IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


ගුවනට පෙම් බැඳි ඔබ වෙනුවෙන්...

2016-08-10-ent-75

2016-08-10-ent-61

2016-08-10-ent-57ගුවන සිසාරා සංචාරයට මිනිසාගේ ඇති උනන්දුව එදා සිට අද දක්වාම එක ලෙසින් පවතින්නක්. සිංහල රාජාවලිය ඇරඹීමටත් පෙර කාලයේ පැවැති රාවණ යුගයේදී දඬුමොණරය නමින් හැඳින්වූ දේශීය ගුවන් යානයක් පැවැති බවට ජනප්‍රවාදයේ සඳහන් වීම උක්ත කරුණ මොනවට කියාපායි. නමුත් ශ්‍රී ලාංකිකයන් බොහෝ පිරිසකට ගුවන් යානයේ ක්‍රියාකාරීත්වය හා එහි ප්‍රවාහන අත්දැකීම තවමත් ජීවිතයේ හීනයක් වී තිබීම කනගාටුවට කරුණක්. කෙසේ වෙතත් අද අප සංචාරයෙහි යෙදෙන රත්මලාන ගුවන් කෞතුකාගාරය මගින් ගුවන් ක්ෂේත්‍රය පිළිබඳ ශ්‍රී ලාංකිකයන්ට ලබාගත හැකි අත්දැකීම අතිවිශිෂ්ට බව කිව යුතුය.

ශ්‍රී ලංකාව ත්‍රස්තවාදී ග්‍රහණයෙන් සම්පූර්ණයෙන් නිදහස් වීමත් සමගින් 2009 වර්ෂයේදී ගුවන් හමුදාව විසින් ගුවන් කෞතුකාගාරයක් ඇරඹීමට අදහස් කරන්නේ ශ්‍රී ලාංකික ජනයාගේ ගුවන සඳහා ඇති කුතුහලයට පිළිතුරු සැපයීම උදෙසායි. ඒ අනුව එවකට ගුවන් හමුදාධිපති එයාර් චීෆ් මාර්ෂල් රොෂාන් ගුණතිලක මහතාගේ මූලිකත්වයෙන් මෙය ආරම්භ කරනුයේ, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ පැරණි ගුවන් යානා අලුත්වැඩියා කරන අංගණය ලෙසින් පිහිටා තිබූ ඉසව්වේදීය. ඒ අනුව අක්කර කිහිපයකින් ආරම්භ වූ මෙම ගුවන් කෞතුකාගාරය පිහිටුවන්නේ 2009 වර්ෂයේ නොවැම්බර් මසදීය. කෙසේ වෙතත් අද වනවිටදී සමස්ත අක්කර 22 ක් මෙම ගුවන් කෞතුකාගාරය සතු වන බව ගුවන් හමුදාව දන්වා සිටිනවා.

ගුවන් යානා කෞතුකාගාරය තුළ වර්තමානයේදී දක්නට ලැබෙන ගුවන් යානා වර්ග තුනකට බෙදාදැක්විය හැකියි. එනම් යුද ගුවන් යානා, පුහුණු කිරීම් සඳහා යොදා ගන්නා ගුවන් යානා හා මගී ප්‍රවාහන ගුවන් යානා (එයාර් බස්) ලෙසිනි. මේ අතරින් යුද හා පුහුණු කිරීමේ ගුවන් යානා වර්ග විශාල ප්‍රමාණයක් මෙහි දක්නට ලැබෙන අතර, ශ්‍රී ලංකාවට පළමුවෙන්ම ගෙන ආ යුද ගුවන් යානය වන ෂාම් ෂෙට්ටි (1985) ගුවන් යානයේ සිට ගුවන් හමුදාවට මෑතකදී එක්වූ කෆීර් වැනි ගුවන් යානා දක්වාම ගුවන් යානා මෙහිදී දක්නට ලැබෙනවා.

එමෙන්ම අර්ධ ප්‍රහාරක යානාද මෙහි දක්නට ලැබෙන ගුවන් යානා විශේෂයක්. මෙහිදී ශ්‍රී ලංකාවට ගෙන ආ පළමු නියමු පුහුණු යානය වන චිප්මන්ක් (Chipmunk) වර්ගයේ ගුවන් යානා මෙහි සුවිශේෂීවනවා.

