IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


ගෑස් සිලින්ඩරයද? අලියා ද? තීරණය අද?

(අංජුල මහික වීරරත්න)

ඉදිරි මහ මැතිවරණයට ගෑස් සිලින්ඩරය හෝ අලියා ලකුණු දෙකෙන් එකක් තෝරා ගෙන තරඟ කිරීම  සඳහා එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී එකඟතාවයකට පැමිණි බව එජාප නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය.

කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී සලකා බැලූ එම යෝජනාව එක්සත් ජාතික පක්ෂය සමඟ සංධානගතව තරඟ කරන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු කණ්ඩායම සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායම ඇතුළු සෙසු පක්ෂ සමඟද සාකච්ඡා කොට අවසන් තීරණයකට එළඹීමට නියමිතව ඇතැයි ද රුවන් විජයවර්ධන මහතා සඳහන් කළේය.

මහ මැතිවරණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය සහ තවත් විශේෂ රැස්වීම් කිහිපයක් හිටපු ජනාධිපති, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැත්වුණු අතර එහිදී මෙම කරුණු සාකච්ඡා වී තිබේ.

එක්සත් ජාතික පක්ෂයේ දිස්ත්‍රික් නායකයෝ ද, ආසන සංවිධායකවරු, කළමණාකාරවරු ඇතුළු පක්ෂ ක්‍රියාකාරීහු මීට සහභාගී වූහ.



අදහස් (8)

ගෑස් සිලින්ඩරයද? අලියා ද? තීරණය අද?

de silva Wednesday, 02 October 2024 03:27 PM

ඔය දෙකෙන් මොන කෙනෙන් ඉල්ලුවත් අපි ඔබලාව 3%ට පහළට දමනවා. පාර්ලිමේන්තුවේ වැඩිම වුණොත් 2020 වගේ ලිස්ට් එකෙන් උපරිම එක ආසනයක් ලැබේවි..! ඒකෙන් සීයාව පාර්ලිමේන්තු එවන්න. කලිසම හැලෙනවාට ලණුවකින් ගැටගහලා එවන්න අමතක කරන්න එපා...!

:       20       62

රම්බොඩ Wednesday, 02 October 2024 03:30 PM

ගෑස් සිලින්ඩරය උඩ අලියා වාඩිවෙලා ඉන්න එක ගන්න කියමු. මේක රටේ දැවෙන ප්‍රශ්නයක්නේ...

:       13       42

Kasun Chameera Haputhanthiri Wednesday, 02 October 2024 03:39 PM

අනිත් ලකුණු අවශ්‍ය නෑ... අලියා විතරයි.

:       17       14

R.T.sarat Wednesday, 02 October 2024 03:40 PM

අනේ සීයේ ගෑස් සිල්න්දරේ පස්සේ ගහගෙන ගිනි තියාගෙන ගඟේ පනින්න අපිට පාඩුවේ රටේ ජීවත් වෙන්න ඉඩඇරලා...

:       14       38

C.K.Lankaputhra Wednesday, 02 October 2024 03:55 PM

මම නම් කියන්නේ අලියාගේ අධෝභාගයේ ගැසූ පොහොට්ටුවේ ලකුණ වඩාත් සුදුසුයි කියලයි.

:       10       27

Oscar Wednesday, 02 October 2024 04:05 PM

ඔයාලාට දිනන්න ඕනේ නම් පඩික්කම ලකුණෙන් තරග කරන්න. මහජනයා කතිරේ... ඒ වෙනුවට කෙළ ගහලා යාවි...

