IMG-LOGO

2024 නොවැම්බර් මස 14 වන බ්‍රහස්පතින්දා


ගුවන් විරුවෝ මලින් සැමරෙති

තිස් වසරක කුරිරු යුද්ධයේදී  දේ්ශය වෙනුවෙන් දිවි පිදූ ගුවන් හමුදාවේ අභීත රණවිරුවන්   අනුස්මරණය කිරිමේ උත්සවයක් ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කෝලිත ගුණතිලක මහතාගේ  සහභාගිත්වයෙන් ගුවන් හමුදා ඒකල කඳවුරේදී පැවැත්විණි

ත්‍රස්තවාදීන් සමග වු සටනේදී  මිය ගිය රණවිරුවන්  වෙනුවෙන් ඉදිවු  රණවිරු අනුස්මරණ ස්මාරකය අභියස පැවති මෙම උත්සවයට මියගිය රණවිරුවන්ගේ පවුල් වල සාමාජිකයෝද එක්ව සිටියහ.

ඉතා හැගිම්බර අයුරින්  රණවිරු ස්මාරකය වෙත පිය නැගූ ඔවුහු මිය ගිය තම සහෘදයා සිහි පත්කරමින් පුෂ්පෝපහාර දැක්වුහ.

මියගිය තම පුතු වෙනුවෙන් සමරු සටහන් තබන මව්වරුන්ද, අහිමි වු තම ස්වාමිපුරුෂයා වෙනුවෙන් සමරු සටහන් තබන බිරින්දෑවරුන්ද, මිය ගිය තම පියානන් වෙනුවෙන් සමරු සටහන් තබන දරුවෝද මේ අතර වුහ.

ගුවන් හමුදාපති වරයාද ඔවුන් සමග එහිදී සුහද කතා බහක නිරත වුවේය.

නිර්මාණාත්මක ලෙස   ඉදිකර තිබු  රණවිරු ස්මාරකය වෙත පියනගන විට ප්‍රථමයෙන්  හමුවන පිවිසුමි ද්වාරය රුදූරු යුද්ධයේ බියකුරු බව සංකේතවත් කරයි.  එහි ඇතුලත පිළිබිිඹු කරනුයේ යුද්ධය නිමාවූ පසු ඇති වු සන්සුන් බවයි.

එතැන් සිට ඇති දිගු මාවත නිර්මාණය කර ඇත්තේ එතැන සිට පියනගන අප හට රුදූරු යුද්ධය අහිමි කළ අපේ සහෘදයන් සිහිපත් කිරිමටය.
 
ඉන් ඉදිරියේ ඇති උස්බිමි දෙක දෙලොවක් සංකේතවත් කරයි ඒ අප ඡිවත් වන ලෝකය හා මරණීන් මතු ලෝකයයි.

එම දෙවැනි උස්බිම මිහිදන් වු ඹවුන් සුවසේ සැතපෙන බවද සංකේතවත් කරයි. 

 මෙම අවස්ථාවට  ගුවන් හමුදා අධ්‍යක්ෂක මණ්ඩලයේ නිළධාරින්,  ගුවන් හමුදා ඒකළ කදවුරේ අණදෙන නිළධාරි ගෘෘප් කැප්ටන් රංඡිත් සේනානායක ඇතුළු නිළධාරින් මෙන්ම සෙසු නිළයන් හා මියගිය රණවිරුවන්ගේ පවුල් වල සාමාඡික සමාඡිකාවෝ විශාල පිරිසක් සහභාගී වුහ.

 

 

 



අදහස් (0)

ගුවන් විරුවෝ මලින් සැමරෙති

තරිඳු Wednesday, 04 June 2014 02:31 PM

ඇත්තටම හරිම සංවේදී දසුන්. ඇස් වලට කදුළු ඉනුවා (නදී)

:       0       0

ඩබ්.එම්.සී.කේ.වනසූරිය Wednesday, 04 June 2014 02:35 PM

මේ රණවිරුවෝ බේරල දුන්න රට රැකගන්න කට්ටියට දැන් ටික ටික අමතක වේගෙන යනව‍ා (නදී)

:       0       0

රේනුක Wednesday, 04 June 2014 03:52 PM

සොයුරු රණවිරුවෙනි ඔබ සැමට නිවන් සුව .......(ස)

