍රී...... (ස)

:       0       0

නලීන් Friday, 25 January 2013 11:16 PM

අපි දන්නවා ඔහු හොද උතුම් මිනිසෙක් කියලා. (නි)

:       0       0

නිශාන්ත Saturday, 26 January 2013 01:06 PM

පසුගිය වර මෙත්සිරි මහත්තයාට ගාල්ල දුන්නෙ නැත්නම් පරාද වෙන්නත් තිබුණා (නු)

:       0       0

බන්දුල කටාර් Saturday, 26 January 2013 01:25 PM

ඔබතුමාලා බලයට එන්නෙ නම් රට ස්වයංපෝෂිත කරන්න. අන්තිමට වෙන්නේ  ඔබතුමාලා දියුණු වෙලා රට විනාශ වෙන එක.. (නු)

:       0       0

අමිල Saturday, 26 January 2013 12:11 AM

ගාමිණී, තමුන් ඔය දෙවොල් දෙවියන්ට අපහාස කරන්නේ තරම නොදැනයි. දින හතක් යන්නට මත්තෙන් ඔබට වෙනදේ බලාගෙන ඉන්න. (නි)

:       0       0

නයනා Saturday, 26 January 2013 12:21 AM

මොනවා වුණත් ඔහු හොද ගුරුවරයෙක්. (නි)

:       0       0

අජිත් කරුණාරත්න Saturday, 26 January 2013 02:22 PM

හොද මිනිස්සු දිහා සමහර වෙලාවට දෙවියන් වුණත් බලන්නෙ නැහැ. (නි)

:       0       0

අමිල Saturday, 26 January 2013 03:58 PM

මටත් ආසයි පොල් ගහන්න. අපි පිටරට වල ඉන්න නිසා පොල් හම්බවෙන්නෙම නැහැ. (නි)

:       0       0

මේරි Saturday, 26 January 2013 03:14 AM

දැන් ටික කාලයක පටන් රටේ ඇති වී තියෙන මේ සංස්කෘතිය හරිම භයානකයි. ඒ මොකද කියලා කියනවා නම් යමක් විනාශ වේවා කියන චේතනාවෙන් කරන මෙවැනි ක්‍රියා නිසා හැමෝටම මේ දේවල් වල ප්‍රතිපල භුක්ති විදින්න සිදුවෙනවා. (නි)

:       0       0

ඩයස් Saturday, 26 January 2013 03:39 AM

මට කියන්න තියෙන්නේ, ඔබතුමා පොල් ගසා වැඩක් නැහැ. හැකිතරම් අත් පත්‍රිකා බෙදා මහජනය දැනුවත් කරන්න. තමන්ගේ අවංකභාවය ඔප්පුකරන්න හේතු සාධක ඇතුව.පොල් ගසලා වලං පොඩි කරලා,නලා පිඹලා අනිත් අය වගේ රටට විහිලු කාරයෙක් වෙන්න එපා. (නි)

:       0       0

ලෙෆර්ඩ් Saturday, 26 January 2013 06:50 AM

ගහන්න තිබ්බෙ ඔලුව. පුස්කාලද කියලවත් බලාගන්න තිබ්බ. (නු)

:       0       0

දම්මි Saturday, 26 January 2013 06:52 PM

අපරාදේ පොල් ටික. (නි)

:       0       0

පිටිගල Saturday, 26 January 2013 07:05 PM

අපි නම් ගහන්නෙ ගල්. පොල් වලට සෙම වැඩිවෙනවනේ. (නි)

:       0       0

මංජුල අබුඩාබි සිට Saturday, 26 January 2013 09:03 AM

මෙතුමා ඉවත්කිරීමට හේතුව අනවසර මාළු කඩ ඉවත් කරපු එකද?(නු)

:       0       0

ලලිත් කටාර් Saturday, 26 January 2013 09:26 AM

බලය තියෙන කාලෙ හිතට එකගව නිවැරදිදේ කළානම් කාගෙත් සුභසිද්ධිය උදෙසා දෙවියන්ගේ ආශිර්වාදය ඔබට ලැබෙයි..නැත්නම් ඉතිං විදවන්න වෙයි පොලියත් එක්කම.. ඒක කාටත් පොදුයි..!(නු)

