IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


ගොවිතැනෙ මහිම බල මා වී පැසීලා

ශ්‍රී ලංකා සබරගමුව විශ්ව විද්‍යාලයයේ කෘෂි විද්‍යා පීඨයේ කථීකාචාර්ය ආචාර්ය ප්‍රියන්ත ඉන්ද්‍රලාල් යාපා මහතා ඉපැරණි වී විශේෂයක් සම්බන්ධව පර්යේෂණයක් කරයි.

ඔහු මෙසේ ද කියයි. ‘මා උතුරු මැද පළාතේ වකුගඩු රෝගය වැඩි වශයෙන් ව්‍යාප්ත වීම සම්බන්ධව පර්යේෂණයක් කිරීමේදී එහි නියං සමයට ගොවීන් මුහුණදෙන ගැටලූ හා නියගයට ඔරොත්තු දෙන වී වර්ග පිළිබඳව  ද සොයා බැලූවා. එහි ගොවීන් ගෙන්ද විශාල ඉල්ලීමක් තිබුණා.

ගෙවිලියක් ලබාදුන් වී ස්වල්පයක් මා බොකරන්නට උත්සාහ කළා. ලැබුණේ ඇට විසිහතරක් එය පර්යේෂණයකට ප්‍රමාණවත් නැහැ. ඇයට එම බීජ දුන් ගොවියා පවසා ඇත්තේ එය පුරාවිද්‍යා කැණීමකින් ලැබුණ බවයි. එම බීජ ඛෙලිහුල්ඔය කහවත්ත හා කොළඹගෙආර කෑගල්ල  යන ප්‍රදේශවල පැළ කර තිඛෙනවා. අඩි 10 කට වැඩි උසකින් යුත් මා වී විශේෂයක්.

පසුගිය අගොස්තු මාසයේ සිටවු මෙම බීජ වල පැළ හටගෙන  කරල් පීදී  තිඛෙනවා. තවත් මාස එකහමාරකින් අස්වැන්න නෙළිය හැකියි. එවිට එම බීජවල පෝෂණ තත්වය ඉපැරණි බව හා ඖෂධීය ගුණය පිලිබඳව පර්යේෂණ කරනවා. කෙසේ වෙතත් මෙම බීජ ඉතා හොඳ ප්‍රරෝහණ ශක්තියක් අති දැඩි නියගයට ඔරොත්තු දෙන ශාඛයක් බව මුල් පර්යේෂණයන්ගෙන් සනාථ වනවා.‘

සබරගමුව කෘෂිවිද්‍යා පීඨයේ ගොඩනැගිල්ලක් පිටුපස සිටුවා ඇති ඉදල් ඉරිගු ගසක් තරමට වී පඳුරක් වැඩී ඇත. මෙම ගොයම් ගසට කිසිම කෘෂි රසායන පොහොරක් හෝ රසායනික පළිබෝධ නාශකයක් යොදා නොමැති බව ද ආචාර්යවරයා කියයි.



අදහස් (0)

ගොවිතැනෙ මහිම බල මා වී පැසීලා

නිමල් Wednesday, 26 December 2012 10:28 PM

පරිස්සම් කරන්න වෙයි. කවුරුහරි ජාන හොරෙක් පිට රට යවලා පේටන්ට් අයිතිය සුද්දෙකුට දෙයි. නැත්නම් බහු ජාතික සමාගම් මෙම ශාකය පිළිකාකාරක සහිත බවට බොරු මත පතුරවයි. (නි)

:       0       0

චන්ද්‍රා-සිඩ්නි Thursday, 27 December 2012 03:02 PM

ඉන්ද්‍රජිත්ට අමු හාල්වත් කැවිලද? (නි)

:       0       0

සිරිල් Wednesday, 26 December 2012 11:43 PM

ඔබතුමන්ලා තමයි මේ හෙළයේ පිනට උපන් පුතුන්. නැතුව පාර්ලිමේන්තුවේ බොරුවට කෑගහන අය නෙමෙයි. (නි)

:       0       0

ගංගා Friday, 28 December 2012 01:55 PM

නාස් ලනුව දිගේ යන්න කැමති පාඨකයින් ගොඩ වැඩි බව ඉන්ද්‍රජිත්ට විරුද්ධව දමපු ප්‍රතිචාර වලින් පේනවා. මට නම් හිතෙන්නේ මෙතන අදහස් දාපු අයගෙන් දෙයක් විචාර පූර්වකව බලන කෙනෙකුට ඉන්නේ ඉන්ද්‍රජිත් සහ තුල්සි විතරයි. බණ්ඩාර කියන දේත් ඇත්ත. මේවා සංදර්ශන ලෙස නොවෙයි කල යුත්තේ බලමුකෝ ඔය ලොකු වී ගහෙ සහල් කන හැටි... (ස)

