IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


ගොළු මඩමේ තුන්දෙනාම මරලා

රත්මලාන ගොළුමඩම හන්දියේ දෙමහල් නිවෙසක සිටි මව හා දරු දෙදෙනා පිළිස්සී මිය ගිය කතාව මවා පෑමක් බවත්, මව ද, එක් දරුවකු ද ගෙල සිර කිරීමෙන් ද, කුඩාම දරුවා ගින්නට හසුවීමෙන් ද  මියගොස් ඇතැයි අධිකරණ වෛද්‍ය වාර්තාව කියයි. මේ සම්බන්ධයෙන් සැකපිට දරුවන්ගේ පියා සහ ගෙදර මෙහෙකාරිය අත්අඩංගුවට ගනු ලැබූහ. ඇඟළුම් කම්හල විධායකයකු වූ එම පුද්ගලයා මීට සතියකට දෙකකට පමණ පෙර රැකියාවෙන් ඉවත්වී යැයි ද පොලීසිය කියයි. ඔහුගේ මවගෙන් ද ප්‍රශ්න කරගෙන යයි. ඔහු පොලීසියට කියා සිටියේ තමා යාබද කාමරයේ නිදා සිටි බවත්, පාසල් ගුරුවරියක වන බිරිය සහ දරු දෙදෙනා යාබද කාමරයේ නිදා සිටි බවත් ය. සිද්ධිය සැළ වූ විගස එහි ගිය මාධ්‍යවේදීනට ගෙදර සිටි මෙහෙකාරිය නොයෙකුත් බාධා කළ බව ද වාර්තා වේ.  



අදහස් (0)

ගොළු මඩමේ තුන්දෙනාම මරලා

ප්‍රනාන්දු Wednesday, 19 December 2012 07:18 PM

සානුල්, ඔබ හරි. (නි)

:       0       0

තරු Saturday, 22 December 2012 05:40 PM

මෙවන් පුද්ගලයින් සිරභාරයට ගැනීමෙන් ඵලක් නැත. (නි)

:       0       0

රොකී Tuesday, 18 December 2012 06:20 PM

අම්මෝ! හිතාගන්නත් අමාරුයි. මේවා බලද්දී ඔලුවත් රිදෙනවා. (නි)

:       0       0

ලසන්ත Wednesday, 19 December 2012 01:35 PM

මෙහෙම අපරාධකරුවන්ට දෙන්න වටින්නේ රජ කාලේ දඩුවම්. (නි)

:       0       0

අනුර Tuesday, 18 December 2012 06:26 PM

පවු අර අසරණ ළමයින් සහ කාන්තාව... (නි)

:       0       0

ගාමිණි Wednesday, 19 December 2012 05:42 AM

හෙට වෙද්දී තවත් මෙවන් අපරාධයක් ඇසීමට නොලැබේවා! (නි)

:       0       0

සුචින්ද්‍ර Tuesday, 18 December 2012 06:27 PM

එල්ලුම් ගම නොගෙනාවොත් මේවායේ නම් අවසානයක් නැතිවෙයි. (නි)

:       0       0

ශාන්ති Tuesday, 18 December 2012 06:30 PM

මේ ළමයිනුයි බිරිදයි මරපු එකට කිසිම සමාවක් නොදිය යුතුයි... හිතට හරිම වේදනයි..!(නු)

:       0       0

නිහාල් Wednesday, 19 December 2012 01:48 PM

මට පෙනෙන හැටියට නම් මොකක්හරි ලොකු ප්‍රශ්නයක් දෙන්නා අතරේ තියෙන්න ඇති. (නි)

:       0       0

ශාන්ති Tuesday, 18 December 2012 06:35 PM

අහිංසකයින් මරපු අයට කිසිම සමාවක් නොදිය යුතුයි. (නි)

:       0       0

සේන Wednesday, 19 December 2012 07:13 AM

නියමයි සානුල්. නියමෙට කිවුවා අපේ රටේ විදිය. (නි)

