IMG-LOGO

2024 ඔක්තෝබර් මස 09 වන බදාදා


ගුවන් හමුදා නිලධරයා අත්අඩංගුවේ

මොරටුව ශාන්ත මයිකල් පාර අසලදී ගුවන් හමුදා නිලධරයකුගේ කාරයට හැපී හත් හැවිරිදි දරුවකු  මිය ගිය බව කොළඹ ජාතික රෝහල් ආරංචි කියයි.

දරුවා සීනී ගෙන ඒම සඳහා කඩේට ගොස් එද්දී මේ අනතුර සිදු වු බව පොලීසිය කියයි.

ගුවන් හමුදා නිලධරයා අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

 

 



අදහස් (0)

ගුවන් හමුදා නිලධරයා අත්අඩංගුවේ

මිලානො ජයන්ත Monday, 14 July 2014 11:47 AM

පොදුවෙ ගත්කල, තම නිල ඇදුම දාගත්තහම ගොඩක් අය හිතන්නෙ රට එයාලගෙ කියලා. (නි)

:       0       0

පෙඩ්රික් Monday, 14 July 2014 06:26 AM

ගුවන් හමුදා කාරය රක්ෂණය කර නැද්ද? (නි)

:       0       0

මහගෙදර ඇඹිලිපිටිය Monday, 14 July 2014 06:30 AM

අවුරුදු හතක දරුවෙක් තනියම කඩේට යවපු එක ගැන දෙමවුපියනුත් නැවත වරක් සිතාබැලිය යුතුයි (නි)

:       0       0

කාන්තිනී Monday, 14 July 2014 07:30 AM

හමුදා වාහන අධික වේගයෙන් ධාවනය කරන බව ඔබ සැම දැක ඇති. බොහෝවිට නීති උල්ලංඝනය කරමින් ඔවුන් ගමන් කරන අවස්ථාත් තිබෙනවා (නි)

:       0       0

රුචිර - සෞදි Monday, 14 July 2014 07:33 AM

අම්මාගේ අතින් රස තේ එකක් හදාගෙන බොන්න හිතාගෙන කඩේට ගිය අසරණ දරුවෙක් වෙන්න ඇති. වැරැද්ද රියදුරුගේ නම් අසරණ දෙමව්පියන්ට ඇඟිල්ල දිගුකිරීම වැරදියි. අසරණ දරුවට නිවන් සුව ලැබේවා! (නි)

:       0       0

සැම්සන් පිලපිටිය Monday, 14 July 2014 08:01 AM

අවුරුදු හත කියන්නේ ළමයෙකු දෙමාපියන්ගේ රැකවරණය යටතේ සහ නිතරම ඔවුන්ගේ සෙවණැල්ල මෙන් සිටිය යුතු වයසක්. මේවා අනෙක් දෙමව්පියන්ටත් හොඳ පාඩම් (නි)

:       0       0

සුරිය බංඩාර Tuesday, 15 July 2014 04:24 AM

හරියට දකින්නේ නැතිව දෙයක් කියන්න අමරුයි. දරුවා පාරට පනින්නේ අනතුරක් වෙයි කියන හැගිමෙන් නොවෙයි. ගුවන් හමුදා නිලධාරියද වාහනය පදවන්නේ කුරා කුබියෙකුට වත් හානියක් කරන අදහසින් නොවේ. හමුදා නිලධාරින් වේගයෙන් වාහන පදවනවා ඒක ඇත්ත. ඹවුනට පැවරි ඇති රාජ කරිය ඉටු කිරිමට නම් එසේ යා යුතුයි. හමුදා සේවයට බැදෙන්න කලින් ඹවුනුත් ඹබ අප වගේ හිමින් ගිය අය තමා. ඹවුන් වේගවත් නොවුනා නම් අපට හිමින්වත් යන්න ලැබෙන්නේ නැහැ. (නදී)

:       0       0

ඉසුරන්දි Monday, 14 July 2014 08:51 AM

දෙයක් උනාට පස්සේ අරයට මෙයාට දොස් නගල පලක් නැහැ. (ස)

:       0       0

චාන්දනී Monday, 14 July 2014 09:06 AM

අනේ මන්දා අවුරුදු හතේදී මාත් කිට්ටුව තිබෙන කඩයට යනවා එනවා. අපේ ගෙවල් වල වැඩකාරයන් හිටියෙත් නැහැ. දෙමව්පියන් දෙදෙනාම රැකියාවල නිසා අපිට ගෙදර වැඩ කටයුතු වලට පොඩි කාලයේ ඉඳලාම සම්මාදම් වෙන්න සිද්ධ වුනා. කොහොම වුනත් මේ දරුවා ගැන මට හරිම කනගාටුයි. (නදී)

