IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


ගුවන් සේවිකාවක වෙන්න හීන දකින නිකිනි

2016-11-09-ent-47

මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටි මේ සොඳුරු යෞවනිය නිරූපණයට අත්පොත් තබමින් එහි හැදෑරීම් කටයුතුවල නිරත වෙමින් සිටින්නීය. සොඳුරු හීනයක් හිතැතිව නිරූපණයට පා තබා ඇති ඇය නමින් නිකින් ෆොන්සේකායි. ඇගේ නිරූපණ ක්‍ෂේත්‍ර යෙහි ආගමනය හා අනාගත බලාපොරොත්තු පිළිබඳව මෙලෙසින් ‘සාරවිට’ හා ඒකාත්මික වූවාය.

 

ඔයාගේ නම කිව්වොත්?

2016-11-09-ent-52නිකින් ෆොන්සේකා.

 

රැකියාවක් කරනවාද? ඉගෙන ගන්නවාද?

මම මේ අගෝස්තු වන උසස් පෙළ කළා. දෙසැම්බර්වල ප්‍රතිඵල බලාපොරොත්තුවෙන් තමයි ඉන්නේ.

 

එතකොට නිරූපණයට එන්නේ?

මම උසස් පෙළ සඳහා දායක වුණේ නර්තන අංශයෙන්. නිරූපණයට එන අදහසක් නම් තිබ්බෙ නැහැ. මම නිරූපණය ගැන ඉගෙන ගන්නවට මගේ අම්මගේ ආසාවක් තිබ්බා. අම්මගේ උනන්දුවයි කැමැත්තයි නිසා තමා මම සර් නික් ජයමහ ළඟ නිරූපණය හැදෑරීම පටන් ගත්තේ. සාමාන්‍යයෙන් බොහෝ දෙමාපියන් කැමැති නැහැ නේද තමගේ දියණිය නිරූපණය පැත්තට යනවට? ඒ අතින් ඔබ හරි වාසනාවන්තයි නේද? ඔව් ඇත්තටම මම හරි වාසනාවන්තයි. මොකද මගේ හැම දේකදීම අම්මා මගේ ළඟින් ඉඳන් මේක මෙහෙම කරන්න කියලා මට කියලා දෙනවා. මගේ ශක්තිය එයා තමයි.

 

නිරූපණය පැත්තෙන්ද ඉදිරියට යන්න බලාපොරොත්තු වන්නේ?

ඔව්. නිරූපණය පැත්තෙන් ඉදිරියට යන්න ආසයි. නමුත් මම ගොඩක්ම දක්ෂ නර්තනයට සහ රංගනයටයි. මම ඉගෙන ගත්ත දේ නිසා ඒ පැත්තෙන් යන්න ඊට වඩා ආසයි.

 

ඒ කියන්නේ වෘත්තීමය නර්තන ශිල්පිනියක් සහ රංගන ශිල්පිනියක් වෙන්නද කැමැත්ත?

නැහැ. මගේ අනාගත බලාපොරොත්තුව ගුවන් සේවිකාවන් වෙන්න. ඊට අමතරව කලාවත් එක්ක කාලය ගත කරන්න තමයි මම ගොඩක්ම කැමති.

 

පොඩි කාලේ ඉඳන් තිබ්බ හීනයක් තියෙනවාද?

ඔව් තියෙනවා.

 

ඒ මොකක්ද?

ගුවන් සේවිකාවක් වීම තමයි මගේ පොඩි කාලේ ඉඳන් තිබ්බ හීනය.

 

ඉදිරි බලාපොරොත්තුව කිව්වොත්?

නිරූපණය පැත්තෙන් ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා වගේම ගුවන් සේවිකාවක් වීමට ඉගෙන ගන්න බලාපොරොත්තු වෙනවා.

 

උදවු කරපු කවුරු හරි මතක් කරන්න පිරිසක් ඉන්නවාද?

ඔව්, ඇත්තටම හැම දේකදීම මගේ ළඟින්ම ඉන්නේ මගේ අම්මා, අක්කි ඒ දෙන්නාව මුලින්ම මතක් කරන්න ඕනේ. ඒ වගේම මට කලාවට ආදරේ කරන්න, කලාවත් එක්ක ඉන්න ගුරුහරුකම් දෙන මගේ නර්තන ගුරුතුමියව ආදරෙන් මතක් කරනවා. නිරූපණය ගැන මට හරි විදිහට හැම දේම කියලා දෙන නික් ජයමහ සර්වත් ආදරෙන් මතක් කරනවා.

 

ඩිලාන් ක්‍රිෂාන්ත / ඡායාරූප - නිකිනිගේ ෆේස්බුක් ගිණුමෙනි.

 

2016-11-09-ent-51
2016-11-09-ent-50
2016-11-09-ent-49
2016-11-09-ent-48



අදහස් (0)

ගුවන් සේවිකාවක වෙන්න හීන දකින නිකිනි

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ධීවර ජනතාවට විශේෂ නිවේදනයක්
2024 ඔක්තෝබර් මස 11 11 0

පුත්තලම සිට කොළඹ ,ගාල්ල මාතර හරහා හම්බන්තොට දක්වා ක්‍රියාත්මක සියලුම ධීවර යාත්‍රා නැවත දැනුම් දෙන තුරු යාත්‍රා නොකරන ලෙස ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේ


රත්නපුර ලැයිස්තුවෙන් දමිතාගේ නම හැලෙයි
2024 ඔක්තෝබර් මස 11 2116 5

තමන් මෙවර රතනපුර දිස්ත්‍රික්කයෙන් මහ මැතිවරණයට තරඟ කරන බව දමිතා අබේරත්න මහත්මිය පැවසුවත් ඇගේ නම රත්නපුර දිස්ත්‍රික්කයට බාරදුන් සමගි ජන බලවේගයේ මහ මැ


කෙහෙළිය වන්දි ඉල්ලා ගොනු කළ පෙත්සම ඉල්ලා අස් කරගනී
2024 ඔක්තෝබර් මස 11 1713 0

ප්‍රමිතියෙන් තොර හියුමන්ඉමියුනොග්ලොබින් එන්නත් මිලදී ගැනීමේ සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව තම


දිස්ත්‍රික්ක 10කට නාය අනතුරු අඟවයි
2024 ඔක්තෝබර් මස 11 367 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල පවතින අධික වැසි සහිත කාල ගුණ තත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 10 ක ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 33 කට අද ( 11 ) පෙරවරුවේ සිට නාය යෑමේ අනතුරුඇඟ


පාලමකින් එගොඩ වෙන්න ගිය අයෙක් අතුරුදන්
2024 ඔක්තෝබර් මස 11 618 0

පවතින දැඩි වර්ෂාපතනය හේතුවෙන් කඩුවෙල යාකාල වැලිහිද ඇල හරහා ඉදිකරමින් පවතින පාලමක් හරහා ගමන් කිරීමට ගිය 39 හැවිරිදි පුද්ගලයකු දියේ ගිලී අතුරුදන් වී ඇතැ


අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 776 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39893 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25898 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 125 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 398 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1275 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site