IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


ගවයා බේරාගන්න ගවමස් රටින් ගෙන්වයි

මෙරට ගව ඝාතනය තුරන් කිරීමට අවශ්‍ය පියවර ගැනීම සඳහා ගව මස් ඉල්ලුමට සරිලන ආකාරයට විදෙස් රටවලින් ගවමස් ආනයනය කරන්නැයි තමා මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාගෙන් ඉල්ලා සිටින බව ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද (18) කළුතර දොඩන්ගොඩ උත්සවයකදී පැවසීය.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කළ පමණින් මෙරට ජාතීන් අතර සංහිඳියාවක් ඇති කළ හැකි දැයි ප්‍රශ්නයක් ඇති බවත් ලෝකයේ සියලු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවනට වඩා ත්‍රිපිටකය, භවත්ගීතාව, කුරාණය හා බයිබලය වැනි පූජනීය ග්‍රන්ථයන්හි දර්ශනයන්ගෙන් ලෝකයේ සියලු ජනතාව වඩාත් හොඳින් එකමුතු කළ හැකි බවද ජනපති කීවේය.

my3_201611880 my3_201611880- my3_201611880-2 my3_201611880-3

 



අදහස් (0)

ගවයා බේරාගන්න ගවමස් රටින් ගෙන්වයි

නජීව Monday, 18 January 2016 03:35 PM

හා.. හා.. ගව ගාතනය නවත්වන හේතුව අපි දන්නවා. (ස)

:       0       0

ඉනෝකා Monday, 18 January 2016 10:43 AM

ගව මස් පිටරටවල් වලින් ගෙන්නන්න පෙර අර පොඩ්ඩන්ට ඉගෙන ගන්නට ඩෙස්,පුටු ටික ලබා දෙන්න.ඉටි කොළ වල හිටියා හොඳටම ඇති. (බ)

:       0       0

සිල්වා බර්ලින් Monday, 18 January 2016 10:43 AM

නිකන් උත්සව වලට ගිහින් මිනිස්සු රවටන්න කියන කතා පුළුවන් නම් පනතක් ගෙනවිත් පිටරටින් ගෙන්වන ගවමස් වලට ගහන තීරු බද්ද ඉවත් කරලා පෙන්වන්න (බ)

:       0       0

කිංග්ස්ලි පෙරේරා Monday, 18 January 2016 10:40 AM

ඒ කතාවත් මඩු වල්ගෙට දෙවැනි නෑ..එහෙම පිට රටවල් වලින් මරලා ගෙනල්ල කෑවම පව් අඩුවෙනවද ? (බ)

:       0       0

රොමේෂ් සිල්වා Monday, 18 January 2016 10:47 AM

පිටරට ඉන්නේ රට හරක්.. අපේ ශ්‍රී ලංකාවේ ඉන්නෙම ගොන් හරක් ..(බ)

:       0       0

ද සිල්වා බර්ලින් Monday, 18 January 2016 03:55 PM

ලංකාවේ ගවයන් මරන්නේ ඔවුන්ට පොලුවලින් ගහලා, අඩු කඩලා, බෙල්ල කපලා. ගවයන් මසට ඇතිකරන රටවල් ගවයන් මරන්නේ ඔවුන්ට අවම වේදනාවක් සහ අවම බියක් ඇති වන ලෙසයි. පිටරටින් බදු සහන සහිතව මස් ගෙන එනවිට ලංකාවේ මස්මිල අඩු වන නිසා මිනිස්සු තම හරකුන් මසට විකිණීම අඩුකරාවි. කොහොම නමුත් ගවමස් කෑම අඩුකළොත් ගව ඝාතන අඩුවේවි (නි)

:       0       0

අමල් Monday, 18 January 2016 10:46 AM

හොඳ ප්‍රමිතියකින් යුතු දේවල් ගෙන්නන්න. (ර)

:       0       0

නවුෆර් Monday, 18 January 2016 11:02 AM

ඉතාම හොඳ අදහසක් . (ම)

:       0       0

උපුල් Monday, 18 January 2016 11:05 AM

චාලි චැප්ලින් නම් අතිවිශිෂ්ට සිනමාකරුවාට වරෙක ලැබුණ එක් වැදගත් උපදේශයක් වූයේ අනවශය ලෙස ජනයා ඉදිරියට යෑමෙන් වැළකී සිටීම වඩා ප්‍රඥාගෝචර බවයි. (ම)

