IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


ගුවන් යානා තුනක් මත්තලට බාලා

අයහපත් කාලගුණ තත්වයක් හේතුවෙන් අද අලුයම කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට ළඟා වීමට  නියමිතව තිබු ගුවන් යානා තුනක් මත්තල මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපොළට හරවා යැවු බව  ගුවන් බලධරයෝ කියති.

අද අලුයම 5.20 ට ඩුබායි සිට පැමිණි  ෆ්ලයි ඩුබායි ගුවන් සේවයට අයත් එෆ්.ඉසෙඩ් 551 දරණ ගුවන් යානය අලුයම 5.48ටද, 5.50 ට  බෙයිජින් සිට  පැමිණි ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත්  යු.එල් 869 උදෑසන 6.03 ටද, දෝහා සිට පැමිණි යූ.එල් 218 දරණ ගුවන් යානය   උදෑසන 6.03 ටද මත්තලට ගොඩ බෑ බව වාර්තා වෙයි.

1_(3)[1] 1_(7)[1]

ජායාරූප - සනත්  ගමගේ 



අදහස් (0)

ගුවන් යානා තුනක් මත්තලට බාලා

ඉන්දික Thursday, 11 February 2016 03:50 AM

හිමාල්, මේක බස් හෝල්ට් එකක් නෙමෙයි පහුවෙනිදා ඉඳලා ප්ලේන් එන්න. ඒකට කාලයක් යනවා. (නි)

:       0       0

බණ්ඩාර Friday, 12 February 2016 02:27 PM

නිමල්, මහින්ද සරණං ගච්චාමි. හීරලුවෙක් වෙන්න එපා.(කෞ)

:       0       0

සුසන්ත Thursday, 11 February 2016 03:45 AM

මත්තල දියුණු කරන්න ඕනෑ. තවත් රටේ ගුවන් තොටුපළවල් වැඩියෙන් තිබුණාට කමක් නැහැ දියුණුවෙන රටක ලක්ෂණය ඒකයි. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා හැදුවා කියලා ඊර්ෂ්‍යාවෙන් ඒවා වසා දමන්න හොඳ නැහැ (නි)

:       0       0

ආරච්චිගේ Thursday, 11 February 2016 03:52 AM

හිමාල්, අපට ලෝකේ අනිත් අයත් එක්ක ගියේ නැත්නම් අපි වනචාරියෝ වෙනවා. දියුණුව කියන්නේ ඒකට තමයි. අපිට ඇමෙරිකාව වෙන්න බැරි වුණත් ඇමෙරිකාවේ එක ප්‍රාන්තයක ළඟ ළඟ නගරවල කොච්චර ගුවන් තොටුපල තියනවද කියලා අන්තර්ජාලයට ගිහින් බලන්න. අවකැපෙන කතා කියන්න එපා (නි)

:       0       0

ෂර්මන් ද සිල්වා Saturday, 13 February 2016 01:08 AM

මෙය කවදා හෝ ලංකාවේ විශාලම ගුවන් තොටුපළ වෙනවා. ලංකාවට විශාල ආයෝජනයක් වෙනවා. දේශපාලන විදියට බලන්න එපා. කුරුල්ලන් ඕනෑම ගුවන් තොටක ඉන්නවා. නිව්යෝර්ක් ගුවන් තොටුපළ උකුස්සන්ගේ විමානයක්. එම නිසා ශබ්ද තරංග යවා කුරුල්ලන් පලවා හරිනවා. මත්තලත් ඒ විදියට දියුණු කළහැකිය. මම විදේශයක සිටින ගුවන්යානා ඉංජිනේරුවෙකි (නි)

:       0       0

උපුල් Thursday, 11 February 2016 03:53 AM

සුබ පැතුම්! (නි)

:       0       0

උදය පරාක්‍රම Thursday, 11 February 2016 04:00 AM

අධික මීදුමෙන් කටුනායක ගුවන් තොටුපල වැහිලා තිබුනේ (නි)

:       0       0

සරත් සෞදි Thursday, 11 February 2016 07:36 AM

මේවා අපේ කොටසකට දකින්න බැහ. (ර)

:       0       0

ලෙස්ලි Thursday, 11 February 2016 03:54 AM

මේ ගුවන් යානා වලින් ආපසු යන අය මත්තලට ගියාද? (නි)

:       0       0

සමරසේකර Thursday, 11 February 2016 07:32 AM

ගුවන් තොටුපලකට ආදායම් එන්න ඒකට ගුවන් යානා එන්නම ඕනෑ නැති බව නොදන්නා එහෙම නැත්නම් නොදන්නා බව හඟවන මිනිස්සු ලියන කොමෙන්ට්ස් දැක්කාම ඒවා ලියන අයගේ සාමාන්‍ය බුද්ධිය ගැන ගැටලුවක් ඇති වනවා. සිද්ධියක් දිහා විවෘත මනසකින් දකින්න මේ අයට මේ ආත්මයේදී නම් බැරිවේවි. ලාභ පාඩු ගැන විතරක්ම හිතනවා නම් ඒ කාලේ තිරිකුනාමලේ වරාය ලඟින් ඔලිවිල් වරාය හදන්න වැය කල මුදල ගැන කවුරුත් කතා කරන්නෙ නැත්තේ මොකද? අද දින තෙක් එකම නැවක් වත් ඒ වරායට නාවත් අදටත් ඒක නඩත්තු කරන්න වෙලා තියෙන්නෙ කොලබ වරායට බව නොදන්නා කෙනෙක් ඉන්නවාද? (ර)

