IMG-LOGO

2024 සැප්තැම්බර් මස 26 වන බ්‍රහස්පතින්දා


ගහට ගහක් හමුවේ?

වත්මන් ආර්ථික තත්ත්වය ගැන තමා සමඟ විවාදයකට එන්නැයි පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා කළ අභියෝගය බාර ගන්නා බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමැති හර්ෂ ද සිල්වා මහතා කියයි.

ඔහු සිය ෆේස්බුක් පිටුවේ සඳහන් කර ඇත්තේ   ආර්ථිකය ගැන හොඳ තාක්ෂණික විවාදයකට සූදානම් බවයි.

අද පැවති මාධ්‍ය හමුවකදී ද හර්ෂ ද සිල්වා මහතා එම අභියෝගය බාර ගන්නා බව කීවේය.

(වීඩියෝ සනත් ඩෙස්මන්)

web

(වීඩියෝ ජයමාල් චන්ද්‍රසිරි)



අදහස් (0)

ගහට ගහක් හමුවේ?

සම්පත්-ඩුබායි Monday, 01 June 2015 09:47 AM

දුෂිත පාලනයක් තිබුණ රටක එක රැයකින් හරිගස්සන්න බැහැ.එහෙම කරනකොට ටිකක් රට පස්සට යනවා තමයි.ඔච්චර දේවල් දන්නා දන්න ඒක නොදන්නා එකයි ප්‍රශ්නේ.(ම)

:       0       0

ලාල් Monday, 01 June 2015 09:47 AM

මේ විවාදය රටේ සියලුම ජන කොටස් වලට සාධාරණයක් වෙන විදියට සිංහලෙන් සහ ඉංග්‍රීසි යන භාෂා දෙකෙන්ම කලොත් තමා හොඳ. මොකද කතාකරන්නේ ආර්ථිකය ගැන නිසා සිංහල සහ අසිංහල කාටත් තේරුම්ගන්න පුළුවන්නේ එතකොට.(ම) .

:       0       0

චරිත Monday, 01 June 2015 04:35 PM

ඔය විවාදය ඇහුවොත් නැවත A /L ආර්ථික විද්‍යාව ඉගෙනගන්න ඕන කියල හර්ෂ පන්ති යන්න පටන්ගන්නවා ෂුවර්. (කේ)

:       0       0

චන්ද්‍රා Monday, 01 June 2015 09:52 AM

මට නම් මේ දෙන්නම එකයි. යන්නේ කොහෙද මල්ලේ පොල් උත්තර හම්බවේවි විවාදෙදි. (බ)

:       0       0

එච්.පෙරේරා Monday, 01 June 2015 09:56 AM

අසංක. බන්දුල රුපියල් 2500 මාසයක් ජීවත් වෙන්න පුළුවන් කියලත් කියුවා. අර වාසු කියපු අකුරු තුනේ වචනෙට සමාන වචනත් කීවා වගේ හර්ෂත් එක්ක තියෙන විවාදෙදි රෙදි ගැලවෙයිද දන්නේ නැහැ. (බ)

:       0       0

කමල් Monday, 01 June 2015 09:58 AM

කුණුහරපු කියපු එක හරි බව තහවුරු කරන්න තර්ක කළ කෙනෙක් එක්ක මොන විවාදද? (බ)

:       0       0

සුනිල් Monday, 01 June 2015 05:58 PM

මෙහෙමත් දේවල්! (නි)

:       0       0

විපුල Monday, 01 June 2015 06:14 PM

අපි හිතපු විදියට බඩු මිල අඩුකරන්න මේ අයට බැරිවුණා. දැන් තියෙන්නේ ජනතාවට කොළය වහන ආර්ථිකයක් (නි)

:       0       0

පෙරේරා Monday, 01 June 2015 06:19 PM

චන්න, ඔබත් යන්න විවාදයට. (නි)

:       0       0

අර්ජුන රණවන Monday, 01 June 2015 10:36 AM

බන්දුල මහත්තය නම් හැසිරෙන්නේ , කතාකරන්නේ තමන්ට වැඩ ආර්ථිකය ගැන දන්නා කෙරුමෙක් නැහැ කියල වගේ. බන්දුල මහත්තය ටියුෂන් පන්තිවල ආර්ථිකය ගැන ඉගැන්නුවට ප්‍රයෝගිකව කරපු දෙයක් ගැන නම් මම අහල නැහැ. එච්චර දක්ෂ යෙක් නම් උ. පෙළ . 5 විබාගයට මොකද උනේ . මහින්ද ආර්ථික ඇමති කලේ කවුද? (ස)

