IMG-LOGO

2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා


ගස් කපන්නා ඉන්ධනහල් හිමිකරුගේ පුතා කියතෙන් කපන්න හදලා

(ක්‍රිෂාන් ජීවක ජයරුක්)

චේන්ෂෝ මැෂිමට අවශ්‍ය ඉන්ධන නිකුත් නොකළැයි උරණ වී දෙයියන්දර ඉන්ධන පිරවුම්හලේ හිමිකරුගේ පුත්‍රයාට බැණ තර්ජනය කරන චේන්ෂෝ කියතින් කපා තුවාල කිරීමට තැත් කළ ගස් කරන්නකු  සැකපිට ප්‍රශ්න කිරීම සදහා අත් අඩංගුවට ගත් බව දෙයියන්දර පොලීසිය පවසයි.

දිනයට අදාල අංක ඛාණ්ඩයට අයත් නොවන යතුරු පැදියක් රැගෙනවිත් ඉන්ධන ලබා ගැනීමට උත්සාහ කල අවස්ථාවේ දී පිරවුම්හලේ කාර්ය මණ්ඩලය ඊට ඉඩ ලබා දී නොමැත.

පසුව ඔහු නිවසට ගොස් චේන්ශෝ මැෂිම රැගෙනවිත් ඉන්ධන ඉල්ලා තිබෙන බව කියති.

එහිදී ඇති වු බහින් බස් වීමකින් පසු එම සැකකරු චොන්ෂෝ කියත ක්‍රියාත්මක කර ඔහු සමග බහින් බස් වු පිරවුම්හලේ හිමිකරුගේ පුත්‍රයා කැපීමට උත්සාහ කර තිබේ.

කෙසේ වෙතත් එම අවස්ථාවේ අවට සිටි පිරිස හා පොලීසිය එක්ව එය වලක්වා ගෙන ඇත.

ඒ අනුව චේන්ෂෝ මැෂිම ද සමග සැකපිට අත්අඩංගුවට ගත් දෙයියන්දර දංහේන පදිංචි 40 හැවිරිදි සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.



අදහස් (1)

ගස් කපන්නා ඉන්ධනහල් හිමිකරුගේ පුතා කියතෙන් කපන්න හදලා

" කස පහර " Monday, 25 July 2022 07:37 PM

නීතියට වඩා යකඩ කියත බලසම්පන්න වුණාද..? දැන් නම් කාලය හරි කසපහර දීලා දඬුවම් දෙන යුගයකට...! කකිය කකිය රිදෙනකොට ආයි කරන්න හිත දෙන්නෙම නැතිවෙයි..

:       4       12

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ලංකාදීප ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේකය සෙනසුරාදා
2024 නොවැම්බර් මස 15 1514 0

මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ


ලොරිය දුම්රියේ ගැටී රියදුරු මරුට - 6 ක් රෝහලේ
2024 නොවැම්බර් මස 15 280 0

වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන


කෝටි 165 ක හෙරොයින් සමඟ 6 ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 15 539 0

රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙ


මහින්දගේ වාර්තාව විජිත බිදියි
2024 නොවැම්බර් මස 15 3688 0

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී දිවයිනේ වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාව ලබා ගැනීමට ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රථමයා ලෙස පත් වූ ජාතික ජන බලවේගයේ විජිත හේරත්


අකුරණ නගරය ජලයෙන් යටවෙයි
2024 නොවැම්බර් මස 15 544 0

මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට අද( 15 ) සවස් කාලයේ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් අකුරණ නගරයේ අදත් ගංවතුර තත්වයක් ඇතිව තිබිණි.


කාන්තාවෝ 20ක් දියවන්නාවට යති
2024 නොවැම්බර් මස 15 2806 1

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් කාන්තාවන් විස්සකට වැඩි පිරිසක් තේරී පත්ව සිටීම විශේෂත්වයකි.මින් කාන්තාවන් වැඩි පිරිසක් තේරී පත්ව සිටින්නේ ජාති


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 292 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 594 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1719 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site