IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


ගුවන් සේවා දෙකේ කැරැට්ටුව නරකම නෑ

ශ්‍රී ලංකන් සහ මිහින් එයාර් ගුවන් සේවාවන් වෙනුවෙන් ආණ්ඩුව සමඟ සම්බන්ධතා ගොඩනඟා ගැනීමට අන්තර්ජාතික ගුවන් සේවා 8ක් කැමැත්ත පළ කර ඇතැයි ව්‍යවසාය සංවර්ධන ඇමැති කබීර් හෂීම් මහතා සදහන් කරයි.

අමාත්‍යවරයා මේ බව පැවසූයේ ජකර්තා නුවර ආයෝජකයන් පිරිසක් සමඟ සාකච්ඡාවක නිරතව සිටින අතරතුරදී යැයි ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශය පවසයි.

මේ සඳහා කැමැත්ත ප්‍රකාශ කිරීමට තවත් සමාගම් රැසක්ම ඉදිරිපත්ව ඇති බැවින් මේ සඳහා ලබා දෙන කාලය තවත් මාසයකින් දීර්ඝ කිරීමට ආණ්ඩුව තීරණය කර තිබේ. “මුලදී අප කලබල වී සිටියේ  ශ්‍රී ලන්කන් හා මිහින් ලංකා ගුවන් සේවා වෙනුවෙන් කිසිම ඉල්ලුමක් ඇති නොවෙයි කියලයි. ඒත් පසුගිය දින කිහිපයේදී ගුවන් සේවා රැසක්ම මේ සම්බන්ධව කැමැත්ත පළකර තිබුණා. ජපානයේ ඒව්ඒ පවා කැමැත්ත පළකර තිබෙනවා. ඉතිං වඩාත් හොඳ අවස්ථාවන් උදාකර ගන්න අවසාන දිනය තවත් කල් දැමීමට කටයුතු යොදනවා" යැයි  ඇමැති  කියයි.

 



අදහස් (0)

ගුවන් සේවා දෙකේ කැරැට්ටුව නරකම නෑ

ලලිත් Friday, 05 August 2016 01:31 AM

හැබැයි විකුණුවා වගේ නෙමෙයි. ඔය කියන විදියට ලංකාව නුදුරු අනාගතයේදී ආසියාවේ ආර්ථික මධ්‍යස්ථානය වෙනවා නම් අපේ රටට එන ඔක්කොටම එන්න වෙන්නේ අනුන්ගේ ගුවන් සේවාවක. එතකොට ඒ සල්ලි ටිකත් එයාලටමයි. අන්තිමට ආර්ථික මධ්‍යස්ථානය ගොඩනගන්න රට රට වලින් දීපු කෝටි ගණන් ණය ගෙවන්න වෙන්නේ අපිටයි. (නි)

:       0       0

සමන්ත Thursday, 04 August 2016 12:36 PM

කොයි දැන්මේ හැමේකටම කමෙන්ට් දාන මහින්දට කඩේ යන කට්ටිය? ඔය අ ගුවන් සමාගම දෙකම කෑවේ එයලානේ. ඒවාට කතා නෑ.හැමදාම පෙරමුණු ආණ්ඩු වලින් කාලා දාල යන ආර්ථිකය සහ ආයතනයන් ගොඩ ගන්න වුනේ යු ඇන් පී එකට. එක තමයි ඇත්ත කතාව.(රේ)

:       0       0

දිලාන් Friday, 05 August 2016 04:00 AM

තියෙන තත්වය එක්ක වෙනත් සමාගමක් සමඟ අත්වැල් අල්ලගෙන ගමන යනවා එක තමයි නුවණට හුරු. මිහින් ලංකා එක ශ්‍රී ලන්කන් එක ඇතුළට දාලා අන්තර්ජාතික සමාගමක් සමඟ ඉදියට යන්නයි අවශ්‍ය. පාඩු ලබන ව්‍යාපාර නඩත්තු කරන්න ලංකාවට බැහැ (නි)

:       0       0

හේවා Thursday, 04 August 2016 01:17 PM

කැරැට්ටුව නරකම නැතිනම් මොකද පසුගිය ආණ්ඩුව ගුවන් සමාගම අගාදයට ඇදල දැම්මා කියල දෝසාරෝපණය කරන්නේ (ම)

:       0       0

ධනුෂ්ක Friday, 05 August 2016 04:12 AM

පහුගිය ආණ්ඩුව නම් ඔය අපූරුවට කළමනාකරණය කළේ (නි)

:       0       0

දිනේෂ් සුභසිංහ Thursday, 04 August 2016 03:06 PM

ලාබ ලබන්න බැරිකමක් නෙමෙඉ තියෙන්න. ආණ්ඩුවේ නොහැකියාව. කොහොමත් මෙයාල විකුනන්න දක්ස කට්ටියනේ (රේ)

