IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


ගස් කපන්න ගිය නාවිකයෝ අත්අඩංගුවට

මොරගහකන්ද රක්ෂිතයේ දර කැපීමට පැමිණියැයි සැකපිට නාවික සෙබළු හතර දෙනකු ලොරියක් හා ට්‍රැක්ටරයක් ද සමග අත්අඩංගුවට ගත් බව නාවුල අඩවි වන නිලධාරි කාර්යාලය පවසයි.

පූනෑව කඳවුරට අනුයුක්තව සේවය කරණ මේ සෙබළු පවසා ඇත්තේ අනුරාධපුරයේ ඉදිකිරීමකට අවශ්‍ය ගඩොල් පිලිස්සීමට අවශ්‍ය දැව කැපීමට තමන් කැලයට පැමිණි බවයි. මොරගහකන්ද ජලාශයට යටවන ප්‍රදේයේ ගස් ඉවත්කිරීමෙන් පසු ඉතිරිවූ දර කැබලි මෙලෙස රැගෙන ගිය බව ද නාවික භටයෝ පවසා ඇත.

වන සංරක්ෂණ නිලධාරින් පවසන්නේ මින් පෙර දර රැගෙන යාමට නාවික හමුදාවෙන් පැමිණි බව තමන් දන්නා බවයි. මෙවර පැමිණ ඇත්තේ කිසිදු දැනුම් දීමකින් තොරව බැවින් ඔවුන් අත්ඩංගුවට ගත් බව ද ඔවුහු කියති. සැකකරුවන් නාවුල මහේස්ත්‍රාත්වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.



අදහස් (0)

ගස් කපන්න ගිය නාවිකයෝ අත්අඩංගුවට

සරත් Wednesday, 20 May 2015 05:17 AM

විල්පත්තුව ඩෝසර් කරන අය අත්අඩංගුවට ගන්නේ නැත්තේ එයාලා ලංකාවේ අය නොවන නිසාවත්ද? (නි)

:       0       0

රේණු Wednesday, 20 May 2015 05:32 AM

බෞද්ධයන්ගේ හදවත වන අනුරපුරයේ ඉදිකරන සදහිරු සැය ඉදිකිම සදහා අවශ්‍ය කරන ගඩොල් කැපීම සදහා ගිය රණවිරුවන් අත්අඩංගුවට ගැනීමට හයියක් අද තිබෙනවා එ්ත් විල්පත්තු අභයභුමිය සුද්ධ කරනකොට මේ මහත්තුරු මර නින්දේ අවුලක් නෑ යහපාලනයනේ (බ)

:       0       0

නිශාන්ත Wednesday, 20 May 2015 05:35 AM

වන සංරක්ෂණයට පුලුළුවන් ඔයවගේ දේවල් විතර තමා. ඕකෙන්වත් ලකුණු දාගන්න බලන්න. (බ)

:       0       0

ජොහාන් Wednesday, 20 May 2015 05:42 AM

රටේ සිදුවන වන විනාශය මාධ්‍ය මගින් මෙපමණ පෙන්වා දෙන විටත් නොපෙනුන සේ ඉන්න මේ අයට රටේ ජාතියේ උවමනාවට කරන මේ වගේ දේවල් හොඳට පෙනෙනවා. රණවිරු සැමරුම් දිනේ දවසෙම මේවගේ දෙයක් කිරීම රටට ලොකු ආඩම්බරයක්. (ස)

:       0       0

රෝමා Wednesday, 20 May 2015 05:51 AM

මම දන්නා තරමින් හමුදාවෙන් මොරගහකන්දේ දර ගෙනියන්නේ සඳ හිරු සැය හදන්න ගඩොල් පුළුස්සන්න. කල්ලාරු රක්ෂිතයේ වනාන්තර පිටින් කපපු එක්කෙනෙක් වත් අත්අඩංගුවට ගත්තද? ඔහොමද රණ විරුවන්ට සලකන්නේ? (ස)