:       0       0

ලක්මාල් Monday, 14 July 2014 09:07 AM

දෙමපියන්ම වැරදි නැහැ මෙතන මක්නිසාද දරුවකු කුඩා කල සිට ගනුදෙනු කිරීම වැනි දේට හුරු වීම හොද දෙයක්. මෙය දෙමාපියන්ට උදව්වක් විදියට ඒ දරුවා කරන්න ඇති. වරද කාටවත් එක වර දැමීමට අපි නොදන්නා නිසා මේ දරුවට මොක් සුව පතමු. රියදුරා කුමන තනතුර දැරුවද සිහි කල්පනවනේ වාහන පැදෙව්වා නම් මෙවන් අනතුරු වලක්වා ගත හැකියි. (නදී)

:       0       0

තේජාන්විත Monday, 14 July 2014 09:19 AM

අයි මිට කලින් අවරුදු 7 ළමයි කඩේ යනවා දැකලම නැද්ද ? (නදී)

:       0       0

ජයන්ත Monday, 14 July 2014 09:25 AM

අවුරුදු හත වෙනකොට අපේ මව්පියන් මාවත් කිට්ටුව පාත තිබෙන සිල්ලර කඩේට යැව්වා. ඒකේ වරදක් මම නම් දකින්නේ නැහැ . දරුවන්ට වගකීම් කුඩා කල සිට පෙන්වා දුන්නේ නැතිනම් ඔවුන් වැඩිහිටියන් වුන පසුවත් සැම දෙයක්ම අතට පයට කර දිය යුතු තත්වයකට පත් වෙනවා. නමුත් මේ දරුවාට සිදුවූ අනතුර නම් කනගාටුවට කාරනාවක්. (නදී)

:       0       0

ජෙහාන් Monday, 14 July 2014 09:27 AM

මෙතන වෙලා තිබෙන්නේ ළමයාව කඩේට ඇරීමේ ප්‍රශ්නයක් නෙවෙයි. ගුවන් හමුදා භටයා කාර් එක ජෙට් එකක් කියලා හිතලා පදවාගෙන යාම. දරුවාගේ පවුලට මගේ ශෝකය (නදී)

:       0       0

සුනිල් Monday, 14 July 2014 09:31 AM

මෙතන මව්පියන්ට දොස් කියන්න බැහැ. දරුවෙකුට කුඩා කාලයේ සිටම පොඩි පොඩි වගකීම් භාර දුන්නේ නැතිනම් වැඩිහිටියන් වුනාට පසුව සමාජය ගැන නිවැරදි අවබෝධයක් එන්නේ නැහැ . දරුවාට නිවන් සුව ! (ස)

:       0       0

ධම්ම Monday, 14 July 2014 09:35 AM

අබුද්දස්ස කාලේ වරද දෙමාපියන්ට පටවලා හමුදා වාහනයට වන්දිත් ගෙවලා ඔවුන්ට හිරේ යන්නත් වෙයිද දන්නේ නැහැ. (ස)

:       0       0

වීරසිංහ Monday, 14 July 2014 09:36 AM

සැම්සන් ගේ දෙමාපියන් ඔහුගේ පිටුපස සෙවනැල්ල වගේ සිටිය යුතුයි. පෙනෙන හැටියට වයස 3-4 ක පොඩි බබෙක් වගේ. අපිනම් දන්නා හැටියට ඔය වයසේ ළමයෙක්ව කඩේ යවන එකේ වැරද්දක් නැහැ. අපිත් ගියා. හමුදාවේ, පොලිසියේ , ඇමතිගොල්ලෝ වාහන එලවන හැටි අමුතුවෙන් කියන්න ඕන නැහැ මම හිතන්නේ. පව් පොඩි දරුවා. අසරණ දෙමාපියන් ...(ස)

:       0       0

රුවනි Monday, 14 July 2014 09:38 AM

මියගිය දරුවාට නිවන් සුව ! පුවතට අදාළ නැති වුනත් තනියම කඩේට ගිහිල්ලවත් පුරුද්දක් නැති අපේ නැනා කෙනෙක් , ගැන කියන්න හිතුනා. ඔක්කොම අතට පයට ගෙදර උදවිය කරලා දීපු පුරුද්දට විවාහ වුනාට පසුවත් ගෙදර ගෑස් ඉවර වුනාම ඇගේ මහ ගෙදර උදවියට කතා කරලා තමා ගෑස් ගෙන්න ගන්නේ . ජයන්ත මහතා ලියපු දේ නිසා මට මේ ටික කියන්න හිතුනේ. (ස)

:       0       0

විරාජ් ඒකනායක Monday, 14 July 2014 09:51 AM

මේ රටේ රිය පදවන ආරක්ෂක අංශ වල අයට විනය නීති මාලාවක් වෙනම හදුන්වා දිය යුතු කාලය එළඹ ඇත (නදී)

:       0       0

පොඩිනේරිස් Monday, 14 July 2014 10:21 AM

රුවනි ,ඔයාගේ අය්යට අබ සරණයි .පවු කොල්ලා.අහිංසකයා. (ස)

:       0       0

සේන Monday, 14 July 2014 10:42 AM

ඉස්සර අවරුදු 7 ක ළමයෙක් කඩේ යවන එක අමුතු දෙයක් නෙවෙයි. නමුත් අද රටේ එහෙම කරන්න ‍බැහැ. මිනිස්සුන්ගේ ඉවසීම හා ගුණධර්ම අන්තිමට පිරිහිලා. කොච්චර වටිනා ජීවිතයක්ද නැති වුනේ. (ස)

