(මනෝප්රිය ගුණසේකර)
පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා සමඟ එක්වී බොරු සාක්කි සෑදීම සදහා කුමන්ත්‍රණය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ඇඹිලපිටිය හිටපු මහාධිකරණ විනිසුරු ගිහාන් පිළපිටිය මහතාට එරෙහිව අද දිනම (11) නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර වරෙන්තුවක් ලබාගෙන ඔහු අත්අඩංගුවට ගැනීමට පියවර ගන්නා ලෙස නීතීපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට දෙවැනි වරටත් අද (11) දැනුම් දුන්නේය.
රන්ජන් රාමනායක මහතා සහ ගිහාන් පිලපිටිය මහතා සම්බන්ධයෙන් ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව උපදෙස් ලබාදී තිබියදී ඒ අනුව කටයුතු නොකර දින 18 කට පසු අධිකරණ බලසීමාව නොදැන සිටි බවට හා ඒ සම්බන්ධයෙන් විමසන තෙක් කිසිවක් නොකර සිටීම හාස්‍යයට කරුණක් බව නීතිපති ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතා වැඩබලන පොලිස්පතිවරයාට යොමු කළ ලිපිය මඟින් අවධාරණය කර ඇති බවද නීතීපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥ නිශාරා ජයරත්න මෙනෙවිය පැවසුවාය.
රන්ජන් රාමනායක සහ ගිහාන් පිළපිටියට විරුද්ධව නව නීතී කෘත්‍යයක් ආරම්භ කළ යුත්තේ කුමන අධිකරණයකද යන්න දැනුම් දෙන්නැයි ඉල්ලමින් වැඩබලන පොලිස්පතිවරයා විසින් නීතීපතිවරයා වෙත යොමු කළ ලිපිය සම්බන්ධයෙන් පිළිතුරු ලිපියක් මඟින් මේ බව අවධාරණයකොට ඇති නීතීපතිවරයා මේ සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාශයේ අධ්යක්ෂවරයා විසින් සිදුකළ විමර්ශන වලදී ලබාගත් දුරකථන කුළුණු වාර්තා අනුව නුගේගොඩ හා කොළඹ අධිකරණ කලාප වලදී මෙම අපරාධයට අදාළ සිදුවීම සිදුවී ඇති බවද අවධාරණය කොට ඇත.
ගිහාන් පිළපිටිය මහතා කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා වශයෙන් කටයුතු කරන සමයේදී ඔහු ඉදිරියේ විභාග කරන නඩුවක සැකකරුවකු ඇප නොදී රිමාන්ඞ් බාරයට පත් කිරීම පිළිබඳව රන්ජන් රාමනායක මහතා සමඟ උපාය මාර්ගික ක්‍රමවේදයන් පිළිබඳව සාකච්ඡාකළ බව පැහැදිල වන බවත් එම හඬපටයේ නෑ...... නෑ.... මගේ වාහනය හරවන ගමන් උසාවියට....’ යනුවෙන් වී ඇති සදහන අනුව අධිකරණ බලසීමාව පැහැදිලිවම අනාවරණය වන බව පෙන්වා දෙන නීතීපතිවරයා එවැනි තත්වයක් තුළ ඔබගෙන් හේතූ විමසන තෙක් අධිකරණ බලසීමාව කුමක්දැයි විමසා නොසිටීම බලවත් කණගාටුදායක තත්වයක් බවද අවධාරණය කර ඇත.
මෙම සිද්ධියට අදාළ විමර්ශන වලදී කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන්ට අධිකරන බලසීමාව සම්බන්ධයෙන් යම් ගැටළු සහගත තත්වයක් ඇතිවුයේ නම් තමා හෝ තමාගේ නලධාරීන් හමුවී හෝ දුරකථන ඇමතුමක් මඟින් උපදෙස් ලබාගැනීමට හැකියාව තිබුණත් ඒ අනුව කටයුතු නොකර දින 18කට පසුව මේ සම්බන්ධයෙන් විමසන තෙක් අධිකරණ බලසීමාව නොදැන සිටි බව සඳහන් කිරීම හාස්‍යයට කරුණක් බවද නීතීපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාගේ අවධානයට ලක් කර ඇත.
දුරකථන කළුණු වාර්තා අනුව රන්ජන් රාමනායක මහතා විසින් නුගේගොඩ අධිකරණ බලප්‍රදේශයේදී මෙම සංවාදය ආරම්භ කොට ඇති බවත් ගිහාන් පිළපිටිය මහතා කොළඹ අධිකරණ බලප්‍රදේශයේදී ඊට සම්බන්ධ වී ඇති බවත් කෙසේ නමුත් මේ වනවිටත් රන්ජන් රාමනායක මහතා සම්බන්ධයෙන් නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩු දෙකක් පවරා ඇති බවත් පෙන්වා දෙන නීතීපතිවරයා ඒ අනුව අද දිනයේදීම ගිහාන් පිළපිටිය මහතාට එරෙහිව නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කොට නියමිත අධිකරණ පියවර ගන්නා ලෙසද නීතීපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් ලබාදී ඇත.
