IMG-LOGO

2025 මාර්තු මස 10 වන සඳුදා


ගිය වසරේ පොල් ඵලදාව කෝටි 30කින් අඩුවෙලා

(නිමල කොඩිතුවක්කු)

වර්ෂයක පොල් ඵලදාව දළ වශයෙන් පොල් ගෙඩි මිලියන 3000ක් වුවත් පසුගිය 2024 වර්ෂයේ දී එය මිලියන 300කින් පමණ අඩු වීම පොල් මිළ ඉහළ යාමට හේතු වූ බව පොල් වගා කිරීමේ මණ්ඩලයේ සභාපති  වෛද්‍ය සුනිමල් ජයකොඩි මහතා කොළඹදී  පැවසීය.

සතුන්ගෙන් සිදුවන හානි, රටේ පවතින  කාලගුණික හා දේශගුණික බලපෑම මෙන්ම පොල් ගසට අත්‍යවශ්‍ය පෝෂණ ගැටලු  පසුගිය වසරවලට සාපේක්ෂව  2024 වර්ෂයේ දී පොල් ඵලදාව කැපී පෙනෙන ලෙස අඩු වීමට හේතු වූ බවත්  සභාපතිවරයා සඳහන් කළේය.

පොල් මිල ඉහළ යාම, පොල් නිෂ්පාදනය අඩුවිම ඇතුළු පොල් වගාකරුවන් වෙත ලබා දෙන සහන සම්බන්ධව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු මේ බව කීවේය.

තාක්ෂණික මෙන්ම කළමණාකරණ කරුණු පොල් ඵලදාව අඩු වීමට ප්‍රධාන වශයෙන් බලපෑ බවත් එම ගැටළු හඳුන ගනිමින් ඒවාට කඩිනම් විසදුම් දීමට පොල් වගා කිරීමේ මණ්ඩලය පියවර ගන්නා බවත් ඔහු සඳහන් කළේය.

පොල් ගසට අත්‍යවශ්‍ය පෝෂණය ලබා දීම, ගසට අවශ්‍ය ජලය ලබා දීම, ගස  රැකබලා ගැනීම ඇතුලු කාරණා නිසි ලෙස ඉටු නොවීම පසුගිය වර්ෂයේ දී  අස්වැන්න අඩුවීමට බලපෑ බවද සභාපතිවරයා පැවසීය.

රටේ පවතින  කාලගුණික හා දේශගුණික බලපෑම පොල් වගාව සඳහා සෘජුවම බලපෑ බවත් පසුගිය වර්ෂයේ පැවති අධික උෂ්ණත්වය හා  අධික වර්ෂාව පොල් අස්වැන්න අඩු වීමට හේතු වූ  බවද ඔහු සඳහන් කළේය.

සතුන්ගෙන් සිදුවන හානි විශේෂයෙන් පොල් වගවට බලපාන බවත් පසුගිය වර්ෂයේදී රිලවුන්, දඬුලේනන්ගෙන් සහ  කෘමි උවදුරු හේතුවෙන් පොල් ඵලදාව විශාල ලෙස අඩු වූ බවත් සභාපතිවරයා කීවේය.

මෙම වසරේදී ඒම උවදුරු වැළැක්වීමට විශේෂ ක්‍රියාමාර්ග ගෙන ඇති බවද ඔහු සඳහන් කළේය.

පොල් ඵලදාව ඉහළ දැමීමේ අරමුණින් මෙම වසර තුළ පොල් පැල ලක්ෂ 25ක් සිටුවීමට සැලසුම් කර ඇතැයි ද පොල් වගා කිරීමේ මණ්ඩලයේ සභාපති  වෛද්‍ය සුනිමල් ජයකොඩි මහතා පැවසීය.



අදහස් (0)

ගිය වසරේ පොල් ඵලදාව කෝටි 30කින් අඩුවෙලා

ඔබේ අදහස් එවන්න

 

එසැණ පුවත්

අමරපුර නිකායේ මහා නායක පදවිය උයන්ගොඩ මෛත්‍රී මූර්ති මහා නාහිමිට පිරිනමයි
2025 මාර්තු මස 10 0 0

වත්මන් සමාජයේ මවුපිය, දූදරු, ගුරුවරු, ශිෂ්‍ය සබදතා බිදවැටී සියලුම මානව හිතවාදී සබදතා කීතු කීතු කොට මුදල් නැමැති අයිස් වතුරේ ගිල්වා මරා දමා ඇති බවත් සමා


පාසල් නිවාඩුව - ශ්‍රීපාද වන්දනාවට විශේෂ දුම්රිය සැලැස්මක්
2025 මාර්තු මස 10 136 0

පාසල් නිවාඩුව සහ ශ්‍රීපාද වන්දනා සමයට සමගාමීව විශේෂ දුම්රිය ධාවන වැඩසටහනක් ක්‍රියාත්මක කරන බවත් එම දුම්රිය කොළඹ කොටුව සිට බදුල්ල සහ කන්කසන්තුරේ දක්ව


දේශබන්දුගේ රිට් පෙත්සමට 12 කරුණු දක්වන්න කියයි
2025 මාර්තු මස 10 462 0

තමන් අත්අඩංගුවට ගැනීමට නියම කරමින් මාතර මහේස්ත්‍රාත්වරයා නිකුත් කළ වරෙන්තුව ක්‍රියාත්මක කිරීම අත්හිටුවීමේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන්නැයි ඉල


නාල්ලේ අනතුරින් 12ක් රෝහලට
2025 මාර්තු මස 10 486 1

කොළඹ - කුරුණෑගල මාර්ගයේ නාල්ල මංචිකඩේ හන්දිය ආසන්නයේදී අද සවස සිදු වූ අනතුරකින් දොළොස් දෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.


මහ කන්නයේ වී මෙට්‍රික්ටොන් 48ක් මිල දී අරන්
2025 මාර්තු මස 10 642 2

මහ කන්නයේදි වී මෙට්‍රික්ටොන් 48 ක් මේ වනවිට මිලදී ගෙන ඇතැයි වී අළෙවි මණ්ඩලය පවසයි.


මිනිස් වෙළෙඳාම් කළ තිදරු පියා වසර 12ක් සිරගෙට
2025 මාර්තු මස 10 523 0

දුප්පත්කම දඩම්මා කරගෙන ජීවිතය පිළිබඳ නිසි අවබෝධයක් නොමැති බාල වයස්කාර දරුවන් වහල් භාවයට පත් කරමින් ශ්‍රමය සූරාකන මිනිස් වෙළෙඳාම් කිරීම මනුෂ්‍යත්වය


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 50 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 109 0
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 182 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site