( ටී.කේ.ජී.කපිල )
ඩුබායි සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ගුවන් යානයක ගමන් ගත් ගුවන් මගී කාන්තාවකට ලිංගික අඩන්තේට්ටම් කළ ඉන්දීය ජාතිකයෙකු අද (12) ගුවන් තොටුපොළ පොලීසිය විසින් අත් අඩංගුවට ගනු ලැබීය.
ඇය ඩුබායි හි විදේශීය රක්ෂණ ආයතනයක සේවය කළ මීගමුව ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි කාන්තාවකි .
ඇය අද ඩුබායි සිට ෆිට්ස් එයාර් ගුවන් සේවයේ ඒ.ඩී.- 822 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.
ඇය ගමන් ගත් ගුවන් යානය තුළ සිටි 35 හැවිරිදි ඉන්දීය ජාතික බෝට්ටු ස්කීපර්වරයෙකු (රියැදුරුවරයෙකු ) ඇයට මෙලෙස අඩන්තේට්ටම් සිදු කර තිබේ .
මේ පිළිබද ගුවන් යානා කාර්යය මණ්ඩලයෙන් ද පොලීසිය ප්‍රකාශ සටහන් කර ගෙන ඇති අතර , වින්දිත කාන්තාව මෙන්ම ඉන්දීය ස්කීපර්වරයා ද වෛද්‍ය පරීක්ෂණයකට යොමු කර තිබේ .
මෙසේ අත්අඩංගුවට ගත් ඉන්දීය ජාතික ස්කීපර්වරයා කොළඹ අංක 01 මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය .
පද්ධති ස්ථායිතාව ආරක්ෂා කිරීම සඳහා වහල අප්‍රේල් 13 දා සිට අප්‍රේල් 21 තෙක් දිවා කාලයේ සෑම දිනකම පස්වරු 3.00 දක්වා තම සූර්ය පද්ධති අක්‍රිය කරන ලෙස ලංකා විදුල
අම්පාර සමන්තුරේ පැවති ජනරැළියක් අතරතුර සෙනඟට තෙරපුණු දැරියක බේරා ගැනීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් විය.
කොළඹ අධ්‍යාපන කලාපය තුළ පිහිටි බාලක පාසලක දරුවන් අමානුෂික ලෙස දණ්ඩණයට ලක් කිරීමේ චෝදනාවට ගුරුවරයකු අත්අඩංගුවට ගැනීමට සොයන බවත් බදුල්ල ප්‍රදේශයේ පදි
මැතිවරණ නීති උල්ලංඝනය කළ අපේක්ෂකයන් දාහතර දෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි.
මේ රටේ නීතිය සැමට එක හා සමානව ක්‍රියාත්මක කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මඩකලපුවේදී අද පැවසීය.
සාලියවැව දුනුමඩලෑව යාය 6 ප්‍රදේශයේදී ආච්චි අම්මා සහ සියා ඔවුන්ගේ නිවස තුළදීම කපාකොටා ඝාතනය කර ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ඔවුන්ගේ මුණුබුරකු සැ
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
ගුවන් යානයේ දී කතකට අතවර කරන්න ගිය ඉන්දීයානුවා අල්ලයි