:       0       0

දයා Monday, 14 July 2014 10:44 AM

දරුවා ලොකු කුඩා කියන එක කඩේකට යවන්න ප්‍රශ්නයක් නැත. ගුවන් භටයා වාහනය අතට ගත්තම උජාරුවක් හිතල පාගන්න ඇති.පව් අසරණ දරුපැටිය. (ස)

:       0       0

ද සිල්වා බෙර්ලින් Monday, 14 July 2014 11:16 AM

ලෝකයේ දියුණු රටවල දේශපාලකයන් සහ හමුදා නිලධාරීන් සිටින්නේ ජනතාවට සේවය කිරීමටය. අපගේ රටේ ජනතාව දේශපාලකයන්ගේ සහ නිලධාරීන්ගේ වහලුන් බවට පත්ව ඇති අතර ඔවුන් පරිවාර ආරක්ෂක වාහන පිරිවරාගෙන එනවිට අපට සිදුවන්නේ කණුවට බැස ජීවිතය රැකගන්නටය. එක එක්කෙනා ඡන්දයට පෙර එක එක බහුබූත දෙසාබෑවාට ඡන්දයෙන් පසු කරන්නේ එකම දෙයකි. ඒ සුරාකෑමය. (නි)

:       0       0

පිටිගල Monday, 14 July 2014 11:20 AM

ඒ කාලේ අපි පාසලට සැතපුම් හතරක් පයින් එනවා.ඒ වැස්සේ තෙමි තෙමී.කූඩැල්ලෝ කඩ කඩා. කුඹුරුවල වතුපිටි වල වැඩට දෙමාපියන්ට උදවු වෙනවා, හරකුන්ගෙන් කිරි දොවනවා.උන්ව දිගේලි කරන්න එහෙ මෙහෙ අරගෙන යනවා.උන් පස්සේ දුවනවා. පුවක් ගස් පොල්ගස්වල නගිනවා. ගඟේ පැනලා පීනලා නානවා, තනියම මහා කැලේ ඇවිදිනවා. කාලයාගේ ඇවෑමෙන් දැන් ඒ සියල්ල බරපතල විදිහට වෙනස් වෙලා. දැන් ළමයෙකුට කඩේට ගිහින් එන්නවත් බැහැ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කමල් අද්දරආරච්චි උවිඳු විජේවීර එක්ක ඡන්දෙට
2024 ඔක්තෝබර් මස 09 5 0

ප්‍රවීන රංගන ශිල්පී කමල් අද්දරආරච්චි මහතා ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක රෝහණ විජේවීර මහතාගේ පුත් උවිඳු විජේවීර සමග ඉදිරි මහ මැතිවරණයට තරඟ වැදීමට


කෙසෙල්වත්ත කාන්තා ඝාතනයේ සැකකරු රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 09 197 0

කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ කාන්තාවකගේ ගෙල තියුණු ආයුධයකින් කපා ඝාතනය කළේ යැයි කියන කොළඹ පුද්ගලික රෝහලක ආරක්ෂක නිලධාරි සැකකරු ලබන 22 දක්වා රක්ෂිත බන්ධ


රජරට පාසල් වාර විභාගයෙත් ප්‍රශ්න පත්‍ර පිටවෙලා?
2024 ඔක්තෝබර් මස 09 118 0

උතුරු මැද පළාත් පාසල් දෙවන වාර පරික්ෂණයේ 10 වන ශ්‍රේණියේ විද්‍යාව හා තොරතුරු හා සංනිවේදන ප්‍රශ්න පත්‍ර දෙක විභාගය පැවැත්විමට පෙර උපකාරක පන්ති පවත්වන ග


බටනා ගොවීහු හූල්ලති
2024 ඔක්තෝබර් මස 09 285 0

ගලෙන්බිඳුණුවැව ප්‍රදේශයේ ගම්මාන රැසක වගා කළ බටානා වට්ටක්කා අලෙවි කර ගත නොහැකිව වගා බිම්වල සහ ගොවියන්ගේ නිවෙස්වල කුණු වී යන බව ගොවීහු චෝදනා කරති.


කොටුව-බදුල්ල රාත්‍රී තැපැල් දුම්රිය දෙක අද ධාවනය කරයි
2024 ඔක්තෝබර් මස 09 128 0

උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය අද (9) උදේ 7.30 සිට සවස 5.30 දක්වා කොළඹ කොටුව හා ඇල්ල අතර සීමා කළද කොටුව _බදුල්ල හා බදුල්ල _කොටුව රාත්‍රී තැපැල් දුම්රිය දෙක ද


රාජ්‍ය සේවය කාර්යක්ෂම කරන්න ජර්මන් සහය
2024 ඔක්තෝබර් මස 09 656 1

ශ්‍රී ලංකාවේ ජර්මානු තානාපති ෆෙලික්ස් නියුමන් (Felix Neumann) මහතා අද (09) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවිය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39610 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25774 13


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 365 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1205 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 408 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site