:       0       0

ඉලේපෙරුම Monday, 18 January 2016 11:17 AM

පිටරටින් ගේන මස්වල මිල අධිකයි. (ර)

:       0       0

අජිත් රණසිංහ Monday, 18 January 2016 11:17 AM

රොමේෂ් කතාව සම්පුර්ණ ඇත්ත. (ර)

:       0       0

ද සිල්වා බර්ලින් Monday, 18 January 2016 11:28 AM

අමෙතිගෙන් ඉල්ලා සිටින්න ඕනේ නැහැ ඔහුට අණ කරන්න වහාම පනතක් ගෙන එන්න කියලා, මේකත් අර කොළඹ වාහන තදබදය අඩු කරන්න තීරු බදු වැඩි කලා වගේ වැඩක් , කබල් වාහන පාරේ ගාට ගාට ගිහින් අතරමග නතර උනහම ඇතිවන තද බදය ගැන කලපනා කරන්නේ නැහැ. (ර)

:       0       0

දිනේෂ් Monday, 18 January 2016 04:56 PM

පිටරට ඉන්නෙත් පණ තිබෙන ගවයෝ නෙමෙයිද? මොන රටේ සත්තු මැරුවත් පවු නේද? පිටරටින් මස් ගෙන්වීමත් ප්‍රාණඝාතයට අනුබලදීමක් නෙමෙයිද? (නි)

:       0       0

ප්‍රභාත් රත්නායක Monday, 18 January 2016 11:33 AM

ඉලේපෙරුම, එතකොට නොකා ඉදීවිද.? ඒක හොඳ අදහසක් නෙමෙයි කොහෙත් මරන්නේ සත්තු තමයි. නමුත් මේ විසඳුම නිසා තරමක් හෝ සතුන් බේරේවි. (ර)

:       0       0

රවී Monday, 18 January 2016 11:42 AM

ලංකාවේ පාලනය කරන්නේ මෙවැනි මොල ඇති අය නේද? (ම)

:       0       0

තිලක්-ඩුබායි Monday, 18 January 2016 05:40 PM

හරකෙක් වුණත් ඌව මරන්න දක්කාගෙන යනකොට ඌට ඒක තේරෙනවා. මේ දක්කාගෙන යන්නේ මරන්න කියලා. (නි)

:       0       0

හේමපාල Monday, 18 January 2016 05:48 PM

උතුම් ක්‍රියාවක්.... (නි)

:       0       0

මහින්ද සෞදි Monday, 18 January 2016 12:28 PM

පිටරට වලින් ගෙන්වන්නේ ප්ලාස්ටික් මස්ද? (ර)

:       0       0

චතුර Monday, 18 January 2016 06:39 PM

එතකොට රට හරක්? උනුත් පවු නැද්ද? (නි)

:       0       0

සොපි Monday, 18 January 2016 12:32 PM

එතකොට රට හරක්ට දෙයියන්ගේම පිහිටයි ...(කෞ)

:       0       0

නන්දලාල් - ප්‍රංශය Monday, 18 January 2016 06:40 PM

ජනපතිගේ මේ උතුම් අදහසට පින්සිද්ධ වෙනවා. හරකා දේවත්වයෙන් සළකන ඉන්දියාවේවත් මේ විදියට හරක් මස් විදේශීය රටවලින් ආනයනය කරනවාද? අපේ රටේ බොහෝ දෙනෙක් හරක් මස් නොකන නිසා විශාල මුදලක් වැයකර ගවමස් ගෙන්වීම ගැන විවිධ මත පළවේවි, ළඟදීම. මේසා අතිවිශාල මුදලක් වැයකර හරක් මස් ආනයනය කිරීම රටේ ආර්ථිකයට ඔරොත්තුදේද?