:       0       0

සඳුන් Wednesday, 20 May 2015 07:52 AM

මමනම් කියන්නේ වැරැද්ද විල්පත්තුවේ නීතිය ක්‍රියාත්මක නොකිරීම. මෙතන ක්‍රියාත්මක කිරීම නොවෙයි. සඳහිරු සෑයට කියලා අනවසර වැඩ කරන්න දුන්නම එ්ක පිටින් දාල අනෙක් ඒවත් කපයි ලොක්කෝ. (බ)

:       0       0

සත්‍යා Thursday, 21 May 2015 07:41 AM

ඕකට තමයි ළමයෝ යහපාලනය කියන්නේ. රට ජාතිය වෙනුවෙන් තම තර‍ැණ ජීවිතය කැපකළ කොල්ලන්ට ඔහොම කරන්න හොඳද? (නි)

:       0       0

මානගේ Wednesday, 20 May 2015 04:35 AM

එතකොට විල්පත්තුව සහ අාශ්‍රිත රක්ෂිත වනාන්තර වල තණකොල ගහ දක්වා කපලා විනාශකළ කාන්තාරවාසීන්ට මොකද කරන්නේ? (නි)

:       0       0

චමල් Wednesday, 20 May 2015 04:49 AM

අන්තිමට සිංහල අපි තමයි අසරණවෙලා තියෙන්නේ. විල්පත්තුව කපලා කාන්තාරයක් කරලා තිබෙන එකට තාමත් මොකුත් නැහැ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අක්ෂි රෝහලට කෝටි 14ක වෛද්‍ය උපකරණ
2024 සැප්තැම්බර් මස 27 410 0

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ජාතික අක්ෂි රෝහල වෙත රුපියල් මිලියන 140 කට අධික වෛද්‍ය, ශල්‍ය සහ රසායනාගාර උපකරණ භාරදීම සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීප


හිටපු පා: මන්ත්‍රීන්ගේ ආරක්ෂාව ඉවතට
2024 සැප්තැම්බර් මස 27 2248 1

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාවට ලබාදී තිබූ පොලිස් නිලධාරින් ඊයේ (27) සිට ඉවත් කරනු ලැබ ඇත.


විද්‍යුත් පාස්පෝට් තීරණයට අතුරු තහනමක්
2024 සැප්තැම්බර් මස 27 1638 0

නිසි ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය නොකොට පුද්ගලික සමාගම් දෙකකින් විද්‍යුත් විදේශ ගමන් බලපත්‍ර හත් ලක්ෂ පනස්දහසක් මිලදී ගැනීමට පසුගිය රජයේ අමාත්‍


සේරුවිල පාසලකට අලියෙක් ඇවිත්
2024 සැප්තැම්බර් මස 27 702 1

සේරුනුවර අධ්‍යාපන කොට්ඨාසයට අයත් සේරුවිල කාවන්තිස්ස ප්‍රාථමික විද්‍යාලයට අද (27) දහවල් වන අලියෙක් පැමිණ තිබේ.


ජපාන නව අගමැති ෂිගුරු ඉෂිබා
2024 සැප්තැම්බර් මස 27 610 0

ජපානයේ පාලක පක්ෂය වන, ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායකයා තෝරා ගැනීමේ ඡන්ද විමසුමින්, ෂිගුරු ඉෂිබා ජයග්‍රහණය කළේය. ජපානයේ අග්‍රාමාත්‍ය ධුරය හිමිව


කොස්තාපල්ගෙන් අල්ලසක් ගත් සැරයන් රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 27 709 0

රාජ්‍ය බුද්ධි සේවයේ පොලිස් කොස්තාපල්වරයෙකුට අධිකරණයෙන් හිමිවන ත්‍යාග වවුචර් පත් අත්සන් කර ලබාදීම සඳහා මත්පැන් බෝතලයක්(ගල් අරක්කු බෝතලයක්) අල්ලසක් ල


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37708 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24856 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 223 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 728 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 258 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site