:       0       0

තමරි Thursday, 11 February 2016 04:04 AM

ජොහාන් සහ හිමාල්, එල්.ටි.ටි. එක කටුනායකට අහසින් ඇවිත් බෝම්බ දාපු වෙලාවේ ඔයාල දෙන්නා කොහෙද හිටියේ... ? අදත් එල්.ටි.ටි. එක ඉදල ඔය කලින් වගේ ප්‍රහාරයක් එල්ල කළොත් සේරම ගුවන් යාන ආසන්නම ගුවන් තොටුපලට හරවල යවන්නද? හැම දේම නරකට බලන්නවත් දේශපාලනය ගාව ගන්නත් එපා. කාලයක් ගතවෙන්න ඕනෑම දෙයක් දියුණුවෙන්න. මොන ආණ්ඩුවක් යටතේ හරි අනාගතයට යහපත් වෙන දෙයක් කරනවානම් එක තමයි වැදගත්.(බ)

:       0       0

රවී Thursday, 11 February 2016 04:08 AM

මත්තලට නම් ඉදල හිටලා හරි බානවා සී එස් එන් එකට කවුද බාන්නෙ (බ)

:       0       0

නෞෂි මාරූෆ් Thursday, 11 February 2016 07:45 AM

අසෝක කියපු දේ හරියටම හරි. (ර)

:       0       0

පාඨලී Thursday, 11 February 2016 11:34 AM

මෙවැනි දේවල් වලට විවේචන කරන අයට අනාගතේ මේවා දැකල විඳවන්න වෙයි (බ)

:       0       0

අනුලා Thursday, 11 February 2016 04:05 AM

ජනක හරි. හදල හරියට අවරුදු 4 ක් . තාමත් ප්ලේන් එන්නේ නැහැ කියන්නේ ඉතින් නැහැම තමා. මෙහෙමත් මුදල් නාස්තියක් (බ)

:       0       0

නිම්මි Friday, 12 February 2016 03:15 PM

අන්තිමට ඉතුරු වෙන්නේ මේ මනුස්සය හදපු දේවල් විතරයි.(කෞ)

:       0       0

රෙජි-සිඩ්නි Thursday, 11 February 2016 04:19 AM

රටක ගුවන්තොටුපොළවල්, වරායවල්,මංමාවත්, හැදෙන්නේ රටේ දියුණුවට මිස විනාශයකට නොවේ. (බ)

:       0       0

බැසිල් Thursday, 11 February 2016 04:22 AM

හොරකම් කරන්න බලාගෙන වැඩ කළොත් අන්තිමට විනාශය තමයි. (බ)

:       0       0

චතුර Thursday, 11 February 2016 05:27 PM

රට ගැන නොහිත බඩ ගැන හිතන මිනිස්සු ඉන්න එක නිසයි මේ රට දියුණු කරන්න බැරි. (කෞ)

:       0       0

නාමල් Thursday, 11 February 2016 04:24 AM

රටේ හතර කොනේ ගුවන් තොටුපල් හෑදුවත් මට නම් කමක් නෑහෑ පරිසරය ගෑනත් හිතන්න ඕනේ සතුන්ටත් නිදහස ඉන්න දෙන්න ඕනේ (බ)

:       0       0

රාජිකා Thursday, 11 February 2016 04:33 AM

වැදගත් වෙන්නේ රටකට දෙවැනි ගුවන් තොටුපලක් තියෙන එක. මගීන්ගේ ආරක්ෂාව, ගුවන් යානා වල ආරක්ෂාව ජාත්‍යන්තර විශ්වාසය ලබාගන්න පුළුවන් වෙන්නේ දෙවැනි ගුවන් තොටුපලක් තිබුනොත් තමා.මේක අනාගතය වෙනුවෙන් කරපු විශාල ආයෝජනයක්. මේකේ ප්‍රතිපලය අනාගතයේදී අපිට විතරක් නොව අපේ දරුවන්ටත් ලැබෙනවා. මේක තේරෙන්නේ නැති පිරිසක් මෙතන ඉන්න බව පෙනෙනවා. (බ)

:       0       0

දුමින්ද Thursday, 11 February 2016 08:05 AM

රටකට අමතර ගුවන් තොටුපලක් තිබීම අවශ්‍යයි. ගැටලුව එක වෙනතැන් තියෙද්දීත් වනය කපල මත්තලම හදපු එක විතරයි. (ර)

:       0       0

කමල් Thursday, 11 February 2016 04:35 AM

ගුවන්තොටුපළකට නැවක් ආවොත් ඔන්න කියන්න පුළුවන් අපේ රටේ ගුවන්තොටුපළකට යානයක් එන එකත් පුදුමයක් (බ)

:       0       0

අනුර Thursday, 11 February 2016 08:22 AM

අසෝක අපි ඉන්නේ ලංකාවේ ආසියාවේ ඇමෙරිකාවේ නොවේ දුසන වංච උනා වගේ ම රටෙත් යමක් සිදු උනා අපි පාරේ බැහැල යනවා ජීවිත අවදානම නැති උනේ තවත් දහස් ගානක් දිවි පුදලා එවකට දෙසපාලකයන් ශක්තිමත් උන නිසා යුද බිමට සාමය උදා උනා ගුවන් තොට යටිතල පහසුකම් දියුණු කරන්න එතකොට මගීන් සංචාරකයන් එනවා කුහක කම් දුරු කරමු. (ර)

