IMG-LOGO

2025 අප්‍රේල් මස 21 වන සඳුදා


ගුවන් යානා ඉන්ධන තොගයක් පළමු පරීක්ෂණයෙන් අසමත්

(ඩයනා උදයංගනී සහ නිමල කොඩිතුවක්කු)

ලංකා ඛනිජ තෙල් සංස්ථාව මගින් ඉන්දියාවෙන් ගෙන්වා ඇති ගුවන් යානා ඉන්ධන තොගයක් පළමු තත්ත්ව පරීක්‍ෂාවේදී අසමත් වී ඇති බව වාර්තා වේ. ඒ සම්බන්ධයෙන් ඛනිජතෙල් හා පෙට්‍රෝලියම් වායු  අමාත්‍යාංශයේ ලේකම් උපාලි මාරසිංහ මහතාගෙන් කරන ලද විමසීමකදී කියා සිටියේ පළමු පරීක්ෂණය අසමත් බැවින් එම තෙල් තොගය දෙවැනි තත්ත්ව පරීක්‍ෂාව සඳහා යොමු කරන බවයි. 
කෙසේ වෙතත්  ගුවන් යානා සඳහා කිසිසේත්ම බාල තෙල් වෙළඳපලට නිකුත් නොකරන බවත් උපාලි මාරසිංහ මහතා වැඩිදුරටත් පැවසීය. 
මෙට්ට්‍රික් ටොන් 10,000ක් වන එම තෙල් තොගය මේ වන විටත් දෙවන තත්ත්ව පරීක්‍ෂාව සඳහා යොමු කර ඇතැයි ද ලේකම්වරයා ලංකාදීපයට පැවසීය. 
එහි ප්‍රතිඵලය ලැබුණු පසු මෙම තෙල් තොගය සම්බන්ධයෙන් තීන්දුවක් ගන්නා බව කී ලේකම්වරයා මෙම තෙල් තොගය ගෙන්වා ඇත්තේ ඉන්දියන් තෙල් සමාගම විසින් බවට පළවන වාර්තා තමන් ප්‍රතික්‍ෂේප කරන බව ද කීවේය.
මේ වන විට ශ්‍රී ලංකාවේ ගුවන් යානා ඉන්ධන අලෙවිය ඉහළ ගොස් ඇති බැවින් ඉන්ධන නෞකා දෙකක් ඇනවුම් කර ඇති බවත්, ඉන් එකක් මෙය වන අතර මෙට්ට්‍රික් ටොන් 20,000ක අනෙක් නෞකාව ද මේ වන විට කොළඹ වරායට සේන්දු වී ඇති බැවින් ගුවන් යානා ඉන්ධන හිගයක් කිසිසේත් ඇතිනොවන බවත් මාරසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.



අදහස් (20)

ගුවන් යානා ඉන්ධන තොගයක් පළමු පරීක්ෂණයෙන් අසමත්

අප්පුහාමි Wednesday, 13 December 2017 04:55 PM

ඉන්දියාව කියන රට ලංකාවටත් වැඩිය හොර ගුහාවක්. ඉන්දියාව එක්ක බිස්නස් කරනවානම් බාල බඩු වලට පුරුදු වෙන්න ඕනේ.

:       1       22

Chandana Fernando Wednesday, 13 December 2017 05:32 PM

අනේ අර ත්‍රිකුණාමලේ නවතා තිබු බාල IOC තෙල් නැවට මොකද වුණේ.

:       1       17

jagath liyanage Wednesday, 13 December 2017 05:37 PM

හෙට උදේ වෙනකොට සමත් වෙලා තියේවි. ගුවන් යාන වල යන මගීන්ට දෙවියන්ගේම පිහිට සහ ආරක්ෂාව ලැබේවා !

:       1       9

Ransiri Wednesday, 13 December 2017 06:03 PM

"කෙසේ වෙතත් ගුවන් යානා සඳහා කිසිසේත්ම බාල තෙල් වෙළඳපලට නිකුත් නොකරන බවත් උපාලි මාරසිංහ මහතා වැඩිදුරටත් පැවසීය." ඒ කියන්නේ වාහන සඳහා බාල තෙල් නිකුත් කරනවා කියන එකද?