:       0       0

චමිලා Thursday, 05 June 2014 04:32 PM

මගේ ඇස් වලට කදුළු ආව මේක දැකල . මේ රණවිරුවෝ දිවි දුන්න නිසානේ අපි අද මෙහම සැනසිලේ ඉන්නේ කියල . එත් මේ ගෙවල් වල අයට මොන තරම් දුකක් ඇද්ද , එයාල මොන තරම් විදවනවා ඇද්ද ?(දිල්)

:       0       0

ඩබ්ලිව්.එම්.පී පණ්ඩිතරත්න Wednesday, 04 June 2014 05:53 PM

නියමයි ! (නදී)

:       0       0

සඳරුවන් Wednesday, 04 June 2014 01:00 PM

හරිම දුක හිතෙන අවස්ථාවක්. ඔවුන් සැමදා සිහිපත් කරමු. ඔවුන්ට නිවන් සුව පතමි. (නදී)

:       0       0

දයාජ Wednesday, 04 June 2014 01:16 PM

ඔබලා දිවි පිදුවේ රටේ හෙට දවස වෙනුවෙන්. ඒ වගේම ජනතාව දැන් විඳින නිදහස ලබා දුන්නේද මේ රණ විරුවන්මය. මෙහි ඇති ජායාරූප ඉතා හැඟීම් බරයි. අප සියලු දෙනාම මේ විරුවන් අමතක නොකළ යුතුය.(නදී)

:       0       0

ඇසළ Wednesday, 04 June 2014 01:42 PM

මේවා බල බලා තවත් ඉල්ලන තරම් උතුරට බලතල දීපල්ලා. අන්තිමට අපිට දකුණේත් ඉන්න ලැබෙන්නේ නැහැ. (නදී)

:       0       0

එස්.ජේ.බී විජේසුන්දර Wednesday, 04 June 2014 02:05 PM

අපේ සිංහල මිනිස්සුන්ට කලගුණ මතක නෑ (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මැතිසබේ නිවාඩු අවලංගුයි
2024 නොවැම්බර් මස 13 912 0

නව පාර්ලිමේන්තුව පිහිටුවීම සඳහා පූර්ව කටයුතු සංවිධානය කිරීමට සිදුවන හෙයින් පාර්ලිමේන්තුවේ සියලුම නිලධාරීන්ගේ නිවාඩු ලබන 18 සිට 22 දක්වා අවලංගු කරනු ල


ගාල්ල බන්ධනාගාරයෙන් රැඳවියෙක් පනී
2024 නොවැම්බර් මස 13 603 0

ගාල්ල බන්ධනාගාරයේ රැඳවියෙකු අද සවස පලාගොස් ඇතැයි ගාල්ල පොලිසිය පවසයි.


මහල් නිවසකින් වැටී පුද්ගලයකු මරුට
2024 නොවැම්බර් මස 13 1452 0

කුළුඳුල් දරුවා දරු ප්‍රසූතියේදී මියයාමේ ශෝකයෙන් පසුවූ පුද්ගලයකු අද (13) සවස ම්හිජය සෙවණ රන්දිය මහල් නිවාසයේ 11 වැනි මහලෙන් වැටී මියගොස් ඇතැයි මිහි ජය සෙව


සී සාමින් සිටි අයෙක් අකුණු සැර වැදී මරුට
2024 නොවැම්බර් මස 13 361 0

වර්ෂාවත් සමඟ ඇති වූ අකුණු සැර වැදීමකින් මැදවච්චිය ප්‍රදේශයේ කුඹුරක සී සාමින් සිටි පුද්ගලයකු මිය ගොස් ඇතැයි මැදවච්චිය පොලිසිය පවසයි.


හිතුමතේ මැතිවරණ ප්‍රතිඵල ප්‍රචාරය තහනම්
2024 නොවැම්බර් මස 13 616 0

පසුගිය මැතිවරණ වලදී සමහර මාධ්‍ය ආයතන ප්‍රාදේශීය නියෝජිතයින්ගෙන් ලබාගත් නිල නොවන ප්‍රතිඵල විකාශයෙන් මැතිවරණ ප්‍රතිඵල කෙරෙහි මහජන විශ්වාසය බිඳවැටීම


ලංකාදීප ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේකය සෙනසුරාදා
2024 නොවැම්බර් මස 13 625 0

මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 206 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 539 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1632 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site