IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


ගුවන්තොටුපොළ බස් අවුල දිග් ගැහෙන හැඩයි

කටුනායක  බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ පරිශ්‍රය තුළට ගොස් තම බස් රථ වලට මගීන් ගෙන ඒමට  ඉඩ   ලබා නොදෙතියි  කියමින් මාර්ග අංක 187 ගුවන්තොටුපොළ - කොටුව මාර්ගයේ ධාවනය කරන සුඛෝපභෝගී බස් රථහිමියෝ සහ රියදුරෝ ඊයේ15) අළුයම සිට  සිදු කළ වැඩ වර්ජනය  වැඩ බලන ධීවර  අමාත්‍ය සරත් කුමාර ගුණරත්න මහතාගේ මැදිහත්වීමෙන් අද  අවසන් විය.

මේ අතර   ගුවන්තොටුපොළ පරිශ්‍රය තුළට පෞද්ගලික බස් රථ පැමිණ මගීන් පැටවීමෙන්  තමන්ට අසාධාරණක් සිදුවන බව ගුවන්තොටුපොළ කුලී රථ සේවා සංගමය  විරෝධය පල කරති.

ගුවන්තොටුපොළ එක්සත් කුලී රථ සංගමයේ සභාපති ගාමිණී කෙවිටියාවල මහතා පැවසුවේ  බොහෝ අකටයුතුකම්  වලට කුලී රථහිමියෝ මුහුණ දී ඇති බැවින් ගුවන්තොටුපොළ පරිශ්‍රය තුලට පුද්ගලික බස් පැමිණ මගීන් ගොඩකරගතහොත්   තමන්ට බලවත් අසාධාරණයක් සිදු වන බවයි.

අමාත්‍ය සරත් කුමාර ගුණරත්න මහතා කියා සිටියේ  සුඛෝපභෝගී බස් රථ හිමියන්ගේ ඉල්ලීම සලකා බලා අදි වේගී මාර්ගයේ දාවනය කරන ඔවුන්ගේ සුඛෝපභෝගී බස් රථවලට  ගුවන්තොටුපොළ පරිශ්‍රය තුළට ගොස්  ලංගම බස් රථ  දෙකක් පිටත්ව ගිය පසු  ඔවුන්ගේ  බස් රථයකට විනාඩි 10 යක් එම ස්ථානයේ නවතා තැබීමටත්  මගීන් ගොඩ කරගැනීමටත් අවස්ථාව සලසා දුන් බවයි.

ඒ අනුව  දෛනික ඒකාබද්ධ  කාලසටහනක්  සකස් කොට එය ගුවන්සේවා අමාත්‍යවරයා වෙතට යවන ලෙස තමන් උපදෙස් දුන් බවත් ඔහු කීවේය.

එමෙන්ම ගුවන්තොටුපොළ පරිශ්‍රය තුලට ගොස් මගීන් පටවා ගැනීම සඳහා ඝෝෂා කරමින් කටයුතු නොකරන ලෙස  තමන් බස් හිමියන්ට උපදෙස් දුන් බවත් එසේ සිදු කිරීමෙන් ගුවන් තොටුපොළ කුලී රථ  සේවාවට මෙන්ම ත්‍රී රෝද රිය  සේවවාට අසාධරණයක් සිදු වන බවත් ඔහු පෙන්වා දුන්නේය.

තමන් මෙම පියවර ගත්තේ   ගුවන් සේවා අමාත්‍ය ප්‍රියංකර ජයරත්න, ගුවන්තොටුපොළ හා ගුවන් සේවා සමාගමේ සභාපති ප්‍රසන්න වික්‍රමසුරිය මහතා ඇතුළු කළමනාකාරිත්වය සමගද ලංකා ගමනා ගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමානා්‍යාධිකාරී නිමල් ඈස්ලි මහතා සහ අදාල බස් සංගම් සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව ගුවන් මගීන්ගේ පහසුව සඳහා බවත් ඔහු අවධාරණය කළේය.

