(තිලකරත්න දිසානායක)
ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ කීර්තිමත් ආදී ශිෂ්‍යයකු වන වත්මන් ගුවන් හමුදාපති එයාර් මාෂල් උදේනි රාජපක්ෂ මහතා පිළිගැනීමේ උත්සවයක් එම විද්‍යාල පරිශ්‍රයේදී අද (27) පෙරවරුවේ පැවැත්විණි.
විද්‍යාලයේ නර්තන කණ්ඩායම ගුවන් හමුදාපතිවරයා කැටුව ආහ. අනතුරුව බාලදක්ෂයන්ගේ ආචාරය මධ්‍යයේ රණවිරු ස්මාරකය වෙත ගොස් පුෂ්පෝපහාර දැක්වීය. පෙරදිග තූර්ය වාදක කණ්ඩය ක්‍රීඩාංගණය වෙත කැදවාගෙන ගොස් උපහාර පුද කොට ශිෂ්‍ය භට ඛණ්ඩයයේ උත්තමාචාරය පුද කිරීමද සිදු කෙරිණි.
අනතුරුව විද්‍යාලයේ ගගන අංශයේ සිසුන් විසින් නිර්මාණය කළ ගුවන් යානා සංදර්ශනයක්ද පැවැත්විණි.
බණ්ඩාරනායක විදුහල්පති කසුන් ගුණරත්න මහතාගේ මගපෙන්වීම මත ආචාර්ය මණ්ඩලය සහ ආදි ශිෂ්‍ය සංගමය මගින් මෙම උත්සවය සංවිධානය කොට තිබිණි.
මෙම අවස්ථාවට ගුවන් හමුදාපතිවරයාගේ මව පේමවතී රාජපක්ෂ, බිරිද ඉනෝකා රාජපක්ෂ යන මහත්මීන්ද , බණ්ඩාරනායක විදුහල්පති කසුන් කසුන් ගුණරත්න, නියෝජ්‍ය විදුහල්පතිනී උදේශිකා කාරියවසම්,, ආදි ශිෂ්‍ය සංගමයේ සභාපති එස්.මිලාන් ප්‍රභාත් යන මහත්ම මහත්මීන්ද , ආචාර්ය මණ්ඩලය, ත්‍රිවිධ හමුදා සහ පොලිස් ප්‍රධානීන් සහ සිසු දරුවන් එක්ව සිටියහ.
දිවයිනට බළපා ඇති වැසි තත්වය හේතුවෙන් පිටාර මට්ටමට පැමිණ ඇති දැදුරුඔය ජලාශයේ වාන් දොරටු දෙකක් අද (15) දහවල් සිට විවෘත කළ බව ජලාශය භාර වාරි ඉන්ජිනේරු එම්.ජී
මහවැසි හේතුවෙන් තාවකාලික වසා දැමුණු පාසැල් හෙට(15) සිට සාමාන්‍ය පරිදි යළි විවෘත කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.
මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත අනුව මැතිවරණ වියදම් වාර්තා ලබා නොදුන් බත්තරමුල්ලේ සීලරතන හිමි ඇතුළු තිදෙනාට එරෙහිව නඩු පැවරීමට මැතිවරණ කොමිෂන් සභ
මරදන්කඩවල ගනේවල්පොල ප්‍රදේශයේ දී යතුරුපැදියක් සහ ලොරියක් එකිනෙක ගැටී අද (15) සිදුවූ රිය අනතුරකින් යතුරු පැදි කරුවකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය අවලංගු කර ඒ සඳහා යළි විභාගයක් පැවැත්වීමට නියම කරන්නැයි ඉල්ලා සිටින මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සි
සෙවණගල ප්‍රදේශයේ ප්‍රකට ආයුර්වේද වෛද්‍යවරයකුගේ ඖෂධාලයක තිබු ගංජා සමඟ එහි සේවකයන් කීපදෙනකු අත්අඩංගුවට ගැනීමෙන් සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන්
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ගුවන් හමුදාපතිට පාසලෙන් උපහාර
P.d goonawardena Thursday, 27 July 2023 12:18 PM
සුභ පැතුම්...
Kazi Shajahan Thursday, 27 July 2023 02:53 PM
කවුද මේ හෙලිකොප්ටර් වලට ඉන්ධන දෙන්නේ .ජනතාවගේ මුදල් නෙ .නිකන් උත්සව තියලා නාස්ති කරන්නේ