එමෙන්ම ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ඉංජිනේරු අංශය මගින් නිර්මාණය කළ කුඩා නිරීක්ෂණ යානා මෙහි දක්නට ලැබෙන තවත් අංගයක්. මෙම ගුවන් යානා සියල්ල සාමාන්‍ය ව්‍යවහාරයේදී භාවිත කරන ප්ලේන් (Fix wings) හා හෙලිකොප්ටර් (Rotor Wings) ලෙස කොටස් දෙකකින් දක්නට ලැබෙනවා. එහිදී ගුවන් යානාවලට අමතරව ගුවන් අංගණයක දක්නට ලැබෙන වෙනත් වර්ගයේ වාහනද මෙහිදී සංචාකයන්ට දැකබලාගත හැකිවනවා. ගුවන් යානා නැරඹීමට අමතරව මෙහි කුඩා දරුවන්ට විනෝද වීමට තැනූ ගුවන් යානා මෙන්ම ගුවන් යානයක ගමන් කිරීමේදී අත්විඳීමට ලැබෙන අත්දැකීම ලබාදෙන ගුවන් යානයක් හා පුස්තකාල පහසුකම්ද දක්නට ලැබෙනවා.

 

විශේෂ ස්තූතිය

ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් ගඟන් බුලත්සිංහල, ගුවන් හමුදා මෙහෙයුම් අධ්‍යක්ෂ කාර්යාලයේ ගෲප් කපිතාන් ඉන්ද්‍රජිත් වීරසූරිය වීරසිංහ, බලලත් නිලධාරී සංජීව පරණවිතාන

 

සටහන/ ඡායාරූප - ඕෂිත වරකපිටිය

 

2016-08-10-ent-45
2016-08-10-ent-46
2016-08-10-ent-47
2016-08-10-ent-49
2016-08-10-ent-50
2016-08-10-ent-51
2016-08-10-ent-52
2016-08-10-ent-53
2016-08-10-ent-54
2016-08-10-ent-55
2016-08-10-ent-56
2016-08-10-ent-58
2016-08-10-ent-59
2016-08-10-ent-60
2016-08-10-ent-62
2016-08-10-ent-63
2016-08-10-ent-64
2016-08-10-ent-65
2016-08-10-ent-66
2016-08-10-ent-67
2016-08-10-ent-68
2016-08-10-ent-69
2016-08-10-ent-70
2016-08-10-ent-71
2016-08-10-ent-72
2016-08-10-ent-73
2016-08-10-ent-74



අදහස් (0)

ගුවනට පෙම් බැඳි ඔබ වෙනුවෙන්...

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ගොඩගැහුණු පැමිණිලි අවසන් කරන්න දින 14ක්
2024 ඔක්තෝබර් මස 06 21 0

පොලිස් ස්ථානවල ගොඩ ගැසී ඇති විවිධ පැමිණිලි ඉදිරි සති දෙක තුළ අවසන් කළ යුතු බවට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා නියෝග කර ඇති බව පොලිස් මාධ්‍ය


මහ මැතිවරණයට එන්නේ පක්ෂයේ ලකුණෙන්
2024 ඔක්තෝබර් මස 06 51 0

ඉලංගෙයි තමිල් අරුසු කච්චි පක්ෂය එම පක්ෂයේ ලකුණ යටතේ ඉදිරි මහ මැතිවරණයට තරග වදින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්තිරන් මහතා පැවසීය.


ජලය නොමැති ගම්මාන පහක්
2024 ඔක්තෝබර් මස 06 85 0

ගම්පොළ බෝවල ප්‍රදේශයේ පිහිටි ගම්මාන පහක් තුල පරම්පරා කිහිපයක් පුරා ජල අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි වීමෙන් දරුවන් හදා වඩා ගැනීම සීමා කිරීම හා ගම්මාන හ


හෙට සිට රාජ්‍ය බුද්ධි සේවයට නව අධ්‍යක්ෂකවරයෙක්
2024 ඔක්තෝබර් මස 06 636 0

නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රියන්ත මහතා රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ ලෙස පත් කරනු ලැබ සිටින අතර ඔහු හෙට (07) වැනි දා එම තනතුරේ වැඩ භාර ගැනීමට නියමිතය.


ජීවිත ආරක්ෂාවට දුන් ‍ෂොට්ගන් නැවත භාර දෙන්න
2024 ඔක්තෝබර් මස 06 545 0

අරගලයෙන් පසු ජීවිත ආරක්ෂාව සඳහා රිපීටර් වර්ගයේ ෂොට් ගන් තුවක්කු මිලදී ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටද එම අවි නැවත භාරදෙන ලෙස ආරක්ෂක අමාත්‍යා


එවරස් කන්දේ උස වෙනස් වෙලා
2024 ඔක්තෝබර් මස 06 739 0

අරුන් ගංගා ද්‍රෝණියේ පාෂාණ සහ පස් ඛාදනය වීමෙන්, ලොව උසම ශිඛරය ලෙස සැලකෙන එවරස්ට් කන්ද වසරකට මිලිමීටර් 2 කින් ඉහළ යමින් පවතින බව නවතම අධ්‍යයනයකින් හෙළි ව


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39187 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25599 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 328 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1091 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 381 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site