IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


ගාසා තීරයේ ආහාර හිඟයක්

ගාසා තීරයේ උග්‍ර ආහාර හිඟයක් ඇති වී තිබෙන බවත් ගසා තීරයේ ජබලියා සරණාගත කඳවුරේ ප්‍රමාණවත් පරිදි ආහාර නොමැතිවීම හේතුවෙන් එහි සිටි අශ්වයන් දෙදෙනෙකු ඝාතනය කර සිය දරුවන්ගේ කුසගින්න නිවීමට දෙමාපියන් පෙළඹී ඇති බවත් පලස්තීන මාධ්‍ය වාර්තා කළේය.

සිය දරුවන් කුසගින්නේ මියයාමට නොදී බේරා ගැනීම සඳහා වෙන විකල්පයක් නොතිබූ බව එම දෙමාපියන් පවසා ඇත.

තමන්ට කුසගින්නේ සිටිය හැකි වුවත් වයස අවුරුදු 4 - 5 වයස් වල සිටින සිය දරුවන් කුසගින්නේ නින්දට ගොස් කුසගින්නේ අවදිවනු දැකීම දෙමාපියන් වශයෙන් දරාගත නොහැකි බව ඔවුහූ ප්‍රකාශ කළහ.

එසේම උතුරු ගාසා තීරයේ මාස දෙකක් පමණ වයසැති පලස්තීන ජාතික බිළිඳකු  ප්‍රමාණවත් ආහාරයක් නොලැබීමෙන් ශරීරය දුර්වලවීම හේතුවෙන් මිය ගොස් ඇති බවද  පලස්තීන මාධ්‍ය වාර්තා කළේය.

මහමුද් ෆටූ නම් මෙම බිළිඳා පසුගිය සිකුරාදා අල් ශිෆා රෝහලේදී මියගොස් ඇති බව පලස්තීන මාධ්‍ය සඳහන් කළේය.

ළමා මරණ වැඩිවිය හැකි බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය අනතුරු අඟවා දවස් කිහිපයක් ගතවෙත්ම මෙම මරණය වාර්තා විය.අල් ශිෆා රෝහලේ ඇඳක් මත හුස්ම ගැනීමට උත්සාහ දරන එම දරුවාගේ වීඩියෝවක් ලැබීමෙන් මෙම සිදුවීම තහවුරුකර ගැනීමට හැකි වූ බවද අල් ජසීරා පුවත් සේවය සඳහන් කළේය.


 

 



අදහස් (0)

ගාසා තීරයේ ආහාර හිඟයක්

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

මන්නාරම රෝහලට ඉන්දියාවෙන් අත හිත
2025 පෙබරවාරි මස 05 14 0

මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය ඉදිකිරීම සහ වෛද්‍ය උපකරණ සැපයීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


සෞඛ්‍ය සංවර්ධනයට ලැබුණු එක්කෝටි පනස් ලක්ෂයක් වතුරේ
2025 පෙබරවාරි මස 05 36 0

ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලට පරිත්‍යාග ලෙස ලැබී තිබූ රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට ආසන්න මුදලක් අරමුදලේ අරමුණු ඉටුකර ගැනීම සඳහා යොදවා නොතිබූ බව ජාති


බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයේ හිටපු සෙබළකු රටින් පනින්න හොර ලේඛන හදාගෙන
2025 පෙබරවාරි මස 05 243 0

බෙලිඅත්ත ප්‍ර දේශයේදී ‘අපේ ජනබල‘ පක්ෂයේ හිටපු සභාපති සමන් පෙරේරා ඇතුළු පස් දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත සිටි


මැතිසබේ ගොඩනැගිලි හදද්දි නීතියට පයින් ගහලා
2025 පෙබරවාරි මස 05 111 0

පාර්ලිමේන්තු සංකීර්ණයේ ජයන්තිපුර සහ පින්නියර ආරක්ෂක ගොඩනැගිලිවල ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු නාගරික සංවර්ධන අධිකාරියට පැවරීමෙන් පාලනාධිකාරිය ප


විජය පුවත්පත් සමාගමට කෝටි 3ක පොල්ලක් තැබූ දැන්වීම් හිමිකරුට වරෙන්තු
2025 පෙබරවාරි මස 05 328 0

විජය පුවත්පත් සමාගමට රුපියල් කෝටි තුනකට අධික වංචාවක් කළැයි කියන දැන්වීම් බාර ගැනීමේ ආයතනයක හිමිකරුවකු බව කියන නලින් ප්‍රසාද් පෙරේරා නැමැත්තා දුටු තැ


නාමල් රාජපක්ෂට සිතාසි
2025 පෙබරවාරි මස 05 532 2

රගර් තරගාවලියක් සදහා ක්‍රිෂ් ලංකා පුද්ගලික සමාගම නමැති ඉන්දියානු සමාගමෙන් රුපියල් කෝටි 07ක මුදලක් ලබාගෙන, අවභාවිතා කළ බවට චෝදනා කරමින් පවරා ඇති නඩුවට


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 92 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 773 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 742 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site