:       0       0

පිටබැද්දර ජයා Thursday, 11 February 2016 04:36 AM

බාන එකනම් මොකක්ද නග්ගන එකනේ ප්‍රශ්නේ ? අලි එළවන්ඩ අලි වෙඩිත් ගහපල්ලකෝ ! (බ)

:       0       0

සුරංග Thursday, 11 February 2016 04:32 AM

භාණ්ඩයක් නිෂ්පාදනය කරලා වෙළඳ පොළට දැම්ම පලියට ඒ භාණ්ඩය ගැන මිනිස්සුන්ට දැනීමක් ඇතිවෙන්නේ නෑ. අනික යහපාලනය කියපු කතාවල හැටියට ඔය ගුවන් තොටුපළට ගුවන්යානා ගොඩ බස්සවන්න ගුවන් යානා සමාගම් කැමති වුණත් ඒ අය කොහොම හරි වලක්වයි. අනික අර තියෙනවයි කියපු ගල බේර බේර ලෝකේ තියෙන විශාල නැව් කීයක් ආවද හම්බන්තොට වරයාට. (ම)

:       0       0

රංජිත් Thursday, 11 February 2016 08:24 AM

පුවත් හොදින් කියවා බලන්න. විදේශ ගුවන් යානා 1යි අපේ ගුවන් යානා 2යි. (ර)

:       0       0

චන්දන Thursday, 11 February 2016 07:20 PM

ඉස්සර මහින්ද මහත්තය මත්තල ට ගුවන් යානා අවේ නෙති උනත් අපිට පාඩු නැහැ කියද්දී කට්ටිය හිනා උනා. මතක තිය ගන්න ඉන්දියා ඓර්පොර්ට් එක දෙවෙනි එක විදිහට තියා ගන්න අපි මුළු අවුරුද්දෙම සල්ලි දෙන්න ඕන. මත්තල නිසා එක අපේ රටටම ලැබෙන්නේ. මෝඩ පොස්ට් දාන්න එපා දෙයක් දන්නේ නැතිව. (කෞ)

:       0       0

කරුණාපාල Thursday, 11 February 2016 09:11 AM

ඔය අයහපත් කාලගුනේ බලපෑම ශ්‍රී ලන්කන් ගුවන් යානා වලට මිට කලිනුත් ඇති උනා. ෆ්ලයි ඩුබායි ගුවන් යානා වලටත් ඔය කාල ගුනේ ඉඳ හිටලා හරහට හිටිනවා. ප්‍රශ්නේ තියෙන්නේ කරුමෙටවත් අනෙක් ගුවන් යානා වලට ඔය කාලගුනේ හරස් වෙන්නේ නැති එකනේ? මගීන්ගේ පහසුව තකා සුදුසු තැනක ගුවන් තොටුපොළක් හැදුවට විරුද්ධ වෙන්න තරම් මොලේ අමරුකාරයෝ ලංකාවේ ඉන්න නම් විදිහක් නැහැ. මොනවා කරන්නද දැන් ඉතින් පෙරලුනු පිට හොඳයි කියලා පෙරලුනු පැත්තෙන් හරි වැඩක් ගන්න පුළුවන් නම්, ඒකත් ලොකු දෙයක් තමයි. (ර)

:       0       0

ෂර්මන් ද සිල්වා Friday, 12 February 2016 07:19 AM

"මතක තිය ගන්න ඉන්දියා ඓර්පොර්ට් එක දෙවෙනි එක විදිහට තියා ගන්න අපි මුළු අවුරුද්දෙම සල්ලි දෙන්න ඕන ලංකාවට පැමිණෙන සියලුම ගුවන් යනා වලට. මත්තල නිසා එක අපේ රටටම ලැබෙන්නේ.' හරි කතාවක් එක මහත්මයෙක් ලියලා තිබුනා. එ වගේම සියලුම ගුවන් යානා ලංකාවට දකුණෙන් ඇති රටවලට යනවිට මත්තල තරංග උඩින් අනිවාර්යෙන් යා යුතුය, ඒ සියලුම ගුවන් යානා මත්තලට ගෙවිය යුතුය. විශේෂයෙන් 380 යානා හදිසියට බස්සවන්න පහසුකම් සහ දිග ගුවන්පතයක් සහ පහසුකම් ඇත්තේ මත්තලය. කටුනායක සහ දකුණු ඉන්දිය ඓර්පොර්ට් 380 වලට බාන්න ඉතාම අපහසුය. එම නිසා කවන්ටාස් ඔස්ට්‍රේලියන් ගුවන් සේවය , සිංගප්පුරු ගුවන් සේවය බ්‍රිටිෂ් ගුවන් සේවය වැනි 380 ගුවන් යානා ලංකාව පසුකරනවිට හදිසි එයාර්පොර්ට් එක ලෙස මත්තලට ගෙවීම් කරනවා, අනික් කරුණ රට මැද්දේ ජාත්යන්තර ගුවන් තොටුපළවල් වලට ජාත්යනතරය අනුමැතිය දෙන්නේ විශාල මුහුදක් වැනි ජලය හෝ කාන්තාරයක් වැනි දෙයක් ගුවන් පතයේ උතුරේ හෝ දකුණේ තිබිය යුතුය. හදිසියකට වතුරට බාන්න. එම නිසා ලංකාවේ පළාත් 7 ක් ගවේෂණය කර හොදම තැන ලංකාවේ දකුණය. (ර)