:       0       0

වීරසේකරගේ Tuesday, 18 December 2012 06:35 PM

හැකි ඉක්මණින‍් උපරිම දඩුවම් දෙන්න. (නි)

:       0       0

මධුසංඛ Wednesday, 19 December 2012 07:47 PM

මම මේ ඔක්කොගෙම අදහස් බැලුවා. හැම කෙනාම කියන්නේ එකම දෙයක්. අපි පිටින් පෙනෙන්න තියෙන දේ ගැන විතරක් බලො අපේ අදහස් ඉදිරිපත් කරන එක මම හිතන විදිහට නම් වැරදියි. ඕනෑම මනුස්සයෙකුට ඉවසන්න පුළුවන් සීමාවක් තියෙනවා. ඒ සිමාව ඉක්මවා මොනවා හරි සිද්ධ වුණාද කියල අපි දන්නේ නැහැ. ඒ වගේම ඒ නීතියෙන් මොන විදිහේ දඩුවමක් ලැබුණත් ඒ මනුස්සයාට හිතින් විදවන්න වෙනවා ජීවත් වෙන කාලේම. මම හිතන විදිහට නම් කිසිම හේතුවක් නැතුව ඔය තරම් අපරාධයක් මනුස්සයෙක් කරන්නේ නැහැ. මොනවා වුණත් ඒ කරපු දේ වැරදියි. ඒකට නිසි දඩුවම් ලැබෙන්න ඕනෑ. (නි)

:       0       0

අජිත් Tuesday, 18 December 2012 06:45 PM

මේ සිද්ධියේ ස්වාමි පුරුෂයා ගැන අදහස් දක්වපු, පණ්ඩිත වාක්‍ය දාපු දෙන්නා දැන් මොකද කියන්නේ? (නි)

:       0       0

වරුණ Wednesday, 19 December 2012 07:13 AM

රටේ නීතිය නිරුවතින් ඇති විට මිනිස්සු භය නොවී මෙවන් අපරාධ කරති. (නි)

:       0       0

ඩැනී Wednesday, 19 December 2012 07:35 AM

බලමුකෝ මේවට දැන් කොහොමද නීතිඥයෝ පෙනී සිටින්නේ කියලා. (නි)

:       0       0

අසේල Wednesday, 19 December 2012 07:48 AM

අනේ වදින්නම්, එල්ලුම් ගහ නම් ගේන්න එපා. (නි)

:       0       0

රංජිත් Tuesday, 18 December 2012 06:59 PM

මහ පොළොව නුහුලන අපරාධයක්. (නි)

:       0       0

ආනන්ද Tuesday, 18 December 2012 07:03 PM

මේවා ඇහෙද්දී අපිත් ගොලු වෙනවනේ. (නි)

:       0       0

මාතර දුසන්ත Tuesday, 18 December 2012 07:04 PM

මේ නඩුව අහන්න පාර්ලිමේන්තු කමිටුවට බාර දෙමුද? (නි)

:       0       0

දයා-සවුදි Wednesday, 19 December 2012 02:28 PM

සත්‍යය කවදා හෝ හෙළිවේවි. (නි)

:       0       0

සිල්වා Tuesday, 18 December 2012 07:17 PM

පොලිස් ඇසට වසන් වී ජීවත් වීම බොරු. (නි)

:       0       0

වෙනූෂි Wednesday, 19 December 2012 02:33 PM

හැකි ඉක්මණින් එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්න. (නි)

:       0       0

රංජිත් Wednesday, 19 December 2012 02:47 PM

අමනුස්සකම් ඇති මිනිසුන් සියලු වි‍ට හැසිරෙන්නේ බාබේරියන්ලා මෙනි. (නි)

:       0       0

ජයමහ Wednesday, 19 December 2012 09:03 PM

මොන අපරාධයක්ද? (නි)

