ගාල්ල වනජීවී සංරක්ෂණ සංගමයේ කණ්ඩායමක් විසින් ලොව ප‍්‍රථම වතාවට කන්නෙළිය රක්ෂිතයේදී සොයාගන්නා ලද රාමනෙල්ලා නගාඔයි (ඍ්ප්බැකක් බ්ට්දස* නැමැති ගෙඹි විශේෂය ඉතාමත්ම සාර්ථක ලෙස ස්ථානීය සංරක්ෂණ ක‍්‍රමයක් මගින් සුරැුකීමට එම සංගමය සමත්වී තිබේ.
ගස් බෙන තුළ පමණක් වාසය කරමින් ඒ බෙන තුළම බිත්තර දමා සිය ජීවන චක‍්‍රය සම්පූර්ණ කරන මෙම ගෙඹි විශේෂය ශී‍්‍ර ලංකාවට ආවේණිකය. තර්ජනයට ලක්වූ ජීවී විශේෂයක් ලෙස සැලකෙන මොවුන් ගස් බෙන තුළ විනා පොළොව මතුපිට දක්නට නොලැබේ. 1997 වර්ෂයේදී ගාල්ල වනජීවී සංරක්ෂණ සංගමයේ මාලක බෝපගේ, අනෝම අලගියවඩු හා සුදේශ් බටුවිට යන කණ්ඩායමක් විසින් කන්නෙලිය වනාන්තරයේ කරන ලද ක්ෂේත‍්‍ර චාරිකාවකදී මෙම විශේෂයේ ගෙඹි පැටියෙකු ප‍්‍රථමවරට සොයාගන්නා ලදී. එම සොයා ගැනීමෙන් පසු එම සත්වයා පිළිබඳ පරීක්ෂා කළ සංගමයේ සාමාජිකයන්ගේ තීරණය වූයේ මෙම සත්වයා මෙතෙක් ලොව හඳුනා නොගත් සත්වයෙකු විය හැකි බවයි. ගෙඹි පැටියා ප‍්‍රථමවරට සොයාගත් තිදෙනා සම`ග කි‍්‍රෂාන් වේවැල්වල හා එම්.එම්.බාහීර් යන දෙදෙනාද එක්ව 1999 දී කන්නෙළිය වනාන්තරයේ මෙවැනි සතුන් පිළිබඳ තොරතුරු සොයා බලති. ඔවුන්ගේ නිරීක්ෂණ අනුව නව ගෙඹි විශේෂය ගස් බෙන වල සිටිමින් කෑ ගසන බවත් තීරණය කෙරුණි. ඒ අනුව වනාන්තරයේ ස්ථාන කිහිපයකින් සත්ව ආදර්ශක කිහිපයක් ලබාගැනීමට මෙම පිරිස සමත් වෙති. සත්ත්ව නිදර්ශක ගෙන ආ වනජීවී සංරක්ෂණ සංගමයෙ සාමාජිකයෝ ලංකාවේ උභයජීවීන් පිළිබඳ පරීක්ෂණ පවත්වන සත්ව විද්‍යාඥයින් වන කැළුම් මනමේන්ද්‍රආරච්චි මහතාට හා රොහාන් පෙතියගොඩ මහතාට එම නිදර්ශක ලබා දුන්නේ නව විශේෂයක් ලොවට හඳුන්වා දීමේ අපේක්ෂාවෙනි. ඔවුන්ගේ අපේක්ෂාවන් සඵල විය. ගස් බෙන වල වාසය කරමින් කෑ ගසන මෙම අලූත් මැඩි විශේෂය ලෝකයේ මෙතෙක් සොයා නොගන්නා ලද නව විශේෂයක් බව පර්යේෂකයෝ දෙදෙනා තහවරු කළහ. ලංකාවේ සත්ත්ව විද්‍යාත්ම පර්යේෂණ සඳහාද මුදල් ලබාදෙන ජපානයේ පවත්වාගෙන යන නගා ඕ නැමැති පරිසර පදනමේ නිර්මාතෘ ඉඞ්රෝ නගා ඕ නැමැති ජපන් ජාතිකයාට ගරු කිරීමක් වශයෙන් ඍ්ප්බැකක් බ්ට්දස නමින් මෙම ගෙඹි විශේෂය සත්ත්ව විද්‍යාත්මක නාමකරණයට භාජනය කෙරුණි. ලෝකයේ හඳුනාගත් ජීවීන් අතරට