IMG-LOGO

2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා


ගුවන් සමගම් 07ක් ශ්‍රී ලංකාව සමඟ සෘජු ගුවන් සේවා අරඹයි

( තිළිණි ද සිල්වා )

ජාත්‍යන්තර ගුවන් සමගම් 07 ක් මේ වසර අවසන් වීමට පෙර ශ්‍රී ලංකාව හා සෘජු ගුවන් සේවා ඇරඹීමට නියමිත බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ඊයේ පැවසීය.

මේ අතුරින් ගුවන් සමාගම් 05 ක් දැනටමත් කටුනායක ගුවන් තොටුපළට සිය මෙහෙයුම් සිදු කිරිමට එකගත්වය පළ කර ඇති අතර ඒ අනුව රුසියානු ගුවන් සමාගමක් වන අසූර් එයාර් ගුවන් සමාගම ලබන 11 වන දා සිට ද, ඉතාලියේ නියෝස්  , බංග්ලාදේශයේ බංග්ලා එයාර්ලයින්ස් හා  ප්‍රංශයේ එයාර් ෆ්‍රාන්ස් යන ගුවන් සමාගම නොවැම්බර් 01 වැනිදා සිටිද ,   රුසියාවේ තවත් ඒරෝෆෝල්ට් ගුවන් සමාගම නොවැම්බර් 04 වන දා සිටත් , කටුනායක ගුවන්තොටුපළ වෙත   සෘජු ගුවන් ගමන් ආරම්භ කිරීමට සැලසුම් කර ඇතැයි ද සංචාරක අමාත්‍යවරයා කීය.

මීට අමතරව ඊශ්‍රාලයේ අර්කියා  ගුවන් සමාගමත්, ස්විස්ටර්ලන්තයේ ස්විස් එයාර ගුවන් සමාගමත් ශ්‍රී ලංකාව සමග සෘජු ගුවන් ගමන් ආරම්භ කිරිම කෙරෙහි කැමැත්තෙන් පසු වන බවත් පෙන්වා දුන් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ඉදිරියේ දි ඒ සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගනු ලබනු බවද කියා සිටියේය.

මේ වන විට කටුනායක ගුවන් තොටුපළට ගුවන් සමාගම් 16 ක් ගුවන් මගී මෙහෙයුම් සිදු කරන අතර එම  ගුවන් තොටුපළට භාණ්ඩ මෙහෙයුම් සිදු කරන ගුවන් සමාගම් ගණන 08 ක් හා තවත් ගුවන් සමාගම් 04 ක් කටුනායක ගුවන් තොටුපළට මගීන් රැගත් විශේෂ ගුවන් ගමන් සිදු කරනු ලබන බවද හෙතෙම කීවේය.

මේ අතර මත්තල ගුවන්තොටුපල සදහා ද ජාත්‍යන්තර ගුවන් ආයතන 04ක් නව මෙහෙයුම් ආරම්භ කිරීම පිළිබදව අවධානය යොමුව තිබේ. මේ පිළිබදව සාකච්ඡා කරමින් තිබෙන බවත්, ඇමතිවරයා පෙන්වා දුන්නේය.

සෞඛ්‍ය මාර්ගෝපදේශ ලිහිල් කිරීමත් සමග සංචාරකයන් වැඩි වශයෙන් මෙරටට පැමිණෙනු ඇතැයි රජය අපේක්ෂා කරන අතර දැනටමත් සංචාරක සංවර්ධන අධිකාරිය යුරෝපා රටවල් ආශ්‍රිතව විශේෂ සංචාරක ප්‍රවර්ධන වැඩසටහන් කීපයක් ක්‍රියාත්මක කරන බවද සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා කියා සිටියේය.

එළඹෙන සීත සෘතුවේ දි යුරෝපා සංචාරකයන් වැඩි වශයෙන් මෙරටට ගෙන්වා ගැනීමේ අරමුණෙන් එම රටවල් ආශ්‍රිතව සිදු කෙරෙන සංචාරක ප්‍රදර්ශන, ක්‍රියාකාරකම් මෙන්ම එම රටවල මාධ්‍ය හා සමාජ මාධ්‍ය වැඩසටහන් මගින් ශ්‍රී ලංකාව පිළිබද පුළුල් ප්‍රචාරයක් මේ දිනවල සිදු කෙරෙන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.



අදහස් (2)

ගුවන් සමගම් 07ක් ශ්‍රී ලංකාව සමඟ සෘජු ගුවන් සේවා අරඹයි

kamal Thursday, 30 September 2021 02:08 PM

අපි තමයි හොඳටම කළේ...

:       0       0

Bamunuarachchi Thursday, 30 September 2021 02:14 PM

මෙයා හරිම අවංකයි, දක්ෂයි...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ලංකාදීප ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේකය සෙනසුරාදා
2024 නොවැම්බර් මස 15 1668 0

මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ


ලොරිය දුම්රියේ ගැටී රියදුරු මරුට - 6 ක් රෝහලේ
2024 නොවැම්බර් මස 15 332 0

වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන


කෝටි 165 ක හෙරොයින් සමඟ 6 ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 15 678 0

රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙ


මහින්දගේ වාර්තාව විජිත බිදියි
2024 නොවැම්බර් මස 15 4327 0

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී දිවයිනේ වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාව ලබා ගැනීමට ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රථමයා ලෙස පත් වූ ජාතික ජන බලවේගයේ විජිත හේරත්


අකුරණ නගරය ජලයෙන් යටවෙයි
2024 නොවැම්බර් මස 15 574 0

මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට අද( 15 ) සවස් කාලයේ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් අකුරණ නගරයේ අදත් ගංවතුර තත්වයක් ඇතිව තිබිණි.


කාන්තාවෝ 20ක් දියවන්නාවට යති
2024 නොවැම්බර් මස 15 3238 1

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් කාන්තාවන් විස්සකට වැඩි පිරිසක් තේරී පත්ව සිටීම විශේෂත්වයකි.මින් කාන්තාවන් වැඩි පිරිසක් තේරී පත්ව සිටින්නේ ජාති


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 293 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 594 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1720 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site