:       0       0

කපිල Thursday, 04 August 2016 05:45 PM

ලාබ ලබන්නේ කොහොමද? කාර්ය මණ්ඩලයම කීයක් ඉන්නවද? (නි)

:       0       0

ජනහිත Thursday, 04 August 2016 05:48 PM

රජයේ ආයතන විකුණා කෑම පුරුද්දක් කරගත් අය කරන්නෙම ඒක තමා. මොන ආයතනය වුණත් හොඳට කළමනාකරණය කළොත් ඒවා පවත්වාගෙන යා හැකියි. නැත්නම් කොහොමද පුද්ගලික ආයතන දිගින් දිගටම පවත්වාගෙන යන්නෙ. මෙයට මුලික හේතුව තමයි නුසුදුසු අය රැකියා වලට දැමීම. (නි)

:       0       0

නන්දලාල් ද සිල්වා - ප්‍රංශය Thursday, 04 August 2016 06:23 PM

මෙවැනි අදහසක් ලෝක ගුවන් සේවා ආයතන මඟින් පිළිගැනීම, නව රජයේ ප්‍රතිපත්ති වලට හොඳ පිළිතුරක් බව පේනවා. කොහොම වුණත් රජය ළඟදීම නවතා දැමීමට බලාපොරොත්තුවන ගමනාන්ත තවදුරටත් දිගටම කරගෙන යාම ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හොඳ නම පවත්වා ගැනීමට හැකිවෙන බව පේනවා. මීට පෙර කිහිප වතාවක් කළ පරිදි මේ වසරේදීත් සිංහල අලුත් අවුරුද්දටත්, පසුගිය ජූලි මාසයේදීත් මා පැරිසියේ සිට ශ්‍රී ලංකන් මඟින් මගේ මව්බිමට පැමිණියා. මේ ගුවන් ගමන් දෙකේදීම ශ්‍රී ලංකන් මඟින් පැරිස් - කොළඹ අතර නොනවත්වා පියාසර කිරීමෙන් මා වටිනා කාලයක් ඉතිරි කරගත්තා. (නි)

:       0       0

රොකී‍ Saturday, 06 August 2016 03:19 AM

ඔවු ඉතින් හොඳ කැරැට්ටුවක් තියන සේවික මණ්ඩලයකුත් හිටියා කියනවනේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පාස්කු වින්දිතයන්ට යුක්තිය ඉටු කරනවා
2024 ඔක්තෝබර් මස 06 118 0

පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාළ පරීක්ෂණ කඩිනම් කර එවන් ඛේදවාචකයක් නැවත රට තුළ ඇති නොවීමට පසුබිම සකසන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.


පාකිස්තානු සිරකරුවන් 56 ක් පිටත් කර යවයි
2024 ඔක්තෝබර් මස 06 189 0

මත්ද්‍රව්‍ය චෝදනා මත බන්ධනාගාර ගතව සිටි පාකිස්තාන ජාතික සිරකරුවන් 56ක් පාකිස්තානයට ගුවන් මගින් අද (6) පිටත් කර හැරි බව බන්ධනාගාර කොමසාරිස් (මාධ්‍ය ප්‍රක


පරණ බැටරියක් සොරාගත් සැරයන් අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 06 96 1

නාරහේන්පිට පොලිස් ප්‍රවාහන කොට්ඨාසයට භාරදීම සඳහා රැගෙන ආ පාවිච්චි කර ඉවතලන බැටරියක් සොරාගත් පොලිස් සැරයන්වරයෙකු අත්අඩංගුවට ගත් බව නාරහේන්පිට පොලි


ජොන්ස්ටන්ට අවි 8ක් දීලා
2024 ඔක්තෝබර් මස 06 128 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු පසුගිය රජයෙන් ගිනි අවි 8ක් ලබාගෙන ඇති බව ආරක්ෂක අමාත්‍යාංශ ආරංචි මාර්ග පව


මහාචාර්ය සෝමසුන්දර නමින් නයිජීරියා සරසවියේ දේශන ශාලාවක්
2024 ඔක්තෝබර් මස 06 448 0

සබරගමුව විශ්ව විද්‍යාලයේ ප්‍රථම උප කුලපති ලෙස කටයුතු කළ මහාචාර්ය ජේ.ඩබ්ලිව්. ඩී.සෝමසුන්දර මහතා නමින් නයිජීරියාව ගෝමිබේ රාජ්‍ය විශ්ව විද්‍යාලයේ දේශන


ජනපති අපේක්ෂකයෝ 35ක් ප්‍රචාරක වියදම හංගති
2024 ඔක්තෝබර් මස 06 499 1

ජනාධිපතිවරණයට ඉදිරිපත් වූඅපේක්ෂකයින්ට ප්‍රචාරක වියදම් වාර්තා ලබාදීමේ කාලය සතියක් ඉක්මවී ඇතත් මේ දක්වා ඒවා භාරදී ඇත්තේ හතර දෙනකු පමණක් යැයි මැතිව


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39154 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25591 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 325 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1090 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 380 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site