IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


“ගොවි සහන කැපුවොත් බලාගෙනයි“

‘‘ආණ්ඩුව විසින් අහිමිකළ ගොවි අයිතිවාසිකම් නැවත ලබා ගැනීමේ දැවැන්ත අරගලයකට ජවිපෙ සහය දෙනවා“ යැයි එම පක්ෂයේ ප්‍ර‍ධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා කියයි. එක්සත් ජාතික පක්ෂ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ හවුල් ආණ්ඩුවේ පළමු අයවැයෙන් මෙරට ගොවි ජනතාවගේ පොහොර සහනාධාරය කප්පාදු කරමින් ඔවුන්ට තිබූ එකම සහනයත් උදුරාගෙන ඇතැයි ද හෙතෙම කීය.

ඔහු මේ බව කිවේ සමස්ත ලංකා ගොවි ජන සම්මේලනය අම්බලන්තොට නගරයේ පවත්වාගෙන යන ගොවි සත්‍යග්‍රහයේ යෙදී සිටින ගොවියන් මුණ ගැසීමෙන් අනතුරුව ඔහු මාධ්‍යයට අදහස් දක්වමිනි.

ගොවි ජනතාවගේ සාධාරණ ඉල්ලීම්වලට ඇහුම්කන් නොදෙන්නේ නම් ඉදිරි ජනතා විරෝධතාවලට මුහුණ දෙන්න රජය සූදානම් විය යුතු බවත් ඔහු කීවේය.

02 01 01(2)



අදහස් (0)

“ගොවි සහන කැපුවොත් බලාගෙනයි“

මුණසිංහ Saturday, 12 December 2015 12:02 PM

දැන් වවුචර දීම නවත්තලාද? (නි)

:       0       0

පද්මිණී Sunday, 13 December 2015 11:01 AM

කට වටකර වැට බඳින්න බැහැනේ. මොනවද මේ කියන්නේ? වකුගඩු ලෙඩවුණේ විෂ පොහොර භාවිතයෙන්. දැන් දෙන මුදලින් තමන්ට ඕනෑ පොහොරක් ගන්න බැරිද? (නි)

:       0       0

තිස්ස Saturday, 12 December 2015 12:45 PM

දැන් සනීප ඇති (නි)

:       0       0

තිලක් Saturday, 12 December 2015 02:03 PM

පොහොර සහනාධාරය දුන් ආණ්ඩුව ගෙදර යවලා, සහනාධාර කපන ආණ්ඩුවක් පත්කරන්න දැවැන්ත අරගලයක් කළෙත් ඔය සහෝදරවරුම නේද? (නි)

:       0       0

දහම් Saturday, 12 December 2015 02:19 PM

මෙයාලම තමයි මහින්දව පන්නලා මේ අය බලයට පත්කළේ? එළියේ බොරුවට බයිලා කියලා පාර්ලිමේන්තුවේ මොකද කරන්නේ? (නි)

:       0       0

ඩිල්ෂාන් Sunday, 13 December 2015 02:00 PM

බොරු බයිලා කියල ඡන්දෙ ගන්න හිතාගෙන ඇති. රටට කළ දෙයක් නම් නැහැ. (නි)

:       0       0

සුමනසිරි Saturday, 12 December 2015 04:07 PM

මෙතැන ඉන්න ඔක්කොම හංසයාට කතිරය ගහපු අය නේද? දැන් බොරුවට දඟලනවා. (නි)

:       0       0

කල්ප Saturday, 12 December 2015 04:24 PM

මහින්ද එළවාගත්තේ ඕවා නොදැනද? බැලුවහම අපිට තිබුන අනාගත දැක්මවත් දේශපාලන නායකයෝ විදියට මෙයාලට තිබිලා නැහැනේ (නි)

:       0       0

හිමාල් Saturday, 12 December 2015 05:10 PM

පොහොර සහනාධාරය නිසා ලොකුම සෙත වුණේ පෝර ගෙන්වන සමාගම් වලට. ගොවියා දිගටම රසායනික පොහොර වලට පුරුදු වුණා. දැන් ඒක බලෙන් ඉල්ලනවා. පොහොර සහනාධාර, වගා ණය, වගා රක්ෂණ, ගොවි විශ්‍රාම වැ‍ටුප්, කෘෂි උපදෙස්, වාරි මාර්ග ජලය මේ සියළු සහනාධාර දෙන්නේ අපේ බදු සල්ලි වලින්. ඒ කරලත් පාරිභෝගිකයට සහනයක් නැහැ. (නි)

:       0       0

සන්ජය Saturday, 12 December 2015 05:54 PM

අනේ විකාර වැඩ නොකර ඉන්න (නි)

:       0       0

ජානක Saturday, 12 December 2015 07:53 PM

ඔව් ඉතින් සහෝදරයන්ට ඡන්ද ටිකක් එකතු කරගන්න මොකක්හරි තියෙන්නත් එපැයි. මොකද නැත්තම් කරපු වැඩ ගැන කියලා ඡන්ද ගන්න පුළුවන්කමක් තියෙනවද? (නි)

:       0       0

ඇසළ Sunday, 13 December 2015 01:39 AM

බොරු සෝබන! ඊළඟ පාර හම්බවෙන්නේ නැහැ මේ පාර ලැබුන ආසන 4 වත්. ජනතාව දන්නවා ජවිපෙ කරන්නේ රට රැවටීමක් කියල‍ා හොඳටම. (නි)

:       0       0

චන්න Sunday, 13 December 2015 02:22 AM

මෙතන අදහස් දාන ගොඩක් අයට අතීතය අමතකවීමේ රෝගය තිබෙනවා. ජනතා විමුක්ති පෙරමුණ මහින්දව පරාජය කරන්න කියලා ජනතාවට කිව්වේ මොකද කියලා දන්නවා ඇතිනේ. මිනිසුන්ට කිව්වේ නැහැනේ යූඑන්පී සන්ධාන ආණ්ඩුවක් හදන්න ඡන්දෙ දෙන්න කියලා. මිනිස්සු දුරදිග නොබලා කටයුතු කිරීමේ වරද තමයි. (නි)

:       0       0

මනෝජ් Sunday, 13 December 2015 03:17 AM

අතීතය අමතක වෙලා තියෙන්නේ අයට තව ඉදිරියට හොද හොද දේවල් ලැබේවි (ම)

:       0       0

ප්‍රසන්න Sunday, 13 December 2015 04:27 AM

යහපාලන ආණ්ඩුවේ ප්‍රධාන පාර්ශවය තමා ජවිපෙ.ගහ දන්නා අපිට කොළ කඩාපාන්න එපා. (ම)

:       0       0

ස්ටැන්ලි Sunday, 13 December 2015 06:18 AM

චන්න - ඔයාම කියන්න එහෙමනම් කාටද මිනිස්සු ඡන්දෙ දෙන්න ඕනේ. ඡන්ද ව්‍යාපාරය පුරාවටම හවුල් ආණ්ඩුවක් ගැන යුඑන්පිය මිනිසුන්ට පැවසුවානේ. මහින්දට ඡන්දෙ දෙන්න එපා නම් විකල්පයක් ලෙස තිබුනේ යුඑන්පිය පමණයි. (බ)

:       0       0

සත්‍යපාල Sunday, 13 December 2015 07:16 AM

ජවිපෙ නියම දෙපිටකාට්ටු වැඩක් කරන්නේ. රජයට තිබෙන විරෝධයට නායකත්වය දෙමින් තම ඡන්ද පදනම රැකගන්නා ගමන් රජයට ඇති විරෝධයෙහි ශක්තිය හීනකර රජය පවත්වාගෙන යන්නට ශක්තිය සපයයි. "අගේ ඉදන් කන කෑම" කියන්නේ මේවට තමයි. (බ)

:       0       0

පුලාරා Sunday, 13 December 2015 07:44 AM

දරුණු කුනාටු මැදින් ලංකා නැව යාන්තම් ගොඩබිමක් පෙනෙන තෙක් මානයට ළං වෙනවිට අනුන්ගේ කීමට කපිතාන්ව අල්ලා මුහුදට දැමු අපි ගොඩබිම පෙනී පෙනී වෙනත් කප්පිත්තෙකුට දුන්නේ අපේ මෝඩකමය නිසාය . දැන් නැව නැවත මුහුදට, කුනාටු දෙසට තල්ලුවෙන බව පැහැදිලිය. මෙහෙම ගියොත් "අපිම දන්නේ නෑ මේ නැව අපිත් එක්ක ගිලෙනකම්" කපිතාන්ව මුහුදට දැමු ලිබියාව, ඉරාකය, ඇෆ්ගනිස්තානය,සිරියාව අද මිහිපිට අපායවල්ය. (බ)

:       0       0

කසුන් Sunday, 13 December 2015 08:45 AM

අපිට නම් මතක නැහැ. මහින්ද එලවලා යු එන් පි ආන්ඩුවක් හදලා දෙන්න කියලා ජේ වි පෙ කිවුවා කියලා. මේ අදහස් දාපු අයම තමයි අලියගේ කරේ සීනුව එල්ලන්න හැදුවේ. කෝ එහෙම උනාද ? මහින්දගේ අයම තමයි යුඑන්පී එකට පැනලා මේ ආන්ඩුව හැදුවේ. හිතේ තියන දේවල් නොකියා ප්‍රායෝගිකව වෙච්චදේ කතාකරමු. (ස)

:       0       0

සෙබා Sunday, 13 December 2015 09:00 AM

මේක ආණ්ඩුව ජේවීපී එකට දෙන පොඩි සපෝර්ට් එකක්...එහෙමත් නැත්තම් වැඩක් නැහැ නේ. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උතුරු පළාත් අ‍ාණ්ඩුකාරවරිය ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 825 1

උතුරු පළාත් අ‍ාණ්ඩුකාර පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් අද (23) ඉල්ලා අස්විය.


පොදු සන්ධානයක් හදන්න එජාපය සජබෙට ආරාධනා කරන්න යයි
2024 සැප්තැම්බර් මස 23 5141 7

ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනි


සජසයෙන් සැලුන් දොරක්
2024 සැප්තැම්බර් මස 23 3014 3

සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්


කුඩාවැල්ලෙන් මුහුදු ගිය ධීවරයින් 3ක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 23 267 0

කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ


කොටස් වෙළෙඳපොලේ පිබිදීමක්
2024 සැප්තැම්බර් මස 23 1407 0

කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 1517 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 28233 18

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23579 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 127 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 405 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 189 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site