IMG-LOGO

2024 නොවැම්බර් මස 17 වන ඉරිදා


ගුවන්යානා ඉන්ධන ගෙන්වීම පෞද්ගලික අංශයට

(සුජිත් හේවාජුලිගේ )

ගුවන්යානා ඉන්ධන ගෙන්වීම සඳහා  පෞද්ගලික අංශයට අවසරදීමට වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවකට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇත.

ඇමැතිවරයා මෙම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර ඇත්තේ  විදේශ විනිමය අර්බුදය හේතුවෙන් ඛණිජ තෙල් නීතිගත සංස්ථාවට   ගුවන්යානා ඉන්ධන සැපයීම  දුෂ්කරවීම සැලකිල්ලට ගෙනය.

ශ්‍රී ලංකාවට පැමිණෙන  ගුවන් යානා සඳහා ගුවන් යානා ඉන්ධන  ලබාගැනීමේදී මතුවී ඇති දැඩි අර්බුදය සම්බන්ධයෙන් ගුවන් සේවා සමාගම්හි නියෝජිතයන් හා ලංකාවේ  ඉන්ධන තොග ගබඩාකරුවන් සමඟ  අමාත්‍යාංශයේදී  පසුගිය 24 වැනිදා පැවැත්වූ   සාකච්ඡාවකින් පසු  තමා මෙම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කළ බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.

ශ්‍රී ලංකාවේ  ගුවන් යානා ඉන්ධන ගබඩාකරණය දුර්වලවීම නිසා මේ වනවිටත් සමහර ගුවන් සමාගම් සිය ගුවන් යානා  ශ්‍රී ලංකාවට පියාසර කිරීම අඩු කර ඇතැයි ගුවන් සමාගම් නියෝජිතයෝ  මෙහිදී පෙන්වා දුන්හ.

මෙරටට ගුවන් යානා ඉන්ධන ගෙන්වීමේ ඒකාධිකාරය ඇත්තේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට බවත්, ගුවන් යානා ඉන්ධන ගෙන්වීමට, ගබඩා කිරීමට සහ අලෙවියට තම ආයතනවලට අවසර දෙන්නේ නම් එය ඉටු කිරීමට  හැකියාව ඇති බවත්  ඉන්ධන තොග ගබඩා කරුවන්  මෙහිදී සඳහන් කර ඇත.

ගුවන් යානා පැමිණීම  විනිමය අර්බුදය හමුවේ තවදුරටත් අඩු වුවහොත් මෙරට සංචාරක කර්මාන්තය,අපනයනය,විදෙස් ආයෝජන  මෙන්ම ශ්‍රී ලංකාවෙන් විදේශ රැකියා සඳහා යන අයට එය තදින්ම බලපාන බැවින් පවතින නීතිරීති සංශෝධනය කර හෝ මෙම අවස්ථාව  ජයගත යුතු බව අමාත්‍යවරයා අවධාරණය කළේය.

මෙම පනත් සංශෝධනය කිරීමට කාලයක් ගත වන හෙයින් එතෙක් කෙටි කාලයකට රජයේ  ප්‍රතිපත්තිමය තීරණයක් ලෙස, අමාත්‍ය මණ්ඩලයේද   අනුමැතිය යටතේ පෞද්ගලික අංශයේ ඉන්ධන තොග ගබඩා කරුවන්ට ඉන්ධන ආනයනය කිරීමේ  අවස්ථාව ලබාදීමට   අමාත්‍යවරයා තීරණය කර ඇත.

මෙම කටයුත්තට උපරිම සහායදීමට ගුවන් සේවා අධිකාරියටද ගුවන් සේවා සමාගමටද අමාත්‍යවරයා මෙහිදී උපදෙස් දුන් අතර රේගුව,ඛණිජ තෙල් සංස්ථාව ඇතුළු සෙසු ආයතනද  ඊට සහය ලබාදිය යුතු බවට මෙම කැබිනට් පත්‍රිකාවෙන් විධිවිධාන සලසා ඇතැයි  අමාත්‍යවරයා මෙහිදී ඉන්ධන තොග ගබඩාකරුවන්ට පෙන්වා දුන්නේය.

කටුනායක ගුවන් තොටුපොළ දෙවන පර්යන්තය ඉදි කිරීමේ නිරත ටායිසෙයි සමාගමද ඉන්ධන  ලබා ගැනීමේ අර්බුදයට මුහුණ දී සිටින බැවින්,ඔවුන්ටද  ඉන්ධන  ලබාදීමට සහය වන ලෙස අමාත්‍යවරයා ඉන්ධන  තොග ගබඩාකරුවන් ගෙන්  මෙහිදී  ඉල්ලා සිටියේය.

මෙම සාකච්ඡාවට අමාත්‍යංශයේ ලේකම් කේ.ඩී. එච් රුවන්චන්ද්‍ර ගුවන් තොටුපොළ හා ගුවන් සේවා සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ජී.ඒ.චන්ද්‍රසිරි ,සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් කපිතාන් තේමිය අබේවික්‍රම , ඉන්ධන තොග ගබඩාකරුවන්ගේ නියෝජිතයන්  එමිරේට්ස්,ශ්‍රී ලංකන්,ගුවන් සමාගම්වල නියෝජිතයන්ද ඛණිජ තෙල් සංස්ථාවේ නිලධාරින්  ඇතුළු පිරිසක්ද සහභාගි වූහ.



