IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


‘‘ගිං ගඟ බේරාගැනීමට සහය අවශ්‍යයි‘‘

ගිං ගඟේ වැලි ගොඩදැමීම නැවැත්වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ගාල්ල දිස්ත්‍රික් ලේකම් රවීන්ද්‍ර හේවාවිතාරණ මහතා ගාල්ල නියෝජ්‍ය පොලිස්පතිවරයාට ලිඛිතව දැනුම් දුන්නේය. පාලනයකින් තොරව වැලි ගොඩදැමීම නිසා ගඟ විනාශ වී ඉවුරු කැඩී ගොස් අවට ජනතාවගේ ජීවිතවලට ද තර්ජනයක් වී ඇති බැවින් ගිං ගඟේ ඉතිරිව ඇති ස්ථාන හෝ ආරක්ෂා කිරීමට පියවර ගන්නා ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඇතුළු ගිං ගඟ සම්බන්ධයෙන් වගකිව යුතු ආයතන කිහිපයක් විසින් කරන ලද ඉල්ලීකට අනුව දිසාපතිවරයා විසින් මේ බව පොලිසියට දැනුම් දී තිබේ.

එමගින් පවසා ඇත්තේ ගොන්ගලල සිට දෙණියාය දක්වා කොටසත්, හත්මාලේ දිය ඇල්ලට ඉහලින් කිලෝ මීටරයක දුරකින් පටන්ගෙන මෙදේරිපිටිය දක්වා කොටසත්, මෙදේරිපිටියේ සිට පිටදෙණිය ලංකාගම හරහා පැමිණ මාදුගැටේ නව පාලම දක්වා කොටසත් ආරක්ෂාකර දෙන ලෙසයි. එමෙන්ම ගිං ගඟට එකතුවන අතු ඇළමාර්ග වන කිරිඳිවැල් දොළ, පතන ඔය, හීන්දොළ, අරනුුව දොළ, මහ ඇළ, දෙල්ලව ඇළ, කන්නලි ඇළ හා නන්නිකිත ඇල දැන් පවතින තත්ත්වයෙන් හෝ බේරාගැනීමට නීතිය ක්‍රියාත්මක කරන ලෙස ද දිසාපතිවරයා දැනුම් දී තිබේ.

Gin Gaga (4)

ගිං ගඟේ අතීත ස්වභාවය

Gin Gaga (3)

ඇල මාර්ග කිහිපයක් වැලි ජාවාරම් කරුවන්ගෙන් බේරී අති ආකාරය

Gin Gaga (2)

ගං ඉවුරු විනාශ වී ඇති ආකාරය

Gin Gaga (1)

ඉවුරු විනාශ කැර ඇත.

Gin Gaga (6)

බෝට්ටු යා නොහැකි ස්ථානවල වැලි ගොඩදමන ආකාරය

Gin Gaga (5)

වාහන යා නොහැකි තැන්වල වැලි ගොඩදමා පෝර උරවල දමා ඇති ආකාරය

 

     



අදහස් (0)

‘‘ගිං ගඟ බේරාගැනීමට සහය අවශ්‍යයි‘‘

ඉසුරන්දි දෝහා Monday, 24 November 2014 04:43 AM

මෙතන ලොකු පොඩි බේදයකින් තොරව හරිහැටි නීතිය ක්‍රියාත්මක වෙනවා නම් ඉදිරියට වෙන්න තියෙන ආපදා අවම කරගන්න පුළුවන්. (නි)

:       0       0

ජයන්ත Monday, 24 November 2014 09:21 AM

ගඟේ වැලි වලට තියෙන හොඳම සහ සාර්ථකම විකල්පය කළුගල් කුඩ (නදී)

:       0       0

සත්‍යයා Monday, 24 November 2014 01:06 AM

මේ හිත් පිත් නැති මිනිස්සුන් හාරා විනාශ කර දමන්නේ තමන්ට උත්පත්තිය දුන් හා සෙවන දුන් මව් බිම නේද කියල හිතනකොට මොවුන්ට රජ කාලේ දුන් දඬුවම් දෙන්න ඕනේ කියල හිතෙනවා.(නදී)

:       0       0

දිපිකා Monday, 24 November 2014 01:08 AM

මෙි කුඩා පිියවර ලංකාවේ සියලුම ගංගා හා අතු ගංගා රැකගැනීමට තැබූ යෝධ පිම්මක් වෙිවා! (නදී)

:       0       0

සුදර්ශන Monday, 24 November 2014 01:45 AM

‍මෙම සාපරාධී ක්‍රියා නවත්වන්නේ නම් අප ප්‍රදේශයට කරන මහත් සේවයකි. (නි)

