(සනත් ගමගේ )
හම්බන්තොට මහ නගර සභාවේ ඝණ පුරණය නොමැති කම හේතුවෙන් නගරාධිපති පත් කිරීම තවත් මසකින් කල් තැබිමට දකුණු පළාත් පාලන කොමසාරිස් රනිල් වික්‍රමසේකර මහතා සභාව කල් තබමින් අද (28) තීරණය කළේය.
මෙවර පළාත් පාලන මැතිවරණයෙන් පසු හම්බන්තොට මහ නගර සභාවේ පළමු සභා රැස්විම පැවැත් විම සඳහා අද (28) නගර සභාවට තේරිපත් වි ඇති සියලුම නාගරික මන්ත්‍රිවරුන්ට ආරාධනා කර තිබූ අතර නාගරික මන්ත්‍රී වරුන් 21 දෙනාගෙන් එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන මන්ත්‍රී වරුන් 9 දෙනා සහ ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රී වරයා පමණක් සභාවට පැමිණ සිටියේ නැත.
හෙයින් පළාත් පාලන පනතට අනුව යටත් පිරිසයින් සභාවේ පිරිසෙන් අඩක් සභාවට සහභාගී විය යුතු හෙයින් මන්ත්‍රී වරුන් 10 දෙනෙක් පැමිණිම ඝණ පූර්ණය නොමැති කම හේතුවෙන් නගරාධිපතිවරයා තෝරාපත් කර ගැනිමට නොහැකි බව දන්වා පළාත් කොමසාරිස් වරයා විසින් මසකට සභාව කල් තැබිම සිදුවිය.
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරුන් 7 දෙනා සහ එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන මන්ත්‍රී වරුන් 4 සමඟ තේරීපත් වූ මන්ත්‍රි වරුන් 11 දෙනා සභා රැස්විමට සහභාගී වි නොසිටියහ.
පෙරවරු 10 පමණ වන තෙක් මන්ත්‍රී වරුන් පැමිනෙන තෙක් සභාව ආරම්භ නොකළ සිටි අතර 10.30 ට පමණ සභාව පළාත් පාලන කොමාරිස් රනිල් වික්‍රමසේකර මහතා විසින් කැඳවීම සිදු කර පැමිණ සිටි මන්ත්‍රී වරුන්ට සභාවට පැමිණ අසුන් ගන්නා ලෙස ආරාධනා කර සිටියේය.
එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන මන්ත්‍රි වරු සහ ජනතා විමුක්ති පෙරමුනේ මන්ත්‍රී වරයා පමනක් අසුන් ගත් පසු ඝණ පූරණය නොමැති වීමෙන් පනතේ වගන්ති සභාවට දැනුම් දිමෙන් පසු සභාව මසකට කල් තැබිම සිදු විය.
ශ්‍රීමති මුතු කුමාරණ,එම්.එච් මොහොමඩ් රිෂාන්,එම්.ෆරිෂ් දින්,බී.කේ දිනේෂ් දර්ශන,බී.ජුහාරා කාසිම්,එස්.අරුණ ශාන්ත, ඩි,ඒ ගාමිණී, කේ.එම් සම්සුදීන් යන එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන මන්ත්‍රී වරු සහ ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරන චන්ද්‍රසිරි ගමනායක මන්ත්‍රී වරයා සභාවට පැමිණ සිටියහ.
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරන ප්‍රියන්ත කුමාරතුංග,අජන්තා රෝහණ,කේ.ජී ගාමිණී,ජී.ඩබ්.ජී සුනේත්‍රා මාලනී, යූ.කේ. ඒ දිසානායක, කේ.එම් අජිත් ප්‍රියන්ත,ආර්.ඒ අනිල් ප්‍රියන්ත. යන මන්ත්‍රී වරු පැමිණ නොසිටියහ.
සොරකමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන පොලිස් කූඩුවේ සිටි සැකකරුවකු තමාගේ සහෝදරයකු බව පවසා උප සේවක භාරයේ තිබූ යතුරු කැරැල්ල බලෙන් ලබාගෙන පොලිස් සිර මැදි
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට පස්වරු 1.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
පාතාල කල්ලි නායක සංජීව කුමාර සමරරත්න නොහොත් ගනේමුල්ල සංජීව නමැත්තා කොළඹ අලුත් කඩේ අධිකරණයේදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ආධාර අනුබල
පැය 30 ක පාස්කු සටන් විරාමය ප්‍රකාශයට පත්කර පැය කීපයක් ගතවන්නටත් මත්තෙන් රුසියාව ඩ්‍රෝන 96 ක් සහ මිසයිල 3 ක් භාවිත කරමින් යුක්රේනයේ ප්‍රදේශ කීපයකට ප්‍රහා
පළාත් පාලන මැතිවරණයේදී තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අනන්‍යතාව තහවුරු කළ හැකි පිළිගත් ලියවිලි 5 ක් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර තිබේ.
පාස්කු ප්‍රහාරය සිදුවී ගෙවුණු අවුරුදු හයෙන් පහ මාරක්ම තිබුණේ පාස්කු ප්‍රහාරයේ විමර්ශන කරන ආණ්ඩු නොව විමර්ශන යටපත් කරන ආණ්ඩු බව ජනාධිපති අනුර කුමාර ද
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඝණ පූරණයක් නැතැයි හම්බන්තොට මහ නගර සභාව කල් යයි
sam Wednesday, 28 March 2018 09:39 AM
බන්දුල ගුණවර්ධන මහත්තයා කියාපු පොල් ලෙලි ටික නේද ඇවිල්ලා නැත්තේ?
රවින් Wednesday, 28 March 2018 10:36 AM
මේ ගොල්ලන්ට ඡන්දය දුන්නු උදවියත් ඝණපූර්ණය වුනානම් නේද හොඳ? හරියට පත්වීම් ලබලා පළමුවැනි සභාවාරය, ඒ කියන්නේ දවස් කීයද?
සනත් ඉතාලිය Wednesday, 28 March 2018 10:49 AM
මෙහෙමත් විහිලුවක් තවත් නැහැ. හැමොම අපිට තණකොල කොස්කොල පුන්නක්කු කවන්නෙ.
dhamneth Wednesday, 28 March 2018 11:34 AM
දැන් හැම තැනම පැමිණ නැත්තේ ඡන්ද පවත්වන්න කියා මැරෙන්න හදපු පක්ෂවලම කට්ටිය නේද?