:       0       0

දිල්කා Saturday, 26 January 2013 07:38 PM

අපිට නම් අපේ සර් හරිම හොදයි. (නි)

:       0       0

ශාන්ත ලාල් Saturday, 26 January 2013 10:00 AM

මෙත්සිරි මහත්තයා මගේ ගුරුවරයෙක්.. එතුමා නිහතමානී ගුරුවරයෙක්.. දේශපාලනයට ඇවිත් එතුමා නරක නාමයක් ගා ගත්තා.,.!(නු)

:       0       0

ශාන්ත ලාල් Saturday, 26 January 2013 10:12 AM

මෙතුමා මට පිනට උගන්වලා තියෙනවා.. මගේ තාත්තා කම්කරුවෙක් නිසා.. මෙතුමා හොරෙක් නෙමෙයි දෙවියනේ.. වරදකට කළේ අනවසර මාළු කඩ කඩා ඉවත් කළ එක...!(නු)

:       0       0

රොෂාන් Friday, 25 January 2013 07:42 PM

පොල් ගැහුවම ඔක්කොම හරියනවද ? (ස)

:       0       0

ශිරාස් Friday, 25 January 2013 07:44 PM

පොල් දැන් ගණන් පරිස්සමෙන් (ස)

:       0       0

ප්‍රදීප් Saturday, 26 January 2013 10:43 AM

වපුරන දේම තමයි නෙලාගන්න වෙන්නෙ කවදා හරි.. ඒකට පොල් ගහලා වැඩක් නැහැ..!(නු)

:       0       0

කමල් Friday, 25 January 2013 08:25 PM

සහතික ඇත්ත දෙවියෝම බලාගනිත්වා මේ අවනඩු ඔක්කොම (ස)

:       0       0

ඉන්ද්‍රජිත් Friday, 25 January 2013 08:41 PM

අසාධාරණයට ලක්වූ කෙනෙකුට ඒ දුක කියන්න දෙවියන් හැර වෙන තැනක් දැන් නොමැති බව එතුමාට වැටහුනා. සිදුවන හැම එකටම ගිරවුන් සේ 'හොඳ තීරණයක්... ඉතා හොඳයි.. මගේ රටට දලදා හිමි සරණයි ' කියකියා ඉන්නා අයගේ වාරයත් ළඟදී ඒවි. මතක තියාගන්න මේ නිකම් මිනිසකු නොව ප්‍රදේශයේ වැඩිම මනාපය දිනාගත්, ඒ වගේම උගත් වැදගත්, ගාල්ලට සේවයකුත් කල මිනිසෙක්. දූෂණය කල සංඛ්‍යාව සමරා සාද දැමූ අය වෙනුවෙන් නම් ඒ පළාතේ හාමුදුරුවරු පෙරමුණ ගත්තා. දහස්ගනනකට දැනුම බෙදු මෙතුමාට ඉන්නේ කවුද කියා දැන් බලමු.. (ස)

:       0       0

බන්දුල Friday, 25 January 2013 08:48 PM

දෙවියෝ පගා ගන්නේ නෑ (ස)

:       0       0

දෝහා Saturday, 26 January 2013 11:14 AM

මම මේ මහත්තයා ගැන හිතා හිටියේ මෙහෙම නෙමෙයි. (නි)

:       0       0

දෝහා Saturday, 26 January 2013 11:15 AM

ඇයි මිනිසුන් බලයට කෑදර වෙන්නේ? (නි)

:       0       0

දෝහා Saturday, 26 January 2013 11:16 AM

පොල් ගහලා මොනවා කරන්නද? ඉදිරිපත් කරන්නකෝ දෝෂාභියෝගයක්. (නි)

:       0       0

ධම්මි Friday, 25 January 2013 09:31 PM

දෙවියන්ට පගාවක් දුන්නනම් හරි (ස)

:       0       0

චිරාත් Friday, 25 January 2013 09:47 PM

සෙත් පතන්න ඕනේ නම් පන්සලකට ගිහින් බෝධි පුජාවක් තියන්න තිබ්බනේ (ස)

:       0       0

සෑම් Friday, 25 January 2013 10:00 PM

සීනිගම කළා කියන්නේ බඩුම තමයි. (ස)