:       0       0

ශාන් Thursday, 11 February 2016 12:47 PM

දැන් තමයි මත්තල ගුවන්තොටුපලේ අගය තේරිලා තියෙන්නේ.(හේ)

:       0       0

සමන් Thursday, 11 February 2016 09:26 AM

අනේ මන්ද මෙහෙම කුහක සිතිවිලි තියන මිනිස්සු ඉන්න ලෝකයේ තියන ලස්සනම රටක ඉපදෙන්න උනානේ රට වගේම මිනිස්සුගේ හිතත් ලස්සන උනානම් කොපමණ හොඳද කියලා හිතෙනවා ,හම්බන්තොට වරායත් මත්තල ගුවන්තොටුපොලත් තව වසර 10ක් යන කොට කොහොමද බලන්න. (ර)

:       0       0

තිලක්-ඩුබායි Thursday, 11 February 2016 09:35 AM

අසෝක කියපු දේ හරියටම හරි. (ර)

:       0       0

ටෙනිසන් Thursday, 11 February 2016 09:30 AM

හොද ප්‍රවණතාවයක්.(හේ)

:       0       0

දම්මික Thursday, 11 February 2016 05:14 AM

මොළයක් නැති මිනිස්සු! ඇත්තටම කියනවා නම් මේ රටේ දේශපාලකයන්ට මිනිහෙක් මැරෙනවා කියන එක පොඩි දෙයක්. ඒක නිසා තම වී ගබඩා කරන්න හැදුවේ. (නි)

:       0       0

පාඨලී Thursday, 11 February 2016 05:22 AM

දේශපාලන හිතවතුන්ට හොදම පිළිතුරක් (බ)

:       0       0

විරාජ් Thursday, 11 February 2016 05:26 AM

ගුවන් තොටුපලකට ගුවන් යානාවක් ගොඩ බෑව කියන එක පත්තරේක දාන්න වෙනවනේ, ලෝකේ වෙන කොහෙවත් තියේද ඔහොම දේවල්. ලංකාවට වෙන ගුවන් තොටුපලක් අවශ්‍යයි , එ්ත් මෙතන වුනේ තෝරාගත් ප්‍රදේශය වැරදි, රටේ මැද හරියට වෙන්න කුරුණෑගල දඹුල්ල පැත්තට වෙන්න දැම්මනම් කි දෙනෙක් ඕක පාවිච්චි කරනවද,රට යන මිනිස්සු වැඩිපුර ඉන්නේ ඔය මාර්ගයේ,මහා කැලේ කපල අවාරෙට ගුවන් යානා ගෙන්න මහා ධනස්කන්දයක් යට කරපු එක නම් මහා අපරාදයක්, (බ)

:       0       0

හිමාල් Thursday, 11 February 2016 05:27 AM

රටක දෙවන ගුවන් තො‍ටුපළක් තියෙන්න ඕන නම් ඒක මත්තලම හැදුවේ ඇයි? මේකෙන් බූන්දල රක්ෂිතයට ලොකු ප්‍රශ්නයක් වුනා. අදටත් ගුවන් යානයක් එනවා නම් බල්ලො එලවන්න වෙඩි දානවා. සරුංගල් නූල් කඩලා යන්න හෙලිකොප්ටරයක් නග්ගනවා.කුරුල්ලො එලවන්න කෆීර් යනවා. මේක ප්ලෙන් එනවා බලන්න වන අලිත් ඉන්නවා වටේටම. මේකට කවදා හරි ප්ලේන් එයි කියලා බලන් ඉන්න පුළුවන්, අර ගත්ත ණයට පොළී ගෙවන්නේ කවුද? අවාරෙට එන ප්ලෙන් දෙක තුනෙන්ද? (බ)

:       0       0

මාගලි ෆොන්සේකා Thursday, 11 February 2016 05:27 AM

ඇයි රත්මලාන ගුවන්තොටුපොළ දියුණු කරලා ගත්තානම් ඉවරයි.අර අහිංසක සත්තුන්ට උන්ගේ පාඩුවේ ඉන්න හැරලා. සල්ලිත් ඉතුරුයි. සාමන්‍යයෙන් ගුවන් තොටුපොළවල් වලට ගුවන් යාන එනවා වරායවල් වලට නව එනවා ඕක පුදුමයක් නෙමේ එ්ත් මේ මත්තලට සහ හදපු වරායට ආපුවාම අපේ අයට පුදුමයි මැජික් වගේ (බ)

:       0       0

සේරම් පැරිස් Thursday, 11 February 2016 09:44 AM

මහින්ද රාජපක්ෂ උතුමාණන් කරපු දේවල් වල අගය පෙන්නේ දැන්. දුර දිග බලා එතුමා කල වැඩ නිසානේ ඔහොමවත් ගුවන් යානා හදිසියකදී ගොඩ බාන්නේ. (ර)

:       0       0

අශාන් Thursday, 11 February 2016 05:24 AM

බොහෝ අය මේ ගැන සතුටු වෙනවා.නමුත් අපේ රටට මීට වැඩිය අවශ්‍ය බොහෝදේ තියෙනවා.මේ බාලා තියෙන්නේ හදිසියකට.ඉතින් මේකට මෙච්චර වියදමක් මොකටද? අපි ඉන්න මෙල්බර්න්වලට දවසකට එනවා ලංකාවට සතියකට එන තරම් ගුවන් යානා. එ්ත් තියෙන්නේ එක ගුවන්තොටුපොළයි (බ)

