IMG-LOGO

2024 නොවැම්බර් මස 15 වන සිකුරාදා


ගොවීන් වී අලෙවි නොකළොත් රටින් හාල් ගේන්න වෙිවි

(අංජුල මහික වීරරත්න)

ගොවීන් දිගින් දිගටම වී අලෙවි කිරීමෙන් වැලකී සිටී නම් රටේ ඇති විය හැකි සහල් හිඟය මඟ හරවා ගැනීමට සහල් ආනයනය කිරීමට රජයට සිදුවනු ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.

එවැනි තීරණයකට තමා පෞද්ගලිකව අකමැති වුවද ගොවීන්ගේ සහයෝගය නොලැබුණොත් ඇතිවිය හැකි තත්ත්වයන්ට  තනිව එරෙහි වීමට තමාට හැකියාවක් නැතැයි ද කෘෂිකර්ම අමාත්‍යවරයා සඳහන් කළේය.

ගොවියන්ට වී සඳහා ලැබෙන සහතික මිල ප්‍රමාණවත් නැතැයි  කිව්වත් පසුගිය ආණ්ඩුවට සාපේක්ෂව වත්මන් ආණ්ඩුව පොහොර සහනාධාරයත් සමඟ වැඩිපුර රුපියල් 31ක් ගොවීන්ට ගෙවන බව කී අලුත්ගමගේ මහතා 

ඉකුත් ආණ්ඩුව වී මිලදී ගත්තේ කිලෝවක් රුපියල් 30 බැගින් බවද පැවසීය.

ගොවීන් මේ සැබෑ තත්ත්වය තේරුම් ගත යුතුව ඇතැයි ද  අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කෘෂිකර්ම අමාත්‍යංශයේ පැවැති මාධ්‍ය හමුවකදී  සඳහන් කළේය.

 



අදහස් (14)

ගොවීන් වී අලෙවි නොකළොත් රටින් හාල් ගේන්න වෙිවි

චන්දන Friday, 17 September 2021 03:39 PM

ගොවියාත් මස් රාත්තලම ඉල්ලන්නේ . මේවා ට උඩ ගෙඩි දෙන විපක්ෂය ත් තේරුම් ගන්න ඕන අනාගතෙදී එයාලටත් හාල් 150ට විකුණන්න වෙන බව.

:       11       17

nalin Friday, 17 September 2021 03:47 PM

ගොවියන්ගේ අස්වැන්න අඩුවෙලා, උද්දමනය වැඩිවෙලා..., බඩු වල ගාණ ගොඩක් වැඩිවෙලා... එහෙම වුණාම ඒ ගොල්ලන් කොහොමද ඔය ගානට වී විකුණලා ඉස්සරහට ජීවිතේ ගැටගහගන්නේ...

:       10       25

චන්දන Saturday, 18 September 2021 08:34 AM

ඇත්ත. ඒ බව තේරුම් ගෙන අපි වැඩි මිලකට හාල් ගනිමු. කෑ ගහල පලක් නැහැනෙ.

:       1       0

Nuwan Friday, 17 September 2021 04:00 PM

දැන් රටේ හාල් හිඟයට සහ අධික මිලට ගොවියෝද පළි?

:       1       3

Sunil Friday, 17 September 2021 04:10 PM

පසුගිය රජය ගැන කතා කරලා වැඩක් නැහැ. ගොවීන්ට සාධාරණ මිලක් ලැබෙනවා නම් ඔවුන් වී අලෙවි කරයි... රජය මැදිහත්වීම අනවශ්‍යයි. මේ රටේ ගොවීන්ට කවදාවත් සාධාරණයක් ඉටුවුණේ නැහැ.

:       4       20

නිල්මිණි Friday, 17 September 2021 04:38 PM

පොන්නි සම්බා ඔන්න ගෙනාවා ...මෙන්න ගෙනාවා කිව්ව නිසා අපිත් රැවටුනා. එයාලත් දන්නවා ඔයාලා රටින් හාල් ගෙන්නේ නැතිබව..... ඒකයි මෙහෙම අල්ලේ නටවන්නේ.