:       0       0

අනුර Wednesday, 19 December 2012 03:03 PM

එල්ලුම්ගහ ඇති කර මොහුව මුලින්ම එල්ලිය යුතුයි (ස)

:       0       0

සානුල් Tuesday, 18 December 2012 07:34 PM

එහෙම කොහොමද හැකි ඉක්මණින් දඩුවම් දෙන්නෙ, රස පරික්ෂණ වාර්තාව එන්න ඕනෑ. මහේස්ත්‍රාත් වාර්තාව එන්න ඕනෑ. නීතිපති උපදෙස් එන්න ඕනෑ. පොලිස් වාර්තා එන්න ඕනෑ. විත්තිය උසාවි ආවෙ නැති දවසට නඩුව කල් දාන්න ඕනෑ. උසාවි උද්ඝෝෂණ නිසා නඩුව කල් තබන්න වෙනවා. නඩුකාර හාමුදුරුවො ආපු නැති දවසට නඩුව කල් දාන්න ඕනෑ. පරීක්ෂණය කරපු පොලිසියෙ මහත්තයා ආපු නැති දවසට නඩුව කල් දාන්න ඕනෑ...... කොහොමත් තීන්දුව දෙන්න අවුරුදු 20ක් විතර යයි. (නි)

:       0       0

මොහාන් Wednesday, 19 December 2012 08:58 AM

සානුල්, ඔයා ඉදිරිපත් කරලා තියෙන්නේ හොද අදහසක්. (නි)

:       0       0

ධනුෂ්ක Thursday, 20 December 2012 10:45 AM

මෙවැනි තිරිසනුන් රටේ ඉතිරි කර නොගෙන වහා එල්ලුම් ගහ ක්‍රියාත්මක කරමු (ස)

:       0       0

රුවන් Wednesday, 19 December 2012 09:05 AM

අයියෝ සල්ලි (දී)

:       0       0

නිෂා සහ එරංගා Wednesday, 19 December 2012 03:38 PM

එල්ලුම් ගහ පාරට ‍ගෙනත් හැමෝටම දකින්නට සලස්වා අපරාධකාරයෝ එල්ලා මැරිය යුතුය. (ස)

:       0       0

පසිදු Wednesday, 19 December 2012 09:13 AM

මෙවැනි හිතක් පපුවක් නැති මිනිසුන් ජීවත් වීමෙන් පලක් තිබේවිද? (නි)

:       0       0

නෙලුම්. Wednesday, 19 December 2012 03:41 PM

මේ ගෞතම බුද්ධ රාජ්‍යයයි (ස)

:       0       0

මාලක Wednesday, 19 December 2012 09:20 AM

මේ වගේඅපරාධවලට උපරිම දඩුවම් ලබාදිය යුතුයි නැවත මේ වගේ ඒවා නොවෙන විදියට (ස)

:       0       0

ජයා Wednesday, 19 December 2012 03:51 PM

සෞදියේ වගේ හන්දියකට ගෙනල්ලා ගල් ගසා මරා දමන්නයි තියෙන්නේ. (නි)

:       0       0

අනුර Sunday, 23 December 2012 04:50 PM

කාට කියන්නද මේවා? (නි)

:       0       0

ටිකිරි Wednesday, 19 December 2012 10:08 PM

අනුර කාටද ඔයා ඔය කියන්නේ ? මටනම් හිනාත් යනවා (ස)

:       0       0

කුමාර Tuesday, 18 December 2012 08:38 PM

අයි දෙවියනේ දරු සම්පත බලාපොරොත්තුවෙන් ඉන්න අපිට නොදී මේ තිරිසන්ට මේ සම්පත් දුන්නේ? (නි)

:       0       0

දම්මි Tuesday, 18 December 2012 08:44 PM

සානුල්, ඔබ හරි. එහෙම නැත්නම් පෙරකදෝරුවො හම්බ කරගන්නෙ කොහොමද? (නි)

