IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


ගොවියෝ කෘෂි ඇමැතිගේ නිවස වටලති

රුපියල් 350ට පොහොර ද වී වලට සහතික මිලක්ද ඉල්ලමින් සමස්ත ලංකා ගොවිජන සම්මේලනය අනුරාධපුර නගරය සමීපයේ පිහිටි කෘෂිකර්ම ඇමැති දුමින්ද දිසානායක මහතාගේ නිවස වටලන්නට ගියේය.

කෘෂිකර්ම ඇමැති දුමින්ද දිසානායක මහතාගේ සොයුරු රවී දිසානායක ගොවීන් හමුවට පැමිණ කියා සිටියේ තම සහෝදරයා කොළඹ ගොස් සිටින බවයි.

පොලිසියත් ‍ගොවි නියෝජිතයන්ට උපදෙස් දුන්නේ ඇමැතිවරයා ද ගෙදර නැති හෙයින් එතැන රැඳී සිටීමෙන් පලක් නොවන බවයි. ඔවුහු ඉන්පසු ගුවන්තොටුපළ පාරට ගොස් රැස්වීමක් පවත්වා විසිර ගියහ.

ගොවි සම්මේලනයේ සභාපති වයඹ පළාත් සභා මන්ත්‍රී නාමල් කරුණාරත්න, උප සභාපති සුසන්ත කුමාර නවරත්න මහත්වරු මේ උද්ඝෝෂණය මෙහෙයවූහ.

DSC02595[1] DSC02611[1] DSC02629[1] DSC02636[1] 



අදහස් (0)

ගොවියෝ කෘෂි ඇමැතිගේ නිවස වටලති

අජිත් Wednesday, 02 March 2016 12:16 PM

ඔය පටන්ගැන්ම විතරයි. එලිවෙනජමෙට හොද හොද සෙල්ලම් බලාගන්න පුළුවන් (කෞ)

:       0       0

ගයාන් Wednesday, 02 March 2016 12:22 PM

ආණ්ඩුවට තියෙන්නෙ පොහොර එපා සල්ලි දියව් කියල සෙට් එකක් පාරට ගේන්න. (කෞ)

:       0       0

සරත් Wednesday, 02 March 2016 12:38 PM

ගොවියාට පහර වදිනවා ගොවියගේම පුතා රජ කරන කලේ වෙලත් (කෞ)

:       0       0

උපුල් Wednesday, 02 March 2016 08:19 AM

අද ගොවියෝ කුඔුරු වැඩ කරනන්නේ කොහොමද? වි කියද? පොහොර කියද ?උපවාස කරන්න තියෙන්නේ මේ ආණ්ඩුව වැඩිකල් තියෙනන්නේ නෑ (ම)

:       0       0

ඩිල්ෂාන් Wednesday, 02 March 2016 08:31 AM

පේනවා නේද ගේට්ටු දාගෙන ආරක්ෂා වෙලා ඉන්න හැටි? (ම)

:       0       0

රොහාන් Wednesday, 02 March 2016 08:54 AM

මේවා දේශපාලන උවමනා මෙහි පසුපස දේශපාලන හස්තයන් ඇත. (ර)

:       0       0

රොහාන් Wednesday, 02 March 2016 08:56 AM

මෙවැන්නක් සිදු නොවන ලෙස කටයුතු කිරීම රජයේ වගකීමයි ...(ම)

:       0       0

සරත් - සවුදි Wednesday, 02 March 2016 09:11 AM

මේවා වෙන්නේ රටේ ජනයා අමතක කරලා පිටරට අයගේ අදහස් අනුව ක්‍රියා කිරීම නිසා (ම)

:       0       0

නිමලරත්න Wednesday, 02 March 2016 09:18 AM

මාර්ග අවහිර කර ජනතාව අපහුතාවයට පත් කරනවාට වඩා හොඳ දෙයක් (ම)

:       0       0

සුසන්ත Wednesday, 02 March 2016 09:36 AM

වෙනසක් ඉල්ලා, බොරු ප්‍රචාර වලට රැවටී, මිරිඟුවක් හඹා ගිය ජනතාවට මේවා හොඳ පාඩම්. (නි)

:       0       0

ඇන්ටන් Wednesday, 02 March 2016 09:37 AM

350/- පොහොර ඕනෑ කියන තර්කය මෝඩකමක්. හොඳම තත්වයේ පොහොර අඩුමිලට ඉල්ලන එක මහා මෝඩකමක්. සහනාධාර දිය යුත්තේ සල්ලි වලින් යම්කොටසක් නිෂ්පාදන වියදම් අඩුකරන්න මිස, බාල පොහොර ගෙන්වන්න නෙමෙයි. (නි)

