IMG-LOGO

2024 ඔක්තෝබර් මස 17 වන බ්‍රහස්පතින්දා


ගෝලීය දකුණු විද්වත් පර්ෂද සංවාදය බෙයිජිං හිදී ඇරැඹෙයි

(අංජුල මහික වීරරත්න)

ලඟදී ඇරැඹෙන 2024 බ්‍රික්ස් රටවල නායක සමුළුව නිමිත්තෙන්, ගෝලීය දකුණු චින්තන පර්ෂද සංවාදය අද (16) බෙයිජිං හිදී පැවැත්විණි. 

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ විදේශ සබඳතා දෙපාර්තමේන්තුවේ හා චීන මාධ්‍ය සමූහයේ පොදු ප්‍රමුඛත්වයෙන් එය සංවිධාන කෙරිණි.

 "සාමය, සංවර්ධනය, ආරක්ෂාව සමඟ, පොදු ඉරණමක් සහිත සමෘද්ධිමත් ලෝකයක් එක්ව ගොඩනැගීම" එහි තේමාවයි.

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ විදේශ සබඳතා දෙපාර්තමේන්තුවේ අමාත්‍ය Liu Jianchao , චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ප්‍රචාරක දෙපාර්තමේන්තුවේ උප ප්‍රධානී, චීන මාධ්‍ය සමූහයේ අධ්‍යක්ෂ ‍ජනරාල් Shen Haixiong , විඩියෝ තාක්ෂණයෙන්  එහිදී දේශන සිදු කළහ. ලොව පුරා රටවල් 76ක දේශපාලන ප්‍රධානීහූ, රජයේ නියෝජිතයෝ, විද්වත්හු  සහ මාධ්‍ය නියෝජිතයෝ ඊට එක් වූහ.

ගෝලීය දකුණේ රටවල් සමඟ සමීප වෙමින් ගෝලීය සංවර්ධන මුල පිරුම, ගෝලීය ආරක්ෂක මුලපිරුම සහ ගෝලීය ශිෂ්ටාචාර මුලපිරුම ක්‍රියාත්මක කිරීම සහ පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාවක් ගොඩනැගීම ප්‍රවර්ධනය කිරීම උදෙසා  විශාල "ගෝලීය දකුණේ" ශක්තියක්  එකතු කිරීමට චීනය සූදානමින් සිටින බව Liu Jianchao මහතා පැවසීය.

Shen Haixiong මහතා සිය දේශනයෙන් පැවැසූයේ  චීන මාධ්‍ය සමූහය චීනය සහ "ගෝලීය දකුණේ" රටවල් අතර හුවමාරු, සංවාද, අන්‍යෝන්‍ය ඉගෙනීම සඳහා පාලමක් ගොඩ නඟනු ඇති බවයි. 

ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ මහා ලේකම් වෛද්‍ය ජී.වීරසිංහ මහතා ඇතුළු පිරිසක් මෙම සංසදයට විඩියෝ සුබ පැතුම් පළ කරමින්, ගෝලීය දකුණු විද්වත් පර්ෂද සහයෝගීතා ශක්තිමත් කිරීමේ සිය අපේක්ෂාවන් පළ කළහ. 



අදහස් (0)

ගෝලීය දකුණු විද්වත් පර්ෂද සංවාදය බෙයිජිං හිදී ඇරැඹෙයි

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පොහෝදා බෙන්තොට මත් සාදයක්
2024 ඔක්තෝබර් මස 17 67 0

බෙන්තොට ප්‍රදේශයේ නිවසකට එක් රැස්වී වප් පුර පොහෝ දිනය යෙදී තිබූ අද මත් ද්‍රව්‍ය භාවිතා කරමින් මිතුරු සාදයක් පවත්වමින් සිටි කාන්තාවක සහ පිරිමි එකොළොස


අපේක්ෂක වියදම් සීම පැනවෙයි
2024 ඔක්තෝබර් මස 17 106 0

පාර්ලිමේන්තු මහ මැතිවරණයට තරග කරනු ලබන සියලුම දේශපාලන පක්ෂ ස්වාධීන කණ්ඩායම් සහ අපේක්ෂකයන් වියදම් කළ යුතු උපරිම මුදල ඇතුළත් වියදම් සීමාව මැතිවරණ කොමි


ආනයනික භාණ්ඩ කීපයක බදු වැඩි කරයි
2024 ඔක්තෝබර් මස 17 414 0

මාළු පරිප්පු සහ උම්බලකඩ ඇතුළු ආනයනික භාණ්ඩ කීපයක් සඳහා නව බදු පනවා තිබේ.


තැපැල් ඡන්දෙට දින දෙයි
2024 ඔක්තෝබර් මස 17 94 0

පාර්ලිමේන්තු මහා මැතිවරණයේ තැපැල් ඡන්දය සලකුණු කිරීම මේ මස 30 සහ නොවැම්බර් මස 01 සහ 4 යන දිනවලදී සිදු කරන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.


මධ්‍යම අධිවේගයේ වැඩ ඉක්මනින් පටන් ගන්න යයි
2024 ඔක්තෝබර් මස 17 938 0

මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම දක්වා කොටසේ වැඩ ඒකාබද්ධ අරමුදලෙන් මුදල් අනුමත වූ සැණින් ආරම්භ කරන බව ප්‍රවාහන ,මහා මාර්ග ,වරාය හා සිවිල් ගුවන් ස


රට පුරා හොර පාරේ යන ව්‍යාපාර 272ක්
2024 ඔක්තෝබර් මස 17 403 0

පරිසර ආරක්ෂණ බලපත්‍රයක් ලබා නොගෙන පවත්වාගෙන යන ව්‍යාපාර 272ක් රට පුරා පවතින බව විගණන වාර්තාවක සඳහන්වේ


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 599 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 492 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1537 5
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site