:       0       0

ලලිත් Wednesday, 19 December 2012 09:32 AM

ලෝක විනාසේ වෙලා මෙන්න මේ වගේ අපරාධ කරුවන් නැති කරලා දෙන්න (දී)

:       0       0

අනුල් Wednesday, 19 December 2012 04:09 PM

බිරිදව සැක‍නම් ඩීඑන්ඒ පරීක්ෂණයක් කරන්න තිබුණානේ. ඇයි මැරුවේ? (නි)

:       0       0

චන්ද්‍රා Tuesday, 18 December 2012 08:41 PM

හොද හෝ නරක කුමන සිදුවීමක් පසුපස වුවද ගැහැණියක ඇත. (නි)

:       0       0

ටුආන් Tuesday, 18 December 2012 08:42 PM

සානුල් හරියටම හරි. (නි)

:       0       0

නලීම් Wednesday, 19 December 2012 09:41 AM

පාර්ලිමේන්තු තේරීම් කමිටුවට භාරදෙමුද? (නි)

:       0       0

අසන්ත Saturday, 22 December 2012 12:36 PM

මේ අපරාධකාරයින්ටත් ඒ අසරණ දරුවන් දෙදෙනාට කර දේම කරන්න ඕන. මෙවැනි මිණී මරුවෝ ජීවත් කරලා වැඩක් නෑ (ස)

:       0       0

හේරත් Tuesday, 18 December 2012 08:56 PM

එල්ලුම් ගස් හාමුදුරුවනේ, ඉක්මණින් වඩින්න. (නි)

:       0       0

චන්ද්‍රසිරි Thursday, 20 December 2012 11:48 AM

මධුෂංඛ හරි, ගොඩක් මේ ගැන හිතන්න වෙනවා. බුද්ධිමත් වෙමු (ස)

:       0       0

දයා Wednesday, 19 December 2012 09:42 AM

දැන්වත් නිතිය හරියට ක්‍රියාත්මක කරන්න (දී)

:       0       0

චාන්දී Wednesday, 19 December 2012 09:52 AM

බල්ලෝ බළල්ලු වගේ (දී)

:       0       0

මුතුකුඩ Tuesday, 18 December 2012 08:59 PM

බලන්න අරාබිය. නීතියත් හරි, අරාබියත් හරි. ඒ නීතිය ලංකාවට ආවානම් පළමුවෙන්ම පාර්ලිමේන්තුවෙන් තමයි පටන්ගන්න වෙන්නේ. (නි)

:       0       0

චානක Wednesday, 19 December 2012 09:59 AM

මේ වගේ තිරිසනුන් එල්ලලා මරන්ඩ ඔනේ (ස)

:       0       0

රන්සි Wednesday, 19 December 2012 10:01 AM

අප පසු පස සෙවනැල්ල එන්නා මෙන් කර්මයද අප පසු පස එයි (දී)

:       0       0

චන්ද්‍රා Tuesday, 18 December 2012 09:21 PM

සානුල් ඔබ හරි. (නි)

:       0       0

ෂිරාශ් Tuesday, 18 December 2012 09:21 PM

සානුල්, ඔයා කිවුවා හරි. (නි)

:       0       0

මාලක Wednesday, 19 December 2012 05:05 PM

අයියෝ සල්ලි

:       0       0

මධු Wednesday, 19 December 2012 10:12 AM

අපරාධ කාරයන්ට කවදහරි විදවන්න වෙනවා (දී)

:       0       0

සම්පත් Tuesday, 18 December 2012 09:23 PM

සානුල්ගෙ කතාව හරි එතකොට මෙහෙ කාරියගේ ළමයිනුත් ලොකුත් වෙලා ඉදී.........(නු)

:       0       0

ප්‍රේමකුමාර Wednesday, 19 December 2012 11:00 PM

අනෝමා ඔයා කවුද ?? (ස)