:       0       0

අමිල Friday, 25 January 2013 10:15 PM

අපි දන්නා තරමින් මෙත්සිරි සර් වංචාකාරයෙක් නෙවෙයි, තමන්ගේ පුද්ගලික ධන පරිත්‍යාගයෙන් මිනිසුන්ට සේවයක් කරපු උතුම් මිනිහෙක්, ඔය අනවසර මාළු ලෑලි අනවසර කඩ ඉවත් කරාට උන්ගේ සල්ලි වලට ඇතුලේ උන් සෙට්වෙලා මේ මනුස්සය වට්ටන්න කරපු වැඩක්, ඔබට තිසරණ සරණයි .!! අපි ඔබ සමගයි මෙත්සිරි සර් (ස)

:       0       0

ලලිත් Sunday, 27 January 2013 03:09 PM

මෙත්සිරි මහත්තයා හොරෙක් මංකොල්ල කාරයෙක් නෙමෙයි.. ඔහු තමහන්ගේ තියෙන හැම දෙයක්ම මිනිසුන් වෙනුවෙන් කැප කළා... සර්ට සල්ලිවලට කෑදර කමක් තිබුණානම් මාසයකට ලක්ෂ ගානක් හොයපු පන්ති නවත්තන්නේ නැහැ. ඒ ඔක්කොම අත හැරලා දාලා දේසපාලනයට ගියේ අවංකවම උවමනාවක් තිබ්බා ගාල්ලෙ අහඅංසක මිනිසුන්ට වඩැක් කරන්න.. අඩුම තරමේ නගරසභාවෙ කවදාවත් පඩි අරන් නැතිව වැඩ කළ එකම මන්ත්‍රී තුමා.. ඔහුට දුන්නු නිල රථයවත් පාවිච්චි කළේ නැහැ.. මේකනම් මහා අපරාධයක්..ඔබට යහපතක්ම වේවා සර්..!(නු)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කාල්ටන් වත්තේ විදුලි රැහැන් ගලවයි
2024 ඔක්තෝබර් මස 05 11 0

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් භාවිතා කරනු ලබන වීරකැටිය කාල්ටන් වත්තට විදුලිය සපයා තිබූ තෙකලා විදුලි රැහැන් කිහිපයක් අද දහවල් විදුලි බල ම


මහ මැතිවරණයට ස්වාධීන කණ්ඩායම් 122ක් ඇප තියයි
2024 ඔක්තෝබර් මස 05 228 0

එළඹෙන මහ මැතිවරණය සඳහා තරඟ කිරීමට ස්වාධීන කණ්ඩායම් 122 ඊයේ (4) වනවිට ඇප මුදල් තැන්පත් කර ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක ම


පිටකොටුවේ ඝාතනයක්
2024 ඔක්තෝබර් මස 05 1269 0

පිටකොටුව රික්ලමේෂන් පාර ප්‍රදේශයේ දී දෙදෙනෙකු අතර අද (05) උදෑසන ඇති වූ ගැටුමකින් තියුණු ආයුධ ප්‍රහාරයකට ලක් වූ 47 හැවිරිදි පුද්ගලයකු මියගොස් ඇතැයි පොලිස


රට විරු වාහන බලපතෙන් කෝටි ගාණක ගැහිල්ලක්
2024 ඔක්තෝබර් මස 05 2479 0

විදේශයන්හි රැකියා කරන රට විරුවන්ට විද්‍යුත් වාහන බලපත්‍ර ගෙන්වීමට අවසර දීමේදී සිදුවී ඇතැයි කියන රුපියල් කෝටි ගණනක දූෂණ වංචා සහ ආක්‍රමිකතා රැසක් පිළ


තැන් කීපයකට අදත් පොඩි වැස්සක්
2024 ඔක්තෝබර් මස 05 112 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ආරක්ෂක ප්‍රධානීහු ජනපති හමු වෙති
2024 ඔක්තෝබර් මස 05 2708 0

නව ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසුව සාම්ප්‍රදායානුකුලව ආරක්ෂක ප්‍රධානීහු සේනාධිනායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති කාර්යාලයේ දී හමු වූ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38994 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25543 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 308 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1055 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 374 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site