:       0       0

අශාන් Monday, 01 June 2015 10:41 AM

චන්න, ඔය සංඛ්‍යාලේඛන මහබැංකුවෙන් කියපුවානේ. රුපියල බාල්දුවෙලා නැහැ. ඒ දවස්වල ඩොලරයට 130 වඩා වැඩිවුණු රුපියල දැන් 106ට බැහැල. (ස)

:       0       0

ප්‍රශාන් Monday, 01 June 2015 07:09 PM

කවුරු මොනවා කිව්වත් රට වේගයෙන් ආපස්සට යනවා. අද ඩොලරය රු 137යි. මෙහෙම ගියොත් දෙසැම්බර් වෙනකොට ඩොලරය රු 200 වේවි. ජයවේවා යහපාලනය! (නි)

:       0       0

සුදෙල්මි Monday, 01 June 2015 11:26 AM

උසස්පෙළ ආර්ථික ගුරුවරයෙක්ගේ දැනුම ආර්ථික විද්‍යාව ගැන ආචාර්ය උපාධියක් තනා කෙනෙකු හරියට වදුරා සහ ගෝරිල්ල වගේ (ම)

:       0       0

දිනේෂා Monday, 01 June 2015 11:33 AM

අශාන් 106 ට බැස්සේ මොන රුපියලද? දැන් 133.96 ඔය වේගේ ගොන් කතා මේ විවාදේ දී අහන්න නොවේවා (බ)

:       0       0

චතුරි Monday, 01 June 2015 11:54 AM

බන්දුල මහතාට මේ කතාව තනිවම බැහැ කියලයි මට නම් හිතෙන්නේ. (නි)

:       0       0

කරුණාරත්න Monday, 01 June 2015 12:11 PM

අපි නම් මේ කවුරු කවුරු ගැනත් දන්නවා (නි)

:       0       0

පිටබැද්දර ජයා Monday, 01 June 2015 12:41 PM

බන්දුල මහත්තයා එක්ක මොන වාදද මහත්තයෝ? ඊට වඩා නරකද ඒ කාලේ යොදවලා වෙන වැඩක් කළා නම්? (නි)

:       0       0

යෙනුර Monday, 01 June 2015 12:58 PM

බන්දුල ආර්ථික විද්‍යාව හොඳට දන්නවා ඇති (නි)

:       0       0

වජිර Monday, 01 June 2015 01:06 PM

දූෂිත පාලනයට කඩේ යන අය තවම ඉන්නවා කියල සමහරුන්ගේ අදහස් දිහා බැලුවම පේනවා..හැබැයි ඒ අය එහෙම කිව්වා කියල පෙර දින සිදුවුණා වගේ සුදු වෑන් එන්නේ නෑ..රුපියල් 2500 මාසයක් ජීවත් වෙන්න පුළුවන් කියල බන්දුල මහත්තයා කීව බවවත් මතක නැති අය ඉන්න රටක් මේක.හොඳ අභියෝගයක්..(බ)

:       0       0

ප්‍රියන්ත Monday, 01 June 2015 01:13 PM

හර්ෂ මහත්යයෝ නිකන් ගුටි කන්නද හදන්නේ (බ)

:       0       0

රකිත් Tuesday, 02 June 2015 02:45 AM

නරකද නොයෙකුත් ගෙඩි වර්ග පිළිබඳ විවාදයකට ගියා නම්. ආර්ථික විවාදයට වඩා රසවත්. (නි)

:       0       0

චින්තා කුමාරි Tuesday, 02 June 2015 03:00 AM

බන්දුල විවාදෙට එන්න කිවුවේ මුදල් ඇමතිටයි.නමුත් කවදත් පස්ස ගහන ඔහු මෙවරද පැමිණෙන්නේ නැතුව වෙනත් කෙනෙකු යොදවාවිද දන්නෙ නැහැ. බන්දුලට මේ කවුරුත් එකය. ඔහු කතාකරන්නේ දත්ත සහිතව තර්කානුකූලවය. මේ විවාදය කලින් අප දැකපුරුදු මඩ වලින් තොරව සුසංවාදයක් ලෙසින් පවත්වා රටවැසියාට නොපෙනෙන ආර්ථිකයේ ස්වභාවය පෙන්නාදීම වැදගත් යැයි සිතමි. (නි)

:       0       0

ගිහාන් Monday, 01 June 2015 01:43 PM

එක පාරක් සතුන්ගේ නම් වලින් ජනතාව ඇමතුවා නේද ? තප්පුලන කතාවකුත් කියලා අපිව හිනා ගැස්සුවා. (නි)

