(ටී.කේ.ජී.කපිල )
කටුනායක ගුවන් තොටුපොළෙන් ඉන්දියාව , මැදපෙරදිග සහ තායිලන්තය බලා පිටත්ව යාමට නියමිත ගුවන් යානා 07 ක් අද (27 ) සිය ගුවන් ගමන් අවලංගු කර ඇති බව කටුනායක ගුවන් තොටුපොළ ගුවන් යානා තොරතුරු මධ්‍යස්ථානයේ ප්‍රකාශිකාවක පැවසුවාය .
මෙම ගුවන් යානා අතරින් 06 ක් ම ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් ගුවන් යානා වීම විශේෂත්වයකි .
ඒ අනුව අද (27 ) අලුයම 01.10 ට ඉන්දියාවේ බැංගලෝර් නුවර බලා පිටත්ව යාමට නියමිතව තිබූ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.-173 දරන ගුවන් යානය , එදිනම අලුයම 01.15 ට තායිලන්තයේ බැංකොක් නුවර බලා පිටත්ව යාමට නියමිත ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 402 දරන ගුවන් යානය එදිනම දහවල් 01.45 ට ඉන්දියාවේ චෙන්නායි නුවර බලා පිටත්ව යාමට නියමිත ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 127 දරන ගුවන් යානය ද එසේ කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත් වීම අවලංගු වී තිබේ .
මීට අමතරව අද(27) දින පස්වරු 05.10 ට ඉන්දියාවේ මුම්බායි නුවර බලා පිටත්ව යාමට නියමිත ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 143 දරන ගුවන් යානය ද , එදිනම රාත්‍රී 06.30 ට දමාම් නුවර බලා පිටත්ව යාමට නියමිත ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 263 දරන ගුවන් යානය ද , එදිනම රාත්‍රී 06.50 ට අබුඩාබි නුවර බලා පිටත්ව යාමට නියමිත ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 207 දරන ගුවන් යානය ද පිටත්ව යාම අවලංගු කර තිබෙන බව එම ප්‍රකාශිකාව පැවසුවාය
අද(/27) අලුයම 02.25 ට ඉන්දියාවේ චෙන්නායි නුවර බලා කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව යාමට නියමිතව තිබූ ස්පයිස් ජෙට් ගුවන් සේවයේ එස්.ජී.- 002 දරන ගුවන් යානය ද සිය ගුවන් ගමන අවලංගු කර ඇති බව ගුවන් යානා තොරතුරු මධ්‍යස්ථානයේ ප්‍රකාශිකාව වැඩිදුරටත් පැවසුවාය .
කෙසේ නමුත් මේ පිලිබදව අදහස් දැවු ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ආයතනික සන්නිවේදන අංශයේ ප්‍රධානී දීපාල් පෙරේරා මහතා පැවසුයේ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානා 06 ක් අද (27 ) අවලංගු වී ඇති බව ප්‍රකාශයට පත් වී තිබුණ ද , එම ගුවන් ගමන් අවලංගු වීම් නොව ප්‍රමාද වීම් බවයි
පාතාල කල්ලි නායක සංජීව කුමාර සමරරත්න නොහොත් ගනේමුල්ල සංජීව නමැත්තා කොළඹ අලුත් කඩේ අධිකරණයේදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ආධාර අනුබල
පැය 30 ක පාස්කු සටන් විරාමය ප්‍රකාශයට පත්කර පැය කීපයක් ගතවන්නටත් මත්තෙන් රුසියාව ඩ්‍රෝන 96 ක් සහ මිසයිල 3 ක් භාවිත කරමින් යුක්රේනයේ ප්‍රදේශ කීපයකට ප්‍රහා
පළාත් පාලන මැතිවරණයේදී තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අනන්‍යතාව තහවුරු කළ හැකි පිළිගත් ලියවිලි 5 ක් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර තිබේ.
පාස්කු ප්‍රහාරය සිදුවී ගෙවුණු අවුරුදු හයෙන් පහ මාරක්ම තිබුණේ පාස්කු ප්‍රහාරයේ විමර්ශන කරන ආණ්ඩු නොව විමර්ශන යටපත් කරන ආණ්ඩු බව ජනාධිපති අනුර කුමාර ද
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ මහා මොළකරුවා හෙළිකරන්නේ යැයි මහා විශාලා ඝෝෂාවක් නගමින් වර්තමාන අණ්ඩුව අසත්‍ය ප්‍රකාශ කළේ යැයි මේ වන විට රටටම පැහැදි්
රටේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළව ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම සඳහා වන ආහාර සුරක්ෂිතතා කමිටුව කොළඹ ජනාධිපති කාර්යාලයේදී අද 6 වන වරටත් රැස් විය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ගුවන් ගමන් හතක් අදත් අවලංගුයි
Lal Tuesday, 27 February 2024 11:10 AM
මේ ජෙප්පන්ගේ කඩාකප්පල් කාරී වැඩනේද...? ටිකින් ටික ඔලුව උස්සනවාට මොවුන් කැමැති නෑ..!
Ruwan Tuesday, 27 February 2024 11:15 AM
මිනිස්සුන්ට වෙන පාඩුවට වගකියන්නේ කවුද? මේ කරන්න හදන්නේ පෞද්ගලීකරණය සාධනීය දෙයක් කියලා ඔප්පු කරවන්න නේද...?
sam Tuesday, 27 February 2024 12:04 PM
මේ කරන්නේ විකුණන්න කරන සෙල්ලමක්. මොවුන්ට ඕනෙ රටම විකුණන් කන්නයි.
රංබොඩ Tuesday, 27 February 2024 12:08 PM
අපි දැන් තෝරාගන්නේ වෙනත් ගුවන් සේවා...! මෙයාලාට ඒක වහගන්නනේ අවශ්‍ය වෙලා තියෙන්නේ...!
de silva Tuesday, 27 February 2024 01:55 PM
කරුණාකර ගුවන් හමුදාව ඇතුළු රජයේ වෙනත් ආයතන හෝ පුද්ගලික ආයතන සම්බන්ධ කරගෙන කලට වෙලාවට නිසි ප්‍රමිතියක් ඇති යානා ගුවන් ගතකරන්න බලන්න... කරන්න බැරි නම් මේක වහලා දමන්න... මෙහෙම එදාවේල ටුවර්ස් වගේ දුවලා අබලන් යානයක් කඩා වැටුණොත් මනුස්ස ජීවිත විනාශ වෙන බව සිතට ගන්න...