IMG-LOGO

2024 නොවැම්බර් මස 28 වන බ්‍රහස්පතින්දා


‘ගෑස් සිල්න්ඩරය’ ලකුණෙ කිසිඳු නීතිමය ගැටලුවක් නෑ

(යොහාන් භාසුර)

ජනාධිපතිවරණයට ස්වාධීන අපේජෂකයෙක් ලෙස ඉදිරිපත්ව සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ඡන්ද ලකුණ ලෙස ඉදිරිපත් කර ඇති ‘ගෑස් සිල්න්ඩරය’ ලකුණ පිළිබඳව මැතිවරණ කොමිසමට කිසිඳු ගැටලුවක් මතුවී නොමැති බවත් මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. එල්. රත්නායක මහතා පැවසීය.

ජනාධිපතිවරණය වෙනුවෙන් පළ කළ ගැසට් පත්‍රයේ කොටස් දෙකක් ඇති අතර පළමු කොටසේ පිළිගත් දේශපාලන පක්‍ෂවල ලකුණු ද, දෙවැනි කොටසේ අනිකුත් අයට ලබාගත හැකි ලකුණු සඳහන්ව ඇති බවත් වෙනත් දේශපාලන පක්‍ෂ සහ ස්වාධීන අපේක්‍ෂකයන්ට දෙවැනි කොටසේ ඕනෑම ලකුණක් ගතහැකි බවත් ඒ මහතා කීය.

වෙනත් ගැසට් පත්‍රයකින් නිකුත් කළ පළාත් පාලන ඡන්ද විමසීමේ ඡන්ද ලකුණුවල ද ‘ගෑස් සිලින්ඩරය’ තිබීම මෙහිදී ගැටලුවක් බවට පත්කරගෙන ඇති බවත් එම මෙම ඡන්ද දෙක ගැසට් පත්‍ර දෙකකින් ප්‍රසිද්ධ කර ඇති බැවින් කිසිඳු නීතිමය ගැටලුවක් ඒ සම්බන්ධයෙන් නොමැති බවත් රත්නායක මහතා වැඩි දුරටත් සඳහන් කළේය. 



අදහස් (4)

‘ගෑස් සිල්න්ඩරය’ ලකුණෙ කිසිඳු නීතිමය ගැටලුවක් නෑ

සත්‍යපාල Tuesday, 20 August 2024 11:46 AM

මේවාට තමයි කියන්නේ දෛවයේ සරදම් කියලා....!

:       0       0

පොඩිමාමා Tuesday, 20 August 2024 12:17 PM

ගැටළුවක් තියෙනවා කියලා කෙනෙකුට ප්‍රශ්නයක් ඇතිවුණා නම් නාමයෝජනා සඳහා විරෝධතා ඉදිරිපත් කරන්න වෙන්කර තිබුණු කාලයේ ඉදිරිපත් කරන්න තිබුණා... එහෙම නැතුව ඔය ගෑස් සිලින්ඩරය කෙනෙකුට පුද්ගලික බූදලයක් නොවෙයි... ඒකට අයිතිය කියන්න කිසිවෙකුට බැහැ.. උදාහරණයක් හැටියට ව්‍යාපාර ලියාපදිංචි කිරීමේදී එහි යොදාගෙන තියෙන අකුරු හා රූපවලට අයිතිය නැතුව තමයි ලියාපදිංචි කරන්නේ... ඒ නිසා සභාපතිතුමා කියන දේ නිවැරැදියි පෙත්සම් කරුවන්ට පිස්සු නැත්නම් ශෝක්...!

:       0       0

ගමේ එකාලා Tuesday, 20 August 2024 12:23 PM

පඩික්කම හරි, කුණු කූඩය හරි දුන්නා නම් තමයි අවුල...!

:       0       0

Susa Tuesday, 20 August 2024 12:40 PM

ඡන්දය දෙනකොට බලන්න ගෑස් සිලින්ඩරය හිස්කලයක්ද පිරුණු කළයක්ද කියල ල. එච්චරයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හොඬවැල් පොකුණ වැවේ පිටවාන කැඩේ
2024 නොවැම්බර් මස 28 54 0

හම්බන්තොට මයුරුපුර මහවැලි බල ප්‍රදේශයට අයත් හොඬවැල් පොකුණ වැවේ පිටවාන පසුගියදා ඇති වූ අධික වැස්සට හසුව කඩාගෙන ගොස් ඇතැයි ප්‍රදේශයේ ජනතාව පවසති.


සෝමාවතිය පුදබිම ගංවතුරට යටවෙයි
2024 නොවැම්බර් මස 28 72 0

දින තුනක කාලයක් පුරා පොළොන්නරුව දිස්ත්‍රික්කයට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පවුල් 970 ක පුද්ගලයන් 3742 නෙකු පීඩාවට පත්ව ඇති බව පොළොන්නරුව දි


ආණමඩුව හලාවත මාර්ගය පල්ලමින් යටවෙයි
2024 නොවැම්බර් මස 28 42 0

දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමත් සමඟ දැදුරු ඔය පිටාර ගැලීමෙන් ආණමඩුව හලාවත මාර්ගය පල්ලම පහලයාය ප්‍රදේශයෙන් ප්‍රධාන මාර්ගය ජලයෙන් යටවිමත් සම


කන්තලේ වැවක වාන කැඩේ
2024 නොවැම්බර් මස 28 166 0

අයහපත් කාලගුණය මධ්‍යයේ ජලයෙන් පිරී තිබූ කන්තලේ, සූරියපුර පිහිටි සිංහ වැවේ පිටවානේ කොටසක් කැඩී ගිය බව ගොවිහු පවසති.


තාවකාලික වාහන අංක තහඩු භාවිතය නවත්වයි
2024 නොවැම්බර් මස 28 272 0

තාවකාලික වාහන අංක තහඩු භාවිතා කිරීම දෙසැම්බර් 15 වැනිදායින් අවසන් වන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි.


දීග ජන්තු 1ත් මරා දමයි
2024 නොවැම්බර් මස 28 793 0

දීග ජන්තු නමින් ප්‍රසිද්ධියට පත්ව සිටි ඇති රජකු පලාගල මීගස්වැව ප්‍රදේශයේ නිවසක් වටේ ඇද තිබූ අනවසර විදුලි රැහැනක පැටලීමෙන් මියගොස් ඇතැයි පොලිසිය කියය


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 567 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 772 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2160 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site