IMG-LOGO

2025 අප්‍රේල් මස 14 වන සඳුදා


ගැබිණියක - මවක සමග මෝටර් රථයක් පැහැර ගන්න හදලා

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

ව්‍යාපාරිකයකුගේ ගැබිණි බිරිඳ සහ මව මෝටර් රථයේ සිටියදී එය පැහැරගෙන යමින් සිටි කොල්ලකරුවකු පසුපස හඹා ගිය පොලිසිය මෝටර් රථයට වෙඩි තබා මෝටර් රථය බේරාගෙන ඇතත්  සැකකරු පලා ගොස් ඇතැයි කොටහේන පොලිසිය කියයි.

කොළඹ 3 වේල්ලවීදිය ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු ඔහුට අයත් මෝටර් රථයෙන්ම ඔහුගේ බිරිඳ සහ මව සමග කොටහෙන වීදියේ වාසල පාර පිහිටි හෝටලයක් වෙතට පැමිණ බිරිඳ සහ මව මෝටර් රථය තුළ සිටියදී ඔහු හෝටලය තුළට ගොස් ඇතැයි පොලිසිය කියයි.

එම අවස්ථාවේදී නාඳුනන පුද්ගලයකු මෝටර් රථයේ මෝටර් රථය  රැගෙන පලා ගොස් ඇත.

මෙම සිදුවීම වන අවස්ථාවේදී ඒ අසල විමර්ශනයක් සඳහා මට්ටක්කුලිය පොලිස් ස්ථානයට අනුයුක්ත උප පොලිස් පරීක්ෂක පුෂ්ප කුමාර නිලධාරියා ඇතුළු කණ්ඩායමක් එම පොලිස් ස්ථානයට අනියුක්ත කැබ්රතයකින් පැමිණ සිට ඇති අතර නිලධාරීන් එම කාර් රථය නැවතීම සඳහා සංඥා කළ ද මෝටර් රථය කොල්ල කෑ පුද්ගලයා ඊට අවනත නොවී රැගෙන පලා යන අවස්ථාවේදී උප පොලිස් පරීක්ෂකවරයා ඔහුගේ රාජකාරී ගිනි අවියෙන් වෙඩි වාර දෙකක් මෝටර් රථය දෙසට තබා ඇතැයි පොලිසිය කියයි.

ඒ සමඟම පොලිස් නිලධාරින් පලායන මෝටර් රථයේ පසුපස හඹා යාමේදී කොටහේන බ්ලූ මැන්ඩල් රේල් පාර අසලදී මෝටර් රථය නවතා ඇති කොල්ලකරු මෝටර් රථයෙන් පැන පලා ගොස් ඇතැයි පොලිසිය සඳහන් කරයි.

වෙඩි තැබීමෙන් කිසිවකුටත් තුවාල සිදුවී නැත.

 



අදහස් (0)

ගැබිණියක - මවක සමග මෝටර් රථයක් පැහැර ගන්න හදලා

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

අග්බෝපුර අනතුරකින් අයෙක් මරුට: 26ක් රෝහලට
2025 අප්‍රේල් මස 14 715 0

මහනුවර ත්‍රිකුණාමලය ප්‍රධාන මාර්ගයේ අග්බෝපුර ප්‍රදේශයේදී බස් රථයක් කැබ් රථයක ගැටී ඉදිරියෙන් පැමිණි ලොරි රථයේ මුහුණට මූණ ගැටීමෙන් සිදුවූ අනතුරකින්


ලංගමෙත් වාර්තා ගත ආදායමක්
2025 අප්‍රේල් මස 14 1138 0

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය අවුරුදු තෙදිනේ දිනකට රුපියල් කෝටි 600 කට ආසන්න ආදායමක් උපයා ගෙන ඇතැයි ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ධ


කෝටි හතරක කුඩු ගුවන්තොටෙන් අල්ලයි
2025 අප්‍රේල් මස 14 514 0

රුපියල් හාර කෝටි පනස් ලක්ෂයක් වටිනා හෂීෂ් සහ කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් සමග ඒවා කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන ආ ගුවන් මගීන් තිදෙනකු සහ ඔවුන්ට ආධාර අන


අධිවේගයේ ආදායම කෝටි 13 පනී
2025 අප්‍රේල් මස 14 383 0

අලුත් අවුරුදු තෙදිනේ අධිවේගී මාර්ග පද්ධතියෙන් රුපියල් 134,498,800 මුදලක ආදායමක් ලැබී ඇතැයි නියෝජ්‍ය අධ්‍යක්ෂක ජනරාල් ( අධිවේගී මාර්ග නඩත්තු හා කළමනාකරන අං


ජී.එස්පී ප්ලස් කණ්ඩායම මේ මස අග දිවයිනට
2025 අප්‍රේල් මස 14 534 0

ජී.එස්.පී. ප්ලස් බදු සහනය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා දූත කණ්ඩායමක් මේ මාසය අවසානයේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවස


රතිඤ්ඤා අනතුරුවලින් ගැලවෙන්න ඇස් රෝහලෙන් උපදෙස්
2025 අප්‍රේල් මස 14 216 0

රතිඥ්ඥා දල්වන විට ඇස් කන්නාඩි පළඳින ලෙස කොළඹ අක්ෂි රෝහලේ විශේෂඥ වෛද්‍යවරු ඉල්ලීමක් කරති.


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 106 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 257 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 845 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

Our Group Site