:       0       0

කාන්ත Tuesday, 18 December 2012 09:35 PM

මෙහෙම අපරාධකරුවන්ව බේරාගන්න ඉදිරිපත් වෙන්නෙත් ඔය නීතිය ගැන මහ ඉහළින් කතා කරන නීති විශාරදයෝම තමයි. (නි)

:       0       0

ජයම්පති Tuesday, 18 December 2012 09:32 PM

මේ ප්‍රවෘත්තිය කියවද්දී ස්වාමියා වෙනත් කාමරයක නිදාගත්ත එක ගැන ඕනෑම කෙනෙකුට සැකයක් එනවා. (නි)

:       0       0

අමිල Tuesday, 18 December 2012 09:33 PM

නියමයි සානුල් නියමෙට කීවා අපේ රටේ විදිය.මේ බව දන්න නිසා තමයි අපරාධකාරයොත් වැඩිවෙලා තියෙන්නේ....(අ)

:       0       0

නන්දන Wednesday, 19 December 2012 10:39 AM

මිනි මරණ එක රස්සාව කරගත්තු කට්ටියකුත් ඉන්නවා (දී)

:       0       0

අරවින්ද Tuesday, 18 December 2012 09:41 PM

මේවාට ඉඩදෙන්න එපා. ඉක්මණින් දඩුවම දෙන්න. (නි)

:       0       0

රාජා Wednesday, 19 December 2012 10:44 AM

පෙර කල පවක්ද කොහෙද (දී)

:       0       0

කුරුවිට Tuesday, 18 December 2012 09:40 PM

්‍ අපිට කියන්න දෙයක් නැහැ සනුල් ඔබ හරි (අ)

:       0       0

දහම් Tuesday, 18 December 2012 09:49 PM

යුක්තිය ඉල්ලා සටන් කරන නීතිඥ මහත්වරුන්ම මේ මිනීමරුවන් වෙනුවෙනුත් ෂෝක් එකට පෙනී සිටියි. බලන්නකෝ නැද්ද කියලා. (නි)

:       0       0

ජගත් ලියනගේ Tuesday, 18 December 2012 09:52 PM

ලංකාවේ පොලිසිය දක්ෂයි දේශාපාලනය හෝ බලය ගෑවිලා නැත්නම් වැරදිකාරයෝ ඉක්මණින් සොයා ගන්නවා (අ)

:       0       0

ශාන්ති Wednesday, 19 December 2012 10:46 AM

නිසි දඩුවම දෙන්න (දී)

:       0       0

ප්‍රසාදි Wednesday, 19 December 2012 10:52 AM

ලෝක විනාසේ වෙන්න ඕන මෙන්න මේ වගේ අපරාධකා‍රයෝ මේ ලෝකෙන් අයින් කරලා දාන්න එත‍කොට මේ වගේ දේවල් අහන්න දකින්න වෙන එකක් නෑ (ස)

:       0       0

උෂාන් Wednesday, 19 December 2012 10:48 AM

කෝ මරපු අය (දී)

:       0       0

රම්‍යා Wednesday, 19 December 2012 10:49 AM

හපොයි.... හපොයි... ජිවිත නේද මේ (දී)

:       0       0

හේරත් Wednesday, 19 December 2012 11:46 PM

දඩුවමේ බරපතල කම ප්‍රසිද්ධියේ පෙන්නුම් කල යුතුයි (ස)

:       0       0

දිලූ Sunday, 23 December 2012 07:59 PM

මෙවැනි අපරාධ කරුවන්ට උපරිම දඩුවම් ලබා දිය යුතුයි (ස)

:       0       0

චින්තන Thursday, 20 December 2012 01:01 AM

සනුල් , ඔබ හරි (ස)

:       0       0

උපාලි Tuesday, 18 December 2012 10:43 PM

ඇත්තටම හුගක් අය පොලිසියට බැන්නට වරද තියෙන්නේ එතන නෙමෙයි. වරද ඇති තැන සානුල් හරියටම පෙන්නලා දීලා තියෙනවා. (නි)

