(විමල් කීර්ති)
ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන පරිදි කටුනායක ගුවන්තොටුපොළට රහසිගතව ඇතුලු වී ජපානය බලා ගමන් ආරම්භ කිරීමට නියමිත ගුවන් යානයක් තුළ වාඩි වී සිටියදී අත්අඩංගුවට පුද්ගලයා සම්බන්ධයෙන් වාහා විශේෂ පරීක්ෂණයක් ආරම්භ කරන්නැයි මීගමුව වැඩබලන මහේස්ත්‍රාත් ඉන්දික සිල්වා මහතා අද නියෝග කළේය.
අත්අඩංගුවට ගත් සැකකරු ලබන 6 වැනි දා තෙක් රිමාන්ඩ් බාරයේ තබන්නැයි ද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
මෙසේ රිමාන්ඩ් බාරයට පත් කරන ලද්දේ වත්තල හැඳල පදිංචි ඒ.පී.සුදාගර් ඉන්ද්‍රජිත් නමැත්තෙකි.
සැකකරු කලක් ජපානයේ රැකියාව කර පසුව විවාහයක් කරගැනීම සඳහා ලංකාවට පැමිණි අයකු බවත් පසුව ජපානයට යළි යන බව බිරියට පවසා ඊයේ (30) වැනිදා නිවෙසින් පිටව ගොස් ඇතැයි මෙතෙක් සිදු කළ මූලික විමර්ශනවලින් අනාවරණය වූ බව පොලිසිය අධිකරණයට දැන්වීය.
සැකකරුට ජපානයට යාම සඳහා කිසිදු ලේඛනයක් ඔහු අත නොතිබූ බව ද අධිකරණයේදී කියැවිණි.
ඉදිරි මාස හතරහ මාරක කාලය සඳහා ප්‍රමාණවත් ඉන්සියුලින් තොග රජය විසින් බෙදා හැර අවසන් බැවින් ඒ සම්බන්ධයෙන් අනියත බියක් ඇතිකර නොගන්නා ලෙස කැබිනට් මාධ්‍ය
චීන මහජන සමූහාණ්ඩුවේ ෂැංහයි නාගරික මහජන කොංග්‍රසයේ (SCSMPC) ස්ථාවර කමිටුවේ උප සභාපති ෂැං ක්වාන් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නියෝජිත පිරිසක් කථානායක වෛද්
කටුනායක ප්‍රදේශයේ ව්‍යාපාරක කටයුතු කරනු ලබන අංජන නමැත්තකුට වෙඩි තැබීමට නියෝගය ලැබී ඇත්තේ ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින සංවිධානාත්ම අපරාධ කරුවකු වන හ
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවසන් කැමැත්තට අනුව, එතුමන්ගේ අවසන් කටයුතු සිදුවනු ඇතැයි වතිකානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. පාප්තුමන්ගේ අවස
රාජ්‍ය අනුමැතියකට යටත්ව අධ්‍යාපන කටයුතු, සහ විශේෂ භාර හාර ආදිය ඔප්පු කිරීම වැනි සීමිත අවස්ථාවන් සඳහා පමණක් අවාරයේ සිරිපා වන්දනාවට අවසර දීම යෝග්‍ය බව ශ
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ පල්ලියට නව රැඩිකල් චින්තනයක් ගෙන ආ බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාපාත් වහන්සේගේ අභාවය වෙනුවෙන් ශෝක ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
‘‘ගුවන් යානයකට හොරෙන් රිංගීම ජාතික ආරක්ෂාවට තර්ජනයක්‘‘
ajith Sunday, 01 October 2023 07:07 PM
ගුවන්තොටුපොළට "රහසිගතව ඇතුලු වී ජපානය බලා ගමන් ආරම්භ කිරීමට නියමිත ගුවන් යානයක් තුළ වාඩි වී සිටියදී" අත්අඩංගුවට ගත පුද්ගලයා පිළිබද සොයාගැනීමට cctv දර්ශන මගින් සොයා ගත හැකිවනු ඇත. සහ එයට සහයෝගය දුන් පුද්ගලයින්ද සොයාගත හැකිවනු ඇත. ගුවන්යානයේ අසුන්ගෙන සිටි පුද්ගලයා මෙන්ම එම පුද්ගලයා ගුවන් තොටුපලට ඇතුළුවීමේ සිට ගුවන් යානයට ඇතුළු වීම දක්වා සිටි පුද්ගලයින්ද වගකිව යුතුවේ...
chandima Sunday, 01 October 2023 08:46 PM
ලේඛන තියෙන්න ඇති. ඔලුව මාරුකරලා නිසා පෙන්නන්න නැතිව ඇති... සීසීටීවී වලින් බලලා එදා නිවාඩු ගිහින් තියෙද්දිත් ආගමන විගමන පැත්තේ කැරකුණු ආගමන විගමන නිලධාරීන් කවුද කියලා බැලුවා නම් හරියට අහගන්න තිබුණා.