:       0       0

සුසන්ත Wednesday, 02 March 2016 09:45 AM

ජවිපෙ දේශපාලනයත් මේවයින් හොඳට පේනවා. ඒක පැත්තකින් රාජපක්ෂ පාලනය පතුරු ගහමින් යහපාලනයට කඩේ යන ගමන්, අනිත් පැත්තෙන් රාජපක්ෂ පාලනය කාලේ තිබුන සහන ආපසු ඉල්ලනවා. අනේ මන්දා! (නි)

:       0       0

රවී Wednesday, 02 March 2016 09:50 AM

සමහර අයට මේවා දැක්කහම හරි සතුටුයි. කොහොමහරි හොරු ටික ආයෙත් ගෙන්වන්න තමා උවමනාව (නි)

:       0       0

තුසිත Wednesday, 02 March 2016 09:51 AM

කාට කාටත් හස්ත පෙනෙයි ඔහොම ගියහම. (ර)

:       0       0

සමන් Wednesday, 02 March 2016 09:52 AM

මේවා මේ ඔක්කොම ශෝබන වැඩ . මේ ඔක්කොම ගොවීන්ද ? (ර)

:       0       0

ජයවීර Wednesday, 02 March 2016 10:47 AM

සල්ලි නැතුව වකුගඩු රෝගය ඉල්ලන්නේ. (ර)

:       0       0

සුමිත්‍රා බස්නායක Wednesday, 02 March 2016 10:51 AM

මහා ලොකුවට දුන්නේ, අපේ දුක තේරෙන්නේ ඔයාට වෙතරයි කියලනේ. කොහොමද දැන් තේරෙනවද.? (ර)

:       0       0

කුමා Wednesday, 02 March 2016 11:02 AM

රුපියල් 350 ට පොහොර දෙන්නේ ඇයි සහනාධාර මත යැපි වැඩ කිරීම මාර දෙයක්. වෙළඳපොල නිදහසේ හැසිරෙන්න ඉඩහරින්න. වී වලට සහතික මිලකුත් අවශ්‍ය නෑ. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හිඟ ආදායම් බදු ගෙවන්න සඳුදා තෙක් කල් දෙයි
2024 සැප්තැම්බර් මස 28 516 0

2023/ 2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු සැප්තැම්බර් 30 දිනට හෝ එදිනට පෙර ගෙවා අ


හමුදා නිලධාරියාගේ රියේ ගැටුනු අයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 28 501 0

කොළඹ - මහනුවර මාර්ගයේ යක්කල නගරය ආසන්නයේදී සිදුව ඇති රිය අනතුරකින් යතුරු පැදියක ගමන් ගත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව යක්කල පොලීසිය සඳහන් කරයි.


නඩත්තුවකට පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය තාවකාලිකව වැසේ
2024 සැප්තැම්බර් මස 28 151 0

නඩත්තු කටයුත්තක් හේතුවෙන් කැළණිවැලි දුම්රිය මාර්ගයේ පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය හෙට (29) උදේ 8.30 සිට සවස 5.30 දක්වා කාලය තුළ තාවකාලිකව වසා දැමීමට දුම්රි


හෙට රෑ සිට පෘථිවියට අලුත් සඳක්
2024 සැප්තැම්බර් මස 28 1492 0

හෙට (29) සිට පෘථිවියට අලුත් සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වනු ඇතැයි තාරකා විද්‍යාඥයෝ පවසති. මේ අලුත් සඳ, දින 53 ක් තිස්සේ පෘථිවිය සමඟ සිටින බව තාරකා විද


අඟහරු මතුපිට අමුතු ගලක්
2024 සැප්තැම්බර් මස 28 1128 0

වෙනස්ම හැඩති පාෂාණයක් අඟහරු මතුපිටින් හමුවීමත් සමඟ නාසා විද්‍යායන් මේ වනවිට තරමක් කලබලයට පත්ව ඇති බව වාර්තා වේ.


හැරි පොටර් චිත්‍රපටවල ප්‍රොෆෙසර් මැක්ගෝනිගල් සමුගනී
2024 සැප්තැම්බර් මස 28 440 0

හැරී පොටර් චිත්‍රපට මාලාවේ ප්‍රොෆෙසර් මැක්ගෝනිගල් චරිතයට පණ පෙවූ බ්‍රිතාන්‍ය සම්මානනීය නිළි මැගී ස්මිත් දිවි ගමනට සමු දුන්නාය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37843 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24946 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 229 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 748 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 268 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site