IMG-LOGO

2024 ඔක්තෝබර් මස 17 වන බ්‍රහස්පතින්දා


ගිනි අවි 6ක් සමග 6ක් අත්අඩංගුවට

(ගයාන් සූරියආරච්චි)

කිසියම් අපරාධයකට සැරසෙමින් සිටි පුද්ගලයන් 6 දෙනෙක් මෙරට නිෂ්පාදිත ගිනි අවි 6 ක් සමග පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් සූරියවැව වල්සපගල කැලෑ බද ප්‍රදේශයකදී අතඅඩංගුවට ගනු ලැබූහ.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 28,29,34,39 හා 47 පසුවන සූරියවැව ප්‍ර දේශයේ පදිංචි පුද්ගලයන් 6 දෙනකු බව විශේෂ කාර්ය බළකාය කියයි.

අත්අඩංගුවට ගත් ගිනි අවි මෙරට නිෂ්පාදිත බෙහෙත් කොටන තුවක්කු බවත් කිසියම් අපරාධයක් සදහා මෙම ගිනි අවි තබා ගන්නට ඇතැයි විශේෂ කාර්ය බළකාය නිලධාරීහු සැක පළකරති.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ ගිනි අවි තොගය වැඩිදුර විමර්ශන කටයුතු සඳහා සූරියවැව පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.‍

විශේෂ කාර්ය බලකාය සූරියවැව කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර ඇත.

විශේෂ කාර්ය බළකාය අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි හම්බන්තොට කලාපය බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එම්.එම්.කේ. විජේසිංහ මහතාගේ මෙහෙයවීම මත, සහකාර පොලිස් අධිකාරී වෑවිටවිධාන මහතාගේ අධීක්ෂණයෙන් සූරියවැව කඳවුරේ අණදෙන නිලධාරී පොලිස් පරීක්ෂක ඩබ්.එම්.ජී.ආර්. වීරසිංහ මහතා ඇතුළු කණ්ඩායමක් මෙම වැටලීම සිදුකළහ.



අදහස් (0)

ගිනි අවි 6ක් සමග 6ක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පොහෝදා බෙන්තොට මත් සාදයක්
2024 ඔක්තෝබර් මස 17 59 0

බෙන්තොට ප්‍රදේශයේ නිවසකට එක් රැස්වී වප් පුර පොහෝ දිනය යෙදී තිබූ අද මත් ද්‍රව්‍ය භාවිතා කරමින් මිතුරු සාදයක් පවත්වමින් සිටි කාන්තාවක සහ පිරිමි එකොළොස


අපේක්ෂක වියදම් සීම පැනවෙයි
2024 ඔක්තෝබර් මස 17 98 0

පාර්ලිමේන්තු මහ මැතිවරණයට තරග කරනු ලබන සියලුම දේශපාලන පක්ෂ ස්වාධීන කණ්ඩායම් සහ අපේක්ෂකයන් වියදම් කළ යුතු උපරිම මුදල ඇතුළත් වියදම් සීමාව මැතිවරණ කොමි


ආනයනික භාණ්ඩ කීපයක බදු වැඩි කරයි
2024 ඔක්තෝබර් මස 17 395 0

මාළු පරිප්පු සහ උම්බලකඩ ඇතුළු ආනයනික භාණ්ඩ කීපයක් සඳහා නව බදු පනවා තිබේ.


තැපැල් ඡන්දෙට දින දෙයි
2024 ඔක්තෝබර් මස 17 92 0

පාර්ලිමේන්තු මහා මැතිවරණයේ තැපැල් ඡන්දය සලකුණු කිරීම මේ මස 30 සහ නොවැම්බර් මස 01 සහ 4 යන දිනවලදී සිදු කරන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.


මධ්‍යම අධිවේගයේ වැඩ ඉක්මනින් පටන් ගන්න යයි
2024 ඔක්තෝබර් මස 17 914 0

මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම දක්වා කොටසේ වැඩ ඒකාබද්ධ අරමුදලෙන් මුදල් අනුමත වූ සැණින් ආරම්භ කරන බව ප්‍රවාහන ,මහා මාර්ග ,වරාය හා සිවිල් ගුවන් ස


රට පුරා හොර පාරේ යන ව්‍යාපාර 272ක්
2024 ඔක්තෝබර් මස 17 397 0

පරිසර ආරක්ෂණ බලපත්‍රයක් ලබා නොගෙන පවත්වාගෙන යන ව්‍යාපාර 272ක් රට පුරා පවතින බව විගණන වාර්තාවක සඳහන්වේ


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 599 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 492 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1537 5
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site