:       0       0

දුනුවිල Tuesday, 02 June 2015 03:22 AM

අතීතයේ මේ දෙන්නගෙම ආර්ථිකය පිළිබඳව දේශනා සහ ප්‍රකාශ දිහා බලනකොට දෙන්නාම සරළ ආර්ථික විද්‍යා දැනුමකින් යුතුව ඉන්නා බව නම් පැහැදිළියි. ඒ නිසාම මේ වාදය මායිම් වැටක දෙපැත්තේ ඉදන් කොස් ගහේ අයිතිය ඉල්ලා කෑගසන සහෝදරයෝ දෙන්නෙකුගේ දෙබස් හුවමාරුවක ස්වරුපය ගනීවි. (නදී)

:       0       0

සමන්ත Tuesday, 02 June 2015 03:51 AM

රට කාපු රට හරක් එක්ක විවාද කරනවද නැත්නමි වැඩ කරලා පෙන්නනවද? කටින් බතල හිටවන් නැතිව වැඩ විතරක් කලාම ඇති අපිට පේනවානේ (නදී)

:       0       0

සමන්ති Monday, 01 June 2015 02:33 PM

හදිසියේවත් දුරකතන ඇමතුමක් වගේ දෙයක් ආවොත් වාදය නවත්වයිද ? (නි)

:       0       0

චානක ලොස් ඇන්ජලිස් Monday, 01 June 2015 02:44 PM

විවාද නොවෙයි රහස් පොලිසියට භාරදෙන්න ඕනෑ එක් කෙනෙක්ව (නි)

:       0       0

දුමින්ද Monday, 01 June 2015 08:08 AM

නියම සුපිරි වැඩක් (නි)

:       0       0

ශාන සෞදි Monday, 01 June 2015 08:10 AM

මෙතරම් බදුගන්න කාලේ රුපියල් 2500න් මාසයක් කන්න පුළුවන් කියන කෙනෙක් ඉන්නවද? රුපියල් 2500ක් එක මිනිහෙකුට මාසේ වැඩට යන්න බස් එකටත් මදි (නි)

:       0       0

නිහාල් Monday, 01 June 2015 08:17 AM

අපි බලමුකෝ මොකද වෙන්නේ කියලා (නි)

:       0       0

දයා අළහකෝන් Monday, 01 June 2015 08:20 AM

අගෙයි. අපිත් බලා ඉන්නවා මෙය කවදා සිදුවේද කියලා (නි)

:       0       0

ආනන්ද සෙනෙරත් Monday, 01 June 2015 08:27 AM

හොඳ අභියෝගයක් (ම)

:       0       0

බටගල Monday, 01 June 2015 08:32 AM

දින සීයකට පසු තියෙන ආර්ථිකය විශේෂ වෙනසක් වෙලා නැත්නම් බන්දුල මහත්තයාගේ තියරියේ හැටියට පවුලකට දැන් 2500 යෙන් ජීවත් වෙන්න පුලුවන්ද කියන්නකෝ.(ම)

:       0       0

සේන Monday, 01 June 2015 08:46 AM

රුපියල් 2500 කින් මාසයක් කන්න පුළුවන් කියපු මනුස්සයෙක් එක්ක මොන තාක්ෂණික විවාදද? (ස)

:       0       0

චන්න Monday, 01 June 2015 08:57 AM

දින 100 කට පස්සේ රටේ ආර්ථිකයේ ලොකු වෙනසක් වෙලා . ඒ 7.4% වැඩියෙන් වාර්ෂිකව අඛණ්ඩව වර්ධනය වූ ආර්ථිකය දැන් ආපස්සට යනවා .2015 වසරේ දැනට වර්ධනය 6.2% දක්වා අඩු වෙලා . රුපියල බාල්දු වෙලා ,විරැකියාව 10% ඉක්මවා ගිහිල්ලා. ගෙවුම් ශේෂ පරතරය වැඩි වෙලා. විදේශ සෘජු ආයෝජන නැවතිලා .පොලි අනුපාතය ඉහල ගිහිල්ල. විදේශ සංචිත එන්න එන්නම පහල යනවා. උද්ධමනය ජවන වේගයකින් ඉහල යනවා. කොටස් වෙළද පොළ ගැන කතා කරලා වැඩක් නැහැ .මේවා තමයි දින 100 යේ ප්‍රථිපල. (ස)

:       0       0

ලාල් Monday, 01 June 2015 08:57 AM

මට හිතෙන විදියට නම් බන්දුල මහතා හිතාගෙන ඉන්නේ එයාට වැඩ ආර්ථිකය ගැන දන්නා කෙරුමෙක් නැහැ කියල. (ස)