:       2       8

රාජුන් Wednesday, 13 December 2017 08:59 PM

අකටයුතු ලෙස මෙම ඉන්ධන අනුමත කළහොත් එය ලංකාවට ඉතාම කැළලක් වෙන්න ඉඩ තියෙනවා. ලංකාවට රුපියල් කෝටි ගණනක විදේශ විනිමය නැති වී යනු ඇත. ගුවන් යානා ඉන්ධන කියන්නෙ සෙල්ලම් පෙන්වන, දේශපාලන ගැතිකම් වලට තීන්දු දෙන, පගා සහ අතයට දීමනා වලට අනුමැතිය දෙන භාණඩයක් නොවේ. මිනිසුන්ගේ ජීවිත එක්ක සෙල්ලම් නොකර නිවැරදි තීරණයකට එළඹෙන්න.

:       2       8

පිටිගල මිලානෝ Wednesday, 13 December 2017 09:24 PM

පළමුව ශ්‍රීලන්කන් නම් එපා..! හොර ගුහාවකින් ඉපිද නඩත්තුවන මේ ආයතනයේ වගකීම කුමක්ද? අපිව පැය ගණනාවක් අහස්කුසයේ නිරුපද්ධිතව තබාගන්න මෙයට නම් ලන්සුවක් දෙන්න එපා.

:       2       2

රවින් Wednesday, 13 December 2017 11:12 PM

ඉන්දියාවෙන් තෙල් ගෙන්නන්නේ ඉන්දියාව තෙල් නිෂ්පාදිත රටක්ද? එහෙම නැතිනම් කොමිස් කාක්කන්ගේ පරාදිසයක්ද? මේ මොන ගේමක්ද?

:       2       37

Bamunuarachchi Thursday, 14 December 2017 12:46 AM

බුදුදහම හැරෙන්නට ඉන්දියාවෙන් ලැබුණ හැම දෙයක්ම මේ රටට අහිතකර බාල දේවල්ය. 13 වන සංශෝධනය, ත්‍රී වීලර්, ත්‍රස්තවාදය මේ හැම බාල දෙයක්ම ලැබුනේ ඔය කියන ඉන්දියාවෙන්ය.

:       2       25

Bamunuarachchi Thursday, 14 December 2017 12:52 AM

අනේ අපෙත් ලක්ෂ 62 කට ඔනේකර තිබෙනවා දෙන්න පුලුවන්ද? බැරිනම් අඩු ගන්නේ 225 කටවත් දෙන්න පුලුවනිද?

:       2       4

Muhan Thursday, 14 December 2017 02:30 AM

දැන් ගුවන්යානා පෝලිමේ ඇවිත් තියෙන තෙල් ටික ඔක්කොම ගහගනිද හිටන් .

:       2       44

upali Thursday, 14 December 2017 03:28 AM

ලෝකය දැන් විශ්ව ගම්මානයක් නේ..බැරිද ඔය තෙල් පරික්ෂා කරන්න ඉන්දියවෙදීම..අපේ කට්ටියගේ සහභාගිත්වයෙන්..

:       2       19

sandun Thursday, 14 December 2017 03:40 AM

බාල තෙල් ගහල ගුවාන්යනා කඩන් වටුනොත් පෙට්‍රොලියම් එකට වන්දි ගෙවන්න වෙයි....

:       2       36

KANDEPOLA Thursday, 14 December 2017 03:45 AM

ඉන්දියාවෙන් දුන්නොත් දෙන්නේ බාල දේවල් තමයි. ඒ නිසා රජයේ විදේශ ප්‍රතිපත්තිවලදී පරෙස්සම් විය යුතුයි.

:       3       77

Volter Thursday, 14 December 2017 03:54 AM

දැන් ප්ලේනුත් තෙල් පෝලිමේ ද ?

:       2       9

athura Thursday, 14 December 2017 04:09 AM

මේක ගෙනාවේ ඉන්දියන් තෙල් සමාගමෙන් කියල කියන්නේ අර හිටපු කෙනාට කඩේ යන සමිති නායකයා.

:       7       3

sampath Thursday, 14 December 2017 05:15 AM

මුන්ට ඕනේ ලංකාව සතු ව්‍යාපාර මේ අය අතටම ගන්න. දැන්ම ඉදලම ශ්‍රී ලංකාවේ ගුවන් යානා ඉන්ධන අලෙවිය බිදවට්ටල , මත්තල ගුවන් තොටුපල ඔව්න්ට ලැබුනම ඒ හරහා මේ ව්‍යාපාර කරගෙනයන්න පුළුවන්. මොවුන් නේපාලයටත් කලේ ඕකම තමයි. අද නේපාලයටත් මුවුන්ගෙන් යැපෙන්න වෙලා තියෙන්නේ නේපාලයත් මේ කපටි වැඩ වලට අහුවෙච්ච නිසා.