සත්ව නිෂ්පාදන හා සෞඛ්‍යය දෙපාර්තමේන්තුව මගින් රුපියල් 91,970,290 ක් වැයකර ක්‍රියාත්මක කළ බ්‍රෝයර් වර්ගයේ එළුවන් 250 ක් අභිජනනය කර ක්ෂේත්‍ර ගත කිරීමේ පස් අ
අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මඩකලපුව මාර්ගයේ පුනානි හා වාලච්චේන අතර දුම්රිය මාර්ගය ජලයෙන් යටවීම නිසා අද (27) කොළඹ කොටුව සිට මඩකලපුව දුම්රිය මාර්ගය
හිසට මන්නයකින් පහරදී පුද්ගලයකු ඝාතනය කර ඇති බව කළුතර දකුණ පොලිසිය පවසයි.
දිවයින පුරා බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතින අතර උතුරු, උතුරු-මැද, නැගෙනහිර,වයඹ සහ මධ්‍යම පළාත් වලට ඉතා තද වැසි සහ තද සුළං තවදුරටත් අපේක්ෂා කරනබව
කාර්තිව් පොලිස් වසමට අයත් නින්දවුර් මද්රසා පාසලේ සිසුන් 07 දෙනකු ගමන්ගත් ට්‍රැක්ටරයක් අද සවස කාර්තිව් - සම්මන්තුරේ මාර්ගයේ දී ජල පහරට හසුවි ගසාගෙන යා
කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්සවීමට පැමිණි ගුවන් යානා 06 ක් කටුනායක ගුවන් තොටුපොළ අවට ප්‍රදේශයට මේ වනවිට පවතින අධික වැසි සහිත කාළගුණික තත්වය නිසා ,
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ගිහාන් පිලපිටිය අත්අඩංගුවට ගන්නැයි නීතීපති යළිත් කියයි
Mahesh Tuesday, 11 February 2020 12:20 PM
ජනාධිපතිතුමනි, නීතීපති ගැන අදම පියවරක් ගන්න. ඔහු තමන් වටේ සිටින නිලධාරීන්ගෙන් පලිගනිමින් සිටිනබව හොදින් පේනවා.. මෙවැනි අය තනතුරු වල සිටීම ඔබතුමාටද තර්ජනයක් වෙන්න පුලුවන් ඉස්සරහට...
MaheeWednesday, 12 February 2020 11:01 AM
ඔබ සමග මුළුමනින්ම එකඟයි. ලකුණු දමාගැනීමේ වෑයමක් වගෙයි මොහු කරන්නේ...
සමන්ත Tuesday, 11 February 2020 12:29 PM
මොහු දේශපාලන පත්වීමක් ලෙස නීතිපති ධුරයට පැමිණ දේශපාලන පලිගැනීම් සඳහා නීතිවිරෝධී නියෝග ලබාදෙමින් කටයුතු කරන බව පෙනේ. වහාම පාර්ලිමේන්තුවේ සම්මත කරගනු ලබන දෝෂාභියෝගයක් මගින් ඔහුව ධුරයෙන් ඉවත් කර අධිකරණ ක්ෂේත්රයට වන දේශපාලන ඇඟිලි ගැසීම් නැවැත්විය යුතුය...
PereraThursday, 13 February 2020 12:30 AM
ඔබ නීතිපති පත්වීමේ ක්‍රමවේදය නොදන්නා බව මනාවට පැහැදිලියි. වර්තමාන නීතිපතිවරයා කනිෂ්ඨ රජයේ නීතිඥවරයෙක් ලෙස නීතිපති දෙපාර්තමේන්තුවට බැඳී උසස්වීම් ලබාගෙන අද නීතිපති තනතුරේ සිටිනවා. නීතිපතිවරයෙක් උසස්වීමක් ලබා අභියාචනාධිකරණයට හෝ ශ්‍රේෂ්ඨාධිකරණයට පත්වූ විට හෝ විශ්‍රාම ගියවිට සාමාන්‍යයෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ ඊගාවට සිටින ජේෂ්ඨතම නිලධාරියා වන සොලිසිටර් ජෙනරාල්වරයා තමය් නීතිපති ලෙස ජනාධිපතිතුමා අතින් පත්වීම ලබන්නේ... වර්තමාන නීතිපතිවරයා එම පත්වීම ලැබුවේ කලින් සිටි නීතිපතිවරයා අගවිනිසුරුවරයා ලෙස පත්වීම ලබා ශ්‍රේෂ්ඨාධිකරණයට උසස්වීම ලැබූ විටයි. එවකට සොලිසිටර් ජෙනරාල්වරයා වූයේ වර්තමාන නීතිපතිවරයාය. එබැවින් ඔබ කියන පරිදි වර්තමාන නීතිපතිවරයා දේශපාලන පත්වීමක් යැයි කීමට පදනමක් නැහැ...
