IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


ගහේ අර්බුදය ඉවරයි

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ   උත්තරීතර මණ්ඩලය සඳුදා (02) රාත්‍රී රැස්වී විශේෂ තීරණ හතරක් සම්මත කර ගැනීමත් සමඟ එම පක්ෂයේ තිබූ අර්බුදය  මුළුමනින්ම විසඳාගත හැකි වූ බව එම කොංග්‍රසයේ නියෝජිතයකු වන සබ්රි හසන් අලි මහතා   පැවසීය.

උත්තරීතර මණ්ඩල රැස්වීම ඊයේ 02 වනදා රාත්‍රී 8.30ට කොළඹ පිහිටි දරුස්සලාම් පක්ෂ මූලස්ථානයේදී පැවති අතර මේ සදහා පක්ෂ නායක අමාත්‍ය රවුෆ් හකීම් සහ මහ ලේකම් හසන් අලි යන දෙපලම සහභාගී වී සිටියහ.

මුස්ලිම් කොංග්‍රසය දෙකඩ වන්නට තරම් බලපෑ කරුණු පිළිබද උත්තර මණ්ඩලය දීර්ඝ වශයෙන් සාකච්ඡා කර යොජනා හතරක් ඉදිරිපත් කළ  අතර මෙම යෝජනා හතරම කිසිදු විරෝධයකින් තොරව සම්මත කර ගැනිණි.

මේ අනුව මෙම කොංග්‍රසයේ ව්‍යවස්ථාව වෙනස් කරමින් 2015.11.06 වැනි දා ලේකම්වරයාට අමතරව පත්කළ අනෙක් ලේකම්ධූරය අහෝසි කළ යුතු බවටත්, ජාතික ලැයිස්තු ධූරය පොරොන්දු වූ පරිධි පක්ෂයේ මහ ලේකම් එම්.ටී.හසන් අලි මහතාට ලබා දීම හා ඒ සඳහා පත්කළ එම්.එච්.සල්මාන්   ධූරයෙන් ඉල්ලා අස්විය යුතු බවටත්, ලබන පෙබරවාරි 12 වැනි දා ශ්‍රීලංකා මුස්ලිම් කොංග්‍රසයේ පක්ෂ මහා සම්මේලනය කොළඹදී රැස්වී පක්ෂයේ නව නායකයකු, මහ ලේකම්වරයෙකු මෙන්ම නිත්‍ය උත්තරීතර මණ්ඩල සාමාජිකයින් 34 දෙනෙකු පත්කර ගතයුතු බවටත්,  පක්ෂ ව්‍යවස්ථාව පෙර පැවති ආකාරයටම ප්‍රතිසංශෝධනය කිරීම ආදී යෝජනා උත්තර මණ්ඩලයේ දී සම්මත විය.

මේ අනුව හසන් අලි මහතා ලබන නව වැනිදා  පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් දිවුරුම් දීමට නියමිතව ඇති අතර මෙදිනට පෙර සල්මාන් මහතා සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉවත් විය යුතුබවටද මුස්ලිම් කොංග්‍රසයේ උත්තරීතර මණ්ඩලය  නිර්දේශ කළේය.



අදහස් (0)

ගහේ අර්බුදය ඉවරයි

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඕනෑම තත්වයකට මුහුණ දෙන්න නාවික - ගුවන් සූදානමින්
2024 ඔක්තෝබර් මස 13 384 0

කඩුවෙල, බියගම, ඉහළගම සහ ජා ඇල යන ප්‍රදේශ ආශ්‍රිතව ගංවතුරට අසුව පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සදහා ආපදා සහන කණ්ඩායමක් 8 ක් ස්ථාපිත කර ඇති බව නාවික හමුදාව පව


මැතිවරණ වියදම් කියන්න 8ක් කර ඇරලා
2024 ඔක්තෝබර් මස 13 847 0

මැතිවරණ වියදම් වාර්තා බාරදී ඇත්තේ ජනාධිපති අපේක්ෂකයන් 38 දෙනාගෙන් 30 දෙනකු පමණක් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


ගංවතුරට කොටුවූ 50කට යුද හමුදා පිහිට
2024 ඔක්තෝබර් මස 13 125 0

නොකඩවා ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් කොටුගොඩ ගුරුගේවත්ත ප්‍රදේශය ගංවතුරින් යටවීමෙන් අව තැන් වී සිටි පනහකට ආසන්න පිරිසක් ඉන් මුදා ගෙන ආරක්ෂිත ස්


අගුලේ පිහිටෙන් මනාලිය නිවෙසට
2024 ඔක්තෝබර් මස 13 589 0

දින කීපයක් තිස්සේ පවතින අධික වර්ෂා හේතුවෙන් කුඩා ගඟ පිටාර ගැලීමෙන් කළුතර මාර්ග අවහිර හේතුවෙන් සද්දන්ගොඩ තරුණයකු තම සහකාරිය අගුලක ආධාරයෙන් නිවෙස කැඳ


කටුකුරුන්දේ අනතුරු දිවි නසා ගැනීමක්
2024 ඔක්තෝබර් මස 13 6802 0

කටුකුරුන්ද දුම්රිය ස්ථානයේදී දුම්රියේ ගැටී මියගිය තිදෙනා ගෙන් එක් අයකු සිය සිගිති පුතා රැගෙන දුම්රියට පැන දිවි නසා ගැනීමට තැත්කර ඇති බවත් අනෙක් පුද්


තවත් සැක වාහන තුනක් රත්නපුර තැන් දෙකක
2024 ඔක්තෝබර් මස 13 2247 0

සැක සහිත සුඛෝපභෝගි ජිප් රථයක් ඇතුළු වාහන තුනක් පැල්මඩුල්ල සහ ඕපනායක ප්‍රදේශවලදි සොයාගත් බව පැල්මඩුල්ල පොලිසිය කියයි.


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26134 13



මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 342 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 425 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1370 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site