:       0       0

විපුල Thursday, 20 December 2012 12:45 PM

අනේ ! මේ මොනවද අපිට අහන්න ලැබෙන්නේ? (නි)

:       0       0

අකලංක Tuesday, 18 December 2012 10:55 PM

මෙවන් පුවතක් කියැවීමට ලැබීමට තරම් මම අවාසනාවන්තයෙකු විම ගැන මටම දුක හිතුණා. (නි)

:       0       0

ප්‍රසාද් Tuesday, 18 December 2012 11:03 PM

දැන්වත් එල්ලුම් ගහ ගෙනාවොත් ගොඩක් පින් සිද්ධ වෙනවා. (නි)

:       0       0

පහන් Wednesday, 19 December 2012 11:51 AM

කිසිම කෙනෙකුට යටත් නොවී ජනාධිපතිතුමා එල්ලුම් ගහ ක්‍රියාත්මක කළ යුතුයි.මිනිසා ආගමෙන් නොහික්මවේ නම් නීතියෙන් හික්මවිය යුතුයි. (නි)

:       0       0

මහේෂ් Wednesday, 19 December 2012 11:53 AM

එල්ලුම් ගහ අනිවාර්‍යයෙන්ම ගේන්න ඕන මේ රට හදන්න (ස)

:       0       0

අනුර Wednesday, 19 December 2012 11:54 AM

ජනාධිපතිතුමනි, අනෙකුත් සියලු භීෂණ හමාර කළාක් මෙන් එල්ලුම් ගස ගෙනවිත් මෙම භීෂණයද හමාර කළ මැනවි. (නි)

:       0       0

ජයන්ත Tuesday, 18 December 2012 11:39 PM

මෙම මහපොළොව නුහුලන අපරාධය කළ අයට නිසි දඩුවම් දෙන්න. (නි)

:       0       0

චාමර Thursday, 20 December 2012 03:20 AM

අනේ, ඇයි පොඩිඑවුන් දෙන්නව මැරුවේ? පොඩිඅය මල් වගෙයි. හිතට හරිම වේදනාවයි. (නි)

:       0       0

පීටර් Wednesday, 19 December 2012 12:05 PM

මේකද ලෝක විනාසය...? (ස)

:       0       0

කැමිලා Wednesday, 19 December 2012 12:15 AM

තමන්ගේ දරුවෙක් තියා හතුරෙකුගේ දරුවෙක් වුණත් පණ පිටින් පුච්චන්න පුලුවන්ද මනුස්සයෙකුට? (නි)

:       0       0

සදුන් Wednesday, 19 December 2012 12:27 PM

මොන හිතකින්ද තමන්ගේම අය මෙහෙම මැරුවේ? (නි)

:       0       0

කරුනා Wednesday, 19 December 2012 12:24 PM

නායකයෝ නිතිය පාච්චල් කරලා දෙන ආදර්ශ ,මහා මග මිනි මරවල දෙන ආදර්ශ නිසා තමයි මේ වගේ අපරාධකාරයෝ නීතියට බය නැතිව අපරාධ කරන්නේ , මේකට වග කියන්න ඕන නායකයෝ . නැතිනම් මොන නීති ක්‍රමය තිබ්බත් අරාබි රටවල මිනිස්සු නීතියට බය නැත්ද ?? (ස)

:       0       0

සෑම් Monday, 24 December 2012 08:57 PM

අර අහවල් මහත්තයාගේ නායකත්වයෙන් යුතු පාර්ලිමේන්තු කමිටුවක් පත්කරලා එයාලාට මේක විසඳන්න බාරදෙමු. (නි)

:       0       0

ෂෙරීෆ් Wednesday, 19 December 2012 12:37 AM

සානුල් නම් ලංකාවේ උසාවියක වැඩකරලා තියෙන පාටයි. (නි)

:       0       0

ඩිලානි Thursday, 20 December 2012 07:06 AM

අරාබි නීතිය ක්‍රියාත්මක කිරීමට කාලය පැමිණ ඇත. (නි)