:       0       0

මුතුකුඩ Thursday, 27 December 2012 12:00 AM

සොයාගන්න එක හොදයි. නමුත් වවන එකනේ ප්‍රශ්නේ. අපේ මැති ඇමති ගොල්ලෝ ‍මේකට මොනවා කියයිද දන්නෙ නැහැ. (නි)

:       0       0

චන්දි Thursday, 27 December 2012 03:38 PM

ඉන්ද්‍රජිත්ට පිස්සුද? (නි)

:       0       0

පද්මි Thursday, 27 December 2012 12:46 AM

පින්කෙත හෙළ ලක් දෙරණට , වාසනා වේවා! (නි)

:       0       0

ඉන්ද්‍රජිත් Thursday, 27 December 2012 05:21 AM

හුරේ දමන පාඨක පිරිසට එක් වෙලා සතුටු වෙන්න තිබුණා නම් මාත් කැමතියි. එහෙත් මට නම් සැකයක් ඇතිවෙනවා මේ සේයාරුව මාරු වෙලාද කියා. මෙහි ගොයම් වර්ගයේ ශාකයකට ආවේණික ලක්ෂණ ඔබට පෙනෙනවාද? පුවත නම් ඇත්තක් වෙන්න ඇති. අපේ ආවේණික සහල් වර්ගවල රසගුණ මාත් අත්දැකීමෙන්ම දන්නවා. ඒ ගොයම් වර්ගවල හැටිත් දැකලා තියෙනවා. (නි)

:       0       0

තුල්සි Thursday, 27 December 2012 05:26 AM

"ඇයට එම බීජ දුන් ගොවියා පවසා ඇත්තේ එය පුරාවිද්‍යා කැණීමකින් ලැබුණ බවයි" පුරාවිද්‍යා කැණීමක් කිරීමට බලය ඇති නිල ආයතන වලින් සිදුකල කැණීමකින් ගොඩ ගත් වී ඇට කොටසක්වත් නිසි පර්යේෂණ වලට ලක්වීමට පෙර ගොවියන්ගේ අතට ගියේ කොහොමදැයි සොයා බැලුවොත් නරකද? (නි)

:       0       0

බණ්ඩාර. Thursday, 27 December 2012 05:34 AM

මම නම් මේකට ප්‍රශංසා කරන්න පටන් ගන්නේ අදාළ ක්ෂේත්‍රයේ විද්වතුන්ගෙන් නිසි පිළිගැනීමක් ලැබුණු පසුවයි. පහුගිය කාලේ දේශීය වෛද්‍යවරියක් ඩෙංගු වලට බෙහෙතක් නිපදවලා කියා මහා මාධ්‍ය ඝෝෂාවක් නැගුවා. (නි)

:       0       0

චන්ද්‍රා සෞදි Thursday, 27 December 2012 05:27 PM

තුල්සි. පුාවිද්‍යාවෙ වී හැංගුවෙ ඒ‍ ගොවි මහතාගේ මීමුත්තයි.. පස්සේ කාලෙක මුණුබුරාට ගන්නයි..!(නු)

:       0       0

අයිෆාස් Wednesday, 26 December 2012 04:28 PM

සරු පස පොළොවෙන් වැහි බිදු අහසින් මිණී කැට මුතු කැට ඇත මගෙ සිරිලක... (නි)

:       0       0

සෑම් Wednesday, 26 December 2012 04:57 PM

කිරි ඉතිරෙයි අපට සෙතයි... (නි)

:       0       0

චන්ද්‍රා Wednesday, 26 December 2012 04:55 PM

වැළලීගිය අතීත පෞඪත්වය නැවත නගා සිටුවමට වෙර දරන ඔබ සැමට පින්. (නි)

:       0       0

නිරාන් Wednesday, 26 December 2012 05:56 PM

කියන්න බැරිතරම් ස්තූතියි. ඔබතුමාට ‍ගොඩක් පින්. (නි)

:       0       0

හේමන්ත Wednesday, 26 December 2012 06:32 PM

මේක දැකීමමත් මහ පිනක් වගෙයි නෙත‍ට. (නි)

:       0       0

චින්වී Wednesday, 26 December 2012 06:54 PM

බුදු අම්මෝ! මේ ගොයම් ද ? කොළ උක්ගස් වගේ. අපේ මුතුන් මිත්තෝ මහා වැඩ කළේ මේවාගෙන් ලැබුන ශක්තියෙන් විය හැකියි. (නි)

:       0       0

කුසුමලතා ලංකාමුල්ල Thursday, 27 December 2012 12:02 PM

කෝටි ගණන් වියදම් කරලා පිටරටවල් වලට ගිහින් පශ්චාත් උපාධිය කරගෙන එන්න බැරි විශ්ව විද්‍යාල ආචාර්යවරු ඉන්න මේ රටේ හැබෑ පර්යේෂකවරු ගැන අහන්න ලැබෙන එක මොන තරම් සතුටක් ද? ඒ පර්යේෂකයන්ගේ රටට අවැසි පර්යේෂණවල සතුටුදායක ප්‍රතිඵල ගැන දකින්න ලැබෙන එක මොන තරම් උත්කර්ෂයට හේතුවක් ද? මෙම කථිකාචාර්යතුමාට තවත් ඉදිරියට පර්යේෂණ කරගෙන යාමට අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබේවා! ඔබ වැනි පුද්ගලයන් බාහිර බලවේගවලින් ප්‍රවේශම් විය යුතු බවට ද අනතුරු ඇගවීමක් කරන්න කැමතියි. (නි)

