IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


ගහෙන් බේරගන්න හකීම් ජෙඩා යයි

යේමන් ජාතිකයෙකු ඝාතනය කිරීමේ නඩුවේදී සෞදි අරාබි  අධිකරණයකින්   මරණ දඬුවම නියම වී සිටින ශ්‍රී ලාංකික තරුණයන් තිදෙනා නිදහස් කර ගැනීමට ජනපති විශේෂ නියෝජිතයකු ලෙස ඇමැති රවුෆ් හකීම් මහතා සෞදි රජු හමුවීමට යෑමට නියමිත බව රජයේ ආරංචි කියයි.

 2007 වසරේදි  ආයුධ සන්නද්ධව  යේමන ජාතිකයකුට පහර දී  මංකොල්ල කෑමේ සිද්ධියක් සම්බන්ධයෙන්  සෞදියේ ජෙඩා නුවර ප්‍රාථමික අධිකරණයෙන් 2008දී මරණ දඬුවම නියම වු මෙම ශ්‍රී ලාංකිකයින් තිදෙනා  එතැන් සිට එරට බන්ධනාගාරගතව සිටිති.

කුරුණෑගල මහව ඩබ්ලිව් එම් එන් බී තෙන්නකෝන් (33)දෙහිවල තුෂාර දිනේෂ් පෙරේරා(36) හා රාගම කේ ඒ පී ජී යු නානයක්කාර (34) එම තිදෙනාය.



අදහස් (0)

ගහෙන් බේරගන්න හකීම් ජෙඩා යයි

පසද Saturday, 14 February 2015 11:54 AM

මේ හැමදේම හොද විදියට වෙන්න කියලා ප්‍රර්ථනා කරනවා.(හේ)

:       0       0

චතුර Saturday, 14 February 2015 11:54 AM

මේ අයව කෙසේ හෝ බේරා ගැනීමට උපරිම උත්සහයක් දැරිය යුතුයි.(හේ)

:       0       0

කුසල් Saturday, 14 February 2015 11:54 AM

මේ අය අපේ අය තමයි.ඒත් වැරැද්ද වැරැද්දමයි.(හේ)

:       0       0

අනිල් Saturday, 14 February 2015 11:55 AM

දැන් පරක්කු වැඩිදෝ කියා හිතෙන්නේ නැද්ද?(හේ)

:       0       0

ප්‍රසාද් Saturday, 14 February 2015 11:55 AM

ඒ රට වල දඩුවම් දැඩියි.අපේ වගේ නෑ.(හේ)

:       0       0

රොෂාන් Saturday, 14 February 2015 11:55 AM

මේ අයව නිදහස් කරගන්න පුළුවන් වේවි කියා හිතනවා.(හේ)

:       0       0

පසිදු Saturday, 14 February 2015 11:56 AM

මේ අයව නිදහස් කරයි කියලා හිතන්න අමාරුයි.(හේ)

:       0       0

දමින්ද Saturday, 14 February 2015 11:56 AM

වැරැද්දක් කරලා තියෙනවා නම් දඩුවම සාධාරණයි.(හේ)

:       0       0

අනිල් Saturday, 14 February 2015 11:57 AM

ඔය ගමන ගියා කියලා වැඩක් වෙයි කියලා හිතන්න අමාරුයි.(හේ)

:       0       0

රොෂාන් Saturday, 14 February 2015 11:57 AM

රිසානා බේරගන්න බැරිවුණ එකේ කොහොමද මේ අයව බේරන්නේ. කරලා තියෙන වැරැද්ද ඇත්ත නම් දීලා තියෙන දඬුවම සාදාරණයි. ලංකාවේ වගේ දේශපාලන ඇන්දුරුම් කම් වලට බේරෙන්න බැරි බව දන්නේ නැද්ද? (හේ)