:       0       0

ඇන්ටන් Monday, 18 January 2016 12:41 PM

ජේ .ආර්.ජයවර්දන ජනාධිපති තුමානම් කවදාවත් මෙවැනි හරක් කතා කිව්වේ නැහැ ,එතුමා ගොඩක් බුද්දිමත් කෙනෙක් (කෞ)

:       0       0

බණ්ඩා Monday, 18 January 2016 12:37 PM

දියවන්නාව කිට්ටුවත් මසට හොද හරක් ටිකක් ඉන්නවලු (කෞ)

:       0       0

වසන්ත Monday, 18 January 2016 07:51 PM

මෛත්‍රී මහත්තයාට ගොඩක් පිං! බුදු සරණයි! ජය වේවා! (නි)

:       0       0

සමන්ති Monday, 18 January 2016 07:59 PM

එතකොට එළුවෝ, කුකුළෝ? ඔවුන්ටත් ජීවිත දානය දියයුතුයි නේද? (නි)

:       0       0

නාලක Monday, 18 January 2016 01:07 PM

සමහර අයට, සතෙක් මොන ක්‍රමෙකින් හරි බේරා ගන්නවා කියද්දී හිතට හරි නැ වගේ.. (ර)

:       0       0

කුමාර Monday, 18 January 2016 01:13 PM

ගරු ජනාධිපතිතුමනි, ඔබ‍ට ගොඩාක් පින්, අපේ මේ රටේ ගව ඝාතනය නතර කලොත්, කන්න අවශ්‍ය කෙනෙකුට, රටින් ගෙන්නලා දෙන්න. (ර)

:       0       0

දුමින්ද Monday, 18 January 2016 01:21 PM

මඩුවන් රැක ගැනීමට මඩු වලිගයත් පිටරටින් (බ)

:       0       0

ගයාන් Tuesday, 19 January 2016 01:53 AM

ලංකාවේ ගව ඝාතනය තහනම් කිරීම ඉතාම උතුම් ක්‍රියාවකි. අපේ ශිෂ්ඨාචාර ගොඩනැගුනේ ගව සම්පතෙන් ලත් උපකාරයෙනි. ස්වයංපෝෂිත ලංකාවේ කිරි මව වූයේ ගවයාය. එහෙව් අහිංසක සතෙකුට අභය දානය දීමේ සත්කාරයට උරදීමට අපේ ගම්මාන වල දහස් ගණන් මිනිසුන් ඒකමතිකව සාධුකාර දී එකඟය. (නි)

:       0       0

තිලක්-ඩුබායි Monday, 18 January 2016 01:38 PM

අපේ ගෙවල් පැත්ත පළාතේ ගව මස් ගේන්නේ නැහැ.අපේ දරුවන්ට කන්න දෙන්නෙත් නැහැ.මෙය නම් ඉතාම හොද දෙයක් කරන්න පුලුවන්නම්....!(කෞ)

:       0       0

තිලක්-ඩුබායි Monday, 18 January 2016 01:35 PM

මරන්න ඉන්න හරකෙක් වුව බෙරගන්න ගිය හාමුදුරුවන් ඉදිරියේ දන ගහල වදින ෆොටෝ එකක් වේයන්ගොඩ දුම්රිය ඉස්තානය ඉදිරිපිට ප්‍රදර්ශනය කරලා තිබුන.ඒ ෆොටෝ එක දැකපු කෙනෙක් ගව මස් අනුභව කරාවි කියල හිතන්න බැහැ.(කෞ)

:       0       0

තිලක්-ඩුබායි Monday, 18 January 2016 01:42 PM

මම ප්‍රතිපත්තියක් හැටියට දැන් මෛත්‍රී කියන කිසිම දෙයක් සත පහකට විශ්වාස කරන්නේ නැහැ. එ්ත් ඝව ඝාතනය සහමුලින්ම ලංකාවෙන් තුරන් කරන්න යන යෝජනාවට නම් සම්පුර්ණ සහයෝගය දෙනවා.ලංකාව කියන්නේ බෞද්ධ රාජ්ජයක් කියල ලෝකෙටම පෙන්වන්න. (බ)

:       0       0

නලින් Monday, 18 January 2016 01:43 PM

අලුත්ම මෛත්‍රී භාවනාව වෙන්න ඇති. (බ)

:       0       0

රොකී Monday, 18 January 2016 01:52 PM

උන්ගෙන් කීප දෙනෙකුට ඇමති ධුර පිරිනමන්න! (බ)

:       0       0

නැන්සි Monday, 18 January 2016 02:06 PM

පාර්ලිමේන්තුව ආරක්ෂා කර ගැනීම සඳහා හොඳ යෝජනාවක්. (බ)