:       10       31

de silva Wednesday, 02 October 2024 04:11 PM

අනේ සයේ අපේ බිතරෙනුත් , පැට්‍රොල් ලිටරෙනුත් කොමිස් , බදු ගහල හම්බු කරපු සල්ලි වලින් ප්‍රාඩෝ , පොර්ශේ පැදපු සමිතල ,රෝසිලත් ,හංස මාලිලා ඒවා බාරදීලා , උන්ට ඇරපු ජෝනියල , බෝනියාලත් දැන් සෛලන්ස් වෙලා , අපේ බිත්තරේ , එළවලු රොටිය, බස් ගාස්තුවේ මිල අඩුවේගෙන යනකොට පාස්පෝර්ට් එකට වහලා හිටපු ටිරාන්, හර්ෂ ඉලුක්පිටිය යක්කු දමනය වේගෙන යනකොට පාස්පෝර්ට් එකත් අපේ අතට ලැබෙන ලකුණු පහළ වෙනකොට, සිලින්ඩර් සීයාට හෝ අලියාට කියලා ඇරව ගන්න තරම් සාගලට, අකිලට තිබෙන ජාතියේ අමාරුවක් අපට නැහැ...

:       6       26

පිටරටවැසියා Wednesday, 02 October 2024 04:36 PM

අලි බෙට්ට ඔය ඔක්කෝටම වැඩිය හොඳයි... ඔබලා ඔක්කෝටම වැඩියත් හොඳයි..

:       2       6

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නාමල්ගෙන් ජනපතිට අභියෝගයක්
2024 ඔක්තෝබර් මස 02 463 0

රාජපක්ෂ පාලනය උගන්ඩාව ඇතුළු රටවල ඩොලර් බිලියන ගණනක මුදල් සොරකම් කර සඟවා ඇතැයි එල්ල කරන ලද චෝදනා ඔප්පු කරන්නැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජ


හොරපාරේ ගිය බීඩි කොල පොලීසියට මාට්ටු
2024 ඔක්තෝබර් මස 02 51 0

ආරච්චිකට්ටුව මුතුපංතිය මුහුදු වෙරලේ සිට හලාවත පුත්තලම ප්‍රධාන මාරගයට පිවිසෙන අතුරු මර්ගයේ බීඩිකොල තොගයක් ප්‍රවාහනය කළ නවීන වර්ගයේ වැගන්ආර් රථයක් ස


’’දැඩිගම’’ නම - වෙළඳ ලකුණ මහනුවර සමාගමකට තහනම් කරයි
2024 ඔක්තෝබර් මස 02 375 0

’’දැඩිගම’’ නම භාවිතා කර රත්තරන් උකස් භාණ්ඩ ව්‍යාපාරයක නිරතවුයේ යැයි කියන මහනුවර පුද්ගලික සමාගමකට ’’දැඩිගම’’ නම සහිත වෙළඳ ලකුණ භාවිතය වළක්වමින් අතු


මත්පැන් මුදලාලිලාට බදු ගෙවන්න කාලය දෙයි
2024 ඔක්තෝබර් මස 02 476 0

මත්පැන් නිෂ්පාදකයන් රජයට ගෙවීම පැහැර හැරී හිඟ බදු ගෙවීමට ලබන 30 වැනිදා දක්වා කාලය ලබාදී ඇතැයි සුරා බුදු කොමසාරිස් ජනරාල් එම්ජේ ගුණසිරි මහතා පැවසීය.


බස් ගාස්තු ගැන බස් සංගම් චෝදනා කරයි
2024 ඔක්තෝබර් මස 02 689 0

ඉන්ධන මිල අඩු කිරීමට සාපේක්ෂව බස් ගාස්තු අඩු කිරීම ප්‍රමාණවත් නොවන බවත් අවම ගාස්තුව රුපියල් 25 ක් කළ යතු බවත් බස් සංගම් ප්‍රකාශ කරයි.


ලාංකිකයන්ට ජපන් උගන්වන බව ජපාන තානාපති කියයි
2024 ඔක්තෝබර් මස 02 980 0

දූෂණයෙන් තොර සහ නිවැරදි රාජ්‍ය පාලනයක් බිහි කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගෙන යන වැඩපිළිවෙළට ජපාන රජයේ පූර්ණ සහාය ලබා දෙන බව ශ්‍රී ලංකාවේ ජ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38651 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25413 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 279 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 947 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 330 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site