සමන් Sunday, 01 October 2023 09:13 PM
කටුනායක ගුවන්තොටුපලේ බොහෝ තැන්වල සීසීටීවී පද්ධති තිබෙනවාද දන්නේ නෑ. අවුරුදු ගාණකට කලින් ඒවා සවි කරන්න ගියාම අපේ අගනා ආගමන විගමන නිලධාරී සංගමය විරුද්ධවෙලා ස්ට්‍රයික් කරන්න ගියා... ඒවා එයාලගේ වැඩට බාධාවක් කියලා. ඒ නිසා ඒ වැඩේ නවත්වන්න වුණා. ඒ නිසා තමයි අදත් කට්ටිය නිදහසේ ඔය සෙල්ලම් ගෙනියන්නේ.
Prabha Sunday, 01 October 2023 09:27 PM
සල්ලි දෙනවා නම් අපේ එයාර්පෝර්ට් එකෙන් හඳට වුණත් යන්න පුළුවන්...!
Piyal weerasinghe Sunday, 01 October 2023 09:56 PM
සිත නිවන කතාවක් .මෙතන අලගිය තැන් මුල gගිය තැන් එකක් නැර හරිම ලේසි යෙන් හොයාගන්න පුලුවන් .නත්නම් අපිටත් බස් එකෙන් පිටකොටුවේ යනවගෙ වැඩක් ?
beau Sunday, 01 October 2023 11:35 PM
වේලාසනම ගිහින් ශීට් එකක් අල්ලාගෙන වගේ.අපිත් චූටි කාලේ ඔහොම වැඩ කළා.වන්දනා යන බස් එකට වේලාසනම නැගලා ජනේලය ළඟ ශීට් එකක් අල්ලා ගත්තා .හ හා
බක්මීගොල්ල Monday, 02 October 2023 12:21 AM
මේ මොන විහිළුවක්ද. බසෙකකටවත් නගින්න බැහැනේ මේ කොන්දට හොරෙන්. දැන් ඒ තරමට ආරක්ෂාව බුරුල් කරලා ගුවනතොටේ. හෙට අනිද්දා කියයි ගුවන්යනයක් අස්ථාන ගතවෙලා කියලා. මේ යන විදියට ඕවත් උස්සන්න බැරි කමක් නෑ. අපේ ඇමතිතුමා හැබැයි ඕවා හොඳට හොයලා බලනවා. මූ කොහොම රින්ගුවද මන්දා.ගෙදර හාමිනේටත් කියලා ඇවිත් තියෙන්නේ ස්ථිර වශයෙන්ම යන්න පුළුවන් බව දැනගෙනයි.
Bunny Preena Monday, 02 October 2023 10:35 AM
ගුවන් තොටුපොලේ කාර්ය මන්ඩලයෙ කිසිවෙකුගෙ සහයක් නොමෙතිව ඔහුට එවනි දෙයක් කල නොහැකිය.
Sudath Monday, 02 October 2023 10:53 AM
කීදෙනෙක් පහුකරගෙන යන්න ඔනඩ .හරිනම් එැඩ වඩකරපු සියලු දෙනාටම වග කියන්න ඔන . ඔය වැඩ වලට ස්ට්‍රියිත් කරන අරගල කරන අය සම්බන්ඩ අති .එයලට මෙ රට වෙන අයට දෙන්න ඔන .රටට අාදරෙ නෑ .
ranjith Monday, 02 October 2023 11:09 AM
ෆලයිට් එක ඇතුලට යන්න තරම් දුරක් ගිය එක ගැන ඔය සේවක මණ්ඩලය ලජ්ජා විය උතුයි.
පිටිගල මිලානෝ Monday, 02 October 2023 11:38 AM
ඉතාලියටද මෙවැනි අද්භූත පුද්ගලයන් එයාර්ලංකා කාලයේ සිටම පැමිනියා. එයාර්ලංකා ස්ටුවර්ඩ් කෙනෙක් ලෙස වැඩ කල සහෝදර සහෝදරියන් සියල්ලම මිලානෝ සහ ස්විස් සිටින මීගමු හාදයෙක් ඒදවස්වල මේ වැඩේ ටක්කෙටම කරා.