මෙහිදී 187 ගුවන්තොටුපොළ - කොටුව බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ඉන්දික ගුණසේකර මහතා පැවසුවේ තමන්ට සාදාරණ විසඳුමක් ලබා දුන් බැවින් වර්ජනය අවසන් කළ බවයි. තමන්ට ලබා දුන් විසඳුම අනුව අද සිට දෛනික ඒකාබද්ධ කාලසටහනකට අනුව තම බස් රථ දාවනයේ යොදවන බවද ඔහු කීවේය.

ඒ අනුව දිනකට බස් රථ 40 ක් පමණ දවසේ පැය 24 පුරා දාවනය කිරීමට හැකි වන බැවින් තමන් ඇතුළු තම සංගමයෝ සාමාජිකයෝ අමාත්‍යවරයාට ඇතුලූ ගුවන් තාටුපොළ කලමනාකාරිත්වයටද ලංකා ගමනා ගමන මණ්ඩලයටද ඛෙහෙවින් ස්තුති වන්ත වන බවත් පැවසුවේය.

 කටුනායක-කොළඹ අදිවේගී මාර්ගය විවෘත කිරිමත් සමගම  ගුවන් මගීන්ගේ පහසුව සඳහා ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත්  බස් රථ දෙකකට  ගුවන්තොටුපොළ පරිශ්‍රය තුළට පැමිණ එහි  නවතා මගීන් ගොඩකර ගැනිමට අවසර ලබා දී තිබුණි. එසේ තිබියදී දේශපාලන සම්බන්ධකම් මත ධනවත් ව්‍යාපාරිකයින් පිරිසකගේ බස් රථද සියයට 15 ක් කොමිස් මුදලක්  ලංකා ගමනා ගමන මන්ඩලයට ගෙවා ලංගම ලාංඡනය යටතේ  එහි ගොස් මගීන් පටවන බවට චෝදනා කරමින් සුඛෝපභෝගී බස් රථ හිමියෝ  ඊයේ  අළුයම  සිට තම බස් රථ දාවනයෙන් ඉවත්කරගනිමින් වර්ජනයක නියැලූනහ.

. 1 2 3 4

 

 



අදහස් (0)

ගුවන්තොටුපොළ බස් අවුල දිග් ගැහෙන හැඩයි

ඉලේපෙරුම Wednesday, 17 December 2014 02:37 AM

ලංකාෙව් මගී ප්‍රවාහන කටයුතු වලදී නොවැදගත්ම පාර්ශවය තමා මඟීන්.(මෙහෙම බලනකොට) හැමවිටම සළකා බැලෙන්නේ බස් අයිතිකරුවන්ගේ අවශ්‍යතා පමණයි. මඟීන්ට කලට වේලාවට ගමනක් යාමට තිබෙන අයිතිය ගැන රාත්‍රියට හා උදේ පාන්දරට බස් රථයකින් යාමට තිබෙන අයිතිය ගැන කවුරුන්වත් තැකීමක් කරන්නේ නැහැ (නි)

:       0       0

සිරිසේන Wednesday, 17 December 2014 03:32 AM

මේ බස් වල ෆොරිනර් කෙනෙක්ට තියා ලෝකල් මිනිහෙක්ට වත් යන්ඩ පුලුවන්ද? තාම තියෙන්නේ පරණ රෝසා බස්. ඕව එයාපෝර්ට් අස්සේ දිව්වොත් අපේ රටේ නම තමයි සවුත්තු වෙන්නේ (නදී)

:       0       0

ටී ජී ලියනගේ Tuesday, 16 December 2014 11:20 AM

නිව්ස් හෙඩ් ලයින් එක අනුව වර්ජනේ දික් ගැහෙනවලු, නිව්ස් එකේ තියෙන්නේ වර්ජනේ අවසන් කියලා. (ර)

:       0       0

සෙනවි Wednesday, 17 December 2014 04:47 AM

හයි-වේ එක හැදුවේ මගීන්ට යන්නද නැත්නම් බස් මුදලාලිලා පොහොසත් කරන්නද? රට ගිහින් එන හැමකෙනාම සල්ලිකාරයෝ නොවෙයි. එනිසා අසරණ මගින් ගැනත් මීට වඩා හිතුවොත් හොඳයි (නදී)