:       0       0

කුමාර් Friday, 13 February 2015 11:04 PM

නොකෙරෙන වැඩ කරන්න ගිහිල්ල නිකන් කාලේ නාස්ති කරගන්නවා. මිනී මරුවානම් ඒ රටේ නීතියට අනුව ගස් යද්දාවේ. (ස)

:       0       0

සමන් පෙරේරා - සෞදි Saturday, 14 February 2015 02:26 PM

සෞදි අරාබියේ නීතිය දැනගෙන මිනිසුන් වැරදි කිරීම අනුමත කරන්න බැහැ, මුළු ලෝකයම දන්නවා මිනි මැරීමට සෞදි වල නිතිය හිස ගසා මරණයට පත් කිරීමයි. ඉතින් දන දැන දැන වරදට පෙලබෙන්නේ නැතුව හිටියනම් වටිනවා. රටේ නීතිය රජුටවත් වෙනස් කරන්න බැහැ. (නදී)

:       0       0

සංජය Saturday, 14 February 2015 03:04 PM

මේ වගේ රටවල් වලට මිනිසුන් යවන එක තහනම් කරන්න. රිසානව වයස වෙනස් කරලා රට යවපු ඒජන්සි කාරයොත් ඒ වගේම ගෙල කපල මරන්න ඕනා (නදී)

:       0       0

සමන්ති Saturday, 14 February 2015 01:17 AM

ඒ රට සෞදි අරාබිය! (නි)

:       0       0

සුසන්ත Saturday, 14 February 2015 02:45 AM

උත්සාහය ගැන සතුටුයි. එ්ත් ප්‍රථිඵලයක් ලැබෙයි කියලා හිතන්න බෑ. (නදී)

:       0       0

රෝයි Saturday, 14 February 2015 02:49 AM

මොවුන් බේරා ගැනීමට අවංක ඕනෑ කමක් තිබුනා නම් ක්‍රියාත්මක වෙන්න තිබුනේ මීට කලින්. මේ අයව බේරගන්න කියල මීට කලින් පුවත් පත් වල පල උනා. ඒවා දැකල තියෙන්නේ අදද? (නදී)

:       0       0

දුමින්ද Saturday, 14 February 2015 03:27 AM

මේ රටේ නීතිය කලින් කලට වෙනස් උනාට, එහේ එහෙම නෙමේ. ඕවා දින 100 මාද්‍ය සංදර්ශනයක් නෙමේ නේද ? (නදී)

:       0       0

ඇසළ Saturday, 14 February 2015 03:54 AM

අපේ රටේ නම් කිසිම දෙයක් මතක නැහැ. (නදී)

:       0       0

හසන් Saturday, 14 February 2015 04:43 AM

මෙයා දෙයි කියලා හිතනවද? (නදී)

:       0       0

ආනන්ද Saturday, 14 February 2015 05:21 AM

අපේ රටේ අධිකරණ තීන්දු වගේ නෙමෙයි සෞදියේ ඒවා. කාටවත් අතපොවන්න බැහැ (නි)

:       0       0

රාමන් Saturday, 14 February 2015 05:42 AM

රිසානාවත් බේරගන්න බැරිවුණානේ... (නි)

:       0       0

මධුර Saturday, 14 February 2015 05:56 AM

අපි හරියටම දන්නේ නෑ. මෙයාල මැරුවද කියල . සමහර රටවල බොරුවට චෝදනා කරන්නත් පුළුවන්. අපි ඒ රටවල් වල භාෂාව දන්නේ නැ . වෙනකෙනෙක් කලානම් මොකද කියන්නේ ?(අ)

:       0       0

ඛාන් Saturday, 14 February 2015 06:08 AM

කවදාවත් කරන්න බැරි දෙයක්. සෞදි නීතිය දැන දැන කළ වරදට දඬුවම් ලැබිය යුතුයි. ලංකාවේ නීතියට නම් එළියට එන්න තිබුනා. සෞදිවල ඒවා බැහැ. අපරාදේ අපේ සල්ලි! පොඩි වියදමක්ද සෞදි යන්න (නි)