:       0       0

රුවන් Thursday, 11 February 2016 05:31 AM

අපේ රටේ මිනිස්සු මහාවැලි ව්‍යාපාරය හදන වෙලාවෙත් කිවේ අද මත්තලට කියන කතාමයි. අනාගතය දකින්නේ නැති මෝඩ රැල. තව අවුරුදු 20 න් පස්සේ මහින්ද කරපු දේවල් හරි කියයි (බ)

:       0       0

ටිකිරි බණ්ඩා Thursday, 11 February 2016 09:50 AM

පසු ගිය දවස් වල ඩුබායි සිට එන "ෆ්ලයි ඩුබායි ගුවන් සේවය" සහ අබු ධාබි සිට එන "රෝටාන ජෙට් ගුවන්" සේවය ලංකාවට යන්න එන්න දෙකටම දිරම්ස් 800(රුපියල් 31000) දක්වා අඩු කළා. ඒ කාලේ ශ්‍රී ලන්කන් එකේ ලංකාවට යන්න එන්න දෙකටම දිරම්ස් 1700 යක්.දෙගුණයක්.මත්තල පට්ට කැලය හරහා යන නිසා 800 ට වුනත් යන්න එන්නේ නැහැ.(බ).

:       0       0

දිනසිරි Thursday, 11 February 2016 05:33 AM

යසට ඉන්දියාවට යන්න තිබුණ සල්ලි ටික නේද මේ ? (බ)

:       0       0

සමන්ත Thursday, 11 February 2016 11:24 PM

කරුණාපාල පොඩ්ඩක් ලෝක ඉතිහාසය කියවලා බලන්නකෝ. අද ලෝකයේ දියුණුම රට හැටියට ඔයාලා පිළිගන්න ඇමරිකාවේ බටහිර කොටස දියුණුවුණේ කොහොමද.(කෞ)

:       0       0

සමරගේ Thursday, 11 February 2016 11:20 PM

රෝමය බිහිවුනේ එක රැයකින් නෙවෙයි. (කෞ)

:       0       0

මහින්ද සෞදි Thursday, 11 February 2016 05:37 AM

ජයා, අලින්ට වෙඩි ගහන්න ඕනෑ නැහැ. අලින්ට තේරිලා තියෙන්නේ ලොකු කරදරේක වැටිලා ඉවරයි කියලා. (නි)

:       0       0

රමණි Thursday, 11 February 2016 11:46 PM

දකුණේ සහ කොළඹින් පිට පිටිසර සංවර්ධනය ගැන අකමැති අය ටිකක් ලෝක ඉතිහාසයත් පසුගිය අවුරුදු 100 පමණ කාලයේ ලෝක ආර්ථිකය දියුනුවුනු හැටිත් ගැන කියෙව්වා නම් නරකද?(කෞ)

:       0       0

චානක Thursday, 11 February 2016 05:33 AM

අයහපත් කාලගුණයට හරි ගොඩබාන්න මත්තල තිබුණ එක ලොකු දෙයක් (නි)

:       0       0

ලලිත් Thursday, 11 February 2016 05:34 AM

වී අරගෙන එන්න ඇති (නි)

:       0       0

අසංග Thursday, 11 February 2016 05:41 AM

කාලෝචිත වැඩක්. මත්තල කරපු එක අගයන්න ඕනෑ. (නි)

:       0       0

කපිල Thursday, 11 February 2016 05:36 AM

ගුවන් යානා එන්නේ කාලසටහනකට අනුව විතරයි. එහෙම නැතුව යානා ඔක්කොම ගොඩබාන්නේ නැහැ. ඉස්සර මත්තලට එහෙම කාලසටහනක් තිබුනා. දැන් එහෙම දෙයක් නැහැ. කොහොමත් ගුවන් තොටුපොළක් හැදුවහම ගුවන්යානා පෝලිමේ එන්නේ නැහැ. ටික කලක් යනවා. හීනමානය පැත්තක දාලා රටේ දේට ආදරය කරන්න. (නි)

:       0       0

කුමාර Thursday, 11 February 2016 05:37 AM

මට තිබෙන දුක තමයි අපේ රටේ මිනිසුන්ට රටක දියුණුවක් ගැන නොතේරෙන එක. මම හිතන විදිහට මේ මිනිස්සු දන්නේ නැහැ රටක දෙවැනි ගුවන් තොටුපළක තිබෙන වැදගත්කම. සුනාමි කාලේ අපිට හොඳින්ම දැනුනා. කටුනායකට කොටි ගහපු වෙලාවෙ අපිට තවත් හොඳින් දැනුනා. මිනිසුනේ, අතහරින්න කුහකකම්, හිතන්න රට ගැන. එපා පාට කණ්ණාඩි දමාගෙන රටේ සංවර්ධනය දිහා බලන්න. අපිට අපි ගැනම ලැජ්ජා හිතෙනවා අපේ රටේ ගුවන් තොටුපළක වී ගබඩා කරන්න තරම් අයට අපි ඡන්දෙ දුන් එක ගැන (නි)

:       0       0

කුමාර Thursday, 11 February 2016 05:52 AM

හිමාල් වගේ අය කොහොමත් උපයාගෙන කනවට වඩා හිඟාකන්න තමයි කැමති. අනුලා දන්නේ නැති ඒවා කතා නොකර ළිපේ තියපු හොද්ද බලනවා (නි)