:       0       0

තිලක්-ඩුබායි Tuesday, 19 January 2016 03:57 AM

රට ඉඳි පමණක් වැවෙන මැදපෙරදිග වැලිකතර සශ්‍රික පසක් කර එම පසේ දෙළුම්,කතුරු මුරුංග,මුරුංග,පේර,කොමඩු..වගේ පලතුරු සහ එළවලු වවන්න පුළුවන් නම් අපේ රටේ ගව සම්පත රැකගෙන වස විස වලින් තොර එම ගව පොහොර වලින් එළවලු සහ පලතුරු වගාව සාර්ථකව කරන්න පුළුවන්.ඒ තුලින් රටේ ආර්ථිකය නංවන්න පුළුවන්. (බ)

:       0       0

පුෂ්පකුමාර Monday, 18 January 2016 02:55 PM

තිලක් ඩුබායි, ඔබ ඔබගේ පරපුර වෙනුවෙන් පෙනී හිටීම ගැන අපගේ බලවත් ආචාරය!! (බ)

:       0       0

වසන්ජය Saturday, 23 January 2016 09:04 PM

මෙතුමා කිව්වා තව අවුරුදු කීපයකින් දුම්කොළ වගාව නවතා දමනවා කියලා. රටේ දුම්කොළ අවශ්‍යතාවය පිරිමහින්න ඒවාත් පිටරටින් ගෙන්වනවා වියයුතුයි. තව ටික දවසකින් මාළුත් පිටරටින් ගෙන්වයිද දන්නෙ නැහැ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බයිඩන් අවසන් වරට ජගත් මහ සමුළුව අමතයි
2024 සැප්තැම්බර් මස 25 107 0

ඇමෙරිකා ජනාධිපති ලෙස ජෝ බයිඩන් අවසන් වරට එක්සත් ජාතීන්ගේ මහ සමුළුව ඇමතුවේය. ඇමෙරිකන් ජනාධිපතිවරණය එලැඹෙන නොවැම්බර් 5 වැනිදා පැවැත්වෙයි. 81 හැවිරිදි බය


මැතිවරණ පැමිණිලි සඳහා අනු කමිටුවක්
2024 සැප්තැම්බර් මස 25 141 0

මැතිවරණ වියදම් නියාමන පනත යටතේ ඒ සම්බන්ධයෙන් පැමිණිලි ලබා ගැනීම සඳහා අනු කමිටුවක් පිහිටුවන ලෙස මැතිවරණ කොමිෂන් සභාවෙන් දැනුම් දී ඇතැයි කළුතර දිස්ත්‍


ජනපතිගේ ඉදිරි සැලසුම් අද සවස හෙලිකරයි
2024 සැප්තැම්බර් මස 25 1838 0

ජනාධිපති අනුර දිසානායක මහතා අද (25) ජාතිය අමතමින් රටේ ආර්ථික තත්ත්වය මෙන්ම ඉදිරි සැලසුම් සම්බන්ධයෙන් ප්‍රකාශ කිරීමට නියමිතව තිබේ.


විජිත හේරත් ජනමාධ්‍ය අමාත්‍ය ධූරයේ රාජකාරී අරඹයි
2024 සැප්තැම්බර් මස 25 2712 3

නව ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස පත් වූ විජිත හේරත් මහතා අද (25) උදෑසන ජනමාධ්‍ය අමාත්‍යංශයේදී සිය ධූරයේ රාජකාරී ආරම්භ කළේය.


කිරි දරුවා මැරූ මවක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 25 2045 1

තම ලේකැටි කිරි දරුවාගේ හුස්ම සිරකොට පොළොවට අතහැර මරා දැමී යැයි කියන 21 හැවිරිදි මවක් අත්අඩංගුවට ගත් බව ගලහ පොලීසිය කියයි.


නාන්න ගිය තරුණයා දියේ ගිලී මරුට
2024 සැප්තැම්බර් මස 25 531 0

මිතුරන් දෙදෙනෙකු සමග සුදු ගඟේ මාතලේ කනංගමුව ප්‍රදේශයේ දිය නෑමට ගිය වයස අවුරුදු (21) තරුණයකු දියේ ගිලී මිය ගොස් ඇතැයි මාතලේ පොලිසිය පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36865 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24332 11



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 184 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 573 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 233 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site