සමන්තThursday, 13 February 2020 04:01 AM
ඔව්... ඔබ නීතිපති දෙපාර්තමේන්තුවේ සාමාන්‍ය පත්කිරීමේ ක්‍රමවේදය ගැන දන්නා බව පෙනේ. මම සමහර විට ඔය ඔබ කියන ක්‍රමවේදය ගැන හොඳින් දැන හෝ නොදැන ඉන්න පුළුවන්. ඔහු ශ්‍රේෂ්ඨත්වයෙන් ඉහළ බව හැබෑයි. ඒත් හිටපු නීතිපති උසස්වීමක් ලෙස හෝ ශ්‍රේෂ්ඨාධිකරණයට නොගියේ නම් ඔහු එතැනමය. එහෙත් සිරාගේ දින 52 කුමන්ත්‍රණයට සහ බැඳුම්කර නාඩගමට පින් සිදුවීමට ගුරා සහ ගෝලයා ඉහළට පැනගත්තේය. සිරා කළ දේවල් දැන්වත් නිවැරදි කළ යුතුයි. නොදැන ගියොත් අතරමගය. පදනම එයයි.
PereraFriday, 14 February 2020 01:28 AM
වර්තමාන නීතිපතිවරයා අගවිනිසුරු විදිහට පත්වුණේ දින 52 ආණ්ඩුවේ පලහිලව්වක් නිසා නොවේ. එවකට සිටි අගවිනිසුරු වරයා 65ස් වැනි විය සපුරාලීමෙන් විශ්‍රාම ගියා. එවිට එවකට නීතිපතිවරයාව අගවිනිසුරු ලෙස පත් කරනු ලැබුවා. නීතිපති ලෙස සොලිසිටර් ජනරාල්වරයා පත් කෙරුවා. ඔබ මෙය ගුරු ගෝල උසස් වීමක් ලෙස දැක්කට මෙම පත් වීම් කිසිවක් සම්ප්‍රදායානුකූල ක්‍රමවේදයන්ට බැහැර ඒවා නොවෙයි.
Bamunuarachchi Tuesday, 11 February 2020 01:54 PM
අපි නොදන්නා අපිට නොපෙනෙන හේතු ඇති ඒ කයි නීතිපති පුන පුනා කියන්නේ ගිහාන් පිලපිටිය අත්අඩංගුවට කියලා.
Wca Tuesday, 11 February 2020 03:23 PM
පොලිස් නිලධාරීන් තමයි නීතිය නවන්නෙ. ඕක තමයි අපේ රටේ නීතිය ක්‍රියාත්මක වෙන්න නැත්තෙ.
Prase Tuesday, 11 February 2020 03:43 PM
හොඳ වැඩක්.
Mahee Tuesday, 11 February 2020 06:40 PM
ජනාධිපති නීත්‍යානුකූලවම හා නිසි ක්‍රමවේද අනුව මිසක් කිසිවෙකු අත් අඩංගුවට නොගත යුතු බවට පොලිස්පතිට උපදෙස් දුන්න බව පළවුනා. ඒ කියන්නේ විශේෂයෙන් ගිහාන් පිලපිටිය ගැන කියලයි අපි හිතුවේ. ගිරයට අහුවුණ පුවක් ගෙඩියක් බවට පත්වුනා වගෙයි.
anura Wednesday, 12 February 2020 01:41 AM
මෙම සංවාදය අතරතුර මෝටෝ රථය පැදෙව්වේ ද මහේස්ත්‍රාත් තුමා නම් සෙලුලර් දුරකථනයක් භාවිතා කරමින් රිය පැදවීමේ වරදත් කර තිබෙනවා. මේ කාලයේ බොහෝ රියදුරන් මෙම වැරද්ද කරන බව සත්‍යයක් නමුත් යුක්තිය පසිඳලීමේ කර්තව්‍ය කරන අය එසේ කරනවා නම්, එවැනි වැරද්දක් කරන කෙනෙක් ගැන තීරණයක් ගන්නේ කෙසේ ද?
Chamara Wednesday, 12 February 2020 03:08 AM
නියමයි, කාටත් නීතිය එකයි.
Perera Wednesday, 12 February 2020 04:01 AM
දැන් කවුද මෙතන නීතිය හරියට දන්නේ නැත්තේ? නීතිපතිද, පොලිසියද, මහා අධිකරණ විනිසුරු තුමාද? කෙසේ වුනත් තව සුවිශේෂ ජවනිකාවක් එලි දකිවී වගේ !
Jaya Wednesday, 12 February 2020 04:23 AM
නීතියේ ආධිපත්‍ය යනු නිලධාරීන්ට අත්තනෝමතික ලෙස කටයුතු කිරීමට ඇති බලයද? නීති සකස්විය යුත්තේත් ක්‍රියාත්මක වියයුත්තේත් සාධාරන යුක්තිය ඉටුකිරීම සදහා නොවේද?
dasun Wednesday, 12 February 2020 06:19 AM
දිල්රුක්ෂිට නම් හරි හොඳයි. එයාට අත තියන්න එපා.
නොකවුට් Wednesday, 12 February 2020 07:55 AM
එතකොට කෝ දිල්රුක්ෂි නෝනට නීතිය.