:       0       0

ජෙරාඩ් Thursday, 11 February 2016 05:45 AM

හදිසියට ගුවන් යානා බාන්න වෙන කොහේහරි ගුවන් පථයක් හැදුවා නම් මදිද? ඩොලර් මිලියන 400 ක එකක් කැලේ හදන්න ඕනෑද? (නි)

:       0       0

විජේ Thursday, 11 February 2016 10:16 AM

මීට වඩා අයහපත් තත්වවල ගුවන් යන බස්සනවා අද තද මීදුමක් තිබුනද? මේ විධියට ගුවන් යානා වෙනත් ස්ථාන වලට යවන්න සිදුවෙනවානම් ශීත කාලයේ හුඟක් රටවල ගුවන් ගමන් අවලංගු කරන්න වේවි මත්තල හදපු එක හොඳ බව පෙන්වන්න කරන දේවල් ද ? (ර)

:       0       0

නිමල් Friday, 12 February 2016 08:53 AM

මහින්ද සර් ඔබ නැති පාඩුව මගේ රටට කියලා නිම කල නොහැක ඔබ කල දේ සදා අමරනීයයි ඔබට බුදුසරණයි. (ර)

:       0       0

සවන්ත් Thursday, 11 February 2016 01:55 AM

රටක දියුණුවට පාර ඕකයි. දුරදක්නා නුවණක් ඇති නායකයෝ රටට අවශ්‍යයි. (නි)

:       0       0

අමල් Thursday, 11 February 2016 10:33 AM

කොහොමෙන් කොහොමහරි ගුවන්තොටුපොළ දියුණු උනොත් ඒ ඇති. (ර)

:       0       0

කරුණාපාල Thursday, 11 February 2016 10:33 AM

සමන් මහත්තයාගේ ලස්සන රටේ අවලස්සන සිත් ඇත්තන්ගේ සංගමය වෙනුවෙන් මටත් ලියන්න පොඩි අදහසක් ආවා. දැන් ඔය හැමදේම ලස්සනට පෙනෙන අයට,එයාලට කැතට පෙනෙන වගුරු බිමක් ගොඩකරලා ලස්සන ගොඩනැගිල්ලක් හැදුවත් ගොඩක් සුන්දර ලෙස තමයි පෙනෙන්නේ, මොන කරුමෙටද මන්දා කතා සිත් ඇති අපිට හිතෙන්නේ වගුරුබිම එතන තිබුනා නම් හොඳයි කියලයි, අභය භූමියත් උනත් එහෙමම තමයි. හැබැයි මෙතන රත්මලානේ, ගුවන් තොටුපොල හරි, ත්‍රිකුණාමලේ වරාය හරි වැඩි දියුණු කළා නම්, ඒගැන විරුද්ධ මතයක් දරන්න තරම් අපිට මොලේ අමාරුවකුත් නැහැ. භුමියේ පිහිටීම වගේම මොළයේ පිහිටීම අනුවත් අප එකිනෙකාගේ ආකල්ප හා තීරණ වෙනස් තමයි සමන් මහත්තයෝ. (ර)

:       0       0

දුමින්ද Thursday, 11 February 2016 02:01 AM

හෙට දකින අද! (නි)

:       0       0

සෙනෙවිරත්න Thursday, 11 February 2016 02:07 AM

හරිම සතුටුයි (නි)

:       0       0

රොෂාන් Thursday, 11 February 2016 06:05 AM

මම ඉන්නේ කැනඩාවේ හැමතැනම එයාර්පොට් තියෙනවා රට සංවර්ධනය දියුණු වීම ඉබේම වෙනවා. (ම)

:       0       0

ලාලනී Thursday, 11 February 2016 02:18 AM

ඇත්ත සවන්ත්, කාලයක් ගතවෙන්න ඕනෑ දෙයක් දියුණුවෙන්න. (නි)

:       0       0

සෙනරත් Thursday, 11 February 2016 02:24 AM

දැන් වී ගබඩා කරන්නේ කොහෙද එතකොට? (නි)

:       0       0

සම්පත් පතිරණ Thursday, 11 February 2016 02:36 AM

මෙන්න බොලේ වී ගොඩබෑව මත්තලට ගුවන්යානා ගොඩබානවා? (නි)

:       0       0

උපේන්ද්‍ර Friday, 12 February 2016 08:41 PM

ෂර්මන් මහතා අප නොදන්නා කරුණු බොහොමයක් ඉදිරිපත් කිරීම ගැන ස්තුතියි. ගොඩක් දෙනෙක් කිසිම පදනමක් නොමැතිව ආවේගශීලි අදහස් මෙහි පළකර තිබීම කණගාටුවට කරුණකි. (නි)

:       0       0

රාමන් Thursday, 11 February 2016 02:54 AM

දැන් ඉන්දියාව තව මොනවාහරි ගිනි ගෙඩියක් සූදානම් කරාවි. ඉස්සර ඔහොම වුණාම චෙන්නායි අරිනවානේ. ඒ වියදමත් දැන් රටට ඉතුරුයි. පුහු දේශපාලන ගැතිකම් පැත්තකින් දාලා රටේ හැම කොනක්ම දියුණුවෙන දේ ගැන හිතුවා නම් දැන් ඉන්න ආණ්ඩුවටත් හොඳයි. (නි)

:       0       0

නිලන්ග Friday, 12 February 2016 02:05 AM

මම හිතන්නේ වී අරගෙන එන්න ඇති (නි)