:       0       0

නිරෝෂා Wednesday, 19 December 2012 12:35 PM

මේ වගේ අයට නිදහසක් නම් දෙන්න නරකයි. (නි)

:       0       0

මාක් ඇන්තනී Wednesday, 19 December 2012 01:17 AM

මෙවැනි අපරාධකරුවන්ට කිසිසේත් සමාව නොදිය යුතුයි... මේ ව‍ගේ අපරාධ කරුවන්ව එක වර දඩුවම් නොදිය යුතුයි.. විදවීමට දිය යුතුයි.. අපේ පොලිසිය දක්ෂයි.. හැකි ඉක්මනින් අපරාධකරුවන් අත් අඩංගුවට අරගෙන උපරිම දඩුවම් දෙන්න.. (නු)

:       0       0

සුරවීර Wednesday, 19 December 2012 01:22 AM

ජන මතය විමසලා හරි එල්ලුම්ගහ නැවත ගේන්න..!(නු)

:       0       0

මාක් ඇන්තනී Wednesday, 19 December 2012 01:26 AM

පව් අසරණ දරුවන් දෙදෙනා සහ අහිංසක මව.. හැකි ඉක්මනින් අපරාධකරුවන්ව අත්අඩංගුවට ‍ගන්න.. පොලිස්පතිතුමාගේ අවධානය මේ සදහා යොමු වේවා.. (නු)

:       0       0

ලසන්ත Wednesday, 19 December 2012 12:54 PM

මෙවන් පිරිමි මුලු මහත් පිරිමි සංහතියටම නින්දාවක් ලෙස මට හැගේ. (නි)

:       0       0

අරලිය Wednesday, 19 December 2012 01:04 PM

එහෙම කොහොමද හැකි ඉක්මණින් දඩුවම් දෙන්නෙ, රස පරික්ෂණ වාර්තාව එන්න ඕනෑ. මහේස්ත්‍රාත් වාර්තාව එන්න ඕනෑ. නීතිපති උපදෙස් එන්න ඕනෑ. පොලිස් වාර්තා එන්න ඕනෑ. විත්තිය උසාවි ආවෙ නැති දවසට නඩුව කල් දාන්න ඕනෑ. උද්ඝෝෂණ නිසා නඩුව කල් තබන්න වෙනවා. නඩු අහන අය ආපු නැති දවසට නඩුව කල් දාන්න ඕනෑ. පරීක්ෂණය කරපු පොලිසියෙ මහත්තයා ආපු නැති දවසට නඩුව කල් දාන්න ඕනෑ...... කොහොමත් ඉවරයක් වෙන්න අවුරුදු 20ක් විතර යයි. (ස)

:       0       0

බන්දු Wednesday, 19 December 2012 07:00 PM

ලෝක විනාශය යනු මෙය නොවේද? (නි)

:       0       0

අනෝමා Wednesday, 19 December 2012 07:02 PM

නිරන්තරයෙන් ධර්මය දේශනා කරන ධර්මද්වීපයක යමපල්ලන් තවමත් සිටීද? (නි)

:       0       0

රුවනි Wednesday, 19 December 2012 01:06 PM

කුමාර , ඔයාගේ කතාවනම් ඇත්ත (ස)

:       0       0

අශෝක Wednesday, 19 December 2012 01:12 PM

බිරිදට අනියම් සම්බන්ධයක් තිබුනානම් සහ ඒක සාක්ෂි ඇතිව ඔප්පු වුණා නම් නීතියෙන් වෙන් වෙන්න තිබුනා නේද?සැකය මතුවුනේ අළුත උපන් දරුවා ගැන නම් අනෙක් දරුවාත් මරා දැම්මෙ තිරිසන් කම නිසාමයි.තමන්ගෙ හෝ අනුන්ගෙ ලෙයින් උපන්නත් කිරි දරුවන් මරා දැමීම මොන තරම් අපරාධයක්ද?මේ කිරි දරුවන් දන්නවද අම්මද වැරදි තාත්තද කියල. දිනෙන් දිනම අමානුශික වෙන,තිරිසන් වෙන මෙවන් ලෝකයක් ,ලගදි සිදුවෙනවයි කියන ලෝක විනාශයෙන් හරි විනාශ වෙලා ආයිත් අළුතින් පටන් ගන්නවනම් හොදයි කියල හිතෙන්නෙ මේ වගේ දේවල් දැක්කම. (ස)