:       0       0

විජේදාස Monday, 24 November 2014 02:56 AM

අපිට මේ ස්වභාවික සම්පත රැකගන්න අවස්ථාවක් නොලැබුණ එක ගැන හරිම කණගාටුයි (නි)

:       0       0

සුසන්ත Monday, 24 November 2014 02:59 AM

සමහරවිට අර උඩ තියෙන ඡායාරූපයේ ඉන්නෙ අහිංසක පවුලක් වෙන්න පුළුවන්. ඒ අය එදා වේල හොයාගන්න මේ රස්සාව කරනවා වෙන්න බැරිද. මොකද මේක ලෙහෙසියෙන් කරන්න පුලුවන් දෙයක් නෙමෙයිනේ. ඒ අය ගැනත් බැලුවොත් හොඳයි. (නි)

:       0       0

චන්ද්‍රා වීරසිංහ Sunday, 23 November 2014 07:19 PM

වැලි ගොඩ දමන්නේ ජීවත් වීමට මුදල් සොයා ගැනීමටනේ. සානුකම්පිතව මෙම ප්‍රශ්නය විසඳීමට නම් මෙම ජනතාවට වෙනත් රැකියා ලබා දෙන්න. ඉන් පසුවත් වැලි ගොඩ දමනවා නම් නීතිමය දඬුවම් දෙන්න. (නදී)

:       0       0

සෙනරත් Monday, 24 November 2014 04:02 AM

දුප්පත් මනුස්සයෙක් ගෙයක් හදාගන්න වැලි ගත්තට මෙහෙම වෙන්නේ නෑ. වහින කාලෙට, වැලි නැවත එකතුවෙනවනේ. ලොකු ජාවාරම් කාරයෝ කරන මහා පරිමාන වැලි ගොඩ දැමිමෙන් තමයි මෙහෙම ඉඋරු විනාස වෙන්නේ. දැන් ඉතින් පොලිසිය පොඩි මිනිහා කරනදේ නවත්වනවා. එ්ත් ලොකු ජාවාරම් කාරයෝ කරගෙන යාවි. මොකද මිනිසුන්ට ගෙවල් හදන්න වැලි අවශ්‍යම දෙයක්. මේකට වෙනත් විකල්පයක් සෙවිය යුතුයි (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මැති සබේ හිටපු අය කෑමටත් පොලු තියලා
2024 ඔක්තෝබර් මස 01 153 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන


විස තෙල් කිලෝ කෝටි 8000ක් වෙළෙඳපොළට
2024 ඔක්තෝබර් මස 01 171 0

මෙරට කූට ආනයනකරුවන් කිහිප දෙනකු කෘතිමව පිරිපහදු කළ ශරීරයට අතිශයින්ම අහිතකර තෙල් කිලෝ කෝටි 8000ක් පොල්තෙල් නමින් වෙළෙඳපොළට මේ වසරේදී නිකුත් කර ඇතැයි සමස


කැසිනෝ බලපත්‍රයෙන් බිලියන 85ක පාඩුවක්
2024 ඔක්තෝබර් මස 01 251 0

රුපියල් බිලියන 85ක මුදල් රජයට අහිමිවන ආකාර යෙන් කැසිනෝ ව්‍යාපාරයකට ගාස්තු නොමැතිව බලපත්‍ර ලබාදීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වන ලදැයි සඳහන් කරම


කෝටි ගණනක බදු පොලු තැබූ වාහන ගැන අධිකරණයෙන් දුන් නියෝගය
2024 ඔක්තෝබර් මස 01 230 0

රුපියල් කෝටි පන්සීයක බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළ සුඛෝපභෝගී මෝටර් රථ අත්පත් කරගැනීමෙන් නොනැවතී එම අනීතික ක්‍රියාවට දායක වූ සැකකරුව


සාමාන්‍ය පාස්පෝට් ගැන අධිකරණය දුන් නියෝගය
2024 ඔක්තෝබර් මස 01 232 0

සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍ර හත් ලක්ෂ පනස්දාහක් පෞද්ගලික සමාගම් වලින් මිලදී ගැනීම වළක්වාලමින් පනවා තිබූ අතුරු තහනම් නියෝගය පෙත්සම්කාර පාර්ශවයේ එකඟත


හංවැල්ලේ ඝාතනය කප්පම් සිද්ධියක්
2024 ඔක්තෝබර් මස 01 158 0

හංවැල්ල, නෙළුවත්තුඩුව ප්‍රදේශයේ නිවෙසකදී බස් ව්‍යාපාරිකයාට වෙඩි තබා ඝාතනය කර තිබුණේ කප්පම් නොදීම හේතුවෙන් බවට අනාවරණය වී ඇති බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38511 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25352 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 271 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 912 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site