:       0       0

ජයන්ත Thursday, 11 February 2016 03:00 AM

මහින්දට ඇති දුරදක්නා හැකියාව දැන් ගොඩක් අයට නැහැ. (නි)

:       0       0

සුනිල් Thursday, 11 February 2016 03:00 AM

අවුරුද්දකට ගුවන් යානා කිහිපයක් ගොඩබාන්න අවුරුද්දක් ගුවන් තොටුපල සහ අවට නඩත්තුවට කියක් වියදම් කරනවද? (ම)

:       0       0

සුමිත්‍රා බස්නායක Thursday, 11 February 2016 06:32 AM

කුමාර, ඔය හරියටම හරි.අපේ අය හැමදෙයක් දිහාම බලන්නේ දේසපාලනය කර තියාගෙන ටිකක් වෙනස් විදියට හිතන්න පුරුදු වෙන්න ඕනෑ (ම)

:       0       0

ප්‍රසන්න Thursday, 11 February 2016 06:40 AM

පාට පක්ෂ කෙසේ වෙතත් රටකට දෙවෙනි ගුවන් තොටුපළක් අවශ්‍යයි. ඒක තේරෙන්නේ රටින් පිට ඉන්න අයට හා ගුවන් ගමන් යන අයටයි. (ම)

:       0       0

සුරන් Thursday, 11 February 2016 03:07 AM

මේවාට මොනවත් නොකියනඑක තමා හොද (ම)

:       0       0

ජෙහාන් Thursday, 11 February 2016 03:11 AM

ඉඳලා හිටලා ප්ලේන් 3 ක් බාන්න අපි ඩොලර් මිලියන 400 කට ණය පොළී ගෙවනවා. මෙහෙමත් විකාර! (නි)

:       0       0

රොහාන් Thursday, 11 February 2016 03:24 AM

අපේ රට නැවත ගොඩගන්න කෙළින් වැඩ කරන මහින්ද මහත්තයා හැකි ඉක්මනින් අවශ්‍යයි. (නි)

:       0       0

සුරන් Thursday, 11 February 2016 03:18 AM

මේවා අහනකොට ඡන්දෙ කාලේ යහපාලන කට්ටිය මත්තල ගුවන් තොටුපොළට එරෙහිව ගෙනගිය ප්‍රචාරයන් ගැන පිළිකුලක් ඇතිවෙනවා (නි)

:       0       0

ශශිකා Thursday, 11 February 2016 03:25 AM

ඇයි මෙච්චරකල් යහපාලනේ උදවිය කිව්වේ වැඩක් නැතුව ගුවන්තොටුපළවල් හැදුවා කියලනේ. කෝ ඒ කියපු අය? (නි)

:       0       0

සෙනරත් Thursday, 11 February 2016 03:19 AM

දේශපාලන වාසි තකා මේවා කාබාසිනියා කරන්න හැදුවේ. මිනිසුන්ගේ උද්ගෝෂණ හමුවේ ඒවා නැවතුනා. නැත්නම් මේක වී ගබඩාව වෙනවා. පසුකාලෙක යකඩ වලට විකුණන්න පුළුවන්නේ කලින් කළා වගේ. (නි)

:       0       0

හිමාල් Thursday, 11 February 2016 03:20 AM

ගුවන් යානයක් බෑම ප්‍රවෘත්තියක් වෙන ලෝකයේ එකම ගුවන් තො‍ටුපළ මේක වෙන්න ඇති. මෙච්චර වියදමක් දරලා හදලා මේ වගේ අවාරෙට පොල් වැටෙනවා වගේද ගුවන්යානා ගොඩ බාන්නේ? මේක නැති වුණා නම් ආසන්න වෙනත් ගුවන් තො‍ටුපළකට හරවා යවන්න පුළුවන්. මේක හැදුවට වඩා ඒකට වියදම අඩුයි. (නි)

:       0       0

ෂෙල්ටන් Thursday, 11 February 2016 07:00 AM

මහින්ද කළ ලොකුම වැරදි දෙක තමා මත්තල සහ වරාය. එකක ලොකු ගලක් අනෙකේ කුරුල්ලෝ. (බ)

:       0       0

ලසන්ත Thursday, 11 February 2016 07:01 AM

පිටබැද්දර ජයා,ජෙහාන්,සුනිල්,හිමාල්,ඔයගොල්ලන්ගෙ හිත් හරිම කුහකයි. රනිල්ද මහින්දද මෙෙත්‍රී ද කියල නෙමෙයි බලන්න ඔීන ඵක අාණ්ඩුවක් රට වෙනුවෙන් දෙයක් කළහම ඊලඟට ළුන අය   තවත් ළු්ක දියුණු කරන්න ඔිනෙ යම් වැරද්දක් වෙලා තියෙනවනම් අතීතයට බැන බැන ඉන්නෙ නැතිව වැරදි කරපු අයට දඩුවම් දීල , සිදුවුන වියදම අනාගතයෙ රටට අාදායම් අැති කරන දෙයක් බවට පත් කරන් ඕනේ. (බ)

:       0       0

චමල් Saturday, 13 February 2016 03:00 PM

මිනිසුන්ට මුල අමතක වෙනවා කියන එක සාමාන්‍ය දෙයක්. ඒත් රටේ දියුණුව සඳහා ඉදිකරන ගුවන් තොටුපළට මිනිස්සු විසින් කරපු මෝඩ වැඩ කොපමණද? ‍ මෙම ගුවන් තොටුපල නොතිබුනා නම් අද මොකද වෙන්නෙ? (නි)