පිටිගල මිලානෝ Monday, 02 October 2023 11:45 AM
මොහු යානයට නගිනතුරු භාවිතා කල පාස්පෝට් එක තිබෙන්නේ යානයේම සිටින වෙනත් මගියෙක් ළගයි. ඔහු එය නැවත ලංකාවට යවනවා. මට මගේ නොවන මගේම පාස්පෝට් එකක් තිබුනා……
විජේ Monday, 02 October 2023 12:24 PM
මෙතන මෙහෙමනං රටේ අනිත් ස්තානගැන කවර කතාද. කට්‍ටිය වැඩී කියලා ආරක්ශක අංශවල සාමාජික සංක්‍යාව අඩුකරන්නයි තව කතාව. ඇයි මෙයා රාජ්‍ය ආරක්ෂාව ගැන මෙච්චරටම නොසැලකිලිමත්???
Pradeep Kumara Monday, 02 October 2023 01:01 PM
එච්චර දෙයක් අදාල බලධාරීන්ට හසුනොවී කළා කියන්නේ..., ගුවන්තොටුපළට ත්‍රස්තවාදීන් බෝම්බ ගහපු එක පුදුමයක් නෙමෙයි...
de silva berlin Monday, 02 October 2023 01:39 PM
පිටිගල මිලනෝගේ අදහස මමත් අනුමත කරනවා. සමහරු මෙම ක්‍රමයට යුරෝපෙට බැස්සා, මේක කරන්න ශ්‍රී ලන්කන් චෙකින් කවුන්ටරෙන් සහ bordin ගේට් එකෙනුත් සහයෝගයක් අවශ්‍ය වෙනවා... මේ වැඩේට ශ්‍රී ලන්කන් නිලධාරීන් දෙදෙනෙකුගේ හෝ වැඩි ගණනක සහයෝගය අවශ්‍ය වෙනවා.. CCTV සහ අනෙකුත් දත්ත පරික්ෂා කළානම් මේ හොරකම අනිවාර්යයෙන්ම අල්ලා ගන්න පුළුවන්... නමුත් මම හිතන්නේ නැහැ එහෙම සිදුවේවි කියලා. ඕක ඇතුලේ රේගු, ආගමන විගමන, ශ්‍රී ලංකන් වල ඉන්න නිලධාරීන්ගෙන් 95% හොරු ඔක්කොම යාලුවෝ..., දැනටමත් දත්ත මකලා ඇති..., කරුණාකර ලංකාවේ ගුවන්තොටුපලේදී ඔබගේ වටිනා රත්‍රන්, මුදල් වැනි වටිනා බඩු සහ ලියකියැවිලි (පිටරට වීසා අඩංගු ගුවන් ගමන් බලපත්) වැනි දේවල් පරිස්සම් කරගන්න... ගුවන්තොටුපලේදී කලබල වෙන්න එපා සිහිකල්පනාවෙන් වැඩ කරන්න. මේක ඇතුලේ ඉන්නේ හොරු... අනවශ්‍ය පෝලිම් වැනි දේවල් නිර්මාණයකර මිනිස්සුන්ගේ මනස අවුල්කර පික්පොකට් ගැසීම සූක්ෂම ලෙස කරනවා...
kamal Monday, 02 October 2023 04:09 PM
මෙවැනි දෙයක් බොහෝ විට කළහැක්කේ ඇතුලේ කෙනෙකුගේ උපකාරයෙන් පමණයි. දුෂිත නිලධාරීන් සිටින රටක, මෙවැනි දෙයක් සිදුවීම එතරම් පුදුමයට කරුණක් නොවේ...
suminda Monday, 02 October 2023 05:23 PM
තවත් එක නාට්‍යයක ආරම්භයක්...
AKS aththanagoda Monday, 02 October 2023 06:52 PM
කටුනායක ගුවන් තොටුපල හොර ගුහාවක්..., රටේ නායකයා බැංකු හොරෙක්...
Sampath Tuesday, 10 October 2023 06:58 PM
ගුවන් තොටුපළේ අපි යනකොට නම් හැම රෙද්දම බලලා බෙල්ට් ගලවලා පසුම්බි ස්කෑන් කරලා පැය ගණන් රස්තියාදු කරලා බෝඩින් කරන්නේ ඔය වගේ යන්න පුළුවන් නම් සැප්තැම්බර් ප්‍රහාරය වගේ දෙයක් වුණත් වෙන්න පුළුවන් නේ... ඔය මනුස්සයා හොරාට යන්න ආවා වෙන්න ඇති නමුත් මේක මොන තරම් භයානකද? එදා වැඩකරපු සියලු දෙනාගේ සේවය අත්හිටුවන්න ඕනේ.