(යොහාන් භාසුර)
රට පුරා ගෑස් පෝලිම් අද (18) දිනයේ ද දැකගත හැකි විය. බොහෝ ප්‍රදේශවලට ගෑස් තොග ලැබුණ ද එම තොග ප්‍රමාණවත් නොවූ බව අලෙවි නියෝජිතයෝ පැවසූහ.
ලිට්‍රෝ ගෑස් සමාගමේ නිලධාරියෙක් පැවසුවේගෑස් බෙදාහැරීම අද පෙරවරු 8.30 සිට නැවත ආරම්භ කළ බවත් දිනය තුළ ගෑස් සිලින්ඩර 120,000 ක් බෙදාහැරීමට සැළසුම්කර ඇති බවත්ය.
ඡායාරූපය:
ලිට්‍රෝ සමාගමේ කෙරවලිපිටිය ගෑස් අංගනයෙන් ඊයේ ගෑස් තොග නිකුත් කළ අවස්ථාව.
(ඡායාරූපය: ළහිරු හර්ෂණ)
පුත්තලම ප්‍රාදේශීය සභාවට තරඟ වදින අපේක්ෂීකාවකට නිල ජන්ද පත්‍රිකාවක් ලබා දුන් බව කියන පුත්තලම ප්‍රධාන තැපැල් කාර්යාලයෙ ලියුම් බෙදන්නා අද (24) දහවල් අත්
රුපියල් පන් කෝටි තිස් ලක්ෂයක් වටිනා ’’ කුෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක් රැගත් ඉන්දීය ජාතික ගුවන් මගියෙකු කටුනායක ගුවන් තොටුපොළ කිසිවක් ප්‍රකාශ කිරිමට නොමැ
නැගී එන දේශපාලන පක්ෂයක අපේක්ෂිකාවක් නීති විරෝධි ලෙස නිළ ජන්ද පත්‍රිකාවක් තොගයක් සිය නිවසේ සඟවාගෙන සිටියදී අද( 24 ) අලුයම අත් අඩංගුවට ගත් බව පුත්තලම මූලස
ඌව පළාත් සභාව ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ පවත්වාගෙන ගිය ස්ථාවර බැංකු ගිණුම් හයක් කල් පිරීමට පෙර ඉවත් කර ගනිමින් රජයට රුපියල් ලක්ෂ 173 ක අලාභයක් සිදු කළේ ය
දළදා වන්දනාව වසරක් පාසා පැවැත්වීමට යෝජනාවක් ඉදිරිපත් කිරීමට මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය එස්බීඑස් අභයකෝන් මහතා තීරණය කර ඇත.
උඩු ගුවනේදී සුර් වී ශ්‍රී ලංකන් ගුවන් සේවිකාවක් ඉදිරියේ අනග රැඟුන්පැ 65 හැවිරිදී ස්විඩන් ජතිකයෙකුට රුපියල් 26500. 00 දඩයක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ගෑස් බෙදීම අරඹයි
Sunil Friday, 18 March 2022 06:11 PM
මේ හරක් ටික සිටින තාක්කල් ගෑස් අර්බුදය තවත් උග්‍රවන බව කියන්නත් දෙයක්ද? දවස් 12 ක් පුරා ගෑස් නැහැ. දවස් 2 1/2ට ඇතිවෙන්න ගෑස් නිකුත් කරනවා...
ඩි පි ප්‍ර්‍රසාද් Friday, 18 March 2022 09:22 PM
ගෑස් බෙදාහරින බව රජය ප්‍ර්‍රකාශ කළත් අපි දැන් පැය ගණනක් ගෑස් නියෝජිත කාර්යාලය අසල මෙන්ම ගෑස් විකුණුම් කරන ස්ථාන කිහිපයකටම ගියා... එහෙත් එම ස්ථානවලින් දැනුම් දෙන්නේ ඔවුන් වෙත ප්‍ර්‍රමාණවත් ආකාරයට තොග නොලැබෙන බැවින් සියළුදෙනාටම ගෑස් ලබාදිය නොහැකි බවයි. ඉතින් ගෑස් පොලිම්වල කට්ටිය ඇනකොටා ගන්න කොට සෞභාග්‍යය ගැන කථාකරන්න භාවිතා කරන්න වෙන්නේ සිංහල නෙවෙයි පරුෂ වචන...
ජගත් ලියනගේ Saturday, 19 March 2022 12:19 AM
පුදුම රටක් මේක... ගෑස් බෙදන එකත් දැන් මිනිස්සුන්ට ලොකු ප්‍රවෘත්තියක් වුණානේ.
සලීම් Saturday, 19 March 2022 07:28 AM
කිරිපිටි නැහැ.. තෙල් නැහැ.. ගෑස් නැහැ.. සිමෙන්ති නැහැ.. කරන්ට් කපනවා. අද මුළු රටම අකර්මණ්‍ය වෙලා තියෙන්නේ. රටම මහා සාගතයකට ගෙනගිය රටේ මුදල් කළමනාකාරිත්වය කිසිම දෙයක් නොදන්නා අසාර්ථක රජය දැන්ම ඉල්ලා අස්වෙලා තවත් පව් නොදී ගෙදර යන්න. රටේම ජන ජීවිතය සම්පූර්ණයෙන්ම විනාසයි. කාලයක් චීනෙන් හිඟා කෑවා.. දැන් ඉන්දියාවෙන් හිඟා කකා රටට කන්න දෙනවා. මේක රටේ උරුමයට මොන තරම් ලැජ්ජාවක්ද? නිගාවක්ද?