IMG-LOGO

2024 සැප්තැම්බර් මස 17 වන අඟහරුවාදා


ගෑස්-තෙල් බොරු පෝලිම් හදන්න ගිහින් මාට්ටු

(ෂේන් සෙනෙවිරත්න සහ ජේ.ඒ.එල්. ජයසිංහ)

මහනුවර කටුගස්තොට පාරේ ඉන්ධන පිරවුම් හලක ව්‍යාජ ලෙස තෙල් සහ ගෑස් පෝලිමක් ඇතිකොට එය වීඩියෝ ගත කිරීමට තැත් කිරීමේදී මැතිවරණ නිරීක්ෂණ නිලධාරීන් සහ පොලිසිය එක්ව එය වහාම නතර කිරීමට පියවර ගෙන තිබේ .

කටුගස්තොට  වීරකෝන් උද්‍යානය ප්‍රදේශයේ ඇති තරු හෝටලයක සිටින විදේශිකයන් කණ්ඩායමක් ත්‍රිරෝද රථවල ගමන් කිරීමට කැමැත්තෙන් සිටින බව පවසා ත්‍රී රෝද රථ විශාල සංඛ්‍යාවක් එම ඉන්ධන පිරවුම් හල අසලට කැඳවා එම ව්‍යාජ ඉන්ධන පෝලිම වීඩියෝ ගත කිරීමට සැලසුම් කොට තිබී ඇත.

ඒ අතර ව්‍යාජ ගෑස් පෝලිම සඳහා දිගන ප්‍රදේශයේ වත්තක කම්කරුවන් 50-60ක පමණ පිරිසක් රුපියල් 2500 බැගින් ගෙවා එම ස්ථානයට ගෙනවත් තිබූ බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ .

සිද්ධිය සම්බන්ධයෙන් පිළියන්දල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු එම වීඩියෝ වැඩසටහන කිසියම් ජනාධිපති අපේක්ෂකයෙකුගේ අවශ්‍යතාවය මත සිදුකිරීමට කොන්ත්‍රාත්තුව බාරගත් පුද්ගලයා බව පොලිසිය කියයි .

සිද්ධිය අනාවරණය වීමත් සමග මහනුවර මැතිවරණ  නිරීක්ෂණ නිලධාරීන් සහ කටුගස්තොට පොලිසිය එම ස්ථානයට වහාම පැමිණ එම වැඩසටහන නතර කිරීමට පියවර ගෙන තිබෙන අතර ව්‍යාජ ගෑස් පෝලිමේ රැඳී සිටි කාන්තාවන් සහ පිරිමි පුද්ගලයන් එම ස්ථානයෙන් ඉවත්කොට වෙනත් ස්ථානයකට යැවීමට මැතිවරණ නිරීක්ෂණයෙන් නිලධාරීන් සහ පොලිසිය කටයුතු කොට තිබේ .

 

 



අදහස් (5)

ගෑස්-තෙල් බොරු පෝලිම් හදන්න ගිහින් මාට්ටු

මාලිමා⁣වෙ අපි Thursday, 05 September 2024 05:39 PM

අනේ අපි නම් අව්‍යාජ, හොර ⁣බොරු දන්නේවත් නැහැ ඕන්...

:       27       31

රනිල් Thursday, 05 September 2024 05:56 PM

මෙන්න අතේම පත්තුවුණු පුතාණෝගේ වැඩ කිඩ. ඔයිට වඩා හොඳයි හොරසල්ලි අච්චු ගහගෙන, නිධානයක් කඩාගෙන, ගෑණිගේ සැලුන් එකේ වැඩ බලාගෙන ගෙදර හිටියා නම්...!

:       13       46

ANURA ROME Thursday, 05 September 2024 08:51 PM

මේක තනිකරම ජෙප්පොන්ගේ වැඩක්. මේ කාලකණ්නි ගෝඨාභය රාජපක්‍ෂ ආණ්‌ඩුවටත් කළේ ඔය ටිකම තමයි. පාහර වැඩ.

:       4       3

de silva Friday, 06 September 2024 07:16 AM

පාස්පෝර්ට් කන්තෝරු ඉස්සරහ පෝලිම් වල දුක් විදින මිනිස්සුන්ගේ සැප දුක බලන්න , ප්‍රශ්න විසදන්න එක දේශපලුවෙක්වත් යන්නේ නැහැ

:       5       7

අමා Sunday, 08 September 2024 06:33 AM

සිල්ව මහත්තය පාස්පෝට් එකෙත් ඕකම තමයි. ජෙප්පො තමයි එතනත් ඉන්නෙ.

:       1       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වසන්ත නිසා කවිරත්න වේදිකාව වර්ජනය
2024 සැප්තැම්බර් මස 16 553 0

සජිත් ප්‍රේමදාස මහතාගේ වේදිකාවට නැග සිටි හිටපු රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් වසන්ත පෙරේරා වේදිකාවෙන් බැස යන තුරු මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී


පන්නල පොලිසියට පාප්ප ප්‍රහාරයක්
2024 සැප්තැම්බර් මස 16 181 0

පන්නල ඇලබඩගම සුහද ජනපදය මාර්ගයේ එක්තරා දේශපාලන පක්ෂයකට අයත් දැන්වීම් අලවමින් සිටි දෙදෙනකු අත්අඩංගුවට ගිය පොලිස් කණ්ඩායමක පාප්ප බාල්දි පාරක් කෑමට වූ


ශිෂ්‍යත්ව පේපරය බෙදන්න කලින් පිට කරලා
2024 සැප්තැම්බර් මස 16 451 0

අනුරාධපුර, රත්මලේ තිස්ස විදුහලේ පසුගිය 15 වැනි දින පැවති පහ වසරේ ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය ජංගම දුරකතනයකින් ජයාරූප ගතකර බේදා හරින ලද බව කිය


ජනපති අපේක්ෂක සීලරතන හිමිට අ:පුරේදී මැර තර්ජන
2024 සැප්තැම්බර් මස 16 692 0

ජනසෙත පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක බත්තරමුල්ලේ සීලරතන හිමියන්ට සහ ඔහුගේ ආරක්ෂකයාට ඊයේ (15) රාත්‍රී අනුරාධපුර නව බස් නැවතුම්පොළේදී පිරිසක් පරුෂ වචනයෙන


ජල ගැලුම් නිම්නයේ වන සංහාරයක්
2024 සැප්තැම්බර් මස 16 178 0

පොළොන්නරුව ජලගැලිම් නිම්න ජාතික වනෝද්‍යානයේ වැලිකන්ද කටුවන්විල ප්‍රදේශයේ, සංවිධානාත්මක දැව ජාවාරම්කරුවන් පිරිසක් විසින්ම දිගු කලක සිට අක්කර පනහකට


ලංකාවට යන්නේ පරිස්සමෙන්: ඇමෙරිකාවෙන් උපදෙස්
2024 සැප්තැම්බර් මස 16 562 0

ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකාව පිළිබඳ සංචාරක උපදේශනය යාවත්කාලීන කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 67 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 2131 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 985 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

Our Group Site