අදහස් (1)

ගුවන්යානා ඉන්ධන ගෙන්වීම පෞද්ගලික අංශයට

Sam Wednesday, 29 June 2022 04:35 PM

අවුරුදු 30 ක යුද්ධයක් ඉවරවෙලා තවත් අවුරුදු 12 ක් ගියතැන තමයි ප්‍රශ්න පිට ප්‍රශ්න එන්න ගත්තේ... කෙසේ හෝ වේවා හදිසි සේවා සැලසුම් කියන ඒවා දැන් අපේ පරිපාලයෙන් සේදී ගිහින් අවසන් වෙලා. නැත්නම් තෙල් ටැංකි හිස්වෙලා ගියාට පස්සෙනේ සියල්ලන්ම තීරණයක් ගන්නවෙලා තියෙන්නේ අපිට ඉන්ධන නැති නිසා ඒවා වෙනත් තෙල් ගෙනඑන්න පුළුවන් සමාගම් වෙතට පවරන්න කියලා. ලෝකයේ ඉතාම නොදියුණු රජයන් තමයි ඉන්ධන ගෙන්වා තම රජයන් විසින්ම බෙදා හැරීම් කරන්නේ... මෙවැනි රාජ්‍යයන් තෙල් සමාගම්වලට නොදී ඒකාධිකාරයක් තමන් විසින්ම කරන්නේ ඒ අයගේ පැවැත්ම සහ ආණ්ඩුවේ ලාභ උපයන්නේ නැති සමාගම්වල වියදමට ඉන්ධන ණයට දීමෙන් එවැනි ආයතන දුව වන්නයි කියලයි මට නම් හිතෙන්නේ... නැත්නම් තෙල්මිල වැඩි වෙනකොට සහ USD එක ඉහළ යනකොටවත් පරිපාලනයේ සිටින ඉහළ උදවියට තේරුම් යන්නේ නැත්ද මෙය දරා ගන්න බැරි USD සංසරණයක් අවශ්‍ය වෙනවා කියලා. ඒ නිසා ටිකින්ටික ඉන්ධන උපයන සහ වෙළඳාම් කරන සමාගම්වලට නැවතත් එන්න කියලා කොටස් වශයෙන් බෙදාගෙන ඉන්ධන ප්‍රශ්නය විසඳාගන්න තිබුණා නේද? මීට කලින්... අපේ රටේ මෙවැනි කිසිම උපාය මාර්ගයක් පහුගිය අවුරුදු 30 ට 40 කටවත් නැති වුනේ කෙසේද?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දිලිත් ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට
2024 නොවැම්බර් මස 17 1 0

‘සර්වජන බලය’ පක්‍ෂයේ නෘයක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා එම පක්‍ෂයට ලැබුණු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සඳහා පත්කරන බව එම පක්‍ෂයේ මහ ලේකම් නීතඥ රන්ජන් ස


මත් ජාවාරමට සම්බන්ධ කොස්තාපල්වරයෙක් මාට්ටු
2024 නොවැම්බර් මස 17 273 1

ප්‍රසිද්ධ ටෙලි නළුවකුගේ පුතෙකු ඩුබායි රාජ්‍යයේ සැඟව සිට මෙහෙයවන මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගත් බව ප


කෙසෙල් කැනේ හබේ දුර දිග ගිහින් පොල්ලකින් ගසා මරලා
2024 නොවැම්බර් මස 17 302 1

කෙසෙල් කැනක් හොරෙන් කැමීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඇතිවූ බහින්බස්වීමක් දුර දිග යාමෙන් ඇතිවූ ගැටුමකින් රත්තොට නාගුලියක්ද ප්‍රදේශයේ පදිංචි වයස අවුරුද


‘මිනී පෙට්ටි අවන්හලක්‘
2024 නොවැම්බර් මස 17 723 0

ජීවිතය පිළිබඳ ආපසු හැරී බැලීමටත් මරණය පිළිබඳ අත් දැකීමක් ලබා ගැනීමටත් අවස්ථාව ලබා දීම සඳහා අද්විතීය තේමාවක් යටතේ ජපානයේ කජියා හොන්ටෙන් මල් ශාලාව ’’ම


නවතා තිබූ ට්‍රක් රථයේ ගැටී නාවික භටයා මරුට
2024 නොවැම්බර් මස 17 347 0

ත්‍රිකුණාමලය - මඩකලපුව ප්‍රධාන මාර්ගයේ ලංකා පටුන හන්දියේදී ඊයේ (16) රාත්‍රියේ සිදුවූ රිය අනතුරකින් නාවික භටයකු මිය ගිය බව ඊච්චලම්පත්තු පොලිසිය කියයි .


දියණියගේ පෙමට උරණවී පෙම්වතාට පහරදුන් පියා අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 17 865 3

පහළොස් හැවිරිදී තම දියණිය සමඟ ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන ගියායැයි උරණ වූ උසස් පෙළ විභාගය සඳහා අධ්‍යාපනය ලබන සිසුවෙකුට අමානුෂික ලෙස පහර දුන් පියෙ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 338 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 623 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1781 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site