:       0       0

දර්ශන Thursday, 11 February 2016 07:03 AM

හොද නෑ කියපු මත්තල දැන් හොදයිද ? (බ)

:       0       0

ගැමුණු Thursday, 11 February 2016 07:12 AM

බහුතරයක්ම කුහකනොවී නිවැරදි දැක්මක් තුලින් තම අදහස් ලියා ඇති බව පේනවා.එය විකල්ප ගුවන් තොටුපලක් සේම සුබවාදි බවයි මගේ අදහස. (බ)

:       0       0

සුමනසිරි Thursday, 11 February 2016 07:15 AM

මේකේ අදහස් දැක්කම රන්දෙනිගල ජලාශය හදන් නැතුව එ්කත් ඉන්දියාවෙන් ගත්තම හොඳයි කියයි. කුහක අදහස් පිරිලා. (බ)

:       0       0

ගාමිණී හරස්ගම Thursday, 11 February 2016 11:21 AM

දැන් තේරෙනවද මත්තල ගුවන් තොටුපලේ අගය.(හේ) .

:       0       0

ජනක Thursday, 11 February 2016 03:36 AM

ලෝකය ඉදිරියේ අපේ රට ණය වලින් පිරුණු රටක් කරලා විනාශ කරලා දාන්න තරම් මේ රටේ මිනිස්සු මහින්ද මහත්තයට කළ වැරැද්ද මොකද්ද? ඇයි මෙහෙම ධනස්කන්දයක් නාස්තිකළේ? (නි)

:       0       0

ජනහිත Thursday, 11 February 2016 03:37 AM

ඇත්තටම එදා සහ අද කොහොමද? ඕක හැදුවේ වී දාන්න නොවෙයි. ගුවන් යානා ගොඩබාන්න. (නි)

:       0       0

අසෝක Thursday, 11 February 2016 07:14 AM

මෙහෙම ගියොත් මත්තලට නැව් යවලා හම්බන්තොට වරායට ප්ලේන් බාන කල වැඩි ඇතක නෙමෙයි. අනෙක හරියට මහින්දගේ සල්ලි වලින් හැදුවා වගේ. පිට රටක හයි වේ එකක් හැදුවොත් ඒ රටේ ජනාධිපති එන්නේ නැහැ ඒවා විවෘත කරන්න. ඔබාමා ගේ ආණ්ඩුවේ ආරක්ෂක හමුදාවන් බින් ලාඩන්ව මරපු දවසේ ඔබාමාගේ කට අවුට් ඇමෙරිකාවේ ලයිට් කණුවක් ගානේ මහජන මුදලින් ගැහුවේ නැහැ. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සේරුවිල පාසලකට අලියෙක් ඇවිත්
2024 සැප්තැම්බර් මස 27 53 0

සේරුනුවර අධ්‍යාපන කොට්ඨාසයට අයත් සේරුවිල කාවන්තිස්ස ප්‍රාථමික විද්‍යාලයට අද (27) දහවල් වන අලියෙක් පැමිණ තිබේ.


ජපාන නව අගමැති ෂිගුරු ඉෂිබා
2024 සැප්තැම්බර් මස 27 111 0

ජපානයේ පාලක පක්ෂය වන, ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායකයා තෝරා ගැනීමේ ඡන්ද විමසුමින්, ෂිගුරු ඉෂිබා ජයග්‍රහණය කළේය. ජපානයේ අග්‍රාමාත්‍ය ධුරය හිමිව


කොස්තාපල්ගෙන් අල්ලසක් ගත් සැරයන් රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 27 201 0

රාජ්‍ය බුද්ධි සේවයේ පොලිස් කොස්තාපල්වරයෙකුට අධිකරණයෙන් හිමිවන ත්‍යාග වවුචර් පත් අත්සන් කර ලබාදීම සඳහා මත්පැන් බෝතලයක්(ගල් අරක්කු බෝතලයක්) අල්ලසක් ල


කටුනායක වීසා පෝලිම අඩු වෙලා
2024 සැප්තැම්බර් මස 27 725 0

ශ්‍රී ලංකාවට පැමිණීම සදහා මෙතෙක් අත්හිහිටුවා ’’ මාර්ගගත ක්‍රමයට වීසා බලපත්‍ර ’’ ( Online Visa ) ලබා දීම , යළි අද දින අලුයම 12.00 සිට ආරම්භ විය.


විශ්‍රාමික හමුදා සෙබළාගේ සිරුර වැසිකිලි වලක
2024 සැප්තැම්බර් මස 27 533 0

පිහිඹියගොල්ලෑව , පිනී ගමෙි පදිංචි විශ්‍රාමික හමුදා සෙබලකු සහාසික ලෙස ඝාතනය කර වැසිකිලි වලකට දමා ඇතැයි පොලීසිය කියයි.


ව්‍යාපාරිකයා කොල්ල කා පලා ගිය අයෙක් අල්ලයි
2024 සැප්තැම්බර් මස 27 357 0

නිධානයකින් ගොඩ ගත් පෞරාණික කාසි තොගයක් රුපියල් ලක්ෂ 10කට විකිණීමට ඇති බව පවසමින්, ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයකු සූක්ෂම ලෙස අනුරාධපුරය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37671 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24832 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 220 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 727 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 257 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site