නව විශේෂයක් එක් කෙරුණි. ඍ්ප්බැකක් බ්ට්දස නැමැති මෙම මැඩියා නගා ඕගේ මොට හොඹු මැඩියා යනුවෙන් සිංහල භාෂාවෙන් හඳුන්වයි. මෙම මැඩියාගේ විශේෂත්වය වන්නේ බිත්තරයේ පටන් මරණය දක්වාම ගස් බෙනයක් තුළ සිය ජීවන චක‍්‍රය සම්පූර්ණ කිරීමයි. මෙවැනි තවත් මැඩි විශේෂයක් වූ ඍ්ප්බැකක් චමකප්ඒ හෙවත් පාකර්ගේ මොට හොඹු මැඩියා නැමිති විශේෂය ලංකාවේ උඩරට කඳුකර වනාන්තර වලදී හමුවන අතර පහත රට තෙත් කලාපයේ හමුවන ගස්බෙන වල වාසය කරන එකම උභය ජීවී විශේෂය වන්නේ නගා ඕගේ මොට හොඹු මැඩියා පමණි. වැඩිහිටි පිරිම සතුන් මිලි මීටර් 26.4 සිට 28.8 දක්වා දික්වන අතර වැඩිහිටි ගැහැණු සතෙකු මිලි මීටර් 27.4 සිට 31.5 දක්වා දික්ව වැඬේ හොඹු දාරය රවුම්ව පිහිටා ඇති බැවින් මොට හොඹු මැඩියා ලෙස නම් කර තිබේ. වට ප‍්‍රමාණය සෙන්ටිමීටර් 22 සිට 188 දක්වා වූ ගස්වල බෙන තුළ මේ මැඩි විශේෂය හමුවේ කුඩාම බෙනයේ ජලය මිලි ලටර් 70 ක් තිබී ඇති අතර එහි ඉස්ගෙඩියන් 50 ක්ද විශාලතම බෙනයේ ජලය ලීටර් 1.5 ක් වූ අතර එහි ඉස්ගෙඩියන් 150 ක්ද සිටින බව පර්යේෂකයෝ නිරීක්ෂණය කර තිබේ. ඇලෙන සුළු බිත්තර පොකුරු බෙනයේ බිත්තියේ අලවන අතර ඒවාහි බිත්තර 16 සිට 24 දක්වා ප‍්‍රමාණයක ඇත. මෙම බ්ත්තර පොකුරු ජල මට්ටමට සෙන්ටිමීටර 1 ක් හෝ 2 ක් පමණ ඉහළින් අලවා තිබේ. ලංකාවට ආවේණිකයෙකු ලෙස ලෝකයට අලූතෙන් හඳුන්වා දුන් මෙම සත්ත්ව විශේෂය කන්නෙළිය වන රක්ෂිතය තුළ පමණක් ඇතැයි සිතා සිටියද එම සත්වයා සිංහරාජ වනාන්තරය, හියාරේ රක්ෂිතය හා කිතුල්ගල ප‍්‍රදේශයේ වනාන්තර තුළ සිටින බවද පසුව සොයාගන්නා ලදී. මෙම මැඩියා වඳවී යාමේ තර්ජනයට ලක්වූවෙකි. සිංහරාජය වැනි විශාල වනාන්තර සුළං බාධකයක් ලෙස කි‍්‍රයා කරයි. එහෙත් මෙම සත්වයා සිටින හියාරේ වැනි කුඩා වනාන්තර කුට්ටි දැඩි සුළ`ගට නිරාවරණය වී තිබීම හේතුවෙන් ගස් බෙන වල ඇති ඔවුන්ගේ වාසස්ථාන වල ජලය ඉක්මනින් වියළී යයි. වාසස්ථාන අහිමිවීම මෙම අපූරු ජීවියාගේ පැවැත්මට දැඩි තර්ජනයකි. මෙම සත්වයා සංරක්ෂණය කළ යුතු බව තීරණය කළ ගාල්ල වනජීවී සංගමය ඒ සඳහා එම සත්වයා සිටින ස්වභාවික පරිසරයේදීම සංරක්ෂණය කිරීමේ ක‍්‍රමය හෙවත් ස්ථානීය සංරක්ෂණ ක‍්‍රමය තෝරාගත්හ. මේ පිළිබඳ ගාල්ල වනජීවී සංරක්ෂණ සංගමයේ මධුර ද සිල්වා මහතා මෙසේ කියයි. අපි මේ සතුන් වෙනුවෙන් කෘතිම ගස් බෙන හැදුවා. කුකුළු දැලක් උපයෝගී කරගෙන සාදන සැකිල්ල වටා හුඹස් මැටි හා සිමෙන්ති මිශ‍්‍රණයක් යොදා විවිධ හැඩ සහ ප‍්‍රමාණ වලින් සකස් කළේ. එය සති ගණනක් පල් කරලා ස්වභාවික ගස් බෙන වලින් ලබාගත් ජලයත් සාමාන්‍ය දොළ පහරකින් ලබා ගත් ජලයත් කලවම් කර කැදලි තුලට යොදා වනාන්තරයේ ගස්වල විවිධ උස මට්ටම් වලින් රැුදෙව්වා. අපේ බලාපොරොත්තව උනේ මේ කැදලි ගස් බෙන කියා සිතාගෙන මෙම මැඩියා බිත්තර දමනු ඇතැයි කියා. මධුර සම`ග මේ කාර්යය සඳහා එක්වූ සමීර අක්මීමණ හා කවීෂ් වේවැල්වල යන මහතුන් දිගින් දිගටම මේ කෘතිම බෙන නිරීක්ෂණය කළහ. අපි මේ කැදලි වනාන්තරයේ තියලා මාස අටකට පස්සේ මැඩියන් එහි බිත්තර දමා තිබුණා. ඒ අනුව අපි සාර්ථක වුනා. මේ වන විට වනාන්තරයේ විවිධ ස්ථානයන්හි අපේ මේ කෘතිම කැදලි රඳවා තිබෙනවා. මැඩියන් ඒ කැදලි තෝරාගෙන බිත්තර දමනවා. දැන් මේ සත්වයාට වාසස්ථාන අහිමිවී යාමේ තර්ජනයක් නැහැ. මධුර වැඩිදුරටත් කියයි.
ත්‍රිමාණ මුද්‍රණ තාක්ෂණය (3D-printing) භාවිතයට ගනිමින්, පැය 6 කට වඩා අඩු කාලයකදී, දුම්රිය ස්ථානයක් එකලැස් කර අවසන් කිරීමට ජපන් ඉන්ජිනේරුවෝ පිරිසක් සමත් වූහ.
ශ්රී ලංකා අග්නිදිග විශ්වවිද්‍යාලයීය කථිකාචාර්යවරුන් ප්‍රමුඛ එම විශ්වවිද්‍යාලයීය විද්‍යාර්ථීහු කණ්ඩායමක් ඊයේ පාර්ලිමේන්තුව නැරඹූහ.
එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පත සඳහා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද (11) සිය සහතිකය සටහන් කළේය.
“ක්ලීන් ශ්‍රි ලංකා” වැඩසටහන යටතේ මෙම වසරේදී නව ව්‍යාපෘති 34ක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙන අතර ඉන් ව්‍යාපෘති රැසක කටයුතු මෙම අප්‍රේල් මාසය අවස
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සංවර්ධන ව්‍යාපෘතියේ දූෂණා අක්‍රමිකතා සොයා බැලීම සඳහා පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභා
බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තම
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා
ගස් බෙන ගෙම්බා