:       0       0

ප්‍රනීත් Tuesday, 16 December 2014 01:28 PM

ගුවන් තොටුපලකට විනයක් නැති කොන්දොස්තරලව ඇතුළු කර ගත්තහම විනාසයි. බස් සඳහා ගුවන්තොටුපලෙන් ඈතට වෙන්න පහසුකම් එක්ක නැවතුම් පොලක් හැදුවනම් ඉවරයි. ඊට පස්සේ එකට සම්බන්ධ වෙන්න වෙනම ගුවන් පාලමක් හරි උමන් මාර්ගයක් හැදුවනම් ඔය වැඩේ ලස්සනට කරන්න පුළුවන්. (ර)

:       0       0

මදුශංක Tuesday, 16 December 2014 02:04 PM

මෙතන කොන්දොස්තර මහතුන්ගේ වරදක් නැහැ. (ර)

:       0       0

ඉන්දික Wednesday, 17 December 2014 05:53 AM

කොහොම හරි වෙලාවට යන එන වැඩ පිලිවෙලක් ඕනා. බස් කාරයන්ට ඕන විදියට වැඩ කරන්න දීල නේද අපේ රටට දියුණුවක් නැත්තේ. අනාගතය කොහොම හදා ගන්නද ? වෙලාවට වැඩ කරන්නේ නැති මිනිස්සුත් එක්ක. මෙන්න මෙයාල වග කියන්න ඕන වෙලාවට වැඩ කරන්න බැරි වෙන එකට. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නාමල්ගෙන් ජනපතිට අභියෝගයක්
2024 ඔක්තෝබර් මස 02 476 0

රාජපක්ෂ පාලනය උගන්ඩාව ඇතුළු රටවල ඩොලර් බිලියන ගණනක මුදල් සොරකම් කර සඟවා ඇතැයි එල්ල කරන ලද චෝදනා ඔප්පු කරන්නැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජ


හොරපාරේ ගිය බීඩි කොල පොලීසියට මාට්ටු
2024 ඔක්තෝබර් මස 02 52 0

ආරච්චිකට්ටුව මුතුපංතිය මුහුදු වෙරලේ සිට හලාවත පුත්තලම ප්‍රධාන මාරගයට පිවිසෙන අතුරු මර්ගයේ බීඩිකොල තොගයක් ප්‍රවාහනය කළ නවීන වර්ගයේ වැගන්ආර් රථයක් ස


’’දැඩිගම’’ නම - වෙළඳ ලකුණ මහනුවර සමාගමකට තහනම් කරයි
2024 ඔක්තෝබර් මස 02 384 0

’’දැඩිගම’’ නම භාවිතා කර රත්තරන් උකස් භාණ්ඩ ව්‍යාපාරයක නිරතවුයේ යැයි කියන මහනුවර පුද්ගලික සමාගමකට ’’දැඩිගම’’ නම සහිත වෙළඳ ලකුණ භාවිතය වළක්වමින් අතු


මත්පැන් මුදලාලිලාට බදු ගෙවන්න කාලය දෙයි
2024 ඔක්තෝබර් මස 02 484 0

මත්පැන් නිෂ්පාදකයන් රජයට ගෙවීම පැහැර හැරී හිඟ බදු ගෙවීමට ලබන 30 වැනිදා දක්වා කාලය ලබාදී ඇතැයි සුරා බුදු කොමසාරිස් ජනරාල් එම්ජේ ගුණසිරි මහතා පැවසීය.


බස් ගාස්තු ගැන බස් සංගම් චෝදනා කරයි
2024 ඔක්තෝබර් මස 02 694 0

ඉන්ධන මිල අඩු කිරීමට සාපේක්ෂව බස් ගාස්තු අඩු කිරීම ප්‍රමාණවත් නොවන බවත් අවම ගාස්තුව රුපියල් 25 ක් කළ යතු බවත් බස් සංගම් ප්‍රකාශ කරයි.


ලාංකිකයන්ට ජපන් උගන්වන බව ජපාන තානාපති කියයි
2024 ඔක්තෝබර් මස 02 985 0

දූෂණයෙන් තොර සහ නිවැරදි රාජ්‍ය පාලනයක් බිහි කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගෙන යන වැඩපිළිවෙළට ජපාන රජයේ පූර්ණ සහාය ලබා දෙන බව ශ්‍රී ලංකාවේ ජ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38651 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25413 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 279 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 947 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 330 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site