(සුජිත් හේවාජුලිගේ )
ගොවි ජනතාවට මේ පාර අවුරුදු සරු බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පැවසීය.
අපේ ගමේ ගොවීන් දෙදෙනෙක් වී විකුණා වෑන් එකක් සහ ටැක්ටරයක් ගත් බවද ඔහු සඳහන් කළේය
පසුගිය අවුරුදුවලට සාපේක්ෂව මෙවර ජනතාව ජයට ම අවුරුදු සැමරූ බවද ඔහු කීවේය.
ආණ්ඩුව රාජ්‍ය සේවක පඩි නැංවීම, සිය අස්වනු සඳහා හොඳ මිලක් ලැබීම, සහනාධාර ඉහළ නැංවීම, බඩු මිල අඩු වීම ඒ සඳහා හේතු වූ බව නියෝජ්‍ය ඇමතිවරයා සඳහන් කළේය.
කඩවත සිට බණ්ඩාරවෙල බලා ධාවනය වෙමින් තිබූ මෝටර් රථයක් මතට අද උදේ 7.30 ට පමණ හල්දුම්මුල්ල නගර ආසන්නයේ දී කඳු මුදුනින් පෙරළි ආ ගල් කීපයක් මෝටර් රථය මතට වැටීම
කිලිනොච්චිය අම්බාල්කුලම් ප්‍රදේශයේදී ටිපර් රථයක ගැටී වයස අවුරුදු එක හාමරක පමණ කුඩා පිරිමි දරුවකු ජිවිතක්ෂයට පත්ව ඇති බව කිලිනොච්චිය පොලිසිය සදහන් ක
වැල්ලවාය බෙරගල ප්‍රධාන මාර්ගයේ විහාරගල 184 කිලෝමීටර් කනුව ප්‍රදේශයේ දී අද (19) අලුයම මාර්ගයට විශාල පස්කන්දක් සමග ගල්පර්වත ගස්කොළන් කඩා වැටීමෙන් මාර්ගයේ
සබරගමුව, මධ්‍යම, නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොලොන්නරුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් සවස් කලයේ හෝ රාත්‍රී කාලයේ තැනි තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති
පොළොන්නරුව මනම්පිටිය රෝහල පාරේ පිහිටි දේවස්ථානයකට 18 වැනිදා රාත්‍රී වෙඩි ප්‍රහාරයට සම්බන්ධව මනම්පිටිය දමිළ ගම්මානයේ පදිංචි හතලිස් වියති පුද්ගලයකු බ
මනම්පිටියේ පවත්වාගෙන යනු ලබන ආගමික මධ්‍යස්ථානයක් අසල මීට සුළු වේලාවකට පෙර වෙඩි තැබීමක් සිදුව ඇතැයි පොලිසිය කියයි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ගොවීන් අවුරුදු ජයටම කෑවේ මේ පාරයි
තරිඳු Thursday, 17 April 2025 09:07 AM
ඒ ගැන මොනවා කියනවද? දැන් ගොවියෝ යන්නේ විට්ස් කාර්වල. ලක්ෂ 12 ට මාලිමා ආණ්ඩුවෙන් විට්ස් කාර් ගෙනත් දුන්නානේ...!
චන්දිම Thursday, 17 April 2025 09:18 AM
මෙයා මේ කියන්නේ මොන රට ගැනද තේරෙන්නේ නෑ. වී වලට හම්බුනා පට්ට මිලක්. ඒක ගොවියාට දරාගන්න බැරිකමට සතුට නිසාම ඒ වී මිල දිපු ඔහේලාගේ දෙමාපියන් ඇතුළු හත්මුතු පරම්පරාවම සිහිපත් කරනවා. බඩු මිල කොගේද අඩුවට තිබ්බේ? අවුරුද්දේ ඕනෑම කරනාල, අල ලූනු, වම්බටු, මිරිස් ඇතුලු සියලුම එලවලු මෑත වසර කීපයක් තිස්සේ දැක්ක ඉහළම මිල. බිත්තරේ රුපියල් 45ට ගියා. මාලු ගිනි ගණන්. එක්කෝ ඇමැතිට ඩිමෙන්ශියාද? කෝමා තත්ත්වයක් තිබ්බාද? ඒත් නැත්නම් මොලේ කොලොප්පම් වෙලාද?
රම්බොඩ Thursday, 17 April 2025 09:41 AM
ඔව්නේ. මෙයාලා කරපු මැජික්...!
Rawidu Thursday, 17 April 2025 09:49 AM
හා හා... ලොක්කටම හරියන සොක්කෝ..!
sakra Thursday, 17 April 2025 10:11 AM
අපේ ගමෙත් හිටියා බුරම්පි කියලා මනුස්සයෙක්... මිනිහා හැමදාම හවසට ගංජා සුරුට්ටුවක් බොනවා. ඊට පස්සේ මෙන්න මේ වගේ ගල්පැලෙන බොරු කියනවා.
Aruna Thursday, 17 April 2025 10:20 AM
අම්මෝ කොහෙද මෙච්චර කල් හිටියේ...!
Ariyathilaka Thursday, 17 April 2025 10:40 AM
ආණ්ඩුවට නොවෙයි පුද්ගලික වී මෝල් හිමියන්ට පිං සිද්ධ වෙන්න! පසු ගිය අවුරුදුවලට සාපේක්ෂව මෙවර ගොවි ජනතාව ජයටම අවුරුදු සැමරූ බව කිව්වත් ඒ විතරක්ද? වී මෝල් හිමියන්ටත් මේ කන්නයම සරුයි. ආණ්ඩුවේ නොමඳ සහයෝගයෙන් වී මෝල් හිමියනුත් ගොඩ ගිය බව අමතක නොකළ යුතුයි...
ලක්මාල් Thursday, 17 April 2025 01:13 PM
මුං ට මාන්දමද??
ගුණරත්න Thursday, 17 April 2025 01:17 PM
අවුරුදු කෑම කෙසේ වෙතත් අවුරුදු අපිව කෑවා මහත්තයා. මේ අවුරුද්දේ අප දැනටමත් ණය වෙලා ඉවරයි, ණය ගෙවාගන්න බැරි තරමට බංකොලොත්.
Wijithasiri Thursday, 17 April 2025 03:07 PM
වෑන් එකයි ට්‍රැක්ටරයයි, ගත්තු මාලුමාමලා අවුරුදු කන්න ඇති අනෙක් අයට නම් අවුරුදු නැහැ. හිටපු ඇමැති රවි 15 වෙනිදා නිවාඩුවක් දෙන්න කිව්වා. ඒකවත් දුන්නේම නැහැ.. ඉතින් හරියට අවුරුදු සමරන්න බැරිවුණා.. මෙයා විකාර කරනවා කියලා තමයි කියන්න වෙන්නේ...!
hp bandara Thursday, 17 April 2025 06:20 PM
හිටගෙනද?
අමල් Friday, 18 April 2025 05:48 PM
ඔය මම පහුගිය මාස 6යේ හාල්, පොල් ගන්න උකස්කරපු වෑන් එකයි, ට්‍රැක්ටරයයි !