IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


ගුවන් යානයේ හදිසි දොර අරින්න ගිහින් අම්බානෙක ගුටිකයි

පැනමා කෝපා එයාර්ලයින්ස් ගුවන් සේවයට අයත් ගුවන් යානයක ගමන් කරමින් සිටි මගියකු යානයේ ගමන් කරමින් සිටිද්දී, එහි දොර විවෘත කිරීමට උත්සාහ කළේය.

ගුවන් සේවිකාවන්ට සහාය දක්වමින් සෙසු මගීන් ද එම මගියා සමග පොර බදා පහර දී ඔහුට සිහිසුන් වනතුරු පහර දී අඩපණ කිරීමට සමත් විය. මෙය සිදුවූයේ බ්‍රසීලයේ සිට පැනමාව බලා පියාසර කරමින් තිබූ ගුවන් යානයකය.

ගුවන් යානය ගොඩබැස්වීමට මිනිත්තු 30කට පමණ පෙර එම පුද්ගලයා ආහාර බන්දේසියේ තිබූ ප්ලාස්ටික් පිහියක් රැගෙන ගුවන් යානයේ පිටුපසට දිව ගොස් දොර විවෘත කිරීමේ අරමුණින් ගුවන් සේවිකාවක් ප්‍රාණ ඇපයට ගැනීමට උත්සාහ කළේය.

එම පුද්ගලයා ශක්තිමත් අයකු වූ බැවින්, ඔහුව පාලනය කිරීමට මගීන්ට අපහසු වී ඇති නමුත්, ඔහුට පහර දීමෙන් පසු ඔහුව පාලනය කිරීමට සෙසු මගීන් සමත් වී විය. සෙසු මගීන් ඔහු සිහිසුන් වන තුරු පහර දුන්නේ ඉන් අනතුරුවය.



අදහස් (3)

ගුවන් යානයේ හදිසි දොර අරින්න ගිහින් අම්බානෙක ගුටිකයි

Ruhunu Thursday, 07 November 2024 01:58 PM

බෙහෙත් හොරාගේ පුතා වගේ.

:       2       73

කෙළවෙච්ච ලිය Thursday, 07 November 2024 06:25 PM

මේ පාර නම් මගේ පුතා නෙවෙයි කොල්ලනේ...!

:       1       34

Venrix Saturday, 09 November 2024 08:29 AM

ශුවර් එකටම ළපයගේ පුතෙක්...

:       1       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දුන්හිඳ බස් අනතුරේ තවත් සිසුවෙක් මරුට
2024 නොවැම්බර් මස 23 647 0

බදුල්ල දුන්හිඳ අබගහඔය 5 කනුව ප්‍රදේශයේදී ඉකුත දා සිදු බස් අනතුරින් තුවාල ලබා සිටි තවත් සිසුවකු අද මියගිය බව පොලිසිය කියයි.


උත්සව සමයේ වැටලීම් වැඩිකරන්න කියයි
2024 නොවැම්බර් මස 23 276 0

එළැඹෙන උත්සවය සමය වෙනුවෙන් ලබන ජනවාරි මස 15 වෙනි දින දක්වා දිවයින පුරා වැටලීම් සහ විමර්ශන වැඩසටහන් ක්‍රියාත්මක කරන ලෙසට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකා


සිලින්ඩරයේ ජාතික ලැයිස්තුවට ශ්‍රීලනිපයත් සටනට
2024 නොවැම්බර් මස 23 955 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ලැබී ඇති ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙකෙන් අනෙක් මන්ත්‍රී ධූරය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලබා දෙන ලෙස එම පක්ෂය ඉල්ලීමක්


වඳුරව නිධානය කළුගල් ගොඩක්
2024 නොවැම්බර් මස 23 4004 0

පුරා දින තුනක් තිස්සේ කැණීමට ලක් කරනු ලැබූ වේයන්ගොඩ වඳුරව නිදන් ඇතැයි කියන ස්ථානයෙන් ගොඩ ගැනුණු විවිධ ප්‍රමාණයේ ගල් කුට්ටි විස්සක් විදුම් යන්ත්‍රයක


IMF ලංකාව ගැන ගත් තීරණය
2024 නොවැම්බර් මස 23 1964 0

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති ආධාර වැඩසටහනේ ප්‍රගතිය සම්බන්ධයෙන් කළ තෙවැනි සමාලෝචනය අවසන් කරමින් ශ්‍රී ලංකා බලධාරීන් සහ ජාත්‍යන්තර මූල්


පුංචි සභා මැතිවරණය ලබන වසර මුල
2024 නොවැම්බර් මස 23 1093 0

පළාත් පාලන මැතිවරණය ලබන වසරේ මුලදී පැවැත්වීමට තීරණය කර ඇතැයි විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 500 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 715 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2008 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site