:       0       0

රිකාස් Saturday, 14 February 2015 07:36 AM

ඇත්තටම වරද කරලා තිබුණොත් නියම දඬුවම ලැබෙන්න ඕනි. අපේ රටේ වගේ කිසිම රටක් හොරුන් ආරක්ෂා කරන්නේ නෑ. හකීම් අයෙත් හැරිලා අවොත් හොඳයි. (අ)

:       0       0

නන්දලාල් Friday, 13 February 2015 03:45 PM

ඔය කාන්තාර රටවල ගස් වැවෙන්නේ නැහැ. ඒකනේ ගෙල සිඳ මිනිසුන් මරන්නේ ඒ රටවල.කොහොම වුණත් මේ වැරදිකරුවන් අපේ මුළු රටටම අපකීර්තියක් ගෙනා බව නම් නොකියාම බැහැ. ඇමතිතුමාගේ උත්සාහය සාර්ථක වේවා කියා පතමු. (නි)

:       0       0

ද සිල්වා බර්ලින් Saturday, 14 February 2015 10:46 AM

මේලේච්ච නීති තිබෙන , සෞදි අරාබියට මිනිසුන් යැවීම තහනම් කලානම් ඉවරනේ , (හේ)

:       0       0

චන්ද්‍රා Friday, 13 February 2015 05:41 PM

ලංකාවේ වගේ වැරදි කරන අයව නිදහස් කිරීමට මේ අය කැමති වේවිද? (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ලිට්‍රෝ සමාගමට නව සභාපතිවරයෙක්
2024 ඔක්තෝබර් මස 01 89 0

ලිට්‍රෝ ගෑස් සමාගමේ නව සභාපතිවරයා ලෙස චන්න ගුණවර්ධන මහතා පත් කර තිබේ.


දුම්රිය පාර අයිනේ මළ සිරුරක්
2024 ඔක්තෝබර් මස 01 75 0

මිය ගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් අද( 1) අඹේපුස්ස කීනදෙනිය දුම්රිය මාර්ගය ආසන්නයේ තිබී සොයා ගත් බව මීරිගම පොලිසිය කියයි .


අත්‍යවශ්‍ය වියදම් මුදල් නිදහස් කිරීමේ බලය මුදල් ලේකම්ට
2024 ඔක්තෝබර් මස 01 591 0

අක් මුදල් නිදහස් කිරීම සඳහා පවතින සීමාවන් ඉවත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත .


සල්ලි නොගෙන වැඩ කරන ජනාධිපති උපදේශකවරු
2024 ඔක්තෝබර් මස 01 1367 0

ආර්ථික කටයුතු හා මුදල් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක දුමින්ද හුලන්ගමුව මහතාත් ආර්ථික කටයුතු හා මුදල් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ඒ. ඒ. ජේ. ප්‍රනාන්දු ම


වෙන්දේසියේ මල් වට්ටියට ලක්ෂ 7්ක්
2024 ඔක්තෝබර් මස 01 178 1

කරුවලගස්වැව ප්‍රාදේශීය ශාසනාරක්ෂක බල ප්‍රදේශයට අයත් මූණමල්ගස්වැව ශ්‍රී සුබෝධාරාම විහාරස්ථානයේ අභිනව විහාරමන්දිරය ඉදිකිරීමට ආධාර පිණිස සංවිධානය


ජපන් මහ මැතිවරණය ඔක්තෝබර් 27 වැනිදා
2024 ඔක්තෝබර් මස 01 91 1

කඩිනමින් මහ මැතිවරණයක් පැවැත්වීමට, ජපානයේ පාලක ලිබරල් පක්ෂයයේ නව නායකයා මෙන්ම, නව අග්‍රාමාත්‍යවරයා ද වන 67 හැවිරිදි ෂිගුරු ඉෂිබා තීරණය කර ඇත.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38403 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25303 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 265 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 882 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 317 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site