:       2       2

Mangala Friday, 17 September 2021 04:54 PM

ඉස්සර වෙලා වී මිල පාලනය ඉවත් කරන්න. රු.55ට හරි, රු.70ට හරි ගොවියෝ වී විකුණනකම් ඉන්න. අනතුරුව වී මෝල් හිමියන් සමග කථාකරලා නියම මිල ගණන තීරණය කරන්න යන වියදම බලලා. ඒ අනුව වැඩ කරන්නේ නැතුව මෝල් කාරයා මෝල් නටනවා නම්, හාල් පිටරටින් සතොස හරහා ගෙන්නලා බෙදාහරින්න.

:       6       5

යෝගා Friday, 17 September 2021 05:58 PM

ඔය කියන ටික කරනකොට පාරිභෝගිකයාට වෙන්න ඕන දේ වෙලා ඉවරයි

:       1       3

Lalith M Friday, 17 September 2021 05:58 PM

ඔක්කොම මිල වැඩිවන රටේ වී මිල පහත වැටීම කොහොමද වෙන්නේ. අනික කාබනික පිස්සුව නිසා අස්වැන්න අඩුයි.

:       5       4

Sena Friday, 17 September 2021 06:06 PM

පොහොර ගේග සල්ලි නැතුව හාල් ගේන්නේ කොහොමද

:       0       0

de silva Friday, 17 September 2021 06:30 PM

විපක්ෂය කුමක් කරන්නද ?වී සහ සහල් පාලන මිල නියම කරන්නේ ආණ්ඩුව .ලංකාවේ ලොකුම සහල් මෝල් 2 ,නිපුන සහ අරලිය සහල් මෝල් 2 ම අයිති ආණ්ඩුවට සම්බන්ධ පුද්ගලයන්ගේ .,බඩුත් හාමුදුරුවන්ගේ ,නඩුත් හාමුදුරුවන්ගේ,හොරුත් හාමුදුරුවන්ගේ

:       1       3

දිසා.... Friday, 17 September 2021 08:05 PM

වී මිලදී ගැනීම ගොවීන් කියන විදියට ඉහළ නංවන්න ගියොත් සහල් මිල ගණන් අධික වීමෙන් පාරිභෝගිකයින්ට අත්වන ඉරණම ගැනත් හිතන්න වේවි. ගහන පදේට නැටීම නොකර සහල් ආනයනය කිරීම සුදුසුයි...

:       1       1

Bamunuarachchi Saturday, 18 September 2021 06:57 AM

පොහොර සහන ඉවත් කරන්න.

:       1       1

Bamunuarachchi Sunday, 19 September 2021 09:44 AM

සහල් ගෙන්වනවා කියා කියා ඉන්න එපා එක වතාවක් හරි කරන්න එතකොට නිකම්ම සහල් මිල පහතට ඒවි.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මැද කොළඹ ආසනය ජාජබට
2024 නොවැම්බර් මස 15 409 0


කලාවැව ආසනය ජාජබට
2024 නොවැම්බර් මස 15 114 0


හෝමාගම වෙඩි තැබීමක්
2024 නොවැම්බර් මස 15 174 0

මාගම ගලවිලවත්ත ප්‍රදේශයේ දී ව්‍යාපාරිකයෙකු බව කියන පුද්ගලයකුට අද (15) අලුයම නාදුනන අයෙකු විසින් වෙඩි ප්‍රහාරයක් එල්ල කර පලා ගොස් ඇතැයි හෝමාගම මූලස්ථාන


තියුණු ආයුධ ප්‍රහාරයකින් සැමියා මරුට -දියණිය මව රෝහලේ ‍
2024 නොවැම්බර් මස 15 134 0

ගාල්ල දඩල්ල ප්‍රදේශයේ නිවසකට අද(15) අලුයම මුහුණ වසාගෙන පැමිණි පුද්ගලයෙකු තියුණු ආයුධයකින් කළ පහරදීමකින් එම නිවසේ පුද්ගලයකු මිය ගොස් ඇතැයි පොලීසිය කිය


ගම්පහ තැපැල් ඡන්ද ජාජබට
2024 නොවැම්බර් මස 15 143 0


දෙහිවල ආසනය ජාජබට
2024 නොවැම්බර් මස 15 163 0


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 247 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 569 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1680 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site