IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


ගුරුසෙතට විද්ද ගුරුවරියක මාට්ටු

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

මහජන බැංකුව මගින් හඳුන්වා දී ඇති ‘‘ගුරු සෙත‘‘ ණය යෝජනා ක්‍රමයෙන් අවස්ථා 26 දි රුපියල් 42,055,000/=  මුදල වංචා කිරීමේ සිද්ධියේ මහා මොලකාරිය බව කියන කොළඹ  බාලිකාවක හිටපු ගුරුවරියක  අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මහජන පැමිණිලි අංශය කියයි.

මෙම වංචාව සම්බන්ධයෙන් විශ්‍රාමික විදුහල්පතිනියක් වන සැකකාරියගේ මව , මහනුවර ප්‍රදේශයේ රාජ්‍ය බැංකු ශාඛාවක කළමනාකාරවරියක ඇතුළු 11 දෙනකු මීට පෙර පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබිණි.

ප්‍රධාන සැකකාරිය වන හිටපු ගුරුවරියගේ පුංචි අම්මා වන කුලියාපිටිය ප්‍රදේශයේ කාන්තාවක් , එම ප්‍රදේශයේ රාජ්‍ය බැංකුව වෙත ගොස් ඇය රුපියල් ලක්ෂ 20 ක ගුරුසෙත ණයක් ලබාගෙන ඇති බවට සඳහන් කරමින් මහනුවර ශාඛාවකින් ලිපියක් ලැබුන බවත් එවැනි ණය මුදලක් තමන් ලබා නොගත් බවත් ඒ සම්බන්ධයෙන් සොයා බැලීමක් සිදුකරන ලෙස 2019 වසරේ නොවැම්බර් මාසයේදී එම ශාඛාවේ කළමනාකරුට කරන ලද පැමිණිල්ලකට අනුව මෙම මහා පරිමාණ මුදල් වංචාවට සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වී යැයි පොලිසිය කියයි.

ඒ සම්බන්ධයෙන් අභ්‍යන්තර විගණනයක් පැවැත්වූ මහජන බැංකුවේ මහනුවර ප්‍රාදේශීය කාර්යාලය ඒ ආකාරයෙන් මහනුවර ප්‍රදේශයේ විවිධ පුද්ගලයන් 26 දකුගේ හැඳුනුම්පත් උපයෝගී කරගෙන ව්‍යාජ ලිපි ලේඛන ඉදිරිපත් කර දෙල්තොට , ගම්පොළ, මහනුවර සහ මහනුවර කේ .සි. සි. ශාඛාවෙන් අවස්ථා 26 කදි රුපියල් 42,055,000/= ක මුදලක් ලබාගෙන ඇති බවට අනාවරණය වීමෙන් අනතුරුව ප්‍රාදේශීය කළමනාකරු විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කරන ලද පැමිණිල්ලකට අනුව ප්‍රධාන සැකකාරියේ ගේ මව වන විශ්‍රාමික විදුහල්පතිනිය , බැංකු කළමනාකාරවරිය ඇතුළු සැකකරුවන් 11 දෙනා මෙකී කාලය තුලදී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් බැංකු කළමනාකාරිය සහ විදුහල්පතිනිය හැරෙන්නට ඒ අතර කාන්තාවන් අට දෙනකුද වන බව පොලිසිය කියයි.

 



අදහස් (0)

ගුරුසෙතට විද්ද ගුරුවරියක මාට්ටු

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වැලිපැන්න අධිවේගී පිවිසුම යටවේ
2024 ඔක්තෝබර් මස 11 128 0

නොනවත්වා ඇදහැලෙන වර්ෂාව හේතුවෙන් වැලිපැන්න අන්තර් හුවමාරුව ද ජලයෙන් යටවීම නිසා මීට සුළු මොහොතකට පෙර තාවකාලිකව වසා දැමූ බව අධිවේගී මාර්ග මෙහෙයුම් නඩත


හිටපු මැති ඇමැති විස්සක් ඡන්දෙට පස්ස ගහති
2024 ඔක්තෝබර් මස 11 362 0

හිටපු කැබිනට් අමාත්‍යවරුන් රාජ්‍ය අමාත්‍යවරුන් සහ හිටපු මන්ත්‍රීවරුන් ඇතුළු 20 ක පමණ පිරිසක් ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවීමට තීරණය කර ඇත.


සම්බාහන මුවාවෙන් පැරණි රැකියාවත් කරලා
2024 ඔක්තෝබර් මස 11 243 0

සම්භාහනය මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා මධ්‍යස්ථානයක් වටලා කාන්තාවන් පස් දෙනකු අත්අඩංගුවට ගත්බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි .


වායුගෝලය කැලඹිලා:මුහුදත් රළු වෙලා
2024 ඔක්තෝබර් මස 11 233 0

දිවයින ආශ්‍රිත වායුගෝලයේ වර්ධනය වන කලඹිලි ස්භාවයක් හේතුවෙන් දැනට පවතින වැසි තත්වය තවදුරටත් බලා පොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


තුර්කියේ අධ්‍යාපනට ලාංකික සිසුන්ට ශිෂ්‍යත්ව
2024 ඔක්තෝබර් මස 11 166 0

ශ්‍රී ලාංකික සිසුන් හට තුර්කියේ අධ්‍යාපනය ලැබීම සඳහා පිරිනමනු ලබන ශිෂ්‍යත්ව ප්‍රමාණය ඉහළ නැංවීම මගින් අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ දෙරට අතර සහයෝගීතාව තවද


රියාද් බලා ගිය යානය යළි කටුනායකට
2024 ඔක්තෝබර් මස 11 567 0

සෞදි රියාද් බලා කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත් වූ ශ්‍රී ලන්කන් ගුවන් යානය පැය 01 යි විනාඩි 35 ක ගුවන් ගමනකින් පසු , කාර්මික දෝශයක් හේතුවෙන් යළිත් කටුනායක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39813 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25860 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 91 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 393 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1258 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site