:       0       0

ඇන්ටන් - හලාවත Thursday, 27 December 2012 12:00 PM

ඇත්තටම හොඳ පර්යේශකයෙක් ඔබ! අපට වෙලා තියෙන්නේ, ලංකාවේ අයගේ කතා හරි වුණත් විශ්වාස කරන්න බැරි තත්.්වයට පත්වෙලා. ඒ දේශපාලුවන් ප්‍රසිද්ධියේ ඇත්ත වගේ බොරු කියන එක නිසා. මොකද ගමේ ඉන්න හොදම මදාවියො ටිකයි, රස්තියාදුකාරයො ටිකයි ගමක නගරෙක පාලකයො කරවපුවම රටක් ගැන මොනවා කියන්නද? පුදුම කලකිරීමෙන් මේ රටේ ජීවත් වෙන්නේ. (නි)

:       0       0

ලලිත් - කටාර් Wednesday, 26 December 2012 07:33 PM

ඔබතුමාලා වගේ අය ගැන ඇසීමමත් පිනක්. (නි)

:       0       0

දර්ශන් Thursday, 27 December 2012 01:49 PM

මේ ගො‍යම ආරක්ෂා කරන්න වැඩපිළිවෙළක් නොයෙදුවොත් ගිනි තියන්න වුණත් බැරි නැහැ. (නි)

:       0       0

විමල් Wednesday, 26 December 2012 08:52 PM

දැනට දේශීය වී වර්ග 1500 ක් පමණ අපෙන් තුරන් වෙලා ගිය මොහොතක මෙවැනි උත්සාහයක් දැරීම විශිෂ්ටයි. (දී)

:       0       0

කුමාර Wednesday, 26 December 2012 08:56 PM

රට සහල් වර්ග වලට නොරැවටී මෙවැනි වී වර්ග වවමු!!! ඔබේ පර්යේශනය සාර්ථක වේවා ......කෙතක මහිම බල මා වී පැසීලා.... (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව අල්ලස් කොමිසම කොටඋඩ
2024 ඔක්තෝබර් මස 06 200 0

දූෂණ විරෝධී නව පනත් කෙටුම්පත බලාත්මක වී වසරකට වැඩි කාලයක් ගතවී ඇතත් ඒ පනතේ විධිවිධාන ප්‍රකාරව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ස්වාධීන ආයත


ගොඩගැහුණු පැමිණිලි අවසන් කරන්න දින 14ක්
2024 ඔක්තෝබර් මස 06 501 0

පොලිස් ස්ථානවල ගොඩ ගැසී ඇති විවිධ පැමිණිලි ඉදිරි සති දෙක තුළ අවසන් කළ යුතු බවට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා නියෝග කර ඇති බව පොලිස් මාධ්‍ය


මහ මැතිවරණයට එන්නේ පක්ෂයේ ලකුණෙන්
2024 ඔක්තෝබර් මස 06 297 0

ඉලංගෙයි තමිල් අරුසු කච්චි පක්ෂය එම පක්ෂයේ ලකුණ යටතේ ඉදිරි මහ මැතිවරණයට තරග වදින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්තිරන් මහතා පැවසීය.


ජලය නොමැති ගම්මාන පහක්
2024 ඔක්තෝබර් මස 06 206 0

ගම්පොළ බෝවල ප්‍රදේශයේ පිහිටි ගම්මාන පහක් තුල පරම්පරා කිහිපයක් පුරා ජල අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි වීමෙන් දරුවන් හදා වඩා ගැනීම සීමා කිරීම හා ගම්මාන හ


හෙට සිට රාජ්‍ය බුද්ධි සේවයට නව අධ්‍යක්ෂකවරයෙක්
2024 ඔක්තෝබර් මස 06 958 0

නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රියන්ත මහතා රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ ලෙස පත් කරනු ලැබ සිටින අතර ඔහු හෙට (07) වැනි දා එම තනතුරේ වැඩ භාර ගැනීමට නියමිතය.


ජීවිත ආරක්ෂාවට දුන් ‍ෂොට්ගන් නැවත භාර දෙන්න
2024 ඔක්තෝබර් මස 06 815 0

අරගලයෙන් පසු ජීවිත ආරක්ෂාව සඳහා රිපීටර් වර්ගයේ ෂොට් ගන් තුවක්කු මිලදී ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටද එම අවි නැවත භාරදෙන ලෙස ආරක්ෂක අමාත්‍යා


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39208 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25605 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 328 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1094 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 382 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site