:       13       6

lalithsjm Thursday, 14 December 2017 06:22 AM

අනේ මන්ද ඉන්දියාව නැතුවම වැඩක් කරන්න බැරි ද හිටන් ??

:       2       4

ලසිත් ගුණසේකර Thursday, 14 December 2017 06:33 AM

පහුගිය සති කීපයේම මම මගේ වාහනේට පුරවපු ඉන්ධන පෙට්‍රල් ( Octain 95 ) වලට භූමිතෙල් හෝ එවැනි දෙයක් කලවම් වෙලා තිබුණා. කොහුවල, මහරගම, දෙහිවල ඉන්ධන පිරවුම් හල් වලින් තමයි මිලදී ගත්තේ.

:       2       4

rohana kumara mendis Thursday, 14 December 2017 06:41 AM

පළමු පරීක්ෂණයෙන් අසමත් ඒ කියන්නේ දෙවැනි තුන් වැනි පරීක්ෂණ වලදී හරි යයි අත මිට මොලොපුවාම නේද.අනික් කොයි රටේද අනේ මේ ඉන්දියාවෙන් තෙල් ගන්නේ තෙල් නිපදවන රටවල් තියෙන්නේදී.එක්කෝ සිංගප්පූරුවෙන් ගනී අනේ මන්දා............

:       2       5

de silva Thursday, 14 December 2017 09:42 AM

කරුණාකර අපේ රටට අවශ්‍ය තෙල් සපයන්න ප්‍රමාණවත් තෙල් පිරිපහදුවක් අපේ රටේ ඇති කරලා බොරතෙල් ගෙන්වල අපිට අවශ්‍ය විදිහට හොදින් පිරිපහදු කරගමු . ඉන්දියන් බදු ගැනනම් විශ්වාසයක් තැබිය නොහැක .

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

පාස්කු සටන් විරාමයේ රුසියාව මිසයිල ගහලා
2025 අප්‍රේල් මස 21 201 0

පැය 30 ක පාස්කු සටන් විරාමය ප්‍රකාශයට පත්කර පැය කීපයක් ගතවන්නටත් මත්තෙන් රුසියාව ඩ්‍රෝන 96 ක් සහ මිසයිල 3 ක් භාවිත කරමින් යුක්රේනයේ ප්‍රදේශ කීපයකට ප්‍රහා


තැපැල් ඡන්දයේදී අනන්‍යතාව තහවුරු කරන්න ලියවිලි 5ක්
2025 අප්‍රේල් මස 21 82 0

පළාත් පාලන මැතිවරණයේදී තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අනන්‍යතාව තහවුරු කළ හැකි පිළිගත් ලියවිලි 5 ක් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර තිබේ.


අවුරුදු පහමාරක්ම තිබුණේ පාස්කු විමර්ශන යට ගහන ආණ්ඩු
2025 අප්‍රේල් මස 21 237 0

පාස්කු ප්‍රහාරය සිදුවී ගෙවුණු අවුරුදු හයෙන් පහ මාරක්ම තිබුණේ පාස්කු ප්‍රහාරයේ විමර්ශන කරන ආණ්ඩු නොව විමර්ශන යටපත් කරන ආණ්ඩු බව ජනාධිපති අනුර කුමාර ද


ජනාධිපති ප්‍රමුඛ ආණ්ඩුව රටටම බොරු කළා
2025 අප්‍රේල් මස 21 459 0

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ මහා මොළකරුවා හෙළිකරන්නේ යැයි මහා විශාලා ඝෝෂාවක් නගමින් වර්තමාන අණ්ඩුව අසත්‍ය ප්‍රකාශ කළේ යැයි මේ වන විට රටටම පැහැදි්


ආහාර සුරක්ෂිතතා කමිටුව හය වන වරටත් රැස්වේ
2025 අප්‍රේල් මස 21 222 0

රටේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළව ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම සඳහා වන ආහාර සුරක්ෂිතතා කමිටුව කොළඹ ජනාධිපති කාර්යාලයේදී අද 6 වන වරටත් රැස් විය.


පාප් වහන්සේට ගෞරවයක් ලෙස අයිෆල් කුළුණ නිවා දමයි
2025 අප්‍රේල් මස 21 648 0

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේට සිදුකරන ගෞරවයක් වශයෙන් ප්‍රංශයේ අයිෆල් කුළුණේ විදුලි ආලෝකය අද (21) රාත්‍රියේ නිවා දමන බව ප්‍රංශ නගරාධිපතිනි ඈන් හි


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 498 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 289 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 441 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site