:       0       0

නදීකා Wednesday, 19 December 2012 01:08 PM

ළමයි නැතිව දුක් විදින මිනිස්සු මේ රටේ කොච්චර නම් ඇත් ද ? මේවා මහ පොළව නූහුලන අපරාධ. නිසි දඩුවම් දීම බලධරයින්ගේ වගකීමක්. (ස)

:       0       0

වජිරා රෝමය ඉතාලිය Wednesday, 19 December 2012 03:41 AM

පව් අසරණ ළමයි.. කිසි දෙයක් නොදන්න.. ඇයි දෙමාපියන් මෙච්චර කෘර වෙන්නෙ.. හැකි උපරිම දඩුවම ලබා දෙන්න.. ඇයි පාලකයින්ට මේවා පෙන්නේ නැද්ද?(නු)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉකුත් රජය කාලයේ අධිවේගයත් අවභාවිත කරලා
2024 ඔක්තෝබර් මස 07 1342 0

’’එස් පාස් ’’ විශේෂ අවසර පත්‍රය සහ ඉහළ පෙලේ දුරකථන ඇමතුම් මගින් ඉකුත් රජයන් සමයේ අධිවේගී මාර්ගය භාවිතා කරමින් සිදුවූ අභාවිතාවය නව ජනපති බලයට පත්වීමත්


ඊශ්‍රායල හමාස් ගැටුම ආරම්භ වී වසරක්
2024 ඔක්තෝබර් මස 07 262 0

ඊශ්‍රායලය, ගාසා තීරයේ හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ගුවනින් මෙන්ම ගොඩබිමින් ද ප්‍රහාර ආරම්භ කර අද (7) ට වසරක් සපිරේ.


නව අල්ලස් කොමිසම කොටඋඩ
2024 ඔක්තෝබර් මස 06 2235 0

දූෂණ විරෝධී නව පනත් කෙටුම්පත බලාත්මක වී වසරකට වැඩි කාලයක් ගතවී ඇතත් ඒ පනතේ විධිවිධාන ප්‍රකාරව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ස්වාධීන ආයත


ගොඩගැහුණු පැමිණිලි අවසන් කරන්න දින 14ක්
2024 ඔක්තෝබර් මස 06 1236 0

පොලිස් ස්ථානවල ගොඩ ගැසී ඇති විවිධ පැමිණිලි ඉදිරි සති දෙක තුළ අවසන් කළ යුතු බවට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා නියෝග කර ඇති බව පොලිස් මාධ්‍ය


මහ මැතිවරණයට එන්නේ පක්ෂයේ ලකුණෙන්
2024 ඔක්තෝබර් මස 06 664 0

ඉලංගෙයි තමිල් අරුසු කච්චි පක්ෂය එම පක්ෂයේ ලකුණ යටතේ ඉදිරි මහ මැතිවරණයට තරග වදින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්තිරන් මහතා පැවසීය.


ජලය නොමැති ගම්මාන පහක්
2024 ඔක්තෝබර් මස 06 446 0

ගම්පොළ බෝවල ප්‍රදේශයේ පිහිටි ගම්මාන පහක් තුල පරම්පරා කිහිපයක් පුරා ජල අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි වීමෙන් දරුවන් හදා වඩා ගැනීම සීමා කිරීම හා ගම්මාන හ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39233 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25613 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 329 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1099 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 384 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site