:       0       0

සෑම් Monday, 01 June 2015 09:04 AM

ඒ ගොල්ලන්ට බලය තියෙද්දී කවුරු මොන විදියේ අභියෝග කලත් මොනවා හරි බොරු හේතු දක්වලා ඒක මග ඇරලා යනවා. මේ ආණ්ඩුවේ ඉන්න අයත් එහෙමයි කියලා හිතාගෙන වෙන්න ඇති මෙයා මේ අභියෝගය ඉදිරිපත් කළේ. ආචාර්ය හර්ෂ ද සිල්වාට සුබ පැතුම්.(ම)

:       0       0

සුමේධා Monday, 01 June 2015 09:22 AM

කොහොම උනත් කමක් නැහැ එම ප්‍රසිද්ධ විවාදය මුළු රටේම ජනතාව දැන ගන්නත් එක්ක සියලු ජනතාව රූපවාහිනිය නරඹන කාලයක ඒ ප්‍රසිද්ධ විවාදය එතුමන්ලා කලොත් ඒ අවස්ථාවේ එය විකාශය කලොත් හොදයි කියලා අපිට හිතෙනවා. දෙනනටම ජය වේවා.! (ර)

:       0       0

අසංක හඳපාන්ගොඩ Monday, 01 June 2015 09:23 AM

බන්දුලට ජය නියතයි. හර්ෂට ශේප් වෙන්න පුළුවන්. රවී මොඩය උ දන්න ආර්ථිකේ. අවොත් ඉවරයි. (ම)

:       0       0

ලාල් Monday, 01 June 2015 09:30 AM

ආර්ථික විද්‍යාව ගැන ආචාර්ය උපාධියක් තියෙන හර්ෂ මහත්තය නම් බොහොම නිහතමානී විදියට හැසිරෙන , කතාකරන කෙනෙක් බව තමා පේන්න තියෙන්නේ. නමුත් බන්දුල මහත්තය නම් හැසිරෙන්නේ , කතාකරන්නේ තමන්ට වැඩ ආර්ථිකය ගැන දන්නා කෙරුමෙක් නැහැ කියල වගේ. බන්දුල මහත්තය ටියුෂන් පන්තිවල ආර්ථිකය ගැන ඉගැන්නුවට ප්‍රයෝගිකව කරපු දෙයක් ගැන නම් මම අහල නැහැ, හර්ෂ මහත්තය නම් පුද්ගලික සමාගම් බිහි කරලා ඒවා ඉතමත් සාර්ථක විදියට පවත්වාගෙන ගිය සහ පුද්ගලික අංශයේ ඉහල තනතුරු දරමින් ප්‍රයෝගිකව ආර්ථික විද්‍යාව ගැන තමන් දන්නා බව පෙන්වපු කෙනෙක්. ඉතින් අපි බලමු මොකද වෙන්නේ කියල. (ස)

:       0       0

නිහාල් Monday, 01 June 2015 04:12 PM

දෙන්නම කියන්නේ ලංකාවේ මිනිස්සු කනවා වැඩියි කියලා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්


’’රැව්ලත් කැඳත් බේරා ගත යුතුයි’’
2024 සැප්තැම්බර් මස 25 2333 1

රටේ ආර්ථිකය බේරන්න ගියොත් මිනිසුන් තරහ කරගන්න සිදුවන බව හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එජාප නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර


අකුරැස්සේ අනතුරින් තරුණ යුවළක් මරුට
2024 සැප්තැම්බර් මස 25 1529 0

අකුරැස්ස සියඹලාගොඩ - පිටබැද්දර මාර්ගයේ බෝපගොඩ මංසන්ධිය ආසන්නයේදී අද සැන්දෑවේ සිදුවූ මාරක රිය අනතුරින් පාසල් ගුරුවරියක හා ඔහුගේ සැමියා මියගොස් ඇතැයි


‘‘විවිධත්වය දරා ගන්නා ලස්සන පොහොසත් රටක් හදමු‘‘
2024 සැප්තැම්බර් මස 25 2314 0

ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩ සටහන ඉදිරියට ගෙන යාම සඳහා, අදාල පාර්ශව සමග සාකච්ඡා කර ණය සහන ලබා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය


නාන්න ගිය පස් දෙනාගෙන් දෙන්නෙක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 25 556 0

පොල්ගොල්ල වේල්ලට පහළින් ජලාශයට බැස දියකෙළියේ යෙදෙමින් සිටි මිතුරන් පස් දෙනකු අතරින් දෙදෙනෙකු ජල පහරේ ගසාගන්න ගොස් අතුරුදන් වී ඇති බව වත්තේගම පොලිසිය


ජාතික-අයි ටී එන් රූපවාහීනි සහ ලක්හඬට නව සභාපතිවරුන්
2024 සැප්තැම්බර් මස 25 3213 0

ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37179 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24489 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 189 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 627 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 238 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site